~

පුංගුඩුතිව් පාසැල් දැරිය ඝාතනය සහ ජනතා කැරලිකාරිත්වය ගැන සොයන්න කොළඹින් ගිය විශේෂ පරීක්ෂකයන්ට නියෝජ්‍ය පොලිස්පතිගෙන් බාධා

(ලංකා ඊ නිව්ස් - 2015.ජුනි.06, ප.ව.11.15) පුංගුඩුතිව්හි විද්‍යා නමැති පාසැල් දැරිය සමූහ දූෂණයට ලක්කොට ඝාතනය කිරීමත් එහි ප්‍රධාන සැකකරු පොලිසියට බාර දීමෙන් පසුව පොලිසිය විසින් සැකකරුට පැන යෑමට සැලසීම හේතුවෙන් නැගී ආ ජනතා කැරලිකාර තත්ත්වයත් ගැන පරීක්ෂණ කිරීමට ජනාධිපති නියමයෙන් කොළඹින් යාපනයට ගොස් සිටින විශේෂ පොලිස් කණ්ඩායමට සිය පරීක්ෂණ නිසියාකාරව සිදුකරගෙන යෑමට නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ බාධා පමුණුවන බව ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ. 

විශේෂ පරීක්ෂකයන්ට අවශ්‍ය තොරතුරු පොලිසිවලින් ලබා ගැනීමේදී සහ ඔවුන්ගේ ගමනාගමනයට පහසුකම් සැපයීම ආදී කාරණා වලදී නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ බාධා සිදුකරන බවත් ඔහු ජාතිවාදී ආකාරයකින් හැසිරෙමින් ‘කොටින්ට සපෝට් එකට ආ කට්ටියක්‘ ලෙස විශේෂ පරීක්ෂකයන්ව හඳුන්වමින් විවිධ ආකාරයෙන් බාධා කරන බව දැනගන්නට ඇත. 

දැරියගේ ඝාතකයා ලෙස හඳුනාගෙන පොලිසියට බාර දුන් මහාලිංගම් සිවකුමාර්ට පැන යෑමට ඉඩ සලසා දුන්නේ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ බවට චෝදනා නැගී තිබියදී පොලිස්පති ඉලංගකෝන් ඔහු හැර ඔහුට පහල වෙනත් පොලිස් නිලධාරීන් පිරිසක් මාරු කරන ලද අතර ඔහු නියෝජ්‍ය පොලිස්පති තනතුරේ තබාගෙන ඒ සම්බන්ධ විශේෂ පරීක්ෂණ සිදුකළ නොහැකි බව ලංකා ඊ නිව්ස් ආරම්භයේදීම අනතුරු අඟවා සිටියේ ය. 

---------------------------
by     (2015-06-06 23:16:07)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links