(ලංකා ඊ නිව්ස් -2014.සැප්.27, ප.ව.11.40) රට යටත් කර ගැනීමෙන් පසුව රටේ මහජන මුදල් තම අම්මා අප්පාගේ බූදලය යැයි සිතා කාබාසිනියා කරන මැදමූලන මරා වසරක් පාසා පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීම තම හීනමානය වසා ගැනීම සඳහා භාවිතා කරන අතර ඒ සඳහා අහස පොළොව නුහුලනා තරමේ මහජන මුදල් කන්දක් වසරක් පාසා වියදමි කරයි. වෙනත් රටවල මෙන්ම ලංකාවේද මෙතෙක් සිටි රාජ්‍ය නායකයන් සෑම වසරකම මෙම මහා මණ්ඩල සමුළුවට සහභාගී නොවූ අතර තම රටට හෝ ලෝකයාට ඉතා වැදගත් වන සමුළු වාරයන්ට පමණක් සහභාගී වේ. සෙසු වාර වලදී සහභාගී වන්නේ නිව්යෝර්ක්හි සිටින තම රටේ එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිතයා සහ විදේශ ඇමැතිවරයා පමණි. නමුත් ලංකාවේ මැදමූලන මරා මෙලෝ වැඩකට නැති තම බිරිඳ, ඇයගේ රූපලාවන්‍ය ශිල්පීන් ආදිය ඇතුළු විශාල කන්ඩායමක් සෑම සමුළුවකටම ලංකාවෙන් රැගෙන යයි.
මෙවර නිව්යෝර්ක් රැගෙන ගිය පිරිස 70 කට අධිකය. මේ පිරිස වෙනුවෙන් නිව්යෝර්ක්හි මිල අධිකම හෝටලය වන waldorf astoria හි තට්ටු දෙකක්ම වෙන්කරගෙන තිබිණ. මැදමූලන මරාට පමණක් වෙන්කර ගත් presidential suit එකෙහි දිනක මිල පමණක් ඩොලර් 24000 කි. ඊට නිදන කාමරයට අමතරව ලොබියක් ද සාකච්ඡා කාමරයක්ද අයත් ය. එක් කෑම වේලක් ඩොලර් 175 කි. බිරිඳ සමග ගත් විට මෙය දෙගුණයකි. මේ අනුව තුන්වේල කා ඇස්ටෝරියාවේ නිදා ගැනීමට පමණක් මැදමූලන මරාගේ දිනකට ලංකාවේ මහජනයාගේ මුදල් ලක්ෂ 34 ක් වියදම් කරයි. දවස් 6 ක් මරා ඇස්ටෝරියාවේ ගත කෙළේය. එවිට වියදම රුපියල් කෝටි 2 යි ලක්ෂ 4 කි.
රාජ්‍ය නායකයන් සඳහා මෙකී අධික වියදම් සහිත waldorf astoria හෝටලයේ නවාතැන් වෙන් කර තිබුනේ ලෝකයේ ධනවත් රටවල් වලිනුත් අතලොස්සක් පමණි. ඒවා නම් ඇමරිකාව, චීනය, ජපානය, දකුණු කොරියාව, සෞදි ආරාබිය, සහ කටාර් රාජ්‍යය පමණි. අඩුම ගණනේ එංගලන්තයවත් මෙම අධික වියදම් සහිත හෝටලය වෙන් කර තිබුනේ නැත. මේ ධනවත් රටවල් අතර ශ්‍රී ලංකාවේ නායකයාද සිටීම ඇත්තෙන්ම රටට නම්බුවක් නොව ලෝකයා දකින්නේ පට්ට ගොන් කමක් ලෙසය. ලෝකයාට ණය වී ජීවත් වන තුන් වන ලෝකයේ දුප්පත් රටක නායකයෙක් මෙලෙස මහජන මුදල් කාබාසිනියා කිරීම ගැන කම්පා වනු ඇත. (නවාතැන් ගන්නා රාජ්‍ය නායකයන්ගේ රටවල ජාතික කොඩි waldorf astoria හෝටලය ඉදිරිපස ප්‍රදර්ශනය කරන අතර ඒ සේයාරුවක් මෙහි දැක්වේ)
හෝටලයට අමතරව මරාගේ 70 ක පරිවාර පිරිසේ ගමන් බිමන් වෙනුවෙන් ලිමොසීන් රථ 50 ක් වෙන් කර තිබිණ. ඒ ගමන් බිමන් රටට වැඩක් ඇති ගමන් බිමන් නොව පිරිවරට ෂොපින් යෑමට ය. ලිමොසීන් රථයකට පැයකට ඩොලර් 50 ක් ගෙවයි. මොවුන් වෙනුවෙන් දිනකට පැය 16 ක් රථ වෙන් කර ඇත. ඒ අනුව එක රථයකට දිනකට ඩොලර් 800 කි. රථ 50 කට දිනකට ඩොලර් 40,000 කි. දින 6 ට වියදම රු කෝටි 3 යි ලක්ෂ 12 කි. මෙම ලිමොසීන් රථ වල ගණන මැදමූලන මරාගේ බිරිඳගේ රූපලාවන්‍ය කණ්ඩාමට වෙන් කරන ලද හයී රූෆ් මර්සිඩීස් බෙන්ස් වෑන් රියට අමතරවය. එම රථය වෙන් කර තිබුනේ පැයකට ඩොලර් 100 බැගින් දිනකට පැය 16 කට ය. ඒ වෙනුවෙන් පමණක් රුපියල් ලක්ෂ 12 හමාරක් ගෙවා ඇත.
මරාගේ ලිමොසින් මේනියාව නිසා හොද්ද බොර ගන්නෝ පිරිසක් දැන් බෝවී සිටිති. පැයකට සාමාන්‍යයෙන් ඩොලර් 25 කට කුලියට දෙන රථයක් සඳහා මොවුහු ඩොලර් 50 ක් වියදම් කරති.
මෙතරම් මුදල් කන්දක් වියදම් කර මැදමූලන මරා රාජ්‍ය නායක සමුළුවේදී කළ කතාව අසන්නට. වැදගත් රාජ්‍ය නායකයන් කිසිවෙක් සිටියේ නැත. ඊට වඩාත්ම හේතුවූයේ ඔහුගේ කතාව යෙදී තිබුනේ රාත්‍රී 7 ට වීමයි. රාජ්‍ය නායකයන් ඒ වන විට තම තමන්ගේ හමුවීම් යොදාගෙන තිබිණ.
අනෙක් අධික වියදමක් දරා ප්‍රතිපලයක් නොලැබූ අවස්ථාව නම් මැදමූලන මරා විසින් පැවැත්වූ රාත්‍රී සම්භාෂනයයි. එය ඊයේ (27) 60 වන වීදියේ මෙට්‍රොෙපාලිටන් ක්ලබ් හි දෙවන මහලේ පැවැත්විණ. ඊටද අධික මුදලක් ගෙවා තිබිණ. රාත්‍රී 8 සිට රාත්‍රී 11.30 දක්වා පැවැති සම්භාෂණයට එකදු රාජ්‍ය නායකයෙක් හෝ පැමිණියේ නැත. දෙවන පෙළටත් පහලින් සිටින විදෙස් තානාපති වරුන් කිහිප දෙනෙක් පමණක් පැමිණි අතර අනෙක් සියල්ලෝම නිව්යෝර්ක්හි වෙසෙන මරාවාදී සට්ටැඹියන් පිරිස පමණි.
46 වන වීදියේ තුල්සි නම් මිල අධික රෙස්ටොරන්ට් එකෙහි සම්භාෂණයකට සහභාගී වූ මැදමූලන මරාගේ බිරිඳ අද සැටර්න් අයිලන්ඩ් හි පල්ලියක සිංහල බසින් පැවැත්වූ පූජාවකට සහභාගී වූවාය. මරා නිව්ජර්සි පන්සලේ රන්වැටක් විවෘත කිරීමට ගියේය.
මොණරාගල මිනිසුන් වතුර පොදක් නැතිව දුක් විඳිද්දී මහා ධන සම්භාරයක් විනාශ කරමින් රටට කිසිදු ප්‍රතිඵලයක් අත් කර නොගත් මරාගේ නිව්යෝර්ක් ජවුසම නිමා කරමින් මරා සහ පිරිස අද සවස යලි ලංකාව බලා යෑමට පිටත් වූහ. අවසානයේදී මරා සමග ආ පිරිසෙන් 8 දෙනෙකු ඇමරිකාවේ හොරෙන් නතර වූහ.
---------------------------
by (2014-09-28 01:23:34)
Leave a Reply
At the next Presidential and Parliamentary élections, wise electors will teach this robbers a good lesson.
They have ruined the country, siphoned the national wealth and enjoyed Princely lives with the poor man's hard earned money.
The present oppostion must rally behind a common Presidential candidate and present a suitable programme to relieve the common man.
They should also must look into all hidden "transactions and pacts" of the Rajapaksha regime since they came to power.
How they "earned" huge sums of money to build mansions and how they live like "Maharajas" is another topic to discuss after the elecions.
A few months of patience with this ruthless regime......
-- by Nandalal on 2014-09-28
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි