~

සනත්, ඇයි මාවන් කළුද ?

(ලංකා ඊ නිව්ස් -2014.සැප්.27, ප.ව.11.30) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යනු දේශපාලනය, අල්ලස්, වංචා, දුෂණ, අභිරහස් වලින් පිරි එක්තරා මඩමකි.

මාවන් අතපත්තු යනු නිවැරදි තාක්ෂණයෙන් පිරි සිත් ගන්නා සුළු පිතිකරුවෙකි. තවද මහත්මයෙකි. ඔහු ක්‍රීඩා කළ කාලයේ කිසිවිටකත් පරිපාලකයන්ගේ ගෙවල් වල ඉඳුල් නොකෑවේය. කෙලින් කථා කළේය. ‍කේක් කපා මාධ්‍ය සාකච්ඡා පවත්වා ක්‍රීඩාවෙන් සමුගෙන දේශපාලකයන් පසු පස ගොස් නැවත කණ්ඩායමට පැමිණ සවුත්තු වී විශ්‍රාම නොගියේය.

සිය ස්වකීය හැකියාවන් මත 2009 සිට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පුහුණුකරුවෙකු වශයෙන් දැනුම බෙදා දෙන මාවන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් පසුගිය කාලයේ සුවිශේෂ සේවාවක් ඉටු කළේය.

T 20 ලෝක ශූරයින් වීමත් සමඟ හිටපු විදේශ පුහුණුකරු අප කණ්ඩායමෙන් දික්කසාද වී එංගලන්තයේදී අතරමං කළ මොහොතේ ඒ අසීරු වගකීම මාවන් භාර ගත්තා පමණක් නොව එවැනි අසීරු ඉලක්ක කීපයක් ජය ලබා දීමට දායක විය.

ලොව අනෙකුත් කණ්ඩායම් එළඹෙන ලෝක කුසලානයට සියල්ල සුදානම් කර අවසානය. අපි 2010 සිට මේ දක්වා ප්‍රධාන පුහුණුකරුවන් 7 දෙනෙකු මාරු කළේය. අපි විදේශ පුහුණුකරුවෙකු සොයා ගියේ ඇයි දැයි අපිම නොදනිමු.

තේරීම් කමිටු සමහර සාමාජිකයන් සමඟ එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩා කළ සුදු හම ඇත්තෙකු මෙරටට ගෙන්වා මාවන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණය පරාජය වීම පිළිබඳව අප අතිශයෙන් සතුටු වෙමු.

විදේශ පුහුණුකරුවන් සොයන මානසික රෝගීන් මෙන් මාවන් පොල් අඩි ගැසුවේද නැත. ඔවුනට මෙන්ම මාවන්ටද හොඳ ඇසක් තිබිණ. වැදගත්ම දෙය නම් ඇසට අමතරව මාවන්ට මොළයක්ද තිබීමයි. සුද්දන්ම සොයන මානසික රෝගීන්ට අවශ්‍ය නම් මාවන්ගේ බර්ගර් මිශ්‍ර සම්භවයෙන් හිත හදා ගත හැකිය.

කුහකකම් නවතා ලෝක කුසලානය දිනා ගැනීමට අප එකමුතු විය යුතුය. ඕස්ට්‍රේලියාවේදී ක්‍රීඩා කිරීමට පහසු නැත. අපට අත්හදා බැලීම් සඳහාද කාලයක් නැත. දේශපාලන බෙලි කැපිලි ක්‍රීඩාවට හොඳ නැත. සිය බලය ක්‍රීඩා පිටියට අවශ්‍ය නැත. මාවන්ට පුහුණුකරු වගකීම් භාරදී තේරීම් කමිටුව තම වගකීම් ඉටු කළ යුතු යැයිද මේ පිළිබඳව ජනතා සාක්කිය නිරතුරුව විමසිලිමත් වන බව දන්වා සිටිමු.

---------------------------
by   -නිරෝෂන් පාදුක්ක විසිනි-   (2014-09-28 01:40:50)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  1 discussion on this news

Niroshan I agree to the article about Marvan which he was a true and faithfull Cricketer who gave his fullest support to the team when played...
-- by penelope Labrooy on 2014-10-20

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links