<span neue,helvetica,arial,sans-serif;="" font-size:14px;="" line-height:1.6em"="">(ලංකා ඊ නිව්ස් -2014.සැප්.28, ප.ව.8.00) කළුතර - කටුකුරුන්ද සා. පිලිප්නේරි දෙව්මැදුරට හැරෙන මංසන්ධියේ ශ්‍රී පිලිප්නේරිතුමන්ට කැපකළ පිලිප්නේරී මාවත ආරම්භ කරන තැන ශ්‍රී පිලිප්නේරිතුමන්ගේ ප්‍රතිමාවක් ස්ථාපිත කිරීම සඳහා කටුකුරුන්ද කිතුනු ජනතාව විසින් ප්‍රතිමාවක් රැගෙන ගොස් ආගමික වතාවත් කරමින් සිටින අවස්ථාවේදී එය කඩාකප්පල් කිරීමට පැමිණ ප්‍රචන්ඩ ක්‍රියාවන් හී යෙදුනු පිරිස සම්බන්ධවත්, එම අවස්ථාවේ කිසිවක් සොයා නොබලා දනගසාගෙන යාච්ඥා කරමින් සිටි බැතිමතුන් හට පොලීසිය වතුර හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමත් සම්බන්ධව කතෝලික දහම රැකගැනීමේ ජාතික ව්‍යාපාරය වන අප කණ්ඩායමේ දැඩි විරෝධය හා අප්‍රසාදය පළ කිරීමට කැමැත්තෙමු.
එසේම එම අවස්ථාවේදී ජනතාව මෙම සිද්ධය සම්බන්ධව කුපිතව ප්‍රචන්ඩව හැසිරීමට තිබූ අවස්ථාව වලකාලමින් ජනතාව සාමකාමී කරමින් එම අවස්ථාවේදී මෙම සිද්ධිය දුර දිග යාමට නොදී සාමය සුරැකීමට කටයුතු කළ කටුකුරුන්ද මීසම් සේවක ගරු ලෝරන්ස් රාමනායක පියතුමාන් හට අපගේ ප්‍රණාමය හා ස්තුතිය පිරිනමන්නටද කැමැත්තෙමු.
එසේම මෙම සිද්ධියේදී ප්‍රතිමාව ස්ථාපිත කිරීම සම්බන්ධව සහාය පළ කළ ප්‍රදේශයේ විහාරස්ථානයන්හී නායක ස්වාමින් වහන්සේලා ප්‍රමුඛ ගරුතර භික්ෂුන් වහන්සේලාටද අපේ ගෞරවපූර්වක ස්තුතිය හිස නමා පිරිනමන්නට කැමැත්තෙමු.
එසේම මෙම ප්‍රශ්ණය දෙස සාධාරණව බලා කිතුනු බැතිමතුන්ට සහාය දැක්වූ ප්‍රදේශයේ මුස්ලිම් හා හින්දු පූජකතුමන්ලා ප්‍රමුඛ ජනතාවටද අපගේ ප්‍රණාමය පුද කර සිටිනු කැමැත්තෙමු.
මෙම ප්‍රශ්ණයට සෘජුවම මැදිහත්ව කටයුතු කළ දකුණු කොළඹ කලාපීය අනුනාහිමියන් වන අතිගරු ඇන්ටනි ප්‍රනාන්දුපුල්ලේ හිමියන්ටද අපගේ ප්‍රණාමය පළ කරන්නට කැමැත්තෙමු.
එසේම මෙම සිද්ධියේදී මාධ්‍යයේ හැසිරීම මාධ්‍ය ආචාරධර්ම වලට පටහැනිවූ සැබෑ සිද්ධිය යටපත් කර ව්‍යාජ වෙනත් සිද්ධියක් මවා පෑමේ තත්වයකි. මාධ්‍යය මෙය වාර්තාකළේ යම් පිරිසක් පොලීසියට ගල් මුල් වලින් පහරදීම නිසා සිදු වූ සිද්ධියක් ලෙසටය. පිටතින් පැමිණ ගල් ගැසූ පිරිස ගැන හෝ යාච්ඤා කරමින් සිටි අහිංසකයින් හට වතුර හා කඳුළු ගෑස් ප්‍රහාරයක් සිදුකිරීම සම්බන්ධව මාධ්‍යය කිසිදු සඳහනක් කළේ නැත. මාධ්‍යය සම්පූර්ණයෙන් එ්කපාර්ශ්චවීයව සිද්ධිය විකෘති කර වැරදි සිද්ධියක් වාර්තා කරන ලදි. මාධ්‍ය ආචාරධර්ම හා සදාචාරය ගැන මේ නිසාම පැනයක් ඇතිවේ.
පොලීසිය මේ සිද්ධියේදී යම් ප්‍රශ්නකාරී ලෙස හැසිරීමත්, සාකාමීව යාච්ඥා කරමින් සිටි බැතිමතුන්ට වතුර ප්‍රහාර හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමත් සම්බන්ධවද, මෙම අවස්ථාවට සංවිධානාත්මකව පිටතින් පැමිණ සාමය බිඳ වැටෙන සේ පොලීසියටත්, යාච්ඥා කරමින් සිටි බැතිමතුන්ටත් ගල් ප්‍රහාර එල්ල කළ සංවිධානාත්මක කණ්ඩායම ගැනද විධිමත් පරීක්ෂණයක් පවත්වන මෙන් අප ඉල්ලා සිටිමු. එසේම එම ගල් මුල් ප්‍රහාරයන් එල්ල කළ පුද්ගලයින්ව පොලීසියට පෙන්වා අත් අඩංගුවට ගන්නා ලෙස පැමිණ සිටි බැතිමතුන් ඉල්ලා සිටියද එසේ ඔවුන්ව අත් අඩංගුවට නොගත්තේ මන්දැයි යන්න සම්බන්ධවද විධිමත් පරීක්ෂණයක් විය යුතු යැයි අපගේ හැඟීමයි
ගැටුමක් ඇති වූ පසු පැමිණ ශෝකය පළකර නිවාස හා හානි වූ දේපළවලට වන්දි දී ලකුණු දමාගැනීම නොව මෙවැනි ගැටුම්කාරී තත්වයන් නිර්මාණය කරමින් රට තුළ සහජීවනයට හානිකර විවිධ පටු පරමාර්ථ ඉටු කර ගැනීමට මාන බලන අන්තවාදී කල්ලි පාලනය කර ගැනීම රජයේ හා ආරක්ෂක අංශයේ වගකීම වේ. එසේම පොලීසිය විසින් දනගසාගෙන යාච්ඥා කරමින් සිටි අහිංසක බැතිමතුන්ට අපිරිසිදු වතුර හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේ කාගේ වුවමනාවටද?
මේ සිද්ධිය පිටුපස සිට ආගමික ගැටුමක් නිර්මාණය කිරීමට උත්සාහ ගත්තෝ කවරහුද?
පිටින් පැමිණ ගල් ගසමින් ප්‍රචන්ඩත්වය නිර්මාණය කළවුන්ව ජනතාව පොලීසියට පෙන්වූවද ඔවුන්ව අත් අඩංගුවට නොගෙන පොලීසිය මුදා හැරියේ ඇයි?
මේවා සම්බන්ධව පරීක්ෂණය කර වැරදිකරුවන්ට දඩුවම් දෙන තුරු කිතුනු අප බලා සිටිමු.
---------------------------
by (2014-09-30 13:32:26)
Leave a Reply
කළුතර - කටුකුරුන්ද සා. පිලිප්නේරි දෙව්මැදුරට හැරෙන මංසන්ධියේ ශ්‍රී පිලිප්නේරිතුමන්ට කැපකළ (පිලිප්නේරි තුමන් යනු දේවත්වයට ඔසවා තබන ලද ශ්‍රී ලාංකික දේවගැතිතුමෙකි. --- Philip Romolo Neri (Italian: Filippo Neri), CO, (21 July 1515 – 25 May 1595), known as the Apostle of Rome, was an Italian priest.
Blessed Joseph Vaz, CO, (Konkani: Bhoktivont Zuze Vaz, Sinhala: Bhagyawantha Juse Vaz Piyathuma), born the 21 April 1651 in Benaulim (Goa, India) and dead the 16 January 1711 in Kandy (Sri Lanka), was a Oratorian priest and missionary in Ceylon (today's Sri Lanka).
පාප් වහන්සේගේ ශ්‍රී ලංකා ආගමනයේදී මෙම දේවත්වයට පත් කිරීමේ නිල දේව මෙහෙය සිදුකිරීමට නියමිත ය --- We have only one god. On September 17, 2014, the Vatican announced that Blessed Joseph Vaz, "the Apostle of Sri Lanka" will be declared a saint during Pope Francis' visit to the island nation scheduled to take place Jan. 13-15, 2015.
=== LEN Reader from Katukurunda
-- by Hiruni on 2014-09-29
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි