(ලංකා ඊ නිව්ස් -2014.සැප්.28, ප.ව.11.00) කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී අද පැවැති නානසාර නිකායේ සඟ සමුළුවේදී අනාගත ජාතික නායකයා කව්දැයි කියා හෙළි කරන ලෙස එම ප්‍රකාශකයන් කල් තියා කියා සිටි නමුත් එවැනි පුද්ගලයෙක් ගැන කිසිදු සඳහනක් නොකරමින් මිනීමරු ප්‍රභාකරන්ගේ ගුණ වර්ණනා කරමින් බුදු දහමේ හරයෙන් ඉවත් වන්නැයි භික්ෂූන්ට කියමින් බොදු බල සේනා සමුළුව අවසාන විය.
ගිහි පැවිදි විශාල පිරිසක් සහභාගී වී සිටි අතර පන්දහසක් භික්ෂූන් ගෙන්වන බව සංවිධායකයන් විසින් කීවද එතරම් පිරිසක් සහභාගී වී සිටියේ නැත. පැමිණ සිටි පිරිස අතර සාමනේර භික්ෂූන් විශාල පිරිසක් වූහ.
සමුළුව ඇමැතූ පිරිස අතර නානසාර නිකායේ ජාතික සංවිධායක නිශ්චිත සිංහල නමක් හෝ නොමැති ඩිලන්ත නමැත්තා 'ආචාර්ය' උපාධි ලත් තැනැත්තෙකු ලෙස ව්‍යාජව හැඳින්වීමත් මත්පැන් බී බලපත්‍ර නොමැතිව වාහන පදවා මිනිසුන් යට කර අධිකරණයෙන් දඬුවම් ලැබූ නානසාර නමැත්තා ‘රාජකීය පණ්ඩිතයෙක්‘ ලෙස ව්‍යාජව හැඳින්වීමත් සහභාගී වූවන්ගේ නොමඳ උපහාසයට ලක්වූ කාරණයක් විය. ජාතික හෙළ උරුමයේ සත්‍ය ආචාර්ය උපාධිධාරී හිමිවරුන් සිටින බැවින් ඒ තැන ගැනීමට වලිකන නානසාර නිකායේ පිරිසද තමන් විසින්ම හෝ ‘ආචාර්ය‘ වරුන් ලෙස සහ ‘පණ්ඩිතයන්‘ ලෙස නම්කර ගැනීමට තැත්කරනවා යයි සමුළුවට සහභාගී වූ ජාතික හෙළ උරුමයේ අයෙක් පැවසීය.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරමින් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් තහවුරු කෙරෙන නව ව්‍යවස්ථාවක් හදා ගැනීම පිලිබඳ රටේ ප්‍රධාන කතිකාව වී තිඛෙන බැවින් ඉන් ගැලවී ගත නොහැකි වූ නානසාර නිකායේ ‘ආචාරියන්‘ ‘පණ්ඩිතයන්ද‘ තමන්ගේ ව්‍යවස්ථා යෝජනා වලියක් අද පැවැති සමුළුවට ඉදිරිපත් කළහ.
එහි තිබූ කාරණා ඇසූ විට මේ පිරිස කෙතරම් අඳබාල මෝඩයන් පිරිසක් දැයි සාමාන්‍ය දැනීමක් ඇති අයට පවා වටහා ගැනීමට හැකිවී යැයි සහභාගී වූවෝ පවසති.
රට තනි රටක් ලෙස සැලකිය යුතු අතර එහි ජීවත් විය යුත්තේ තනි ජාතියක් එය සිංහල ජාතිය යැයිද තනි ආගමක් එය බුද්ධාගම යැයිද යෝජනා වල සඳහන් විය. ශ්‍රී ලංකාව නම් රටේ නාමය ‘සිංහලේ‘ යයි වෙනස් විය යුතු යැයිද ඊට හේතුව නම් බි්‍රතාන්‍යයන් උඩරට ගිවිසුම අත්සන් කරද්දී ඊට පෙර හැඳින්වූ නම ‘සිංහලේ‘ නිසා බවද නව ව්‍යවස්ථා යෝජනා ගෙන එමින් මෝඩ ආචාරියා සඳහන් කෙළේය.
බ්‍රිතාන්‍යයන් උඩරට දිසාවේ ලා 11 දෙනෙක් සමග අත්සන් කරන ලද ගිවිසුමේ සිංහලෙන් එම ප්‍රදේශය සිංහලේ ලෙස සඳහන් වෙද්දී ඉංග්‍රීසියෙන් සඳහන් වන්නේ ‘කැන්ඩියන් කින්ඩම්‘ ලෙසය. එනම් උඩරට රාජ්‍යය ලෙසය. එසේ වීමට හේතු වූයේ රටේ පහත රට රාජ්‍ය සහ යාපනයේ රාජ්‍යය ලෙස වෙනත් රාජ්‍යයන් පැවැති නිසාය. සත්‍ය ඉතිහාසයේ මෙම දූපත තනි රටක් ලෙස පාලනය කෙළේ රජවරුන් දෙදෙනෙක් පමණක් වන අතර තුන්වැන්නා බ්‍රිතාන්‍යයන් වූහ. අනෙක් අතට සිංහලේ නමින් හැඳින්වූයේ රටේ කොටසක් පමණක් වන අතර කිසිවෙක් මුළු රට ‘සිංහලේ‘ කියා කෙදිනකවත් හඳුන්වා තිබුනේ නැත. මුළු රට සිංහලේ නමින් හැඳින්විය යුතු යැයි කීම හරියට මුළු රටම සබරගමුව කියා හැඳින්විය යුතු යැයි කියනවා හෝ මුළු රටම ඌව කියා හැඳින්විය යුතු යැයි කියනවා වැනි ගොන් කතාවකි.
බි්‍රතාන්‍ය පාලන සමයේ ‘සිලෝන්‘ නමින් හැඳින්වූ රටට නිදහස ලබා ගනිද්දී කසිප්පු කාරයන් නොවන රුසියාවේ කොම්පියුටර් අත පත ගෑ අඳ බාලයන් නොවන රටේ එවකට සිටි උගත් බුද්ධිමත් සියළු ජාතීන්ට අයත් ගිහි පැවිදි උතුමන්ලා විසින් දීර්ඝ කතිකාවකින් පසු තීරණය කළ ‘ශ්‍රී ලංකාව‘ නාමය වෙනස් කිරීමට කතා කිරීම ම නානසාර නිකායේ දේශද්‍රෝහීන්ගේ රට බේද භින්න කරන නූගත් වනචර කුමන්ත්‍රණයකි.
ඒ බව මොවුන්ගේ සමුළුවෙන් හොඳින්ම හෙළි වූයේ රටේ නාමය වෙනස් කිරීමට තවත් ලොකු වුවමනාවක් තිබූ එල්ටීටීඊයේ මිනීමරු ප්‍රභාකරන් වර්ණනා කරමින් කසිප්පුකාර රාජකීය පණ්ඩිතයා කරන ලද ප්‍රකාශයෙනි. මෙතෙක් සිටි සිංහල බෞද්ධ නායකයන් වැනෙන සුළු බවත් ඊට වඩා දෙමළුන්ට වෙනම රටක් ඉල්ලා සටන් කළ ප්‍රභාකරන් හොඳ කෙලින් මිනිහෙකැයි නානසාර අද පැවසීය.
හය හතරක් නොදනන්නා සාමනේර පැටව් නානසාරගේ එම දේශද්‍රෝහී කතාවටද අත්පුඩි ගැසීම කම්පා කරවන්නක් විය.
විසි හයදහසක් සිංහල තරුණයන් ජීවිත පුදා බේරා ගත් රට මුස්ලිමුන් ආක්‍රමණය කරනවා යැයි බොරු මත වපුරමින් නානසාර කළ ප්‍රකාශය එල්ටීටීඊයට එරෙහිව කළ යුද්දයේදී ජීවිත පූජා කළ මේජර් ෆස්ලි, ආබ්දීන්, ලාෆීර්ලා වැනි මුස්ලිම් රණවිරුවන් ප්‍රභාකරන්ගේ දෙපතුල ලඟ පාවාදීමකි. නැගෙනහිර එල්ටීටීඊයෙන් බේරා ගැනීමේදී ඒ ප්‍රදේශවල මුස්ලිම් තරුණයන් ආරක්ෂක අංශ සමග එක්ව සිදුකළ ක්‍රියාවන් සහමුලින්ම අමතක කර දමමින් ප්‍රභාකරන් ලොකු කරමින් මුසල්මානුවන්ට එරෙහිව කළ නානසාරගේ කතාව සම්පූර්ණයෙන්ම විරතුවා වැනි මිනීමරුවෙක් සතුටු කරන්නට සිදුකළ දේශද්‍රෝහී ප්‍රකාශයකි.
එක්සත් ජාතික පක්ෂයේ පසුගියදා පත්කළ නව තනතුරු අනුව එහි භාණ්ඩාගාරික ලෙස පත්වූ රටේ කීර්තිමත් බැංකු කරුවෙකු වන එරාන් වික්‍රමරත්න කිතුණු මූලධර්මවාදියෙක් යැයි අවලාද නැගූ නානසාර කියා සිටියේ එජාපය වැනි පක්ෂයක් කිතුණු මූලධර්ම වාදීන්ට යට වී ඇති බවයි. අරන්තලාවේ භික්ෂූන් කැති ගෑ, දළදා වහන්සේට බෝම්බ තැබූ කරුණා අම්මාන්ට ශ්‍රීලනිපයේ උප සභාපති ධූරයකින් පුදා තිබීම නානසාර නම් ගොන් පණ්ඩිතයාට නොපෙනුනේ ඔහුගේ නවතම කරණම අනුව ප්‍රභාකරන් වීරයෙක් වී ඇති නිසා විය යුතුය.
පැමිණ සිටි භික්ෂූන් 5000 ක් වූ පන්සල් නියෝජනය කරන බවත් එක් පන්සලකින් 1000 බැගින් නානසාර නිකායට පනස් ලක්ෂයක් සාමාජිකයන් ගොඩ නැගිය යුතු බවත් තමන්ගෙන්ද තව පසලොස් ලක්ෂයක් දමා හැට පන් ලක්ෂයක පිරිසක් ගොඩ නගන ලෙසත් ඉන් පසුව කිසිදු දේශපාලන පක්ෂයකට යට විය යුතු නැති බවටත් සිහිනයක් නානසාර භික්ෂූන්ට දෙසා බෑවේය.
අද පැවැති සමුළුවේ වේදිකාව හැදීමට සහ සැරසිලි වලට රුපියල් කෝටියකට වඩා වියදම් කර තිබූ නානසාර සමුළුවේදී කියා සිටියේ කාර්යාල වල දුරකථන බිල පවා ගෙවා ගැනීමට නොහැකිව සිටින බවයි. පසුගියදා කොරියාවේ කළ සංචාරයේදී එහි සිටි ශ්‍රී ලාංකිකයන් පන්දහසක් මුණ ගැසී ඔවුන්ගෙන් ලත් මුදල් ආධාර වලින් මේ සමුළුව පැවැත්වූ බවද නානසාර කීවේය. තමන් කෙතරම් මූල්‍ය දූෂණයට කැමැති පුද්ගලයෙක් දැයි හෙලි කරමින් නානසාර කීවේ ලංකාවේදී ආධාරයක් දෙන මිනිසුන් තම සංවිධානයට ලඛෙන අය වැය ගැන විමසන නමුත් ඒ කිසිදු අය වැයක් ගැන නොවිමසා කොරියාවේ ශ්‍රී ලාංකිකයන් ආධාර කළ බවයි. ඉන් ගම්‍ය කෙළේ ඔහුට ලැඛෙන ආධාර කොතෙක් ලැබුනේ ද කොපමණක් වියදම් කෙළේද කියා විමසීම ඔහුව කෝප ගන්වන්නක් බවයි.
ශ්‍රී ලංකාවේ සම්භාව්‍ය ථෙරවාදී බුද්ධාගම විනාශ කිරීමේ කුමන්ත්‍රණය ක්‍රියාත්මක කර ඇති මෙකී දුෂ්ඨ සිවුරුකාරයන් පිරිස අවසාන වශයෙන් කී දෑ අනුව මොවුන්ගේ උත්සාහය කුමක්දැයි තේරුම් ගත යුතුය. බුදුන් වහන්සේගේ ධර්මයේ මූලිකම සත්‍යයක් වන ‘අනිත්‍යය‘ තේරුම් ගැනීම අත් හරින ලෙසත් ඒ වෙනුවට ‘ධනාත්මක චින්තනය‘ වැළැඳ ගන්නා ලෙසත් නානසාර සාමනේර භික්ෂූන්ගෙන් ඉල්ලා සිටියේය. කේසා ලෝමා නකා දන්තා කියමින් අනිත්‍ය මෙනෙහි කිරීම නතර කරන ලෙසත් බෞද්ධයෙන්ගේ මුදුන් මල්කඩ වන් ජාතක කතා පොත පැත්කට විසිකරන ලෙසත් අද සමුළු කතාවේදී බෞද්ධ භික්ෂූන්ට උපදෙස් දීමට තරම් මේ දුෂ්ඨ ත්‍රස්තවාදී සිවුරුකාරයා බෞද්ධයන්ගේ සතුරෙක් විය.
ඉතාමත් කණගාටුවට කාරණය නම් ‘ජාතක පොත විසිකරන්න‘ යැයි නානසාර දොඩවද්දී ඒ ජාතක පොත අච්චු ගස්සා මුදල් හම්බ කරන කිරම විමලජෝති භික්ෂුවද විරතු මිනීමරුවා සමග එක්වී අත් පොලසන් දීමයි
---------------------------
by (2014-09-28 20:08:42)
Leave a Reply
Munta pissu mun hadanne lankawa aayi uddyak athi karanna, pissu ballanta ennath vidinna kaale hari, Durutha lang wenakota muta pissuwa wadiwenaka. gon ganaya
-- by Gaamini on 2014-09-29
සිංහල බෞද්ධ කියන ලෙබලය තම බලය රැකගැනිම සදහා මුලින්ම යොදාගත්තේ අසියාවේ රිදි සිනුව විසිනි. රාජපක්ශ රෙජිමය ගිලිහි යන බලය රැකගැනිම සදහ බොදුබලයට පන දුන්නේ දුරදිග බලාය එය කාගෙ මෙහෙය විමක් යටතේ සිදුකරන ලද්දක්ද යැයි දන්නො දනිති. එදාමෙන් නොව අද විශාල පිරිසක් මෙයින් බුදු දහමට සිදුවන විපත වටහාගෙන සිටිම සතුටට කරුණකි. ලේ නොසලවා වියාප්ත වුන එකම දහම යන විරුදාවලිය බොදු බලය විනාස කරමින් සිටියි. නියම බෞද්ඩයාගෙ එකම බොදුබලය බුදුන් දෙසු දහමයි අවිහිංසාවාදයයි.
-- by Y2K on 2014-09-29
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි