~

මරා දැනටමත් ඉන්නේ ජනාධිපතිවරණයකින් ජය ගැනීමට අවශ්‍ය 50% ට වඩා අඩුවෙන්: රෙජීමයේ තින්ක් ටෑන්ක් එක සාකච්ඡා කරයි

(ලංකා ඊ නිව්ස් -2014.සැප්.28, ප.ව.11.30) මැදමූලන මරා ජනාධිපතිවරණයකට යද්දී මේ වන විටද සිටින්නේ ජයග්‍රහණයට අවශ්‍ය සියයට 50 ට වඩා අඩුවෙන් බව රාජපක්ෂ රෙජීමයේ තින්ක් ටෑන්ක් එක හෙවත් රෙජීමයේ බුද්ධි ප්‍රහාරකයන්ගේ අදහස වී තිබේ. 

පසුගියදා තින්ක් ටෑන්ක්හි සාමාජිකයන් අතර සාකච්ඡාවකදී කතා බහට ලක්වී ඇති ආකාරයට මැදමූලන මරා පසුගිය ජනාධිපතිවරණයේදී ලබා ගත් ඡන්ද වලට වඩා අඩුවීමක් පළාත් සභා මැතිවරණ වලදී පෙන්වා ඇති අතර අවසන් ඌවේ මැතිවරණයේ ප්‍රථීඵල අනුව සාමාන්‍යය 10% ක අඩු වීමකි. මෙය සියළුම පළාත් වලට පොදු විය හැකි බව තින්ක් ටෑන්ක් මතයයි. එමෙන්ම උතුරු නැගෙනහිර පළාත් වලින් විපක්ෂයට ලැඛෙන ඡන්ද සියයට 80 ක් පමණ වර්ධනය විය හැකි යයි ගණන් බැලූව හොත් එය සමස්ථ රටත් සමග යළි සැසඳුව හොත් මැදමූලන මරා සිටින්නේ ජයග්‍රහණයට අවශ්‍ය සියයට 50 ට වඩා අඩුවෙන් යයි තින්ක් ටෑන්ක් සාමාජිකයන්ගේ මතය වී ඇත.

මැතිවරණය කල් දැමීමෙන් මෙම අඩුව තව වැඩි වනවා මිස අඩු වීමක් නොවන බවත් මෙම අඩුව ගොඩ දා ගත හැක්කේ මැතිවරණ කැම්පේන් එක සිදුකරන ආකාරය අනුව යයි ද තීරණය කර ඇති ඔවුන් ඒ සම්බන්ධයෙන්ද සාකච්ඡා කර ඇත.

රනිල් වික්‍රමසිංහ පොදු අපේක්ෂකයා වුවහොත් සියළුම සුළු ජාතීන්ගේ ඡන්ද ඔහුට වැටෙන බවත් මැදමූලන මරාට දෙමළ හෝ මුස්ලිම් ඡන්ද වැටෙතැයි ගණන් ගැනිය නොහැකි බවත් ඒ නිසා සමස්ථ මැතිවරණ ව්‍යාපාරයම දැඩි සිංහල බෞද්ධ අන්තවාදී ස්වරූපයක් ගත යුතු යැයි සාකච්ඡා වී ඇත. 

කරට කර සටනකදී විපක්ෂයේ ඡන්ද කඩා අඩු කිරීමට නම් කෙසේ හෝ තෙවැනි පාර්ශවයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඡන්දයට දා ගැනීම සිදුකළ යුතුයැයි ද රෙජීමයේ තින්ක් ටෑන්ක් සාමාජිකයන් සාකච්ඡා කර ඇත. 

හීරළුවන්ගෙන්ද, කාර්යාලය අතුගෑමට එන කාන්තාවන්ට බලහත්කාරකම් කළවුන්ගෙන්ද මිට්ටන්ගෙන්ද, කට්ටයන්ගෙන්ද, කළු කෝට් කාරයන්ගෙන්ද සමන්විත වූ මරාගේ සිහින දකින තින්ක් ටෑන්ක් එකේ ඉදිරි සාකච්ඡාද හැකි ආකාරයට අප පාඨකයන් වෙන ගෙන එන්නෙමු. 

---------------------------
by     (2014-09-28 22:41:33)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  1 discussion on this news

As we are getting closure to presidential election and every body start to think about common candidate and common symbol if Ranil Wickramasinghe is the candidate why we are not adopted "Hariya" "Right Mark" harin Fernandos symbol as common candidate symbol.This is the famous symbol in Sri Lanka these days and this the symbol with out political party well famous after "Elephant, Beeta leaf,And bell, So lankaenews I would like to make request from please promote this symbol as common candidate symbol. Thanks
-- by Vijitha Gamage on 2014-09-29

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links