~

හෙණයක් වූ 'චෞර සිස්ටර්' චන්ද්‍රිකා සහ ශිරන්ති ගේ අම්මා..!

(ලංකා ඊ නිව්ස් -2014.සැප්.28, ප.ව.11.30)  විනයධරයනි ඔබට වන විපතක මහත., ඉසිලිය නොහැකි බර ඔබ මිනිසුන් පිට පටවන්නහු ය. එහෙත් ඒ බරට ඔබගේ එක ඇඟිල්ලක් වත් නොතබන්නහු ය. -ශුද්ධවර ලුක්තුමාගේ සුවිශේෂයේ 11 පරිච්ඡේදය 46වන වගන්තිය-

ක්‍රිස්තුස් වහන්සේගේ ඉහත වෝදනාව කරන ලද්දේ එතුමා ජීවත් වූ කාලයේ සිටි පූජක පෙලැන්තියටය. එතුමාගේ මරණයෙන් පසුව කතෝලික සභාවද, අනතුරුව එයටම ආවේනික පූජක පිරිස්ද බිහිවිය. කාලයාගේ ඇවෑමෙන් පාප්වරයෙක්, කාදිනල් වරුන්ගෙන්, බිෂොප්වරුන්ගෙන් පියවරුන්ගෙන්, සහෝදරවරුන් සහ කන්‍යා සොයුරියන් සමන්විත ආයතනය ව්‍යුහයක් බිහිවිය. එම ආයතනය, එනම් කතෝලික සභාව ලොව පවතින විශාලම බලවත් ආයතනයක් ලෙස පවතී. 

වර්තමානයේ උන්වහන්සේ ජීවත් වූවා නම් එම ආයතනයේ වත්මන් විනයධරයන්ට මෙම වචන මෙලෙසම භාවිතා කරන්නට උන්වහන්සේට සිදුවනු නොඅනුමානය. 

මෙම ලිපියට නිමිත්ත වන්නේ කතෝලික සභාවේ එක් කන්‍යා සොහොයුරියකගේ හැසිරීම් රටාවය. ඇය නිසා පීඩාවට පත්වන කතෝලික සිසුවියන් පිළිබඳවය. ඇය කොළඹ, වැල්ලවත්ත, ශාන්ත ලෝරන්ස් විදුහලේ විදුහල්පතිනිය වන මේරි චන්ද්‍රිකා පෙරේරා නැමැති යහපත් එඩේරාගේ නිකායේ කන්‍යා සොයුරියයි. පසුගිය සැප්තැම්බර් 18වනදා ජනාධිපති ආර්යාව ශිරන්ති රාජපක‍ෂ මැතිණියගේ ප්‍රධානත්වයෙන් එම විදුහලේ අභිනව ගොඩනැගිල්ලට මුල්ගල තබන ලදි. මිලියන 87ක වියදමින් ඉදිවන මෙම ගොඩනැගිල්ල සඳහා ජනපති ආර්යාව කිසිදු මුදලක් දායක කර නැත. කරන්නට පොරොන්දු වූයේද නැත. එහෙත් ජනපති ආර්යාවගේ මවගේ නමින් එනම්, ‘වික්ටෝරියා වික්‍රමසිංහ‘ අනුස්මරණ ශාලාව ලෙස එය නම් කරන්නට නියමිතව ඇත. ඇය හෝ ශිරන්ති මැතිණිය මෙම විදුහලේ ආදි සිසුවියන්ද නොවේ. ඔවුන්ගේ මෙම පාසලට කිසිදු සම්බන්ධයක් නැත. අනෙක් අතට වික්ටෝරියා වික්‍රමසිංහ නම් කාන්තාව ලංකාවට කිසිදු සේවයක් කළ තැනැත්තියක්ද නොවේ. ශිරන්ති නමින් දුවක් වැදුවා පමණි.  

කතෝලික සභාවේ පාසලක දේශපාලන බල අධිකාරියේ අයෙකු සතුටු කිරීමට ගොඩනැගිල්ලක් නම් කරන්නේ මේ ප්‍රථම වතාවට විය යුතුය. රජයේ පාසලක හෝ මෙවැන්නක් අප අසා නැත. මෙය සමස්ථ කතෝලික සභාවටම නරක පූර්වාදර්ශයක් වනු ඇත. යථා කාලයේදී ප්‍රාදේශීය දේශපාලඥයන්ගේ මෑණිවරු, පියවරු, නෑදෑ හිතමිතුරන්ගේ නමින් ගොඩනැගිලි හෝ වැසිකිලි කතෝලික පාසල්වල පමණක් නොව, පල්ලිවලද බිහිවිය හැකිය. 

සභාව පිළිබඳව අදූරදර්ශී ලෙස ක්‍රියාකරන චරිතයක් වන විදුහල්පතිනිය වන මේරි චන්ද්‍රිකා පෙරේරා සිය බල වපසරිය පුලූල් කරගැනීමට සහ මුදල් ඉපැයීමට මෙම ගොඩනැගිලි යොදා ගන්නේ ඉතා සූක‍්ෂම අයුරිනි. සාමාන්‍යයෙන් කතෝලික පාසලක විදුහල්පති ධූරය පස් වසරකට සීමාවේ. එය උපරිමය 7 වසරක් විය හැකිය. ඉතාම සහ ඉතාමත්ම අවශ්‍ය නම් එම කාලය තුල එක් ගොඩනැගිල්ලක් ගොඩ නැගීමේ අවස්ථාව ඔවුන්ට ඇත. එහෙත් මේ පාසලේ ඇය ගෙවෙන්නේ සත්වන වසරේ අවසාන කාර්තුවයි. සාදන්නට පටන් ගෙන ඇත්තේ 3 වන ගොඩනැගිල්ලයි. ඇය මෙම ගොඩනැගිලි හදන්නට උනන්දුවන්නේ ඇයට ස්ථාන මාරුවීම් ලැබෙන්නට ඔන්න මෙන්න තිබියදීය. එවිට නව විදුහල්පතිවරියක් බාගෙට කල ගොඩනැගිල්ලක් සමග විදුහල භාරගන්නට කැමති නොවේ. එවිට ඇයගේ එම පාසලේ ධූර කාලය දීර්ඝ වේ. ඇගේ බල වපසරිය දීර්ඝ වෙයි. යහමින් මුදල්ද අතගාන්නටද ලැබේ. 

අනෙක් අතින් මෙම ගොඩනැගිල්ල තැනෙන්නේ පාසලේ ඉතිහාසය කියා පාන පැරණිම සහ ශක්තිමත්ම ගොඩනැගිල්ල පොලොවට සමතලා කර දමමිනි. වසර 150ක පමණ පැරණි ඉතිහාසයක් හිමි එය බොහෝ ශක්තිමත්ව තිබූ අතර, එහි වහලය පිලිසකර කලා නම් හොඳටම සෑහේ. නමුත් මෙම ඓතිහාසික ගොඩනැගිල්ල සාහසික ලෙස බිමට සමතලා කලාය. 

මෙම විදුහල අර්ධ රාජ්‍ය ගණයට වර්ගීකරණය කර ඇති එකකි. (semi government) එනිසා මෙම ගොඩනැගිලි ඉදිකරන්නට රජයෙන් මුදල් ලැඛෙන්නේ නැත. රජයෙන් කරනුයේ ගුරු වැටුප් ගෙවීම පමණකි. අනෙකුත් විය පැහැදම් සඳහා ළමුන්ගෙන් පාසල් වාරික මුදල් අයකරයි. වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උත්සවය සඳහාද මුදල් අයකරයි. එසේනම් මිලියන 87ක වටිනාකමින් යුතු මේ ගොඩනැගිල්ලකට මුදල් යොදවන්නේ කවුරුන්ද? කතෝලික සභාවෙන්ද? යහපත් එඬේරාගේ නිකායෙන්ද? ශිරන්ති රාජපක‍ෂ මැතිණියගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන්ද? 

නැත. මෙතෙක් පෙර කී ගොඩනැගිලිද, මෙම අභිනව ගොඩනැගිල්ලද ඉදිවන්නේ අසරණ දෙමාපියන්ගේ මුදල් සූරා කෑමෙන්ය. මූලිකවම මෙම ගොඩනැගිලි වල ඇස්තමේන්තු වියදමෙන් වර්ග අඩියක මුදල දෙමාපියන්ට ගෙවන්නට අණකරයි. දරුවන් දෙදෙනෙක් හෝ තිදෙනෙක් එම විදුහලේම ඉගෙනුම ලබන දෙමාපියන්ට එක්වරම දරන්නට වන මුදල විශාලය. මන්ද යත් වර්ග අඩි දෙක-තුනක මුදලක් දැරියන් තිදෙනා වෙනුවෙන්ම ඔවුන් දැරිය යුතු නිසාය. සමහර විට මෙම මුදල රුපියල් දස දහසකට ආසන්නවේ. ඉන්පසුව ලොතරැයි ටිකට් දැරියන්ට ලබා දෙයි. ඔවුන් එය විකුණා මුදල් දිය යුතුය. මෙම මුදල රුපියල් දෙදහසක් හෝ ඊට වැඩිවේ. එම මුදල ගෙවන්නේද දෙමාපියන් විසිනි. දරු තිදෙනෙක් ඇති පවුලක් රුපියල් හය දහසක් දැරිය යුතුය. පසුව ළමුන්ට දෙන්නේ කොටු කාඩ්ය. මේවා පිරවීමට දරුවන් පාරවල් වල හිඟා කෑ යුතුය. නැතහොත් දෙමාපියන්ටම එම මුදල දරන්නට සිදුවේ. 

අනතුරුව එළැඹෙන්නේ ආදි සිසුවියන්ගේ සංගමය විසින් සිසුවියන්ගේ දෙමාපියන් සූරා කෑමේ වාරයයි. ආදී සිසුවියන් පා ගමන් සංවිධානය කරයි. එයට සමරු කළඹක් මුද්‍රණය කරයි. ඒවාට දැන්වීම් සොයන්නට වන්නේද සිසුවියන්ටය. එයටම නිර්මාණය කරන ටී ෂර්ටයට සහ කැප්තොප්පියට ඒවායේ නියම වටිනාකමට වඩා දෙගුණයක මුදලක් අයකරයි. (මේවා මසන්නේද කන්‍යා සොයුරියගේ හිතවත් අයෙක් වනුයේ නිරන්තරයෙනි. එම අත යට මුදල් පිළිබඳව අප දන්නේ නැත.) අනතුරුව භාතිය සන්තුෂ්ගේ හෝ කවුරුන් හෝ විකාරකාරයන්ගේ සංගීත සැදෑවකි. එම ටිකට්ද  දෙමාපියන් විකිණිය යුතුය. බොහෝ විට සිදුවන්නේ දෙමාපියන්ම ප්‍රවේශපත්‍ර සියල්ල මිලදී ගැනීමයි. 

මෙවර මෙම මුදල් කප්පම් ගැනීම කරනුයේ වඩාත් සහාසික ආකාරයටය. දැනටමත් ප්‍රාථමික ශ්‍රේණිවල (1 සිට 5 දක්වා) සියලූම දෙමාපියන් කැඳවා රුපියල් 25,000 බැගින් ගෙවන ලෙස අණ කර ඇත. අසරණ දෙමාපියන් මේ සියල්ල දරාගෙන මුදල් ගෙවයි. නැතහොත් සිය දැරියට පාසැලේදී වන මදිපුංචිකම් සිදු වෙයි. ආදි සිසුවියන්ට මේරි චන්ද්‍රිකා සොයුරියගෙන් ප්‍රශංසා ලැබේ. දෙමාපියන් නොකා නොබී මුදල් ගෙවයි.

අද රටේ ජීවන තත්වයේ ඇති අපහසුතාවය පිළිබඳව කිව යුතු නැත. මේ අතිශයින් ආර්ථීක අපහසුකම් දරන්නට සිදුව ඇති කාලයකි. රජයේ ඇමතිවරයෙක් වන සරත් අමුණුගම මහතාම කී පරිදි නාගරික පවුලකට මාසයක් යන්තම් ජීවත්වන්නට රුපියල් 63,000ක් අවශ්‍යය. ඒ රජයේ ඇස්තමේන්තු මුදලයි. නමුත් එම මුදල ඊට වඩා ඉහළ බව කවුරුත් දනී. යම් මාසයක අසනීපයක්, මරණයක්, මගුලක් ඇතිවුවහොත් දරන්නට වන මුදල ගැන කිව යුතු නොවේ. එය සාමාන්‍ය ජනතාව දනී. මේරි චන්ද්‍රිකා සොයුරිය නොදනී.

මෙම පාසලේ ඉගෙනුම ලබන්නේ පහළ මධ්‍යම පාන්තිකයන්ගේ දරුවන්ය. ඔවුන් බහුතරයකගේ සාමාන්‍ය මාසික ආදායම රුපියල් 35,000 - 60,000ත් අතර වන බව දක්නට හැකිය. ඉහළ ආදායම් ලබන අයගේ දරුවන් ඉගෙනුම ලබන්නේ ඉහල පෙළේ කතෝලික පාසල් වලය. එයට හේතුව කතෝලික පාසලකට සිසුන් සිසුවියන් ඇතුල්කිරීමේදී ගෙවන්නට සිදුවන අතිවිශාල  ආධාර මුදලයි. ඒ සඳහා ඉහළ පෙලේ පාසල් වල ඉහල මිලක් අය කෙරේ. එනම් ශාන්ත ජෝශප්, ශාන්ත පීතර, ශාන්ත බ්‍රිජට්, ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය ආදියේ නම් රුපියල් ලක‍ෂ 3 කින් ඉහළ ලංසුවක් තබන ලෙස නියම කරයි. අන්‍යාගමික අයෙක් නම් මෙම මුදල රුපියල් ලක‍ෂ 5කට ඉහළ වේ. ශාන්ත ලෝරන්ස් පාසලේ මෙතෙක් අය කරනු ලැබුවේ ලක‍ෂ එකහමාරකි. මේ වසරේ සිට එයද ලක‍ෂ 3න් ඉහළට දමා ඇත. මෙතෙක් මේ විදුහලට පැමිණියේ යන්තම් ලක‍්ෂ එකහමාරක් ගැටගසාගත හැකි, මාසික පහසුකම් ගාස්තුව රුපියල් 1000 සිට 1500ක් පමණ දක්වා යන්තම් ගෙවා දැමිය හැකි දෙමාපියන්ය. මෙවන් අපහසු තත්වයක ජීවත් වන දෙමාපියන්ගේ මුදල් ගසා කන්නේ කුමන ආගමකට අනුවදැයි නොදනිමු.

විදුහල්පතිනියගේ කන්තෝරුව සහ කන්‍යාරාමය සම්පූර්ණ වායු සමීකරණය කල එකකි. ඒ සමගම ඉහත උත්සවයට ආහාර පාන ගෙන්වූයේ ගල්කිස්සේ මහ හෝටලයෙනි. මේ බිල් ගෙවන්නේ අපේ මුදලිනි. අප නිවසේ එක කාමරයක සිට අනෙක් කාමරයට මාරුවීමේදී විදුලි බල්බය නිවා දමා විදුලි බිල ඉතිරිකරමු. එම ඉතිරිකරන මුදලින් ඇගේ වායුසමනයේ බිල අපි ගෙවමු. බඩට නොකා දරුවන්ට ගෙවන පාසල් ගාස්තුවෙන් ජනාධිපති ආරක‍්ෂකයන්ට තරු පන්තියේ හෝටල් වල කෑම ගිල්වමු.

මේරි චන්ද්‍රිකා සොයුරියගේ මෙම මුදල් එකතුකිරීමේ කටයුතු පිටුපස සිටින සහයක බල ඇණිය හෙලිදරව් කිරීමද අප වගකීමකි. දරුවන් දරුණු ලෙස පීඩාවට පත්කරන්නිය අමරජීව ගුරුතුමියයි. මුදල් දීම ප්‍රමාද වුවහොත් ඔවුන්ගේ ආත්ම ගෞරවයට හානිදායක අයුරින් ප්‍රසිද්ධියේ බැණ වදියි. පන්ති කාමරවලින් පිටතට දමයි. අනෙකක් තබා වාර විභාගය ලියමින් සිටියදී පවා පන්ති කාමරවලට කඩා වැදී සිසුවියන්ට බැණ වදියි. නූතන ෂයිලොක් න්‍යාය අනුගමනය කරන ඇයට ළමා මනස පිළිබඳ අඹ මල් රේණුවක හැඟීමක් නැත. ඇය හැසිරෙන්නේ මෙය දෙවියන් වහන්සේ ඇයට පැවරූ ශුද්ධ වූ කාර්යයක් ලෙසය. 

නියෝජ්‍ය විදුහල්පතිතුමිය වන මරියාටා ගුරුවරිය හැට පැනපු කාන්තාවකි. ඇයට හොඳ සිහිකල්පනාවක් නැතත් සාමාන්‍ය පෙල පන්ති වලට ගණිතය උගන්වයි. දරුවන්ට ඇය උගන්වන කිසිත් නොතේරේ. මුදල් එකතු කරන කාර්යයට ඇයවද යොදවයි. එයට නම් ඇය ගැලපේ. ඇයටද හෘද සාක‍ෂියක් නැති සෙයකි. ඔවුන්ට මෙම ඉලක්ක සම්පූර්ණ කල විට සංතෝෂම් ප්‍රතිලාභ ලැබේදැයි නොදනිමු. මුදල් ගෙවන්නට නැති දරුවන් අනෙක් ගුරුවරුන් සමග හඬා වැටේ. යම් වත්කමක් ඇති සමහර ගුරුවරියන් සමහර දරුවන් වෙනුවෙන් මුදල් ගෙවන්නේ කඳුලූ සලමිනි. ඔවුන්ට මුදල් නැති බව පැවසුවහොත් දෙමාපියන්ට පැමිණ විදුහල්පතිතුමිය හමුවී තම නැති බැරිකම් පවසා ආයාචනය කරන ලෙස දැනුම් දෙයි. එවිට එම දෙමාපියන්ගේ ආත්ම ගෞරවය හානි වෙයි. ගැහැණු දරුවන්ගේ මනසට දරුණු ලැජ්ජාව නිසා ඇතිවන හානිය නොකිව මනාය.

දේශපාලන සබඳකම් පාර්ශවයෙන් ඇයට උදව්වන්නේ ජනාධිපති උපදේශකයෙකුගේ අනියම් බිරිඳයි. ඇයද පාසලේ ගුරුවරියකි. ජනාධිපති ආර්යාව වෙත මේරි චන්ද්‍රිකා සොයුරිය කැඳවාගෙන යන මාර්ගය සකසන්නේ ඇයයිි. ගරු නම්බු නාම වලට ඉතා කැමති අප කන්‍යා සොහොයුරිය, ජාතික ඵලදායිතා සම්මානය සඳහා බොහෝ වෙහෙසකර ආයාසයක යෙදෙන්නීය. ඒ පිළිබඳ වෙනම කථා කල යුතුය. ඇය මෙයට පෙර මීගමුව ආවේ මරියා පාසලේ විදුහල්පති ධූරය දැරූ අතර එම කාලයේදීත් ඇයට එල්ල වූ වංචා චෝදනා බොහෝය. 

සියලූම පාප අපරාධ වලින් ඇය නිදොස් කොට පව් සමා කරන්නෙක් ද සිටියි. ඔහු ඇයගේ හොඳම මිතුරාය. ශාන්ත ලෝරන්සුවන්ගේ කන්‍යාරාමයට ප්‍රේමයේ් පණිවුඩය බෙදා ආසිරි පැන් ඉසින්නේ ඔහුය. පාසල් නිවාඩු සමයේ සහ සතිඅන්තයේ කන්‍යාරාමයේ නිතර වැඩ සිටින එතුමානෝ අසල්වැසියාට ප්‍රේමකරන ආකාරය පිළිබඳ අපූරු නිදසුනක් සභාවට සපයයි. ඔහු කතෝලික පාසල් අධ්‍යක‍්ෂක රංජිත් මදුරාවල පියතුමාය. ඇයගේ සියලූම අමාරුකම්වලදී ඇයගේ පිහිටට එන්නේ එතුමාය. මේ ලිපිය පලවූ පසුව ඇය සනසන්නට මුලින්ම කන්‍යාරාමයට වඩින්නේ එතුමාය. එය නිසැකය. අපේ අරමුණ කාටවත් මඩ ගැසීම නොවේ. 

මෙයට පෙර අප චන්ද්‍රිකා සොයුරියට ලිපි ලිවූයෙමු. අනතුරු ඇඟවූයෙමු. ඇය අප ගේ අනතුරු ඇඟවීම් මායිම් නොකලාය. ඇය නොසැලී සිටියේ ඔහුගේ සහයෙනි. ජාතික කතෝලික පාසල් අධ්‍යක‍්ෂකතුමා ඇය ළඟම සිටියි නම් ඇය බියවන්නේ කවරෙකුටද? 

මාධ්‍ය වෙත මෙම ප්‍රශ්ණය ගෙන යන්නට අප පොළඹවන්නේ මේ වටපිටාවයි. සාමාන්‍යයෙන් සභාවේ දේවල් විවෘතව සංවාද නොකර ඉවසා සිටින්නට කතෝලික විනය අපට උගන්වා ඇතත්, මේ දේවල් ගැන විවෘත සංවාදයකට කාලය එළැඹ ඇත. මෙය දරුවන්ගේ අධ්‍යාපනය ගැන ප්‍රශ්ණයකි. දරුවන්ගේ මානසිකත්වය ගැන ප්‍රශ්ණයකි. දරුවන්ගේ අනාගතය ගැන ප්‍රශ්ණයකි. දැන් එය කතෝලික සභාව සෘජු ලෙසම දේශපාලනීකරණය වීමේ ප්‍රශ්ණයකි. (සභාව කොහොමත් දේශපාලනිකය. දේශපාලනයෙන් ගැලවෙන්නට අප කාටත් නොහැකිය)

දැන් කතෝලික සභාවේ ‘චෞර සිස්ටර්‘ නම ලබන්නට සුදුසු චන්ද්‍රිකා කෙනෙක් බිහිවෙමින් පවතී. යහපත් එඩේරාගේ නිකායේ කැරිස්මාව ‘නැතිවූ බැටලූවා සොයා යාම‘ය. මුදල් සම්බන්ධ අපකීර්තිමත් ඉතිහාසයක් ඇති එම නිකාය ‘නැතිවූ සල්ලි පොට්ටනි සොයා‘ යන වගක් පෙනේ. සිස්ටර් චන්ද්‍රිකාගේ පාර්ශවයෙන් මේ ගැන කියන්නට ඇති දේ අපි දනිමු. මම මේ පාසල හදන්නට උත්සාහ ගන්නවා යැයි ඇය කියනු ඇත. එසේනම් කලයුතු බොහෝ දේ තව ඇත. ඒවා එකිනෙක කියාදෙන්නට අපි සූදානම්ව සිටිමු. පාසලේ සැබෑ අවශ්‍යතාවයන්ට මගහැර සිය තක්කඩි අරමුණු උදෙසා අසරණ දරුවන් ඇපයට ගන්නට අප ඉඩ නොදෙමු.

දෙමාපියන් ලෙස අපට මුහුණට මුහුණ ඉදිරිපත්වන්නට නොහැක්කේ කතෝලික සභාවේ පාසලක් අපේ දරු දැරියන්ට නැතිවන නිසාය. නොඑසේව ඇයට කියන්නට බොහෝ දේ අපට ඇත. නමුත් ඉදිරියේදී අවස්ථාව ආ විට හෙළිකරන්නට බොහෝ කරුණු කාරණා අප සතුව ඇත.

අභිනව පාප්වහන්සේ ලෙස අති උතුම් ප්‍රැන්සිස් පාප්තුමා පත්වූ මොහොතේ එතුමා සිය කැරිස්මාව ලෙස තෝරාගත්තේ ‘දිළිඳුන්ගේ සභාවක්‘ බිහිකරමු යන තේමාවයි. ගව මඩුවක උපන් ජේසුතුමාගේ සභාව දිළිඳුන්ගේ සභාවක්ම විය යුතුය. එතුමා මෙලොවට පහල වූයේ දිළිඳුන්ට සුබ අස්න දෙසන්නටය. එහෙත් අපේ ලක් පොලොවේ පූජක ජනයා, සාමාන්‍ය කතෝලිකයා ගසාකමින්, සිය පූජක ජීවිතය අති සුඛෝපභෝගී එකක් බවට පත්කරගෙන ඇත්තේ නිර්ලජ්ජිත ආකාරයටය. 

ඒ පිළිබඳ උදාහරණ උවමනාවටත් වඩා සැපයිය හැකිය. ආගමේ නාමයෙන් සිය සුඛ විහරණය සඳහා අහිංසක ජනතාව සූරාකන, ගසාකන පූජක කැල නවතා බැඳ තබා ගැනීම සභා ශ්‍රේෂ්ඨයන්ගේ වගකීමයි. සභාව හැරයන පිරිස් නවතන්නට ඇති එකම මාර්ගය එයයි. හෙල උරුමය - බොදුබල සේනා සමග එක්ව පාර්ලිමේන්තු පනත් සම්මත කර ගැනීමෙන් එය කල නොහැකිය. එය කල හැකි හොඳම මාර්ගය ප්‍රේමයයි. කාදිනල්තුමනි මේ ඔබ වහන්සේගේ අවධානය පිණිසයි.

පාසැලේ කතෝලික දෙමාපිය එකමුතුව විසිනි

සංස්කාරක සටහන;

මෙම දෙමාපිය අඳෝනාව සම්බන්ධයෙන් විමසිමට ලංකා ඊ නිව්ස් විසින් චන්ද්‍රිකා සොයුරිය අමතන ලද අතර ඇය ඉතාමත් නින්දනීය ආකාරයෙන් පිළිතුරු නොදී පැන  ගියා ය.

මේ ලිපිය පළ කරන මේ මොහොතේ පවා අමරජීව නමැති ගුරුවරිය මුදල් එකතු කරමින් සිටී. එක් මවක් අප හා අමතා පැවසුවේ ඇය ඇගේ රත්තරන් බඩු උගස් කර රුපියල් 20,000 ක් ගෙවන්නට ලෑස්තිව සිටින බවයි.

---------------------------
by     (2014-09-29 00:50:40)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  2 discussion on this news

Hi, How will I upload my news to you. Pls help. Cheers
-- by Chathu on 2014-09-29

ලෝරන්ස් විද්‍යාලයේ බලධාරීන් මෙම ලිපියේ ඇති චෝදනාවන්ට පිලිතුරු දෙනවා වෙනුවට විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය ලවා අප බිය ගැන්වීමට මෙම ලිපිය එවා ඇත. ඔබලාගේ නඩු දැමීමේ තර්ජන වලට අප බිය නැති බව කරුණාවෙන් දන්වන අතර පාඨක සමූහයාගේ දැන ගැනීම පිණිස එය මෙහි පළකරමු. 29th September 2014 Sandaruwan Senadheera Editor in Chief Lanka e News Dear Sir, Re: False and defamatory statement made by E Lanka News to st. Lawrence’s COnvent Past Pupil Association regarding the news updated about St. Lawrence’s Convent Status Update By Lankaenews හෙණයක් වූ 'චෞර සිස්ටර්' චන්ද්‍රිකා සහ ශිරන්ති ගේ අම්මා..! on 29th September 2014 We represent the St. Lawrence’s Convent Past Pupil Association in connection with the above-referenced matter. E Lanka News is hereby warned and notified to cease and desist making false and defamatory statement regarding St. Lawrence’s Convent Past Pupil Association. It has come to our attention that false statements and wrong allegations were made by your Newspaper against the St. Lawrence’s Convent Past Pupil Association. Please note that St. Lawrence’s Convent Past Pupil Association has not taxed a single student with regard the new building project fund and we are not in the process of organizing any future projects in association with the school with regard to the new building project. These statements made by your newspaper are false, insulting, and defamatory and such are actionable under Defamatory Law in Sri Lanka. As a newspaper firm we assume that you have to be more careful and responsible when carrying out accurate information to the public. Please take necessary measures to correct these false statements with immediate effect. If you failed to comply with the said request we will not state to take any legal action against you. Thank you Best Regards Sgd Sanuri Semini Secretary St. Lawrence’s Convent Past Pupil Association.
-- by Editor on 2014-09-29

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links