~

ගෝඨාභය අත් අඩංගුවට නොගන්නැයි පුදුම තීන්දුව දුන් සරත් ආබෘෘ විනි-සොරා මෙහෙකාර කාන්තාවට පිස්තෝලයෙන් පහර දීලා රෝහලේ: ලිංගික දූෂනයට ලක් කර ඇතැයිද සැකයි

(ලංකා ඊ නිව්ස් -2015.ජුනි.28, ප.ව.6.10 -දෙවන සංස්කරණය -ප.ව.8.45) ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු ධූරයකට කිසිසේත්ම නොගැලපෙන තක්කඩියෙක් වන සරත් ආබෘෘ විනි-සොරා යලිත් වතාවත් සිය නිවසේ මෙහෙකාර කාන්තාවකට පහර දීමෙන් ලත් තුවාල හේතුවෙන් ඇය කළුබෝවිල මහ රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුලත් කර තිබේ. සිදුවීම වූයේ ඊයේ (27) දිනයේදී ය.

විනි-සොරා විසින් තම නිල පිස්තෝලයෙන් මෙම කාන්තාවගේ හිසට පහර දීමෙන් ඇයගේ හිස පැලී ඇත.  නිලූෂා දමයන්ති නමැති මෙම කාන්තාව 37 වැනි වියේ පසුවන්නියකි. රෝහල් ආරංචි මාර්ග පවසන්නේ විනි-සොරා විසින් ඇය ලිංගික දූෂනයට ද ලක් කර ඇති බවයි. මේ වන විට ඇය කළුබෝවිල රෝහලේ 11 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටී.

කාන්තාව රෝහල් ගත වීමෙන් පසු කිහිප වතාවක්ම රෝහලට පැමිණි සරත් ආබෘෘ විනි-සොරා තම විනිසුරු බලය යොදා කාන්තාව රෝහලින් ඉවත් කර ගෙන යෑමට උත්සාහ කර ඇත. රෝහල් පොලිසියටත් රෝහල් අධ්‍යක්ෂ වරයාටත් බලපෑම් කර ඇති අතර රෝගියා සම්බන්ධ අධිකරණ වෛද්‍ය පෝරමයක් ( Mediacal Legal Examination form ) සැකසීම වැළැක්වීමට දැඩි බලපෑමක් එල්ල කර තිබේ. කෙසේ වෙතත් ප්‍රදේශය බාර උසස් පොලිස් නිලධාරියාගේ ඍජු මැදිහත් වීම මත පොලිසියත් රෝහල් වෛද්‍යවරුන්ගේ මැදිහත් වීමත් හේතුවෙන් විනි-සොරාගේ වෑයම ව්‍යර්ථ වී තිබේ. 

මේ වන විට ලිංගික අතවරයට සහ පහර කෑමට ලක්වූ නිලූෂා දමයන්ති ට පොලිස් ආරක්ෂාවක් ලබා දී ඇති අතර සරත් ආබෘෘට ඇය හමුවීම වලක්වා තිබේ. අද දිනයේද සරත් ආබෘෘ කිහිප වතාවක්ම රෝහලට පැමිණ ඇයට බලපෑම් කිරීමට උත්සාහ දරා තිබේ.

විනි-සොරගේ අපරාධය සම්බන්ධයෙන් මේ වන විටත් ‘බී‘ වාර්තාවක් මගින් අධිකරණයට කරුණු වාර්තා කර ඇතැයි ද තමන් නීතිය අකුරට ක්‍රියාත්මක කරන බවද ප්‍රදේශය බාර උසස් පොලිස් නිලධාරියෙක් ලංකා ඊ නිව්ස් වෙත පැවසීය.

සරත් ආබෘෘ නමැති තක්කඩි විනි-සොරා විසින් පසුගිය වසරේ දී පමණක් මෙලෙස සිදුකරන ලද පහර දීම් 4 ක් ගැන වාර්තා වූ අතර පහර කෑමට ලක් වූයේ තවත් මෙවැනිම මෙහෙකාර තරුණියක් සහ පොලිස් නිලධාරීන් තිදෙනෙකි. රාජපක්ෂලාගේ අවනීතිය රජ කළ යුගයේදී එම පහර දීම් සියල්ල යටපත් කරන ලදී. සරත් ආබෘෘ ඊයේ සිදුකරන ලද්දේ 5 වන පහර දීමයි.

පසුගියදා ගෝඨාභය රාජපක්ෂ අත් අඩංගුවට නොගන්නැයි විශ්මය ජනක වාරණ නියෝගයක් නිකුත් කරන ලද ශ්‍රේෂ්ඨාධිකරණ ද්වි පුද්ගල විනිසුරු මඩුල්ලේ ඊවා වනසුන්දර සමග සිටි අනෙක් විනි-සොරා වූයේ සරත් ආබෘෘ ය.

ලංකාවේ කාන්තාවන් වෙනුවෙන් ක්‍රියා කරන වැලි ගණනට ඇති කාන්තා සංවිධාන මේ තිරශ්චීන අපරාධය සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත. විශේෂයෙන්ම මෙම කාන්තාව රෝහලින් පිටත් වූ පසු යලි යා යුත්තේ මේ තිරිසන් විනි-සොරාගේ නිවසටමද?  අධිකරණ සේවා කොමිසම තම විනි-සොරා ගැන ගන්නා ක්‍රියා මාර්ගය කුමක්ද? මේ ගැන රට අවදියෙන් බලා සිටිනු ඇත. 

---------------------------
by     (2015-06-28 15:38:41)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  2 discussion on this news

yahapalanaya kiyanne me wage aparadakarayanwa allala hire danna misak araksha karanna hadapu ekak neweyi. ehema nethnam mara palaneyi mekeyi wenasak nethiwenawa. api balamu mokada wenne kiyala.
-- by nilruk on 2015-06-28

muge moone ketha
-- by Sundara on 2015-06-29

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links