~

එකපුලියේ ‘එක්ස්ටසි‘ රතනගේ මත්ද්‍රව්‍ය ලේකම් නලින්ද ලක්ෂාන් 30 දක්වා රිමාන්ඩ්: රතනගේ ලේකම් සැඟවීමට මහාරාජාත් හවුල් වේ

(ලංකා ඊ නිව්ස් -2015.ජුනි.28, ප.ව.11.15) ‘එක්ස්ටසි‘ නමැති හෙරොයින් වලටත් වඩා භයානක මත්ද්‍රව්‍ය පෙති තොගයක් සමග ඊයේ කොළඹ රාත්‍රී සමාජ ශාලාවකදී අත් අඩංගුවට ගත් ජනාධිපති උපදේශක, ජාතික හෙළ උරුමයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්ගේ පාර්ලිමේන්තු කටයුතු පිලිබඳ ලේකම් නලින්ද ලක්ෂාන්, සහ සීඅයිඩියේ සීඅයියූ බුද්ධි අංශ නිලධාරී කවීෂ වීරක්කොඩි ඇතුළු සිව්දෙනා අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 30 වෙනිදා දක්වා රිමාන්ඩ් බන්ධාගාර ගත කර තිබේ.

මෙම වැටලීම සිදුකරන ලද්දේ සුරාබදු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය නාශක අංශයේ ස්ථානාධිපති සඳලාල් පතිරණ මහතාගේ මෙහෙයැවීම යටතේ ක්‍රියාත්මක වූ නිලධාරීන් පිරිසක් විසිනි. 

ලංකාවේ නීතිය අනුව සුරාබදු දෙපාර්තමේන්තුව මගින් අත් අඩංගුවට ගන්නා සැකකරුවන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයට ඉදිරිපත් කර ඔවුන් හරහා අධිකරණයට ඉදිරිපත් කිරීමක් අනවශ්‍ය ය. සුරා බදු නිලධාරීන්ටම ඒ බලතල තිබේ. ඒ අනුව මේ පුද්ගලයන් අධිකරණයට ඉදිරිපත් කිරීමේ හැකියාව ලැබිණ. නැතහොත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයට බාරදීමට සිදුවූවා නම් මේ පුද්ගලයන් අධිකරණයට ඉදිරිපත් කිරීම සිදු නොවී සිද්ධිය යට ගැසීමට බොහෝ දුරට ඉඩ කඩ තිබිණ.

මන්ද යත් මේ පුද්ගලයන් අත් අඩංගුවට ගැනීමෙන් පසු ජාතික හෙළ උරුමයත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයත් සිද්ධිය යටපත් කිරීමට බලවත් උත්සාහයක් දැරූ බැවිනි. අතුරලියේ රතන හිමිගේ ලේකම් වරයා වූ නලින්ද ලක්ෂාන් රතන හිමියන්ගේ ලේකම් වරයා නොවන බවත් ඔහු රතන හිමිගේ පරිඝනක ක්‍රියාකාරිකයෙකු පමණක් බවටත් දැනටමත් විශාල බොරුවක් ප්‍රචාරය කරමින් සිටිති. ඔහු අත් අඩංගුවට ගන්නා ලද අවස්ථාවේ අත තිබූ අතුරලියේ රතනගේ පාර්ලිමේන්තු සම්බන්ධීකරණ ලේකම් බව සඳහන් රාජකාරි හැඳුනුම් පත ව්‍යාජ එකක් නොවන බවට මේ වන විට තහවුරු වී තිබේ.  

මේ අතර මෙම වැටලීම සම්බන්ධයෙන් කිලී මහාරාජාගේ මාධ්‍ය අද වාර්තා කෙළේ සීඅයිඩීයේ බුද්ධි අංශ නිලධාරියා ගැන පමණක් වන අතර අතුරලියේ රතනගේ ලේකම් නලින්ද ලක්ෂාන් පිළිබඳ සිතා මතා වාර්තා කිරීම සඟවා දැමීය. ජාතික හෙළ උරුමය බලය පතුරාගෙන සිටින ජාතික රූපවාහිනිය සහ අයිටීඑන් රාජ්‍ය මාධ්‍ය දෙකද සිද්ධිය වාර්තා කිරීම සඟවා දැමීය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද තම උපදේශකයාගේ ලේකමා මත්ද්‍රව්‍ය සමග අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබියදී එය වසන් කිරීම පිණිස ඔහු අද සහභාගී වූ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්ථානයේදී ඊට අදාල නැති කතාවක් කියමින් මත්ද්‍රව්‍ය රට තුලට පැමිණීම වැලැක්වීමට නාවික හමුදාවට කාර්ය භාරයක් තිබෙන්නේ යයි බයිලාවක් ද කියා තම උපදේශකයාගේ මත්ද්‍රව්‍ය ඩීලර්ලා ගැන වසන් කළේය.

ජනාධිපතිවරයා සුද්ධවන්තයෙන් නම් පළමුවෙන්ම කළ යුත්තේ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන ලේකම් වරයෙක් සහිත තම උපදේශකයා වහා ක්‍රියාත්මක වන පරිදි උපදේශක ධූරයෙන් ඉවත් කිරීමයි. වෙනත් රටවල නම් සිදුවන්නේ එලෙස නමුත් නිමල් ලන්සා වැනි රටම දන්නා මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෙකුට ආසන සංවිධායක ධූරයක් ලබා දුන් මෛත්‍රීගෙන් එවැන්නක් බලාපොරොත්තු විය නොහැක. 

ලෝකයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් මේ වන විට සිය මත්ද්‍රව්‍ය ජාවාරම නවීකරණය කර ඇති අතර ඒ සඳහා පාතාලය යොදා ගැනීම වෙනුවට යොදා ගන්නේ මත්ද්‍රව්‍ය විරෝධී ලෙස ව්‍යාජව හඬ නගන සංවිධාන හා පුද්ගලයන් ය. මත්ද්‍රව්‍ය විරෝධී හඬ නැගීමට මුදල් වියදම් කරන්නේද මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ම ය. මෙය මේ වන විට ලෝකය පුරා ගොඩ නැගෙමින් තිබෙන ප්‍රවනතාවයකි. 

ශ්‍රී ලංකාවේ රාජ්‍ය මට්ටමේ සංවිධානයන්ද රාජ්‍ය නොවන ජාත්‍යන්තරව පිලිගත් සංවිධානයන්ද මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් සාර්ථක ප්‍රථිඵල සහිතව ක්‍රියා කරද්දී ජාතික හෙළ උරුමයේ අතුරලියේ රතන පසුගිය කාලයේ ව්‍යාජ මත්ද්‍රව්‍ය විරෝධයක් මහා ඝෝෂාවක් සහිතව ආරම්භ කරන ලද්දේ ඇයි දැයි මේ සිදුවීමෙන්  පැහැදිලි ය. 

ඒ බව වඩාත් පැහැදිලි වන්නේ වසර 9 ක් පුරා මත්ද්‍රව්‍ය කන්ටේනර් ගණන් ගෙන්වූ, එතනෝල් කන්ටේනර් ගණන් ගෙන්වූ රාජපක්ෂ රෙජීමය සමග කිසිදු අපහසුතාවයකින් තොරව ඇමැතිධූරද ලබා ගනිමින් ක්‍රියා කිරීමට ජාතික හෙළ උරුමයට කිසිදු අපහසුතාවයක් නොතිබූ නිසාය. කැසිනෝ පනත වැනි දූෂිත පනතකට පවා අතුරලියේ රතන, චම්පික රණවක දෙදෙනාම කිසිදු අපහසුතාවයකින් තොරව අත ඉස්සූ බවද අමතක නැති නිසාය. කෙසේ වෙතත් මේ සිදුවීමෙන් අතුරලියේගේ ‘එකපුලියේ‘ බව මහජනතාව කියති.

(මෙහි ඇති සේයාරුවේ දැක්වෙන්නේ අතුරලියේ එක්ස්ටසි රතනගේ සම්බන්ධීකරණ ලේකම් වරයා සමග රතන සිටි අවස්ථාවකි)

---------------------------
by     (2015-06-29 13:41:33)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links