~

බල අපරාධයකට අධිකරණයේ චුදිත සරත් ආබෘෘ සමග නඩු අැසීමට එකට හිඳ ගන්න බැහැයි විනිසුරුවරු අගවිනිසුරුට පැමිණිලි කරති: විනි-සොරා අත් අඩංගුවට ගැනීමට පොලිසිය නීතිපති උපදෙස් පතයි

(ලංකා ඊ නිව්ස් -2015.ජුනි.29, ප.ව.11.50) සිය නිවසේ මෙහෙකාර කාන්තාවට අමානුෂික ආකාරයට පිස්තෝලයකින් පහරදී තුවාළ සිදුකිරීම, මරණීය තර්ජන කිරීම මෙන්ම ඇයව ලිංගික දූෂණයකට ලක්කර ඇති බව කියන ශ්‍රේෂ්ඨාධිකරණ විනි-සොරා සරත් ආබෘෘට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක් ගෙන තිබෙන තත්ත්වයක් තුළ ඔහු සමග ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු විනිශ්චය කිරීමට අසුන් ගැනීම සෙසු විනිසුරුවරුන් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තාවේ.

බල අපරාධ ඝණයට වැටෙන මෙම සාහසික අපරාධ ක්‍රියාව සම්බන්ධයෙන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට පොලීසිය විසින් ‘බී‘ වාර්තාවක් මගින් කරුණු වාර්තාකරමින් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යාමට අවසර පතා ඇත. ඊට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයද අවසර ලබා දී ඇති අතර අද විනිසුරුවරයාගෙන් ප්‍රකාශයක් ගැනීමද පොලිසිය විසින් සිදුකර තිබිණ.

මෙවැනි බල අපරාධ නඩුවක සැකකරුවෙකු වන විනි-සොරා සරත් ආබෘෘ සමග එකට අසුන්ගෙන නඩු විනිශ්චය කළ නොහැති බවට සෙසු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් අග විනිසුරුවරයාට ලිඛිතව දැනුම් දී ඇති බවත් ‘ලංකා ඊ නිවුස්‘ අධිකරණ අභ්‍යන්තර තොරතුරු සේවය සඳහන් කරයි.

බල අපරාධයක සැකකරුවෙකු වන විනි- සොරා අත් අඩංගුවට ගැනීමට නියමිතව ඇති අතර, ඒ සඳහා තවත් පුද්ගලයින් කීප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුව අවශ්‍ය වැඩිදුර විමර්ශණයේදී අදාළ සැකකාර විනි-සොරා අත් අඩංගුවට ගන්නා බවත් ඒ සඳහා නීතිපති උපදෙස් පතා ඇති බවත් ඉහළ පොලිස් නිලධාරියෙකු ප්‍රකාශ කෙළේය.

ලංකාවේ නීතිය අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ධූරයෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිසමට බලතල නොමැති අතර ඒ සඳහා පූර්ණ බලතල ඇත්තේ පාර්ලිමේන්තුවට ය. පාර්ලිමේන්තුව විසින් ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනැවිත් සම්මත කර ගත යුතුය. දැන් පාර්ලිමේන්තුව විසිරුවා ඇත. එසේ වී නමුත් බල අපරාධයකදී තරාතිරම නොබලා ඕනෑම පුද්ගලයෙක් අත් අඩංගුවට ගැනීමට නිල ලත් සාම නිලධාරියෙකුට බලතල තිබෙන බව ජ්‍යෙෂ්ඨ නීතිඥයන්ගේ මතය වේ. 

කෙසේ වෙතත් මෙකී බල අපරාධය සම්බන්ධයෙන් ප්‍රවෘත්ති වාර්තා කිරීම ප්ලාස්ටික් පයිප්ප නළ ව්‍යාපාරික කිලී මහාරාජාගේ  ජඩමාධ්‍ය ජාලය විසින් මුළුමනින්ම වැළකී සිටී. 

---------------------------
by     (2015-06-29 23:30:22)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  1 discussion on this news

Tabbaruuu nemi muta kiyanda one LASSANA KOLLA kiyala, muth ekka sex koranakota genunta kisima feeling ekak enne nethuwa ethi muge muna dekkahama.mage ass eka muge munata wada lassanai.
-- by Mrs Bakannila on 2015-06-30

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links