(ලංකා ඊ නිව්ස් -2014.ඔක්.01, ප.ව. 9.00) මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස්ට ආණ්ඩු පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විසින් පහරදී තිබෙන බවත්. එම පහරදීම සිදුවන අවස්ථාවේදී ජනාධිපතිවරයාත්, විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසකුත් එතන සිටි අතර ඒ පිළිබඳ ඇසින් දුටු සාක්‍ෂි තිබෙන බවත් එජාප නායකත්ව මණ්ඩලයේ සාමාජික පා.ම. නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අද පැවසීය.
විවිධ මාධ්‍ය මගින් පවසා සිටියේ දොස්තර ක්‍රිස් නෝනිස්ට පහර දී තිබුනේ මැදමූලන මරාගේ රහසිගත වැඩ කටයුතු බාරව සිටින විදේශ අමාත්‍යාංශයේ අධීක්ෂන මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන බවයි. එසේ වුවද ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා සජින්වාස්ගේ නම සඳහන් කෙළේ නැත.
මේ අතර ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වන පරිදි එම අවස්ථාවේදී සජින් වාස් ගුණවර්ධන විස්කි සමග මරිජුවානා නම් මත්ද්‍රව්‍ය රැගෙන තිබූ බවත් ඔහුට මරිජුවානා සපයා තිබුනේ විනෝද බස්නායක නමැත්තෙක් බවත් දැන ගන්නට තිබේ. බස්නායක නමැත්තා ලංකාවෙන් ඇමරිකාවට එන රෙජීමයේ දේශපාලුවන්ගේ ජාගර අවශ්‍යතා සපුරාලන ප්‍රකට පිංපියෙක් බව එරට පදිංචිකරුවෝ පවසති.
“රටට ආදරය කරන ශ්‍රී ලාංකිකයන් ලෙස එම පහරදීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. අපේ රටේ සිදුවන අවනීතිය පිළිබඳ ආණ්ඩුවට ජාත්‍යන්තර වශයෙන් පදක්කම් ලැබෙනවා. එහෙත් විදේශ සේවාවේ යෙදී සිටින නිලධාරියෙකුට මෙවැනි සිද්ධියක් මීට පෙර සිදු වී නැහැ. තානාපතිවරයකුට පහරදීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට අයිතියක් තිබේ ද යන ප්‍රශ්නය පැන නඟිනවා. එම නිසා එම පහරදීම දුටු අය නිහඬව සිටීමත් වරදක් බව කිව යුතුයි. එසේ නිහඬව සිටින නිසා ඔවුන්ටත් දඬුවම් කිරීමට හැකියාවක් තිබෙනවා.“ යි ලක්ෂ්මන් කිරිඇල්ල නීතිඥ මන්ත්‍රී වරයා පැවසීය. ඔහු මෙසේ කීවේ අද පැවැති මාධ්‍ය හමුවකදී ය. වැඩි දුරටත් අදහස් දැක්වූ කිරිඇල්ල මන්ත්‍රීවරයා...
“සංස්කෘතිය ගැනත්, පෞරානික වටිනාකම් පිළිබඳත් කතා කළත් ශ්‍රී ලංකාවේ අවනීතිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් ද ප්‍රසිද්ධියක් ලබා තිබෙනවා. කුමන දේශපාලන පක්‍ෂයකට අයිතිවුවත් මේ රටේ නීතිය නිසිආකාරයෙන් ක්‍රියාත්මක වීම අපි සියලූ දෙනාගේම බලාපොරොත්තුවයි.
බලයේ සිටියදීම ඉන්දියාවේ තමිල්නාඩුවේ මහඇමැතිනි ජයලලිතා ජයරාම්ට එරෙහිව නීතිය ක්‍රියාත්මකවීම ඒ රටට ගෞරවයක් බවද සඳහන් කරනවා. මීට පෙරත් නරසිංහ රාවෝ ඉන්දියාවේ අගමැතිවරයා වශයෙන් සිටියදී ඔහුට විරුද්ධව ඒ රටේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් දූෂණ සම්බන්ධව නඩුවක් ගොනු කළා. ලෝකයේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රට ලෙස ඉන්දියාව නීතියේ උත්තරීතර භාවය ආරක්‍ෂා කරන රටක් ලෙසත් ප්‍රචලිතයි. නමුත් ශ්‍රී ලංකාවේ එවැනි ආකාරයෙන් නීතිය ක්‍රියාත්මක වන්නේ නැහැ.
ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු ලෙස කටයුතු කරමින් සිටියදී දිවිනැගුම පනත සම්බන්ධව ලබා දුන් තීන්දුවක් හේතුවෙන් ආණ්ඩුව එතුමියට විරුද්ධව දෝෂාභියෝගයක් ඉදිරිපත් කළා. එවැනි සිදුවීම් තවදුරටත් සිදු නොවීමට අපේ රටේ නීතිය ස්වාධීන විය යුතු බවට අපි පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතදීත් හඬ නඟන්නේ එම නිසයි. අධිකරණය, පොලිසිය, නීතිපති දෙපාර්තමේන්තුව, මැතිවරණ දෙපාර්තමේන්තුව, රාජ්‍ය සේවය, ත්‍රිවිධ හමුදාව ආදී ආයතනවලට ස්වාධීනව කටයුතු කිරීමට අවශ්‍ය වාතාවරණයක් තිබිය යුතුයි. ඉන්දියාවේ එම ආයතන ස්වාධීනව පවතින නිසා රටේ නීතියේ ආධිපත්‍ය ආරක්‍ෂා වනවා. ජයලලිතාට විරුද්ධව තීන්දුවක් ලබාදීමට අධිකරණයෙන් හැකියාව ලැබුණේ එම නිසයි.
2001 දී බලයට පැමිණි එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව කාලයේ 17 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක වීම නිසා එම රාජ්‍ය ආයතන ස්වාධීනව ක්‍රියාත්මක වුණා. මේ රටේ අධිකරණය, නීතිපති දෙපාර්තමේන්තුව, මැතිවරණ දෙපාර්තමේන්තුව, රාජ්‍ය සේවය ආදී ආයතනවලට ස්වාධීනව කටයුතු කිරීමට හැකියාව ලැබුණු අතර, දේශපාලන ඇඟිලි ගැසීම් සිදු වුණේ නැහැ.
17 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක වූයේ නම් ජනාධිපතිවරයා නම් කරන අගවිනිසුරු එම තනතුරට සුදුසු නැතැයි ප්‍රකාශ කිරීමට වුවත් ව්‍යවස්ථාදායක සභාවට හැකියාව තිබුණා. නමුත් 17 වැනි සංශෝධනය ඉවත් කළ පසු එම අයිතිය ව්‍යවස්ථාදායක සභාවට ලැබුණේ නැහැ.
මේ රටේ තිබෙන සියලූම ආයතන අද විධායක ජනාධිපතිවරයාගේ හස්තයට යට වෙලා. පසුගිය දා අවසන් වුණු උෟව පළාත් සභා මැතිවරණයේදී අපි මේ රටේ අවනීතිය දුටුවා. ආණ්ඩු බලය පාවිච්චි කොට රාජ්‍ය නිලධාරීන් යොදා ගනිමින් සහනාධාර ඇතුළු බඩු බෙදමින් ජාතික හැඳුනුම්පත් එකතු කළා. එම නිසා බොහෝ දෙනෙකුට ඡන්දය ප්‍රකාශ කිරීමටවත් හැකියාව ලැබුණේ නැහැ. 1977 මහ මැතිවරණයෙන් ආනමඩුව මැතිවරණ කොට්ඨාශය සද්ධාතිස්ස වඩිගමංගාව මහතා ජයග්‍රහණය කළා. නමුත් සහනාධාර බෙදූ බවට මැතිවරණ පෙත්සමක් ඉදිරිපත් වූ නිසා ඔහුට තම මන්ත්‍රී ධූරය අහිමි වුණා.
ආණ්ඩුව උෟව පළාතට විශාල වශයෙන් මැතිවරණ ජයග්‍රහණය බලාපොරොත්තුවෙන් විශාල වශයෙන් භාණ්ඩ බෙදීමේ කටයුතු සිදු කළා. ඒ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයට නීතිපතිවරයා විසින් නිසි ලෙස කරුණු ඉදිරිපත් කළේ නැහැ. එම නඩුව පැවරීමේදී මැතිවරණ කොමසාරිස්වරයා විත්තිකාරයකු ලෙස නම් කොට තිබුණෙත් නැහැ. එය කඣට සහයෝගය ලෙස නීතිපොතේ සඳහන් වනවා. අපි අධිකරණයට දොස් නොකියන නමුත් නීතිපතිවරයාගේ ක්‍රියාකලාපය වැරැදි බව ප්‍රකාශ කරනවා. බදුල්ල දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී ආසන තුනක් ඉවත් කොට මොණරාගලට ලබාදීමත් භාණ්ඩ බෙදීමත් සිදු නොකළේ නම් ආණ්ඩුවට උෟව ජයග්‍රහණය කිරීමට කිසිසේත් හැකියාවක් ලැබෙන්නේ නැහැ.
අපේ රටට වඩාත් අවශ්‍ය වන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවකටත් වඩා 17 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව බලාත්මක කිරීමයි. 2000 වසරේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය එක්සත් ජාතික පක්‍ෂය ඇතුළු දේශපාලන පක්‍ෂවල සහයෝගයෙන් 17 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළා. රාජ්‍ය ආයතන ආරක්‍ෂා කර ගැනීම සඳහා එම සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී සිහළ උරුමයේ මන්ත්‍රීවරයා හැර අනෙකුත් සියලූම දෙනා ඊට පක්‍ෂව ඡන්දය ලබා දුන්නා.
17 වන ව්‍යවස්ථා සංශෝධනයට සහයෝගය ලබා නොදුන් පුද්ගලයින් අද ආණ්ඩුවේ දූෂණය පිළිබඳ පොත් ලියනවා. 17 වැනි සංශෝධනය තිබුණේ නම් පොත් ලිවීමට අවශ්‍ය නැහැ. දූෂණය කරන සියලූ දෙනාම වරදකරුවන් බවට පත් වනවා. පාඨලී චම්පික රණවක, අතුරලියේ රතන හිමි ඇතුළු ජාතික හෙළ උරුමයත්, වාමාංශික පක්‍ෂත් 17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට පක්‍ෂව ඡන්දය ලබා දුන්නා. එසේ ඡන්දය ප්‍රකාශ කොට පොත් ලියූ පමණින් මේ රටේ දූෂණය නැති නොවන බව ඔවුන් දන්නවා. එලෙස පොත් ලියන්නේ ආණ්ඩුව ආරක්‍ෂා කරමින් ජනතාව යළිත් වරක් රැවටීමට පමණයි.
ඉදිරියේදී පැවැත්වෙන්නේ කුමන මැතිවරණයක් ද යන්න තවමත් පැහැදිලි නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවේදී ඒ පිළිබඳ පැහැදිලි තීරණයක් ගනු ඇතැයි සිතුවත් එවැනි කිසිදු ප්‍රකාශයක් සිදු කොට නැහැ. ජාතික මැතිවරණයක් පවත්වන බව එහිදී සඳහන් කොට තිබෙනවා. ඉදිරි ජාතික මැතිවරණයකදී එක්සත් ජාතික පක්‍ෂය අනෙකුත් දේශපාලන පක්‍ෂ සමග සාකච්ඡා කොට එකම වේදිකාවකට පැමිණ ආණ්ඩුවට විරුද්ධව පෙළ ගැසෙනවා. ආණ්ඩුවේ විශාල පිරිසක් ද ඒ සඳහා එක්වීමට සූදානමින් සිටින බව ද ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
එහිදී මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නවලට ද ලක්‍ෂ්මන් කිරිඇල්ල දුන් පිළිතුරු මෙසේය
ප්‍රශ්නය : ඉන්ධන ගැලපුම් ගාස්තු ඇතුළු විදුලි බිල අඩු කිරීම සම්බන්ධව එක්සත් ජාතික පක්‍ෂයේ අදහස කුමක් ද?
පිළිතුර : මේක මැතිවරණ ගුණ්ඩුවක් පමණයි. ඉදිරියේදී ජාතික මැතිවරණය උදෙසා එවැනි අඩු කිරීම සිදු කිරීමට ආණ්ඩුව සූදානම් වනවා. මැතිවරණයෙන් පසුව එම භාණ්ඩ මිල යළිත් වැඩි කිරීම මේ ආණ්ඩුව බලයේ සිටියොත් යළිත් සිදු වනවා. ඉන්ධන සඳහා රුපියල් 70 ක බද්දක් අය කරමින් රුපියල් 5 ක් අඩු කිරීම ද වංචාවක් බව කිව යුතුයි. බදු මුදල් නැතුව අද ආණ්ඩුව පවත්වා ගෙන යන්න බැහැ. අපේ රටේ ණය වාරික සහ පොලී ගෙවීම සඳහාවත් ලැබෙන ආදායම ප්‍රමාණවත් නැහැ. එවැනි සිදුවීමක් මේ රටේ ඉතිහාසයේ කෙදිනකවත් සිදුවී නැහැ. ණය සහ පොලී ගෙවීමටත් ආණ්ඩුවට තව තවත් ණය ලබා ගැනීමට සිදු වෙලා.
ප්‍රශ්නය : රාජ්‍ය තාන්ත්‍රික සේවයේ යෙදී සිටින පුද්ගලයකුට පහරදීමක් සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාවේ නීතියෙන් ප්‍රතිපාදන තිබේද?
පිළිතුර : අපරාධ නීතියට රාජ්‍ය තාන්ත්‍රික භාවයක් නැහැ. මීට වසර ගණනාවකට පෙර බුරුම තානාපතිවරයාගේ බිරිඳ ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදියෙකු සමග සම්බන්ධතාවක් ඇති කර ගැනීම නිසා මිනී මැරුමක් සිදු වුණා. එහිදී ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වුණා. අපරාධ නීතියට රාජ්‍ය තාන්ත්‍රික භාවයක් නොමැති බව මීට පෙරත් ඔප්පුවී තිබෙනවා. අපේ රටේ තානාපති සේවයේ යෙදී සිටින අයගෙන් 75% ක් පමණ දේශපාලන පත්වීම් ලබා සිටින අයයි. ඔවුන්ට රාජ්‍ය තාන්ත්‍රික කටයුතු පිළිබඳ කිසිදු අවබෝධයක් නැහැ. නමුත් ඇමරිකාව, ඉන්දියාව ඇතුළු රටවල තානාපති සේවයේ නොවන අය සේවය කරන්නේ නැහැ.
---------------------------
by (2014-10-01 21:32:33)
Leave a Reply
කොටා කලේ බලු වෑඩක්. එකෙන් පෙනව උගේ ගතිය. අඩු කුලේ ගතිය. මහින්දය කපටිය. පොර කොහොමත් නොදක්කා වගේ බලන් ඉන්න ඈති. කොහොමත් රජගෙදර තෑන පිම්පියට තමා.
-- by Shiranthi R.... on 2014-10-03
muu lokkage sure themana eka hinda mu lokkata gahuwath mukuth wenne ne.Shenukata gahuwa nan Nonista thagi denda one, mokada eya inne athal ganda itharai, Shenuka diplomatics me loke deyak danne ne eya onna hondai sansa naya dena samithiyakata wage.
-- by Malaka Silva on 2014-10-04
Oya Shenuka UK high commissioner kale rata wenuwen me loke deyak kore ne. kare uthsawa walata sahabagi wela hondata kana bona ekai. party dana ekai. mokada husband wayasaine. eya hungak kore lokkanta allana eka thama, habai mata nan dunne ne, mokada mama lokkek nemene. Sokayata path Morvin
-- by Mervin Silva on 2014-10-04
Shenuka wayasa unata vise kara baduwa, mokada husband wayasaine. hama lokkatama elluwath mata nan dunne ne mokada mama lokkek nemene. Sokayata path Morvin
-- by Mervin Silva on 2014-10-04
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි