(ලංකා ඊ නිව්ස් -2014.ඔක්.01, ප.ව.11.30) අපි අද චීනයේ යටතේ පාලනය වන රටක් බවට පත් වී අවසානය. උදේ අවදිවු මොහොතේ සිට නින්ද දක්වා වු කාලය තුල අප චීනයට ණය ගෙවීමට මහන්සි වන ජාතියකි.
පසුගිය සතියේ පිළියන්දල පෞද්ගලික ජ්‍යාත්තන්තර පාසලක සිසුන් 100 ට අධික ප්‍රමාණයක් රෝහල් ගත විය. ඊට හේතුව ලෙස ඔවුන් විසින් පානය කරන ලද ජෙලි වර්ගයක් බව වෛද්‍යවරුන් විසින් සොයා ගන්නා ලදී.
චීනයේ නිෂ්පාදිත මෙම ජෙලි වර්ගය කොළඹ ග්‍රෑන්ඩ්පාස්හී නිපොන් නැමැති සමාගමක් ආනයනය කරන ලද්දකි. කිසිදු ප්‍රමිතියකින් තොර කාලය අවලංගු වීමේ දින රහිත හා එහි අඩංගු දෑ සඳහන් කොට නැති මෙකී නිෂ්පාදන කෑම වර්ගයක් ලෙස රට තුළ විකිනීමට අනුමැතිය දීම හා රේගුව විසින් මෙම බාල වස නිශ්පාදන රට තුලට ගෙන ඒමට අවසර දීම පුදුම සහගතය.
මෙකී ජෙලි වර්ගය දිවට ස්ප්‍රේ කරමින් මුඛයට ඇතුලත් කර ගත යුතු අතර එකී හිස් බෝතල් තුලට ජලය කළවම් කර ළමුන්ට විද ගැනීම නිසා සම මත පළු දමා තිබිණ.
මෙවැනි බාල වර්ලයේ ආහාර රට තුලට ගලා ඒම සුලභ දර්ශනයකි. විවිධ රස කාරක යොදා තනන ලද ටොෆි වර්ග දහස් ගණනක් කොළඹ කොටුවේ විකිණීමට ඇත.
වෙළඳ ඇමතිවරයා, රජය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වැනි කිසිදු ආයතනයක් මැදිහත් නොවන තත්වයක් තුළ නිදහසේ ක්‍රියාත්මක වන චීන වෙළඳ මාෆියාව පාලකයන්ගේ සාක්කු පිරවුවද රටේ ජනතාවගේ සෞඛ්‍යයට දැඩි හානිකරය.
---------------------------
by -නිරෝෂන් පාදුක්ක විසිනි- (2014-10-01 23:02:24)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි