(ලංකා ඊ නිව්ස් -2014.ඔක්.02, පෙ.ව.4.45) ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ මනු සටහන් කරුවන් අද පාරට බැසීමට තීරණය කරතිබේ.
ජලසම්පාදන මණ්ඩලයේ මනු සටහන්කරුවන්ගේ වෘත්තීය ගැටළු සම්බන්ධව කරන ලද ඉල්ලීම් වලට ශත පහක හෝ ඇහුම් කන් දීමක් නොකරමින් මසකට ලබා දිය යුතු මනු සටහන් ප්‍රමාණය වැඩිකරමින් නිකුත්කර ඇති චක්‍රලේඛය වහා අහෝසි කරන ලෙස ඉල්ලා වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට මනු සටහන් කරුවන්ගේ සංගමය තීරණය කර තිබේ.
ඒ අනුව එහි පළමු පියවර ලෙස රටපුරා සිටින මනු සටහන්කරුවන් අද (02) දින රත්මලානට එක්රැස් වී මහා සභාවක් පවත්වා එදින දහවල් 12.30 ට රත්මලාන ගොළුමඩම හන්දියේ ජල සම්පාදන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට දී දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වීමට සූදානම් කර තිබේ.
---------------------------
by (2014-10-01 23:15:46)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි