~

නාම යෝජනා දී සතියයි: රාජපක්ෂලාට හම්බන්තොටත් අවාසියි - බුද්ධි අංශ වාර්තා මත ආරක්ෂක ප්‍රධානියෙක් කියයි

(ලංකා ඊ නිව්ස් -2015.ජූලි.20, ප.ව.7.20) නාම යෝජනා ලබා දී සතියක් ඉක්ම යන අද දවස වන විට රාජපක්ෂලාගේ බලකොටුව ලෙස හැඳින්වෙන හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් රාජපක්ෂවරුන් පරාජය වීමේ ලක්ෂන පහළ කර ඇතැයි ප්‍රදේශය බාර ආරක්ෂක අංශ ප්‍රධානියෙකු ලංකා ඊ නිව්ස් වෙත පැවසීය.

ඔහු වෙත ලැබී ඇති බුද්ධි අංශ වාර්තා අනුව පවුල්වාදයට විරුද්ධ ජන මතය ප්‍රදේශයේ ඉහල යමින් පවතී. මහින්ද රාජපක්ෂ යලි එන්න වලිකන්නේ හොරා කෑමේ රසය දන්නා නිසා මිස ජනතාවට ආදරයක් නිසා නොවන බව ජනතාවට තේරුම් යමින් පවතී. ශ්‍රීලනිපයේ බෙදීම ද විශාල ලෙස බලපා ඇති බවත්, විශාල ව්‍යාපෘති වලින් ප්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්ත්වයේ ඉහළ යෑමක් නොවීමත් නාමල් රාජපක්ෂගේ සෙල්ලක්කාර මෝඩ ක්‍රියා කෙරෙහි ජනතාවගේ අප්‍රසාදයක් තිබීමත් ආදී හේතු කාරණා මත හම්බන්තොට රාජපක්ෂවරුන්ට අවාසි තත්ත්වයක් නාම යෝජනා දීමෙන් පසු සතිය තුල වර්ධනය වී ඇතැයි ආරක්ෂක ප්‍රධානියා පැවසීය. 

ඔහු වෙත ලැබී ඇති බුද්ධි තොරතුරු අනුව ශ්‍රීලනිපයේ බෙදීමේ වාසිය හම්බන්තොට දිස්ත්‍රික්යේ දී ලැබී ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණට ය. ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණට දිස්ත්‍රික්කයෙන් ආසනයක් ලබා ගත හැකි යයිද, එජාපයටද ආසනයක් ඉහල ගොස් දැනට ඇති ආසන 2, 3 ක් වනු ඇතැයිද එසේ බෙදී යන ඡන්ද සංඛ්‍යාව නිසා එජනිසය මෙතෙක් ලබා සිටි ආසන සංඛ්‍යාව වූ 5 න් 3 ට අඩුවනු ඇතැයිද ආරක්ෂක ප්‍රධානියා පවසයි. එම ප්‍රධානියා පවසන්නේ එජනිස හිතැති ජනතාවගේ මතය වෙනස්වීම ආරම්භ වී ඇති බවත් එය 35000 ක් දක්වා ඉහල යෑම බලාපොරොත්තු විය හැකි බවත් එසේ වුවහොත් ඉහත කී ප්‍රතිඵලය වෙනස් කළ නොහැකි බවත් ය.

---------------------------
by     (2015-07-20 13:59:39)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links