~

යහපාලනවාදී බහුතර පාර්ලිමේන්තුවක් බිහිකිරීමට පැරිස් ලාංකිකයෝ හෙට රැස්වෙති

(ලංකා ඊ නිව්ස් -2015.ජුලි.24, ප.ව.9.00)  ජාතික සමගිය ඇතිකර අභිමානයෙන් ජීවත් විය හැකි ශ්‍රී ලංකාවක් බිහිකර ලෝකයේ වෙනත් ජාතීන් අතර අත්වැල් බැඳ ගැනීමට අගමැති රනිල් වික්‍රමසිංහ සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්වරුන් දෙපොලට ශක්තිය ලබා දීම සඳහා අගෝස්තු 17 වෙනිදා එක්සත් ජාතික පෙරමුණට බහුතර බලයක් ලැබෙන පාර්ලිමේන්තුවක් ගොඩ නගා ගැනීම වෙනුවෙන් පැරිසියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ හමුවක් හෙට (25) පැවැත්වේ.

පැරිසියේ එජාප ශාඛාව ප්‍රධාන යහපාලනය වෙනුවෙන් පෙරමුණ ගත් සියළු දෙනාගේ සහභාගීත්වයෙන් මෙම සුහද හමුව පැවැත්වෙන බව සංවිධායකයෝ ලංකා ඊ නිව්ස් වෙත පැවසූහ.

පැරිසියේ බොලොඤ්ඤෙ හි බගතෙල් උද්‍යානයේ බුලෝන් ක්‍රීඩාංගනයේදී හෙට 25 සවස 4 සිට මෙම හමුව පැවැත්වෙන අතර පැරිස්වාසී යහපාලනවාදී සියළු දෙනාට සංවිධායකවරු ආරාධනය කර සිටිති.  

---------------------------
by     (2015-07-24 17:35:59)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links