(ලංකා ඊ නිව්ස් -2015.අගෝ.27, පෙ.ව.4.05) ලංකා ඊ නිව්ස් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ පරීක්ෂණ නවතා දමන්නැයි පරාජිත මෘග චෞර මහින්ද රාජපක්ෂ විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් කරන ලද ඉල්ලීමක් ජනාධිපතිවරයා විසින් එක හෙලා ඉවත දමා ඇතැයි ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.
මැතිවරණයෙන් පසුව දිනක ජනාධිපති මෛත්‍රී හමු වූ මහින්ද රාජපක්ෂ ඉල්ලා ඇත්තේ එකම ඉල්ලීමක් වන අතර එය නම් ප්‍රගීත් එක්නැලිගොඩ මහතා ඝාතන පරීක්ෂණ නවතා දමන ලෙසයි. ඝාතනයට සම්බන්ධ හමුදා නිලධාරීන් අත් අඩංගුවට ගැනීමෙන් පසු ඊට නියෝග දුන් ගෝඨාභයද ඒ පසුපස සිටින තමාද හෙලිදරව් වෙතැයි බියෙන් ඔහු මෙම ඉල්ලීම කර තිබේ.
නමුත් ජනාධිපතිවරයා මහින්ද රාජක්ෂගේ ඉල්ලීම ඉවත දමා තිබියදී රාජපක්ෂලාගේ සට්ටැඹියෙක් වන වත්මන් අාරක්ෂක ලේකම් බී.එම්.යු.ඩී. බස්නායක මිනීමරු රාජපක්ෂලා ආරක්ෂා කිරීමට සට කපට කුමන්ත්‍රණයක යෙදී සිටින බව ශ්‍රී ලංකා වාසී ජනතාව වෙත හෙලිදරව් කරමු.
ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට වගකිවයුතු එවක ගිරිතලේ හමුදා කඳවුර බාරව සිටි ලුතිනන් කර්නල් ෂම්මි කුමාරරත්න, ලුතිනන් කර්නල් සිරිවර්ධන, මාණ්ඩලික සැරයන් රාජපක්ෂ සහ කෝප්‍රල් ජයලත් යන සිව්දෙනාගෙන් වැඩි දුර ප්‍රශ්ණ කිරීම සඳහා රහස් පොලිසියට අවශ්‍ය රඳවා ගැනීමේ නියෝගයට ආරක්ෂක ලේකම් බී.එම්.යු.ඩි. බස්නායක විසින් මේ මොහොත දක්වා අත්සන් කර නැත.
24 දා අත් අඩංගුවට ගත් හමුදා නිලධාරීන් සිව් දෙනාට රැඳවුම් නියෝග නිකුත් නොකළ හොත් ප්‍රශ්න කිරීම් නිසියාකාරව අහවර කිරීමකින් තොරවම නිදහස් කිරීමට සිදුවේ.
සාමාන්‍ය නීතිය යටතේ පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන පැය 72 ක් තුල අධිකරණයකට ඉදිරිපත් කළ යුතු නමුත් මෙකී හමුදා නිලධාරීන් සිව් දෙනා සිදුකර ඇත්තේ සිවිල් පුරවැසියන් කුමන්ත්‍රකාරී ලෙස පැහැරගෙන ගොස් වද බන්ධනයට ලක්කර ඝාතනය කිරීම නම් දරුණු අපරාධ ඝණයට වැටෙන ත්‍රස්තවාදයට අනුබල දෙන ක්‍රියාවක් බැවින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ දින 90 ක රැඳවුම් නියෝග මත ප්‍රශ්ණ කළ යුතුව තිබේ. මන්ද යත් මෙකී බරපතල ඝනයේ අපරාධයට නියෝග දුන් සහ එය සැලසුම් කළ මහ මොළ කරුවන් කව්දැයි අනාවරණය කර ගැනීමට අවශ්‍ය නිසාය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ රැඳවුම් නියෝගයට අත්සන් කළ යුතුව ඇත්තේ ආරක්ෂක ලේකම් වරයා විසිනි. පසුගිය කාලයේ සිටි ආරක්ෂක ලේකම් වූ ගෝඨාභය රාජපක්ෂ වැලි ඇට ගණනේ මෙවැනි නියෝග වලට අත්සන් තබා අහිංසකයන් පවා රඳවා ගෙන සිටි නමුත් අහිංසක ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ තිරශ්චීන අපරාධයේ මහ මොළ කාරයා ලෙස ඇඟිල්ල දිගුව ඇති ගෝඨාභය ආරක්ෂා කිරීමට රාජපක්ෂ සට්ටැඹියෙකු වන වත්මන් ආරක්ෂක ලේකම් බී.එම්.යු.ඩි. බස්නායක මේ තරම් බරපතල අපරාධයක් හෙලිදරව් කර ගැනීමට බාධා කරමින් හමුදා නිලධාරීන් සිව් දෙනාගේ රැඳවුම් නියෝගයට අත්සන් නොකර තටමමින් සිටී.
බස්නායක මෙකී නියෝගයට අත්සන් නොතබා සිටිනවා පමණක් නොව එය සාධාරණය කිරීම සඳහා ගල් පැලෙන බොරු බේගල්ද පවසා ඇත. මේ සම්බන්ධයෙන් ඊයේ(26) සවස විමසීමක් කළ ප්‍රකට ජනමාධ්‍යවේදියෙකුට බස්නායක පවසා සිටියේ තමන්ට බලපෑම් ඇති බවයි. ඒ කාගෙන්දැයි විමසූ විට වත්මන් එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවට සම්බන්ධ වූ දේශප්‍රේමී පක්ෂ නායකයෙකු මෙන්ම හිටපු ප්‍රබල ඇමැති වරයෙකුගේ නමක් සඳහන් කරමින් ඔහු තුන් වරක්ම දුරකථන ඇමැතුම් දී හමුදා නිලධාරීන් නිදහස් කරන්නැයි බලපෑම් කළ බව පවසා තිබේ. නමුත් ලංකා ඊ නිව්ස් කළ සොයා බැලීමේ දී දැනගන්නට ලැබුනේ ඒ ප්‍රකාශය බස්නායක විසින් ගොතන ලද අතේ පැලවෙන බොරුවක් බවයි.
ජනාධිපති මෛත්‍රී පමණක් නොව හමුදාපතිවරයාද ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රසිද්ධියේ කියා සිටියේ (යටින් කුමන දේ සිදුකළද) එක්නැලිගොඩ ඝාතන පරීක්ෂණයට යුද හමුදාව බාධා නොකරන බවයි. පරීක්ෂණ පැවැත්වෙන නිසා වැඩි විස්තර කිව නොහැකි බවද හමුදාපති වරයා කීය.
ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වන පරිදි නීතිපති වරයාද තම නිර්දේශය ආරක්ෂක ලේකම් බස්නායක වෙත යවමින් දන්වා ඇත්තේ මේ හමුදා නායකයන් සිව් දෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගත හැකි බවයි.
ඒ එසේ නම් බී.එම්.යු.ඩි. බස්නායක තම අත්සන නොයොදමින් මෙසේ තක්කඩියෙකු සේ ක්‍රියා කරන්නේ ඇයි දැයි ජනතාවට හෙලි කළ යුතුය. එක්නැලිගොඩගේ මළ මිනිය උඩින් බලයට ආ ආණ්ඩුවක තනතුරු දරන බස්නායක ඒ එක්නැලිගොඩට සාධාරණය ඉටු කිරීමට තටමන්නේ නම් ජනතාවගේ කෝපයට ලක් වනු නිසැකය. ඝාතනයක් සිදුකළත් එකය. ඝාතකයන් ආරක්ෂා කළත් එකය. ගෝඨා කළ දේම කරන බස්නායකයෙක් ජනතාවට අවශ්‍ය නැත.
මෙම ආරක්ෂක ලේකම් වරයා ජනතාව විසින් බලයෙන් පහ කරන ලද රාජපක්ෂ මිනීමරුවන් වෙනුවෙන් ආරම්භයේ සිටම පෙනී සිටි පුද්ගලයෙක් බව නොරහසක් විය. භාණ්ඩාගාරයට දිය යුතු කෝටි ගණනක මුදලක් ගෝඨාභයගේ යටතේ තබා ගැනීම ගැන ගෝඨා නිදොස් කරමින් වත්මන් ආරක්ෂක ලේකම් වරයා ලෙස ප්‍රකාශයක් කළ අවස්ථාවේදී හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය පවා මොහු මෙම ධූරයට නොගැලපෙන රාජපක්ෂ රෙජීමය වෙනුවෙන් පෙනී සිටින අයෙක් ලෙස මීට පෙර ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළාය.
ගෝඨාභය රාජපක්ෂ තමන් විසින් ගසා කෑ කෝටි ගණන් මුදල් තම ගැලවීම සඳහා අත දිග හැර වියදම් කරමින් සිටී. ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතන පරීක්ෂණ වෙනතක හැරවීම පිණිස විකෘති මතවාද ජනගත කිරීමට ද විශාල මුදලක් වියදම් කරයි. ඊට එක් උදාහරණයක් ඊයේ දිනයේදී හමුවේ. ඒ නම් කැෆේ නමින් මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් අටවාගෙන සිටින එහි සිටින එකම අධ්‍යක්ෂක වරයා මැතිවරණ නිරීක්ෂණයට කිසිදු අදාල කමක් නොමැති මාධ්‍ය නිවේදනයක් ඊයේ නිකුත් කිරීමයි. ඉන් කියා සිටියේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වැනි මර්දන කාරී නීති අවලංගු කළ යුතු බවයි. මැතිවරණ නිරීක්ෂනයට කිසිදු අදාල භාවයක් නැති මේ හදිසි නිවේදනය අන් කිසිවක් නිසා නොව එක්නැලිගොඩ ඝාතනයට සම්බන්ධ හමුදා නිලධාරීන් පිරිස ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග ලබා රඳවා ගැනීම වැළැක්වීමට අවශ්‍ය ප්‍රචාරය ලබා දීමය. ලබා ගත් මුදල් වලට අනුකූලව නිවේදන නිකුත් කර තිබේ.
ගෝඨාභයගේ මුදලින් නඩත්තු වන ‘වෙබ් ගොඩේ ෆාදර්‘ ද තම වෙබ් අඩවි 4-5 යොදා ගනිමින් මුළු වැර යොදා ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනය සාධාරණය කිරීමට කැස කවමින් ප්‍රගීත් එල්ටීටීඊ සම්බන්ධකම් තිබූ අයෙක් බව ජනගත කරමින් සිටී.
මේ අතර අද දහවල් පොලිස්පති ඉලංගකෝන්ට දුරකථනයෙන් ඇමතූ ගෝඨාභය රාජපක්ෂ පැය භාගයකට වඩා කාලයක් තිස්සේ දෙහි කපා තිබේ. ගෝඨාභය පොලිස්පතිට බලපෑම් කර ඇත්තේද එක්නැලිගොඩ ඝාතනය ගැන සොයන රහස් පොලිස් පරීක්ෂණ වහාම අත්හිටුවන ලෙසයි.
මේ අතර එක්නැලිගොඩ මහතා ඝාතනයට සම්බන්ධ ලුතිනන් කර්නල් ෂම්මි කුමාරරත්න නීතිඥ උපදෙස් පතා ඇත්තේ එජාප පළාත් සභා මන්ත්‍රීවරයෙක් ද වන කීර්තිමත් නීතිඥයෙකුගෙනි. අනෙක් ලුතිනන් කර්නල් වරයා වූ සිරිවර්ධන නීතිඥ උපදෙස් පතා ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවේද සිටි තවත් කීර්තිමත් නීතිඥයෙකුගෙනි. අප මෙකී නීතිඥවරුන් දෙදෙනාගෙන් ඉල්ලා සිටින්නේ බොරු කියා පැහැරගෙන ගොස් තිරිසන් ලෙස ඝාතනය කළ, දරුවන් දෙදෙනෙකුගේ පියෙකු වූ මාධ්‍යවේදියා, විද්වතා, ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ මිනීමරුවන් වෙනුවෙන් කෝටි කීයක මුදලකට හෝ පෙනී සිට ආත්මය කිලිටි කර නොගන්නා ලෙසයි. නීති උපදෙස් දීමෙන් ද වැළකෙන ලෙසයි. එසේ නොවුන හොත් ඔබලා ජනතාවට කියන දේ සහ ඔබලාගේ කෙරුවාව අතර ඇති වෙනස ජනතාවට හෙලි කිරීමට ලංකා ඊ නිව්ස් කටයුතු කරනු ඇත.
---------------------------
by (2015-08-26 23:21:41)
Leave a Reply
Dear Sandaruwan,
I suggest if can initiate a petition as well to support this investigation, by forcing to do a fair investigation without any interruptio, plus against those so called govt officers..
https://www.change.org/petitions
above is good and will reach many people..
with best regards
DJ
-- by Malidu on 2015-08-27
Who is the Web God Father?
-- by Sunimal Perera on 2015-08-27
Pathkoranakota danne nathei.
-- by Indrajith on 2015-10-15
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි