~

ගිරිතලේ කඳවුරේ වධ දී මැරූ පුද්ගලයන්ගේ සිරුරු අනුන්ගේ සොහොන් කොත්වල පියන් හැර සඟවලා

(ලංකා ඊ නිව්ස් -2015.අගෝ.27, ප.ව.5.30) මහින්ද රාජපක්ෂ පාලන සමය තුළ සුදුවෑන් රථ වලින් පුද්ගලයන් පැහැර ගෙන ගිරිතලේ හමුදා කඳවුරේ පවත්වාගෙන ගිය වධකාගාරය හා ඝාතකාගාරය වෙත රැගෙන ගොස් කෘෘර වධහිංසාවට ලක්කර ඝාතනය කෙරුණු විවිධ පුද්ගලයන්ගේ සිරුරු පිටස්තර ප්‍රදේශවල සොහොන් කොත්වල පියන් නිරාවරණය කර ඒවා තුළ සඟවන ලදැයි අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කරගෙන ඇත.

මහින්ද රාජපක්ෂ පාලනයේ රාජපක්ෂ හිතෛෂී අමාත්‍යවරයෙකු වූ ‘ආචාර්ය මර්වින් සිල්වා මහතා පවසන ආකාරයට සුදුවෑන් භීෂණයේ නියමුවා එවකට හිටපු ආරක්ෂක ලේකම් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ ය.

සුදුවෑන් රථ වලින් විවිධ මිනීමරු කණ්ඩායම් යොදා පැහැර ගත් මහා පරිමාණ කෝටිපති ව්‍යාපාරිකයන්, ඉඩම් හා දේපල හිමි වැවිලිකරුවන්, මාධ්‍යවේදීන්, වෘත්තීය සමිති ක්‍රියාකාරිකයන්, රාජපක්ෂ පාලනයට එරෙහි දේශපාලන ක්‍රියාකාරිකයන්, රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිකයන් පළමුව ඇස් බැඳ ගිරිතලේ හමුදා කඳවුරට ගෙන ගොස් තිබේ.

ඉන්පසුව එම හමුදා කඳවුරේ ඔවුන් රඳවා තබා ගනිමින් ඔවුන්ගේ පවුලේ ඥාතීන්ගෙන් රුපියල් කෝටි ගණනින් කප්පම් මුදල් ඉල්ලීම මෙම මිනීමරු කණ්ඩායම් ගෝඨාභය රාජපක්ෂගේ අනුදැනුම මත ක්‍රියාත්මක කරන ලද රාජකාරියක් විය.

මේ මිනීමරු කණ්ඩායම් සඳහා වෙන වෙනම ජංගම දුරකථන සිම්පත් ලබාදී තිබුණ අතර, එම සිම්පත් එක් එක් පැහැර ගැනීම් ක්‍රියාන්විතය සඳහා පමණක් භාවිතා වන අයුරින් සීමාකර තිබූ බව හෙලිවී තිබේ. 

කප්පම් මුදල් ලැබුණහොත් පමණක් අදාළ පුද්ගලයන්ගේ ඇස් බැඳ දමා ඔවුන්ව ඈත පාළු ප්‍රදේශවලට ගෙන ගොස් මුදා හැර ඇති අතර කප්පම් මුදල් ගෙවා ගැනීමට නොහැකි පුද්ගලයන්ට ඔවුන්ගේ දේපල පැවරූ බවට හිස් සින්නක්කර සාධන පත්‍ර (ඔප්පු) වලට අත්සන් ලබාගෙන පසුව මුදාහරිනු ලැබූ බව ද හෙළි වී තිබේ.

කප්පම් මුදල් ලබාදීමට හෝ දේපල පැවරීමට අපොහොසත් වන පුද්ගලයන්ව කෘෘර වධ හිංසා වලට ලක්කර ඝාතනය කර ඔවුන්ගේ සිරුරු සොහොන් කොත් පිහිටි සොහොන් පිට්ටනි කරා ගෙනගොස් සොහොන් කොත් පියන් නිරාවරණය කර ඒවා තුලට බහා සඟවා ඇති බව ද වාර්තා වේ.

නිල නොවන අතිශය රහසිගත වාර්තාවකින් හෙළිවී ඇත්තේ ප්‍රගීත් එක්නැලිගොඩ ගිරිතලේ හමුදා කඳවුරට රැගෙන ගොස් ප්‍රශ්න කරන අවස්ථාවේදී ඔහු ලියූ රාජපක්ෂ පවුල ගැන පොතේ පිටපතක් ගෝඨාභය වෙත රහසිගතව ලබා දුන් ‘වෙබ් ගොඩේ ෆාදර්‘ යයි තමා විසින්ම හඳුන්වා ගන්නා පෘතුගීසි වාසගමක් සහිත ද්‍රෝහියා වධකාගාර හමුදා නිලධාරීන් සමග අදහස් හුවමාරු කරගනිමින් ප්‍රශ්න කිරීම් වලට ද සහාය වී ඇති බවයි.

පසුව ප්‍රගීත් ඝාතනය කරුණා අම්මාන් හා චම්පික රණවක පිට පවරා රාජපක්ෂවරුන් ශුද්ධ කර ප්‍රගීත් එල්ටීටීඊ කාරයෙකු ලෙස හංවඩු ගැසීමට ක්‍රියා කරමින් සිටින්නේද මෙකී පෘතුගීසි සම්භවයක් ඇති ‘වෙබ් ගොඩේ ෆාදර්‘ ම ය.

-ටී. ජයකුමාර් විසිනි-

---------------------------
by     (2015-08-27 00:27:39)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  1 discussion on this news

Why don't you mention that God father's name now. We all want to know about it.
-- by Bathiya on 2015-08-27

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links