(ලංකා ඊ නිව්ස් -2014.ඔක්.06, ප.ව.11.45) මහින්ද රාජපක්ෂ තමන්ගේ ඉදිරි ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ගෙන යෑමට සැලසුම් කර ඇත්තේ තමා වීරයා ලෙසත් අනෙක් පසින් එන පොදු අපේක්ෂකයා ද්‍රෝහියා ලෙසත් නම් කරමිනි. මෙහි ඇති සේයාරුවේ දැක්වෙන්නේ යුද සමයේ මායිම් ගම්මාන රැක ගැනීමට මහත් වැඩ කොටසක් ඉටු කළ ගමේ වීරයන්ට මහින්ද රාජපක්ෂ මහා වීරයා යුතුකම් ඉටු කර ඇති ආකාරයයි.
එකළ සිවිල් ආරක්ෂක බලකාය ලෙස ගිනි අවියක්ද අතැතිව ආඩම්බරයෙන් ගම්මාන ආරක්ෂා කළ ගමේ වීරයන්ට අද මහින්ද රාජපක්ෂ මහා වීරයා යටතේ සිදුව ඇත්තේ කොළඹ කෙයිසර් වීදියේ බත් පැකට් විකුණන්ට ය. ගිනි අවිය වෙනුවට අද අතේ ඇත්තේ බත් ඛෙදන හැන්දකි. නැතිනම් හොදි ඛෙදන හැන්දකි. එදා උරයේ එල්ලාගෙන සිටියේ අත් බෝම්බයක් වුවද අද එල්ලාගෙන ඉන්නේ පපඩම් පැකට් එකකි. නැතිනම් රසම් පැකට් එකකි.
මේ බත් පැකට් විකුණන ගමේ වීරයා එය සිදුකරන්නේ ද තවත් නීති විරෝධී ක්‍රියාවක් ලෙසය. එනම් නගරයේ ඕනෑම ස්ථානයක ව්‍යාපාරයක් කරන්නේ නම් කොළඹ නගර සභාවට බදු මුදල් ගෙවිය යුතු නමුත් මහින්ද රාජපක්ෂගේ බත් පැකට් විකුණන වීරයෝ එවැනි බදු මුදලක් ගෙවන්නේ ද නැත.
ගමේ සැබෑ වීරයා බලූ කළ මැදමූලන ද්‍රෝහියා හඳුනාගැනීමට කාලය පැමිණ ඇත.
(සේයාරූ අප වෙත සැපයූ සොයුරාට අපගේ ස්තූතිය)
---------------------------
by (2014-10-06 18:25:51)
Leave a Reply
This shows how the MARA (or Rajapassa) regime is trying to give jobs to war heros!
The more (lunch packets) they sell, the more (money) goes to MARA election work???
He has no shame to use state vehicles to do this unlawful activity.
Has he not found any other type of "decent and respectable work" for these young men?
As the elections are nearing we can call this : "BATH GOTTA" campaign!
-- by Nandalal on 2014-10-07
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි