~

ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනයට නියෝග දුන්නේ ගෝඨාභය බව හමුදා කටකින් පනී: එය දැනගත් ගෝඨා රටින් පැනීමට යයි

(ලංකා ඊ නිව්ස් -2015.අගෝ.28, පෙ.ව.5.25)  ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ඝාතනය කිරීමට නියෝග දුන්නේ ගෝඨාභය රාජපක්ෂ බව අත් අඩංගුවේ පසුවන හමුදා සැකකරුවෙකුගෙන් හෙලි වී ඇතැයි ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ. 

ප්‍රගීත් පැහැර ගැනීමට ආ හමුදා ඔත්තු කරුවන්ට “ මේක සෙකට්‍රිගේ ඕඩර් එකක් ඒ හින්දා ප්‍රවේසමෙන් කරන්නැයි “ ගිරිතලේ කඳවුරේ එවක ප්‍රධානියා වූ ලුතිනන් කර්නල් ෂම්මි කුමාරරත්න උපදෙස් දුන් බවත් ‘සෙකට්‍රිගේ ඕඩර් එක‘ නිසා ඊට වැඩි අවධානයක් දිය යුතු බැවින් ලුතිනන් කර්නල් ෂම්මි කුමාරරත්න සහ ලුතිනන් කර්නල් ප්‍රබෝධ සිරිවර්ධන දෙදෙනා ප්‍රගීත් පැහැර ගෙන යද්දී අතර මගට පැමිණ එය නිවැරදිව සිදුවීදැයි පරීක්ෂා කළ බවත් හෙලිදරව් වී තිබේ. 

හමුදා ලුතිනන් කර්නල් ෂම්මි කුමාරරත්න සහ ලුතිනන් කර්නල් ප්‍රබෝධ සිරිවර්ධන දෙදෙනා දැන් ගොතන බොරුව නම් ප්‍රශ්න කිරීමෙන් පසු ප්‍රගීත් රැගෙන යෑම සඳහා  කෝප්‍රල් ජයලත්ට බාර දුන් බවත් එහිදී ප්‍රගීත් අත් අඩංගුවෙන් මිදී පැන ගිය බවත් ය. මෙහිදී රහස් පොලිසිය ප්‍රශ්න කර ඇත්තේ එසේ පැන ගියා නම් තම අත් අඩංගුවේ සිටි සැකකරුවෙකු පැන යෑම ගැන කෝප්‍රල් ජයලත්ට දුන් දඬුවම කුමක්ද යන්නයි. ඒ ගැන ලුතිනන් කර්නල්ලා නිරුත්තර වී ඇත. ප්‍රබෝධ සිරිවර්ධන ප්‍රගීත් පැහැර ගැනීමට පෙර ඔහු හමුවීම සඳහා වෙනත් පුද්ගලයෙක් ලෙස දඹුල්ලේ ගොවිපොලටද පැමිණ තිබේ.  

ලුතිනන් කර්නල් ගෝඨාගේ තවත් අපරාධ වලට හවුල්

මේ අතර ගෝඨාභයගේ නියෝග මත ලුතිනන් කර්නල් ෂම්මි කුමාරරත්න තවත් පැහැරගැනීම් සහ ඝාතන මෙහෙයවා ඇතැයිද හෙලි වී තිබේ. ඒ අනුව පෝද්දල ජයන්ත පැහැර ගැනීම ද ෂම්මි කුමාරරත්න විසින් මෙහෙයවන ලද්දක් බව හෙලි වී තිබේ. කෙසේ නමුත් පෝද්දල ඝාතනය කිරීමට පෙර කකුල් කඩා දැමීමෙන් පසු අතැර දැමීමට සිදුවිය. රවිරාජ් මන්ත්‍රීවරයා ඝාතනයට ගිනි අවිය ලබා දී ඇත්තේ ද ෂම්මි කුමාරරත්න බව හෙලි වී තිබේ. සිරස මාධ්‍ය ආයතනයට ක්ලේමෝ ප්‍රහාර එල්ල කර ගිනි තබා ගිය කණ්ඩායම මෙහෙයැවූයේ ෂම්මි කුමාරරත්න දැයි සැක කෙරේ.

කෙසේ වෙතත් ලංකාවේ සිදුවූ දහස් ගණනක් පැහැර ගැනීම් සහ අතුරුදහන් කිරීම් වලින් මේ දක්වා වගකිව යුතු අය අල්ලා ගන්නට හැකි වූයේ ප්‍රගීත් ගේ සිද්ධියේදී පමණක් නමුත් එයින් විශාල අපරාධ ප්‍රමාණයක සුල මුල හෙලිකර ගත හැකි වෙතැයි අපරාධ පරීක්ෂකයෝ විශ්වාස කරති. 

ඝාතකයන්ට දඬුවම් දී හමුදාවේ නම සුද්ධ කර ගැනීමට හමුදාවේ වැඩි කැමැත්ත

රාජපක්ෂලාගේ මිනීමරු නීතිවිරෝධී නියෝග වලට අවනතව අහිංසකයන් පැහැරගෙන ඝාතනය කරමින් සමස්ථ හමුදා කීර්ති නාමයේ අසූචි තවරන ලද සට්ටැඹි හමුදා ලොක්කන් රහස් පොලිසියට අල්ලා දීමට හමුදාව තුල ඇත්තේ විශාල නැඹුරුවක් බව පැවසේ. හමුදා ලොක්කන් කිහිප දෙනෙක් පමණක් ඝාතකයන් වසන් කිරීමට තැත් කළද අනෙකුත් විශාල පිරිසක් නිවැරදි තොරතුරු දෙමින් රහස් පොලිසියට විශාල සහායක් දෙමින් සිටිති. 

ලංකා ඊ නිව්ස් වෙත අදහස් දැක්වූ හමුදා ප්‍රධානියෙක් කීවේ ලංකාවේ යුද අපරාධ ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදුකරන්නැයි ඇමරිකාව වැනි බලවත් රටවල් අපට බල කරමින් සිට දැන් එය අභ්‍යන්තර පරීක්ෂනයක් දක්වා ලිහිල් වී ඇත්තේ ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනය සම්බන්ධයෙන් යුද හමුදාවේ රොත්තක්ම රහස් පොලිසිය විසින් අත් අඩංගුවට ගත් නිසා බවයි. අපට අපේ වැරදි කරුවන්ට තරා තිරම නොබලා දඬුවම් දීමට හැකියාවක් තිබෙන බව ප්‍රගීත් එක්නැලිගොඩ සිද්ධියෙන් පෙන්වා දීමෙන් හමුදාවේ පමණක් නොව රටේම නම සුද්ධ වනු ඇතැයි ඔහු පැවසීය.

ජනාධිපතිවත් විකුණලා

මේ අතර ප්‍රගීත් පැහැරගෙන ඝාතනය කිරීමට නියෝග දුන් පුද්ගලයා ලෙස අද හෙටම තමා අත් අඩංගුවට පත්වනු ඇතැයි යන බිය මත ගෝඨාභය රටින් පැන යෑමට සූදානම් වන බව පැහැදිලිය. ඊට බලවතුන්ගේ අනුග්‍රහයක් තිබේ දැයි සැක පහල වන්නේ ඊයේ(27) ඔහුගේ ගමන් බලපත්‍රය නිදහස් කිරීම නිසා ය. එම නිදහස් කිරීම ගාලු අධිකරණය මගින් සිදුකළද ඊට විරෝධතාවයක් නොපාන්නැයි පොලිසියට උපදෙස් දී ඇත්තේ ආරක්ෂක ලේකම් බස්නායක බවද දැනගන්නට ඇත. ආරක්ෂක ලේකම් වරයා පවසා ඇත්තේ ‘මේක එච්ඊගේ ඕඩර් එකක්‘ යනුවෙනි. ‘එච්ඊ‘ යනු ජනාධිපතිවරයා ය. ආරක්ෂක ලේකම් එසේ කී පසු ඇත්තටම ජනාධිපති නියෝගයක් දී ඇත්දැයි පොලිසිය ජනාධිපතිගෙන් අහන්නට නොයන නිසා ආරක්ෂක ලේකම් ජනාධිපතිවරයා වික්කා දැයි නොදනී. මන්ද යත් ඔහු සිතා මතා බොරු ගොතන්නෙක් බව ලංකා ඊ නිව්ස් වෙත අවස්ථා දෙකකදීම හෙලි වී ඇති නිසා ය. ලිඛිතව නියෝග ලබා නොදෙන්නේ නම් එවැනි නියෝග ඉටු නොකිරීමේ රාජකාරිමය පුරුද්ද පසුගිය කාලය පුරාම ලංකාවේ රාජ්‍ය සේවයෙන් ගිලිහී ගොස් ඇති බැවින් මෙවැනි වනචාරී ක්‍රියා සාමාන්‍ය දේ බවට පත් වී තිබේ. කෙසේ වෙතත් ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට වගකිව යුතු ගෝඨාභය අල්ලා ගැනීමට පෙර කවුරුන් හෝ ඔහුට රටින් පැන යන්නට සිතා මතා ඉඩ දෙන්නේ නම් එතරම් තුච්ඡ ක්‍රියාවක් තවත් නැත.

---------------------------
by     (2015-08-28 02:23:58)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links