~

නඩු පැවරීමට තරම් හේතු නැතැයි කියා ගෝඨා නිදහස් කර ගමන් බලපත්‍රය දීමට නීතිපති දෙපාර්තමේන්තුවට තිබූ හදිසිය කුමක්ද ? රු. මිලියන 16 ක අල්ලසක් ගත් ලොක්කා කව්ද ?

(ලංකා ඊ නිව්ස් -2015.අගෝ.28, ප.ව.5.45) තුවක්කු ආඥා පනත, පුපුරණ ද්‍රව්‍ය ආඥා පනත, ත්‍රස්තවාදය වැළැක්වීමේ ආඥා පනත සහ මුදල් විශුද්ධිකරණ පනත යටතේ ගැනෙන අපරාධ රැසකට සම්බන්ධ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට නඩු පැවරීමට තරම් හේතු නැති බවට නීතිපතිවරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හදිසියේම නිර්දේශයක් ලබාදීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙකු රුපියල් මිලියන 16 ක අල්ලස් මුදලක් ලබාගෙන ඇතැයි අලුත්කඩේ ආරංචි මාර්ග පවසයි

නීතිපති දෙපාර්තමේන්තුවේ කලක් සේවය කර මේ වන විට ඉන් ඉවත්ව නීති වෘත්තියේ යෙදෙන ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් තිදෙනෙකු මැදිහත්ව මෙම අල්ලස් මුදල නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළ නිළධාරියාට ලබාදී ඇති බවද එම ආරංචි මාර්ග පවසයි.

කුවේරා ද සොයිසා, දුලින්ද වීරසූරිය සහ නලින්ද ඉන්ද්‍රතිස්ස යන නීතිඥවරුන් තිදෙනා ද නීතිපති දෙපාර්තමේන්තුවේ කලක් සේවය කර මේ වන විට ඉන් ඉවත්ව නීති වෘත්තියේ යෙදෙන ප්‍රසිද්ධ නීතිඥයන් තිදෙනෙක් නිසා මේ පිළිබඳ ඇත්ත නැත්ත ඔවුන් දැන සිටිය යුතු බවද අලුත්කඩේ ආරංචි මාර්ග පවසයි. 

නීතිපතිවරයාගේ නිර්දේශ පිණිස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලීසිය විසින් යොමුකර කර ඇති නඩු ගණනාවකට නීතිපති නිර්දේශය ලබාදීම අවුරුදු ගණනාවක සිට සිදුනොවී ඇති අතර 2015 ජනවාරි මාසයේදී ආරම්භ වූ ගෝඨාභය සම්බන්ධ නඩුවට මෙතරම් කඩිනමින් නීතිපති නිර්දේශයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂව නිදහස් කිරීමට ඇති වූ උනන්දුව අසාමාන්‍ය එකක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සම්බන්ධ නිලධාරීහු පෙන්වා දෙති.

ජර්මන් ජාතික වෛද්‍ය යුවළකගේ රුපියල් කෝටි ගණනාවක් වටිනා දේපළ ව්‍යාජ ඔප්පු සාදා මහා පරිමාණයේ වංචාවකට සහ ඊට අදාළව  රුපියල් කෝටි ගණනාවක රාජ්‍ය බදු වංචාවකට සම්බන්ධ සිද්ධියකට නීතිපති නිර්දේශය සඳහා සැක කටයුතු ලේඛණ පරීක්ෂක තැනගේ වාර්තාද සමග අවශ්‍ය ලේඛණ සියල්ල නීතිපතිවරයාට යොමුකර දැනට අවුරුදු ගණනාවක් ගතවී ඇතත් එම විත්තිකරුවන්ට නඩු පැවැරීමට නීතිපතිවරයා ක්‍රියා නොකිරීම ඉතා කුඩා උදාහරණයක් පමණක් වන අතර නීතිපති නිර්දේශ හමස් පෙට්ටියේ ලා තබාගැනීම නීතිපති දෙපාර්තමේන්තුවේ දෛනික ක්‍රියා පිළිවෙතක් වී තිබියදී මේ හදිසිය පුදුමාකාරය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් නීතිපතිවරයාට යොමුකරන ලද ඉහත කී උදාහරණ නඩුවේ අංකය වනුයේ 769/12 සීඑම්. වේ. කලූතර ප්‍රදේශයේ ප්‍රබල දේශපාලන චරිතයක් වශයෙන් සැළකෙන ව්‍යාපාරිකයෙකු විසින් වංචා කරන ලද මෙම දේපළවලට අදාළ ඔප්පු අංක වනුයේ 793 සහ 400 දරණ විකුණුම්කර ඔප්පු දෙකය. මීට අදාළ කලුතර මහේස්ත්‍රාත් අධිකරණ නඩු අංක වනුයේ බී 7108/12.

තත්ත්වය එසේ තිබියදී තුවක්කු ආඥා පනත, පුපුරණ ද්‍රව්‍ය ආඥා පනත, ත්‍රස්තවාදය වැළැක්වීමේ ආඥා පනත සහ මුදල් විශුද්ධිකරණ පනත යටතේ ගැනෙන අපරාධ රැසකට සම්බන්ධ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට නඩු නොපවරා ඔවුන් මෙලෙස නිදහස් කිරීමට නීතිපතිවරයා ගත් පියවර අධිකරණය හමුවේ අභියෝගයකට ලක් කිරීමට ඇති ඉඩකඩ පිළිබඳව නීතිවේදීන් පිරිසක් කරුණු විමර්ශණයක නිරතව සිටින බවද අලුත්කඩේ ආරංචි මාර්ග පවසයි.

නඩු පැවරීමට තරම් කරුණු ඉදිරිපත් වී නැතැයි නීතිපති දුන් නිර්දේශය නිසා  විදේශ ගතවීම තහනම් කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට පනවා තිබූ නියෝගය ඊයේ ඉවත් කළ ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය ඔහුගේ විදේශ ගමන් බලපත්‍රයද ඔහුට ලබා දුන්නාය. 

දැන් ප්‍රගීත් එක්නැලිගොඩ සිද්ධියට අත් අඩංගුවට ගැනීමට පෙර අවශ්‍ය නම් ගෝඨාභයට රටින් පිටවිය හැකිය. 

---------------------------
by     (2015-08-28 12:23:54)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  2 discussion on this news

Intelligent people understand the secret of having those culprits remaining in top positions. It is not Maithree is democratic or practice buddhism but something else. The bad consequences of these actions are affect on people disengagement in politics. Rain must act now. If people lose their faith, there will be no future chance.
-- by Jagath on 2015-08-28

What a wonderful country we are living
-- by Chanaka Perera on 2015-08-29

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links