~

ඌව පළාත් සභාවේ විපක්ෂ නායක හරීන් සහ තේරී පත්වූ එජාප මන්ත්‍රීවරුන්ගේ දිවුරුම් දීම (සේයාරූ)

(ලංකා ඊ නිව්ස් -2014.ඔක්.07, ප.ව. 3.30)  ඌව පළාත් සභාව සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරු දිවුරුම් දීම අද පෙරවරුවේ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී එක්සත් ජාතික පක්ෂ ජාතික නායක, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත මූලස්ථානයේ දී පැවැත්විණි. එහිදී ඌව පළාත් සභා විපක්ෂ නායක තනතුර හරීන් ප්‍රනාන්දු මහතාට ද විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය ජේ.එම්. ආනන්ද කුමාරසිරි මහතාටද පිරිනැමීම සිදු වූ අතර මීට සමගාමීව බණ්ඩාරවෙල ආසන සංවිධායක ලෙස බණ්ඩාරවෙල නගරාධිපති චමින්ද වීරසිංහ මහතා ද රත්ගම ආසන සංවිධායක ලෙස නීතීඥ සූජීව රුවන්පුර මහතා පත්කෙරිණි.

මේ අවස්ථාව සඳහා එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩලයේ සභාපති කරූ ජයසූරිය මහතා, පක්ෂයේ සභාපති කබීර් හසීම් මහතා,  පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා ද ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

---------------------------
by     (2014-10-07 10:32:55)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links