(ලංකා ඊ නිව්ස් -2014.ඔක්.07, ප.ව. 5.00) ජනාධිපතිවරණය සදහා මහින්ද රාජපක්ෂට ඉදිරිපත් වීමට කිසිදු නීතිමය ඉඩ කඩක් නොමැති වුවද නීතිමය පසුබිම කෘතීමව නිර්මාණය කර ගැනීමේ හැකියාවක් මහින්ද රාජපක්ෂ සතුය. සරත් එන් සිල්වා විසින් එය කොතෙක් දුරට වැලැක්වීමට උත්සාහ ගත්තද එය නිශ්ඵල ක්‍රියාවක් බව මරාධිකරණය ගැන දන්නා ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසයයි.
කෙසේ වෙතත් ජවිපෙට සහ සරත් එන් සිල්වාට අමතක වූ කාරණයක් මේ තුල ඇති බව මතක් කර දිය යුතුය. එනම් හදිසියේ හෝ ඔවුන් එම නඩුවෙන් ජයගත හොත් ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වනුයේ රාජපක්ෂවරයකු නොවන බවයි. එය එසේ වුවහොත් ජනාධිපතිවරණයේ ජය පරාජය පොදු විපක්ෂයකට අභියෝගයක් විය හැක්කේ සන්ධානයෙන් පරිනත දේශපාලනඥයෙකු ඉදිරිපත් වීමෙනි. මේ අවස්ථාවේදී එවැනි අභියෝගයක් භාර ගැනීම කිසිදු ලෙසකින් සිදු නොකල යුතුය.
ජනතාව පිලිකුල් කරන හා පුද්ගලයෙකු සන්ධානයෙන් ඉදිරිපත් කරවීමට යන අවස්ථාවක එය වැලැක්වීමට සෙසු පක්ෂ උත්සාහ කලහොත් එයම ඔවුන්ගේ පරාජයකට හේතු විය හැක. මහින්ද රාජපක්ෂ පාලනය ජනතාව ප්‍රතික්ෂේප කල මොහොතක විපක්ෂයේ භූමිකාව විය යුත්තේ ඔහුව ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් කරවා ගැනීමයි. ඒ සඳහා ඔවුන් පෙරට ආ යුතුය.
එහෙයින් පවුල්වාදී දේශපාලනයේ අවසානය පෙනි පෙනී විපක්ෂයට බලය ලබා ගැනීමට ඇති අවස්ථාව පෙනි පෙනී එය මගහරවා ගන්නේ නැතිව එම අවස්ථාව සාර්ථකව ලබා ගැනීමට පොදු විපක්ෂය කටයුතු කළ යුතුය.
අනෙක් අතට මේ රටේ ජනතාව මහත් විශ්වාස තබා පත් කර ගත් මහින්ද රාජපක්ෂ විසින් එකී මහජනතාවට කරන ලද මෙතෙකැයි කියා නිම කළ නොහැකි ජඩ කම් ද්‍රෝහිකම් වලට දඬුවම් වශයෙන් කළ යුත්තේ ඔහුට පැන යෑමට අවස්ථාවක් දීම නොව ඔහුව මහජනතාව ඉදිරියට පමුණුවා පරාජය කරවීමට මහජතාවට අවස්ථාවක් දීම බව පොදු විපාක්ෂිකයාගේ විශ්වාසය ය.
ජවිපෙ ද කළ යුත්තේ තමන්ගේ දායකත්වයෙන් පත් කරන ලද ජනතාද්‍රෝහී පාලකයා පරාජය කිරීමට කොන්දේසි විරහිතව විපක්ෂයට සහාය දීම මිස එය වර්ජනය කිරීමට අවශ්‍ය හේතු කාරණා සොයමින් කාලය නාස්ති කිරීම නොවේ.
---------------------------
by -කොළ බලකාය- (2014-10-07 12:59:32)
Leave a Reply
This is a dangerous proposal. Rajapakshas will never ever allow any other outsider appear as the Presidential candidate. LeN must find out where the true prelude of this concept has come from. If Mahinda Rajapaksha is removed from the fray “Sandhanaya” will be broken down in to pieces. Please don’t be silly.
-- by Rahula Perera on 2014-10-07
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි