~

රනිල්ගේ සෝභිත හිමිගේ සහ ශ්‍රීලනිප සුරැකීමේ සංවිධානයට නායකත්වය දෙන චන්ද්‍රිකාගේ ඉහළ පෙළේ නියෝජිතයන් අතර සාකච්ඡා අති සාර්ථකයි: බැසිල් ජ්‍යෙෂ්ඨයන්ගේ නිවෙස් වල පිලිකන්නේ

(ලංකා ඊ නිව්ස් -2014.ඔක්.07, ප.ව.11.30) එළැඹෙන ජනාධිපතිවරණයකදී ඉදිරිපත් වන පොදු අපේක්ෂකයා කව්ද යන ප්‍රශ්නයට එහා ගිය මහජනතාවට ඉදිරිපත් කළ යුතු පොදු වැඩ පිලිවෙල හෙවත් නීතියේ ආධිපත්‍යය හිමි යහපාලනයක් සහිත සමාජ ප්‍රජාතන්ත්‍රවාදී අනාගත රාජ්‍යයක් ගොඩ නගා ගන්නේ කෙසේදැයි පිලිබඳ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ සිදුකරගෙන යන සාකච්ඡා මාලාවේ අද පැවැත්වූ සාකච්ඡාව ඉතාමත් සාර්ථක වූ බවත් මෙතෙක් විසඳා ගත නොහැකිව තිබූ ප්‍රධාන ධාරාවේ ප්‍රශ්න විසඳාගෙන සියළු දෙනා එක මතයකට පැමිණි බව දේශවාත්සල්‍යයෙන් යුතු සාධාරණ බුද්ධිමත් ශ්‍රී ලාංකිකයන් වෙත වාර්තා කිරීමට ලංකා ඊ නිව්ස් වාසනාවන්ත වී තිබේ. 

මෙම සාකච්ඡා සිදුකෙරුණේ නම හෙළි කළ නොහැකි ස්ථානයක වන අතර ඒ සඳහා විපක්ෂ නායක සහ එජාප ජාතික නායක රනිල් වික්‍රමසිංහගේ නියෝජිත කණ්ඩායමත්, දෙවතාවක් ශ්‍රී ලංකාවේ ජනාධිපතිධූරය හෙබැවූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග නායකත්වය දෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ කණ්ඩායමත් සහ සෝභිත හිමියන්ගේ නායකත්වයෙන් යුත් සාධාරණ සමාජයක් සඳහා වූ සංවිධානයේ නියෝජිතයන් කණ්ඩායමත් සහභාගී වූහ.

යම් යම් මාධ්‍ය සහ දේශපාලන අඳබාලයන් තැන් තැන් වල ප්‍රකාශ කරන පරිදි මෙකී සාකච්ඡා ජනාධිපති වන්නේ කව්ද? අගමැති වන්නේ කව්ද? තනතුරු හිමිවන්නේ කාටද? ආදී නොවැදගත් තුට්ටු දෙකේ කාරණා මත සිදු වන්නක් නොවන අතර අනාගත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිලිබඳ ගැටලූ සහ පොදු යාන්ත්‍රණයක් පිලිබඳ ගැටළු නිරාකරණය කර ගැනීම පිලිබඳ සිදුකෙරෙන ඉහලම පෙලේ සාකච්ඡාවන් ය.

සිරිකොතේ දිව්රුම් උත්සවයට කූට්ටාලියන් තිදෙනාම ආවේ නෑ

පොදු වැඩ පිලිවෙල පිලිබඳ සාකච්ඡා සාර්ථක වෙද්දී එක්සත් ජාතික පක්ෂයෙන් ඌව පළාත් සභාවට පත් වූ නියෝජිතයන් දිව්රුම් දීමේ උත්සවය අද සිරිකොතදී පැවැති අතර එක්සත් ජාතික පක්ෂය තනිවම ජනාධිපතිවරණයකට ඉදිරිපත් විය යුතු යැයිද ඒ හුදකලා අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ විය යුතු යැයිද කියන මතවාදයේ සිටින එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසද ඔහුගේ කල්ලියේ තලතා අතුකෝරාල සහ රංජිත් මද්දුම බණ්ඩාර යන තිදෙනාම සිරිකොත උත්සවය වර්ජනය කර තිබිණ. එජාපය මෙතෙක් ලැබූ හොඳම ජයග්‍රහණය ඛෙදා හදා ගැනීමටවත් කූට්ටාලියන් පිරිස නොපැමිණියේ තම කූඨ සැලසුම් අසාර්ථක වීම නිසා බව එජාප පාක්ෂිකයන්ගේ මතය වී තිබේ. පොදු වැඩපිලිවෙලක් පිලිබඳ සාකච්ඡා සාර්ථකව ඉදිරියට යෑම නිසා රනිල් සහ එජාපය හුදකලා කොට ජනාධිපතිවරණයකට දක්කවා රනිල් පරදවා එජාපයේ බලය ඩැහැ ගැනීමේ තිරිසන් අපේක්ෂාව අසාර්ථක වීමේ හිත්වේදනාව නිසා අද පැවැති දිව්රුම් දීමේ උත්සවය ඉහත කූට්ටාලියන් තිදෙනා වර්ජනය කළ බව කියැවේ. පක්ෂ මූලස්ථානයට ගල් පෙරලු දේවදත්තලාට පවා එජාප නායකයා කෙතරම් සද්භාවයෙන් යුතුව තනතුරු පූජා කළද සර්පයන් සර්පයන්ම බව පැමිණ සිටි එජාප පාක්ෂිකයෝ කීහ. 

කිසිවෙක් වෙන වෙනම ප්‍රතිරූප පුම්බා ගැනීමට කතා නොකර එකම මතයක සිට කතා කරන්නැයි අද පැවැති රැස්වීමේදී එජාප නායකයා කියා සිටියේ සිදුකෙරෙමින් පවතින පොදු වැඩ පිලිවෙලක් පිලිබඳ සාකච්ඡාවන්ට එය බාධා වන නිසාය. පොදු වැඩ පිලිවලකට කකුලෙන් අදින්නේ කව්දැයි ඒ හරහා රාජපක්ෂලාගේ අවශ්‍යතාවය ඉටු කරන්නේ කව්දැයි ලඟදීම හෙලි වනු නොඅනුමාන ය. 

බැසිල් ජ්‍යෙෂ්ඨයන්ගේ පිළිකණුගානේ යයි

මේ අතර මහින්ද රාජපක්ෂ ඉක්මන් මැතිවරණයකට පොළඹවන ප්‍රධාන චරිතය වී ඇත්තේ බැසිල් රාජපක්ෂ බවත් මහින්ද රාජපක්ෂ මෙම මැතිවරණයෙන් ජයගත් පසු බැසිල් අගමැති වී ඊළඟ ජනාධිපතිවරණයේ ජනාධිපති අපේක්ෂකයා වීම බැසිල්ගේ සැලැසුම බව ඔහුගේ සැලැසුම් සකස් කරන්නෝ පවසති. තමාගේ සූත්තරය සාර්ථක කර ගැනීම සඳහා බැසිල් පුද්ගලිකවම මේ දිනවල රාජපක්ෂලාගේ කෙරුවාව ගැන කලකිරීමට පත්ව සිටින ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන්ගේ පිලිකනුවල පවා ලැගීමට යන බව ජ්‍යෙෂ්ඨයෝ කියති. බැසිල් මේ සඳහා අතරමැදියන් ලෙස යොදවා ඇත්තේ ව්‍යාපාරිකයන් පිරිසක් වන අතර එහි ප්‍රධානියා වී ඇත්තේ නිරූපමා රාජපක්ෂගේ ස්වාමියා වන තිරු නඩේසන් ය. තිරු නඩේසන් බොහෝ ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන්ගේ නිවෙස් අසලට ගොස් ජ්‍යෙෂ්ඨයා නිවසේ සිටින බව තහවුරු වීමෙන් පසු'තව ටිකකින් බැසිල් ඇමැති තුමා ඔබව හමුවීමට එනවා ගෙදරට වී සිටින්නැයි' පවසන බවත්, ඒ ඇසූ ජ්‍යෙෂ්ඨයන් බොහෝ දෙනා තමන් ගෙදර නැති බව පවසා බැසිල්ව මග හරින බවත් වාර්තා වේ. සමහර ජ්‍යෙෂ්ඨයන් බැසිල් හමුවී ඇති අතර 'මේ ආණ්ඩුව පිරිහුනේ අප කළ දේවල් නිසා නොව රාජපක්ෂලා කළ හොරකම් මිනීමැරුම් නිසා' යැයි ඔවුන් බැසිල්ගේ මුහුණටම ලූණු ඇඹුල් ඇතිව දෙසා බා තිඛෙන බවත් දැන ගන්නට තිබේ. කෙසේ වෙතත් කලකිරී ඇති ජ්‍යෙෂ්ඨයන් බා ගැනීමේ සංචාරයේ යෙදෙන බැසිල් මහින්ද රාජපක්ෂ ජයගැනීමෙන් පසු අගමැති තනතුර දෙන බව මේ වන විට 15 දෙනෙකුට පමණ පොරොන්දු වී ඇතැයි ජ්‍යෙෂ්ඨයෝ එකිනෙකා හමුවී සිනහාසෙමින් කතාවෙති. එක් ජ්‍යෙෂ්ඨයෙක් කීවේ 'ගියවර අගමැතිකම දෙනවා කියා 5 දෙනෙකුට පොරොන්දු වී තිබුනා. මේ පාර ගාන ඉහල ගිහිල්ලා 15 ක් වෙලා' යනුවෙනි.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණ කැම්පේන් එක මෙහෙයැවීම සඳහා බැසිල් විසින් කණ්ඩායමක් පත් කර ඇති අතර විලී ගමගේ, චරිත හේරත්, අනුර සිරිවර්ධන, ජගත් වැල්ලවත්ත, රංජිත් බණ්ඩාර, ධම්ම දිසානායක යන සට්ටැඹියන් පිරිස ඒ අතර වෙති. මෙහි ඇති අපූර්වත්වය නම් මොවුන් මීලඟ මැතිවරණයකදී පාර්ලිමේන්තුවට ගන්නා බවටද බැසිල් පොරොන්දු වී තිබීමයි. කෙසේ වෙතත් මේ පිරිස මේ වන විට නාමල් රාජපක්ෂගේ නිල් බලකායේ අඳබාල පිරිස් වෙත දේශපාලනය උගන්වමින් දේශන පවත්වන බව වාර්තා වේ. ඩලස් අලහප්පෙරුම විසින් ජාතික තරුණ සේවා සභාවේ ඒ සඳහා ඉඩ ප්‍රස්ථා සලසා දී ඇත. නිල් බලකායට පන්ති කිරීමට සිදුව ඇත්තේ ශ්‍රීලනිපයේ මැතිවරණ මෙහෙයැවූ පළපුරුදු වෘත්තීය සමිති නායකයන් මේ වන විට රාජපක්ෂලා අතහැර දමා ගොස් ශ්‍රීලනිප සුරැකීමේ සංවිධානය සමග සම්බන්ධ වී ඇති නිසාය. 

බැසිල්ගේ කණ්ඩායම සමග සම්බන්ධයක් නොමැතිව ගෝඨාභය රාජපක්ෂද වෙනම කණ්ඩායමක් හදාගෙන කැම්පේන් කිරීම ආරම්භ කර තිබේ. ඒ පිරිස අතර සී.ෙජ් චන්ද්‍රපේම, දිලිත් ජයවීර, දුමින්ද සිල්වා ප්‍රධාන තැනක් ගන්නා අතර බොහෝ දෙනා හමුදාවේ සිටි පිරිස් ය.

ජාතික හෙළ උරුමයේ රතන හිමියන් ඇමැතිවරුන් 5 දෙනෙකු සමග ඉවත් වනවා යි කළ ප්‍රකාශයෙන් පසු බැසිල් ඩලස් සහ ගෝඨාභයගේ පිරිස් වැල නොකැඩී රතන හිමියන් පසුපස යන බවද දැන ගන්නට තිබේ. 

මේ අතර ඇමැති මර්වින් සිල්වා ක්‍රීස් එකෙන් පිටට පැන හයේ හතරේ පාරවල් වලින් පහර දීම ආරම්භ කර ඇති අතර ඒ පිලිබඳ පසුව වාර්තා කරමු.

---------------------------
by   -විශේෂ වාර්තා කරුවෙකු විසිනි-   (2014-10-08 00:00:42)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  1 discussion on this news

If Mr. Mike knows this much information, why should not he come forward and prove them? I'm a person who stand against corruption and any wrongdoing, but when we go through this company and its operations carried out we see it that it has all the industry standards such as ISO 9001:2008 & ISO 28000:2007 (Industry standard) for its activities. These standards cannot be acquired only by spending dollars, as Shipping & Maritime Security industry is much regulated as we are not in 2009, its 2015. Hence these guards are not concerned as Mercenaries any more.
-- by Udeni Herath on 2015-01-26

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links