(ලංකා ඊ නිව්ස් -2014.ඔක්.08, ප.ව.11.30) ලංකාවේ ඕනෑම අධිකරණයක නඩු තීන්දු වෙනස් කරන අධිකරණ සේවා කොමිසමේ නිලධාරී විනි-සොරුන්ද ඇතුළු පස් දෙනෙකුගෙන් යුත් විනි-සොරුන්ගේ ගැන්සියක් ගැන පසුගිය සැප්.29 වෙනිදා ''ශ්‍රී ලංකාවේ ඕනෑම නඩුවක තීන්දු වෙනස් කරවන පස් දෙනාගේ ගැන්සිය මෙන්න'' මැයෙන් ලංකා ඊ නිව්ස් පළ කළ වාර්තාවෙන් පසු එහි නම් සඳහන් විනි-සොරුන් 5 දෙනාගෙන් අයෙක් ලංකා ඊ නිව්ස් හි හිත මිතුරන් භාවිතා කරමින් ''මං සුදනා'' බව අඟවා ඔහුගේ නම ඉවත් කරන්නැයි දැඩි ලෙස බලපෑම් කරන ලදී.
සොයා බලා පළ කරන ලද ප්‍රවෘත්තියකින් නමක් ඉවත් කිරීම ලංකා ඊ නිව්ස් කෙදිනක හෝ සිදු නොකරන නමුත් පළ වූ ප්‍රවෘත්තියකින් යම් අයෙකුට අවැඩක් සිදුවී නම් ඔහුට තම නිර්දෝෂී භාවය ගැන කියන්නට සාධාරණ හේතු තිබේ නම් අප ඊට අවස්ථාවක් ලබා දෙන බව කීවද ඔහු එවැන්නකට ඉදිරිපත් වූයේ නැත.
අපගේ පෙර ප්‍රවෘත්තියේ මෙකී විනි-සොරුන්ගේ ගැන්සිය ලෙස නම් කර තිබුනේ
• අධිකරණ සේවා කොමිසමේ ලේකම් - සිසිර රත්නායක
• අධිකරණ සේවා කොමිසමේ සහකාර ලේකම් - කනිෂ්ක විෙජ්රත්න
• කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් - ගිහාන් පිලපිටිය.
• කොටුව මහේස්ත්‍රාත් - තිලින ගමගේ
• ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් - රංග විමලසේන යන පස්දෙනා ය.
සුදනෙකු ලෙස සමාජය තුල පෙනී සිටියද ලංකා ඊ නිව්ස් පුවතින් සැබෑ ස්වරූපය හෙළි වීම නිසා කම්පනයට පත්ව තමාගේ නම ඉවත් කරවා ගැනීමට දිගින් දිගටම ලංකා ඊ නිව්ස් හිතවතුන් යැයි ඔහු සිතා සිටින පුද්ගලයන් ලවා බලපෑම් කරන ලද්දේ ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් රංග විමලසේන ය. මේ හේතුව නිසාම රංග විමලසේන සම්බන්ධයෙන් තව දුරටත් සොයා බැලීමට අප පෙළඹින. යලි සොයා බැලීම් වලින් පසුවද සහතික වූයේ රංග විමලසේන සුදනෙක් නොවන බවයි. ඒ මෙසේය.
රංග විමලසේන ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් ධූරය දරනවාට අමතරව විනිසුරු සංගමයේ ලේකම්ද වේ. සභාපතිනිය වන්නේ ඇමැති ඩලස් අලහප්පෙරුමගේ සොයුරිය සුජාතා අලහප්පෙරුම යි. වාසනාවකට සුජාතා, ඩලස් තරම් වනචාරියෙක් වාචාලයෙක් දූෂිතයෙක් දුර්ජනයෙක් නොවූවාය. එනිසාම විනිසුරු සංගමය 'රන්' කිරීම සභාපතිනිය සුජාතා අත්හරින ලද අතර 'රන්' කිරීම අතට ගන්නේ ලේකම් රංග විමලසේන ය. රංග විමලසේන තම සංගමයේ ධූරයද භාවිතා කරමින් අල්ලා ගත්තේ රාජපක්ෂ රෙජීමයේ එකද දෙකද යයි කිව නොහැකි ගෝඨාභය රාජපක්ෂව ය. ගෝඨාභය සමග එක්වූ රංග විමලසේන විනිසුරු සංගමයද මුලා කරමින් චිරාත් කාලයක් පැවැති ගල්කිස්ස විනිසුරු බංගලාව සහ ඓතිහාසික භූමිය නිවාස සංකීර්ණයක් ඉදි කිරීමට යැයි කියමින් ගෝඨාභයට පවරා දෙන්නේය. දැන් විනිසුරු බංගලාව වෙනුවට එතැන සුපිරි නිවාස සංකීර්ණයක් ඉදිවෙමින් තිබේ.
ඉන් පසුව රංග විමලසේන තම ස්වාධීනත්වයේ ගරුත්වය බල්ලාට දමා රෙජීමයට කඩේ ගිය බරපතල නින්දනීය ක්‍රියාවක් සිදුකර තිබේ. එනම් සංගමයේ විනිසුරන්ට යුද හමුදාව සමග එක්ව පිටත පුහුණුවක් (අවුට් බවුන්ඩ් ට්‍රේනින්) ලබා දීමයි. මෙය පවත්වා ඇත්තේ නුවරඑලියේදී වන අතර එය මෙහෙයවා ඇත්තේ මුළුමනින්ම යුද හමුදාව විසිනි. මෙය විදුහල්පතින්ට හමුදා පුහුණුව දීමේ තවත් මුහුණුවරකි. විනිසුරුවරුන් හමුදාව ලවා පුහුණු කරවීමට රංග විමලසේන කටයුතු කළේ ගෝඨාභයගේ හිත දිනා ගැනීමට මිස අන් කිසිවකට නොවේ.
අශෝක සිල්වා අගවිනිසුරුවරයා ලෙස කටයුතු කරද්දී යුද හමුදාවේද සේවය කර තිබූ විශ්‍රාමික විනිසුරුවරයෙක් වූ ජිනදාස නම් වූ විනිසුරුවරයෙක් මෙවැනි හමුදාව සම්බන්ධ කරගත් පුහුණුවක් විනිසුරුවරුන්ට ලබා දීමට යෝජනා කළ අවස්ථාවේදී අශෝක සිල්වා ඊට විරුද්ධ වූයේ ''ඒක කරන්න දෙන්න බෑ. ඊට පස්සේ කැප්ටන්ලා විනිසුරුවරුන්ට මචං කියාගෙන එයි තීන්දු වෙනස් කරගන්න. ඒ නිසා එවැන්නකට ඉඩදෙන්න බෑ'' කියා ය.
නමුත් රංග විමලසේන ලේකම්වරයා විනිසුරු සංගමයට යුද හමුදාව ලවා අවුට් බවුන්ඩ් ට්‍රේනින් ලබා දී තිබේ.
මීට අමතරව රංග විමලසේන ගෝඨාභය සමග එක්වී දැනට ගෝඨාගේ නාගරික සංවර්ධන අධිකාරියට අයත් වෝටර්ස් ඒජ් හෝටලයේ ජිම්නේසියම් එක විනිසුරුවරුන්ට නොමිලේ ලබා දී තිබේ. මේ සියල්ල විනිසුරුවරුන් රාජපක්ෂ රෙජීමයේ සාටකයේ එල්ලීම මිස අන් කවරක්ද?
මේ අනුව රංග විමලසේන යනු සුදනෙක් නොවේ. පට්ට විනි-සොරෙකි. විනිසුරු ගැන්සියේ තක්කඩියෙකි.
පසුගියදා විනිසුරුවරුන් සිංගප්පූරුවේ සතුටු සංචාරයක යෙදුනු අතර මෙකී විනි-සොරුන්ගේ ගැන්සියේ පස් දෙනාම හදිසියේ අතුරුදහන් වූහ. ඒ පිලිබඳවද සියළු තොරතුරු ලංකා ඊ නිව්ස් සතු වන අතර අවශ්‍ය වුවහොත් ඉදිරි දිනෙක ඒ ගැන හෙළිදරව් කරමු.
මේ විනිසුරු ගැන්සිය ක්‍රියා කරන්නේ සම්පූර්ණයෙන්ම රාජපක්ෂ රෙජීමයේ පිළිකන්නේ ලගින සුනඛයන් ලෙසය. රාජපක්ෂලා 'ඉජුහ්' කී විට කන් කඩා හලා, වලිගය වනමින්, දෙපතුල ලඟට එන්නෝ ය. 'දිවුහ්' කී විට වලිගය දෙපරහැන්දේ ගසා පස්ස නොබලා දුවන්නෝය. ඒ අතර අනෙක් අයට නොදැනෙන ලෙස ස්මාර්ට් විනිසුරුවරුන් ලෙසද පෙනී සිටින්නෝය. එබැවින් සත්‍ය හෙළි වූ විට සැලෙන්නෝය. නම් කටු ගා දමන්නැයි යදින්නේ එබැවිනි.
පසු සටහන:
රාජපක්ෂ රෙජීමය නීති විරෝධීව වෙබ් අඩවි වාරණය කළ විට අප යුක්තිය ඉල්ලා ගියේ විනිසුරුවරුන් හමුවට ය. මිනිසුන් මරා දැමීමට පවා අයිතිය ඇති එකම පිරිස වන ඔව්හු අප කියන්නේ කුමක්දැයි හෝ නොඅසාම ඒ දුක් ගැනවිලි කුණු බක්කියට විසිකර දැමුවෝය. අසරණ වූ අප සත්‍ය රැගෙන ජනතාව ඉදිරියට ගියෙමු. ඒ අතර විනි-සොරුන්ගේ සත්‍යයද ජනතාවට ගෙන ගියෙමු. දැන් විනි-සොරුන් හෙළිදරව් වෙමින් තිබේ. දෛවයේ සරදමකට මෙන් තම නම් කටු ගාන්නැයි යදිමින් තහනම් වෙබ් අඩවි අබියස දනින් වැටීමට විනි-සොරුන්ට සිදුව ඇත. විනි-සොරුන් නොවී මහත්මා විනිසුරුවරුන් වීමට නම් කළ යුත්තේ නම් කටු ගාන්නැයි දනින් වැටීම නොව මිනීමරු රෙජීමයකට කඩේ නොගොසින් රටේ මහජනතාවට සාධාරණව යුක්තිය පසිඳලීම බව අවවාද කරමු.
සබැඳි පුවත් : ශ්‍රී ලංකාවේ ඕනෑම නඩුවක තීන්දු වෙනස් කරවන පස් දෙනාගේ ගැන්සිය මෙන්න
---------------------------
by (2014-10-08 23:47:08)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි