(ලංකා ඊ නිව්ස් -2014.ඔක්.09, ප.ව.3.30) ජනාධිපතිවරණ ගුණ්ඩු වශයෙන් විදුලි බිල සියයට 25 කින් අඩු කළ මැදමූලන මරා අද ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිළ රුපියල් 250කින් අඩු කිරීමට අදාළ බලධාරීන්ට උපදෙස් ලබාදෙන්නේ යයි කීවේය.
අද(09) කැලණියේ පැවති විශ්‍රාම දින සැමරුම් උළෙලේදී මැදමූලන මරා මේ බව ප්‍රකාශ කෙලේය. මෙම මිල අඩු කිරීම හෙට සිට ක්‍රියාත්මක වන බව පැවසේ.
මේ අතර ජනාධිපතිවරණය ඉලක්ක කරමින් 2015 වසරට අදාළ අයවැය ද ෆාස්ට් ෆෝවර්ඩ් දමා අහවර කිරීමට රාජපක්ෂ රෙජීමය තීන්දු කර තිබේ. ඒ අනුව ලබන ඔක්තෝම්බර් මස 24 වෙනිදා 2015 අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත. අයවැය දෙවනවර කියවීමේ විවාදය ඔක්තෝම්බර් 25 වෙනිදා සිට 29 වෙනිදා දක්වා පැවැත්වෙන අතර අයවැය දෙවනවර කියවීමට අදාළ ඡන්ද විමසීම ඔක්තෝම්බර් 30 වෙනිදා පැවැත්වේ.
අයවැය තුන්වන වර කියවීමේ විවාදය ඔක්තෝම්බර් 31 වෙනිදා ආරම්භ වන අතර එය නොවැම්බර් මස 17 වෙනිදා දක්වා දින 14ක් පැවැත්වෙනු ඇති. අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වෙන්නේ නොවැම්බර් මස 18 වෙනිදාය.
පවතින නීතියට අනුව ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කළ හැක්කේ නොවැම්බර් 18 වෙනිදායින් පසුවය. ඒ අනුව මැදමූලන මරා නොවැම්බර් 18 දිනට පෙර අයවැය කටයුතු නිමා කිරීමට සැලසුම් කර ඇති බව පැහැදිලිය.
නිල නොවන වාර්තා පවසන්නේ නොවැම්බර් 20 හෝ 21 දා මීලඟ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරනු ලබන බවයි.
---------------------------
by (2014-10-09 10:57:54)
Leave a Reply
The Hon'ble MARA, the President of the SRI LANKA has suddenly opened his eyes.
He has discovered that the price of "essential" items are too high and people find it difficult to pay high prices.
But what we can not understand is why MARA did not see these price hikes, his own government implemented since he became the head of the country !!
As the Finance Minister he was directly responsible for all price hikes....not only fuel and gas, but all food items, bus & train fares etc etc......
The main question is whether voters will forget "increases" and think of "decreases", to elect the MARA regime for the 3rd time!!!!
-- by Nandalal on 2014-10-09
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි