(ලංකා ඊ නිව්ස් -2015.සැප්.28, ප.ව. 11.30) ශ්‍රී ලංකා මැතිවරණ දෙපාර්තමේන්තුවට වසර 60 ක් පිරීම නිමිත්තෙන් පැවැත්වෙන උත්සව මාලාවේ විශේෂ අංගයක් පසුගිය 25 වෙනි සිකුරාදා දහවල් 1.00 ට රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේදී පැවැත්විණ. “ජ්‍යොතිෂ්‍යය සහ සමාජයීය බලපෑම“ යන්න එදින පැවැති විශේෂ අංගයක් වූ සම්මන්ත්‍රණයේ මාතෘකාව විය.
පසුගිය මැතිවරණ සම්බන්ධයෙන් සමාජයේ ජ්‍යොතිෂ්‍යය මුල් කොට ගත් මහත් ආන්දෝලනාත්මක තත්ත්යක් ඇති විය. එම පසුබිම යටතේ මැතිවරණ කාර්යාලයේ නිලධාරීන් තුල ජ්‍යොතිෂ්‍යය පිලිබඳ විද්‍යාත්මක සහ යථාර්තවාදී දැනීමක් ඇති කිරීම සඳහා මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාගේ සංකල්පයක් අනුව මෙය සංවිධානය කෙරිණ. මෙම සම්මන්ත්‍රණයේදී විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ ගමගේ, ශ්‍රී ලංකාවේ ගුප්ත විද්‍යා පිලිබඳ පර්යේෂක මාධ්‍යවේදී තිලක් සේනාසිංහ, සහ ශ්‍රී ලංකා හේතුවාදී සංගමයේ ලේකම් සහ මාධ්‍ය ප්‍රකාශක තාරක වරාපිටිය මහත්වරු දේශන පැවැත්වූහ. ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ හිටපු සභාපති අශෝක පීරිස් මහතා මෙහි සම්බන්ධීකාරක වශයෙන් කටයුතු කළේය.
මෙම සම්මන්ත්‍රණයෙන් පසුව මැතිවරණ දෙපාර්තමේන්තු නිලධාරීන් සහ දේශක මණ්ඩලය අතර විශේෂ කතිකාවක් ඇතිවිණ. ඇතැම් දේශපාලනඥයන් ජ්‍යොතිෂ්‍යය වැනි අන්ධ විශ්වාසයන් තුල නිමග්නව සිටිනා මුත් මැතිවරණ දෙපාර්තමේන්තුවේ කිසිදු කටයුත්තක් සඳහා කිසිදු අයුරකින් ජ්‍යොතිෂ්‍යය ඉවහල් කර නොගන්නා බවත් එසේ ඉවහල් කර ගැනීම ශ්‍රී ලාංකීය ජන සමාජයේ පසුගාමිත්වයට සහ පරිහානියට හේතුවන බවත් මෙම කතිකාව අවසානයේදී මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා විශේෂයෙන් අවධාරණය කොට සිටියේ ය.
-නිරංජන් චාමින්ද කරුණාතිලක විසිනි-
---------------------------
by (2015-09-28 22:30:29)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි