(ලංකා ඊ නිව්ස් -2015.නොවැ.10, පෙ.ව.8.20) ඇවන්ට් ගාඩ් ගනුදෙනු ගැන සෙවීමට යැයි මුවා වී එම සමාගම විසින් කරගෙන යන ව්‍යාපාරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ගෝලයන් අතට ගැනීමේ කූඨ ව්‍යාපාරයක තොරතුරු ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ.
ජනාධිපතිවරයා හිටපු ආරක්ෂක ලේකම් බස්නායක මහතා මාරු කර රාජ්‍ය පරිපාලන සේවයේ නොමැති කරුණාදාස හෙට්ටිආරච්චි මහතා හෙවත් තම පාසැල් මිතුරා ආරක්ෂක ලේකම් තනතුරට පත් කර ගත්තේම මෙකී ව්‍යාපාරය තම හිතවතුන්ට ලබා දීම සඳහා බවද වාර්තා වේ.
මේ වන විට ඇවන්ට් ගාඩ් ව්‍යාපාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂන වලට එහා ගොස් එය දේශපාලන මඩ ව්‍යාපාරයක් බවට පත් කර ඇත්තේද ජනාධිපතිවරයාගේ අනුදැනුම මත බවත් ඉන් ඔහු එක ගලින් කුරුල්ලන් දෙදෙනෙකු මරා ගන්නට තැත් කරන බවත් වාර්තා වේ.
එක් ඉලක්කයක් නම් එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී එජාපය පරදවා ශ්‍රීලනිපය ජය ගැනීමට අවශ්‍ය ලෙස එජාපය ජනතාව අතර කළකිරීමට ලක් කිරීම වන අතර අනෙක් ඉලක්කය නම් අධික ලාභ ලබන ව්‍යාපාරයක් වන විදේශීය නෞකාවලට ආරක්ෂාව සැලසීමේ ව්‍යාපාරයෙන් ඇවන්ට් ගාඩ් ව්‍යාපාරය එළවා එය තම හෙංචයියන් අතට පත් කිරීමය.
මේ වන විටත් ජනාධිපතිවරයාගේ හෙංචයියෙක් වී ඇති කිලී මහාරාජා මැරිටයිම් සිකියුරිටි නමින් ව්‍යාපාරයක් අරඹා මෙකී ව්‍යාපාරය අත් පත් කර ගැනීමට නව ආරක්ෂක ලේකම්වරයාට ඉල්ලුම් පතක් යොමු කර ඇති අතර අර්ජුන රණතුංග ඇමැතිවරයාට සම්බන්ධ සමාගමක් ද අයැදුම් පතක් ඉදිරිපත් කර තිබේ. ධීවර නැව් 7 ක් හිමි ජනාධිපතිවරයාට හිතවත් ඇමැතිවරයෙක්ද නැව් වලට ආරක්ෂාව සපයන ව්‍යාපාරය අතට ගැනීමට වලිකමින් සිටින බවද දැනගන්නට තිබේ. පසුගියදා පැවැති ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමේදී අර්ජුන රණතුංග සුදනෙකු සේ මේ සම්බන්ධයෙන් කතා කරන ලදී. අර්ජුනගේ මල්ලී නිශාන්ත රණතුංග ලෝකයේ ගිනස් වාර්තා තබා ඇති දූෂණ සිදුකර තිබියදී ඒ සම්බන්ධයෙන් වචනයක් කතා නොකරන අර්ජුන මෙකී නැව් වලට ආරක්ෂාව දීමේ ව්‍යාපාරය තමා අතට ගැනීම සඳහා කොලේ වසා සුදනා සේ කතා කර ඇත. නිශාන්ත රණතුංග ක්‍රිකට් මණ්ඩලයේ සභාපති වරයා ලෙසත් සීඑස්එන් නාලිකාවේ ප්‍රධාන විධායක ලෙසත් එකම ගිවිසුමක පාර්ශව දෙකටම අත්සන් කරමින් ලෝකයේ ගිනස් දූෂණයක් සිදුකර තිබෙන බව කෝප් කමිටුව විසින් අනාවරණය කෙළේය. එම ගිවිසුම නම් ක්‍රිකට් විකාශන අයිතිය සීඑස්එන් නාලිකාවට ලබා දීමේ ගිවිසුමයි. අර්ජුන ඒ සම්බන්ධයෙන් මුඛ පූට්ටු කරගෙන සිටින්නෙකි.
පසුගිය මැතිවරණයේදී තම මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් මිලියන 300 ක් ඇවන්ට් ගාඩ් සමාගමෙන් ඉල්ලා එය නොලැබුනු පිවිතුරු උරුමයක් වෙනුවෙන් පෙනී සිටින ඇමැතිවරයෙක්ද ඇවන්ට් ගාඩ් ව්‍යාපාරය රකුසෙකු කර පෙන්වීමේ කාර්යයට අත ගසා තිබේ.
නාවුක ආරක්ෂාවේ යෙදෙන ඇවන්ට් ගාඩ් සමාගමට පක්ෂපාතව කතා කරන ඇමැතිවරුන් මෙන්ම විරුද්ධව කතා කරන ඇමැතිවරුන් සහ දේශපාලන පක්ෂද කරන්නේ නාවුක ආරක්ෂාව ලබා ගැනීමේ අරමුණින් ක්‍රියා කරන සමාගම් වලට අවශ්‍ය රූකඩ කතා බව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වැඩි දුරටත් වාර්තා කරයි. මේ සම්බන්ධයෙන් වීරයන් වී සිටින විපක්ෂ දේශපාලන පක්ෂයක රතු නායකයා සම්පූර්ණයෙන්ම කිලී මහාරාජාගේ කොන්ත්‍රාත්තුව අනුව ක්‍රියා කරන්නෙක් බවද දැනගන්නට තිබේ.
ඉහත තොරතුරු වලට සම්බන්ධ හඬ පට ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත ලැබී ඇති අතර ඒවා ඉදිරි කාලයේදී හෙළි කිරීමට බලා පොරොත්තු වන්නෙමු.
මේ කාරණාව මත ආණ්ඩුවේ නමේ ගූ ගෑම වලක්වා නීතිය හා සාමය පිලිබඳ ඇමැතිධූරයෙන් ඉවත් වූ තිලක් මාරපන මහතා ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී ඇවන්ට් ගාඩ් සම්බන්ධයෙන් අපූරු කතාවක් කීවේය.
අද දවසේ මේ මොහොතවනතුරුත් ඇවන්ට්ගාඩ් නෞකාවේ රාජකාරි කටයුතු සිදුවන බව තමන් වගකීමෙන් යුතුව කියා සිටින බව කී මාරපන මහතා, දිනකට 30 වතාවක් පමණ මෙම නෞකාවෙන් නාවික හමුදා හා රක්නා ලක්නා සමාගමේ අය මෙම නෞකාවෙන් අවි රැගෙන බෝට්ටුවල ආධාරයෙන් රැගෙන යන බවත්, නැවත රැගෙන එන බවත්, එම කටයුත්ත මේ මොහොතේත් සිදුවන බවත් පැවසීය.
ගාල්ල වරායේ පොලීසිය පවතින්නේ මෙම නැවට මීටර් 100 ක් පමණ දුරින් නිසා මේ මෑත කාලය වන තෙක් ඔවුන් මෙය නොදැක්කා යයි සිතීම සැක සහිත බැවින්, මෙය හදිසියේ වටලා ලකුණු දා ගත්තාදැයි සිතෙන බව ඔහු සඳහන් කළේය.
තමාට දිගට හරහට මඩ ගැසීමට මාධ්‍ය මගින් ක්‍රියා කළ බැවින්, මඩ ගා ගැනීමට අකමැතිව ඉල්ලා අස්වීමට තීරණය කළ බවත්, මාධ්‍ය විසින් එවැනි මඩගැසීම් නොකළ යුතු බවත් හෙතෙම කියා සිටියේය.
පරීක්ෂණ වලට බාධාවක් නොවන පරිදි ඉල්ලා අස්වීමෙන් පරීක්ෂණ මගින් තහවුරු වන කාරණා සම්බන්ධයෙන් ජනතාව තුළ පිළිගැනීමක් ඇතිවන බව ද මාරපන අවධාරණය කළේය.
ඇවන්ට්ගාඩ් සමාගමෙන් රක්නා ලංකා සමාගමට 18%ක් හා නාවික හමුදාවට 18% ක් පමණ වන ලෙස පිරිවැටුමක් හිමිවන බවද, එම මුදල දල වශයෙන් මසකට ඩොලර් මිලියන 3.8 ක පමණ මුදලක් බවද මාරපන පැවසීය.
මෙම පාවෙන අවි ගබඩාවේ පවතින්නේ බ්‍රිතාන්‍යය ඇමරිකාව නවසීලන්තය ආදී විදේශ සමාගම්වලට අයත් නමුත් ලංකා රජය මගින් සහතික කළ නීත්‍යනුකූල අවි බවත්, ඒ බව තමන් පෙන්වාදී ඇති බවත්, අද දක්වාම නෞකාවේ කටයුතු නිසි ලෙස සිදුවන්නේ ඒ නිසා බවත් හෙතෙම අවධාරණය කළේය
කෙසේ වෙතත් ඇවන්ට් ගාඩ් සමාගම සම්බන්ධයෙන් පරීක්ෂණ මේ වන විටත් පැවැත්වෙන අතර අද පැවැති විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමේ දී එම පරීක්ෂණ තමා යටතට ගන්නා බව ජනාධිපතිවරයා පවසා තිබේ. මෙය ඉහත කී තමාගේ හෙංචයියන්ට නාවුක ආරක්ෂා ව්‍යාපාරය පැවරීමේ පෙර ක්‍රියාවලියක් බව තතු දත්තෝ පවසති. පරීක්ෂණ විධායක ජනාධිපතිවරයා යටතට පවරා ගැනීම යහපාලනය නොවේ. පෙරදී සිදුවූයේද එම ක්‍රියාවලියමය. ජනතාව විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධ වූයේ ඒ නිසාමය. සිදුවිය යුත්තේ පරීක්ෂණ ස්වාධීනව කරගෙන යෑමට පොලිසියට රහස් පොලිසියට එෆ්සීඅයිඩියට අල්ලස් කොමිසමට ආදී ආයතන වෙත පැවරීම මිස විධායක ජනාධිපති එය අතට ගැනීම නොවේ.
පාවෙන අවි ගබඩා සම්බන්ධයෙන් මීට වසර 3 කට පෙර පළමුවෙන්ම වාර්තා කෙළේ ලංකා ඊ නිව්ස් ය
---------------------------
by (2015-11-10 02:56:23)
Leave a Reply
පෙරදිග මුතුඇටය වන මේ භූමිය ඉන්දියන් සාගරය මැද පිහිටීම රටට සම්පතකි. නාවික මාර්ග පාලනයට එහි වැදගත්කම නිසා විදේශිකයෝ අප බිලිගැනීමට බලා සිටිති. ඒ පිහිටීමෙන් උපයන අෘදායම ලැබිය යුත්තේ රජය හරහා රටේ ජනතාව මිස 18% රජයට දී ඉතිරි 82% දේශපාලුවන් ගේ ඇම්බැටි කොම්පැනිවලට නොවේ. හොද නාවික හමුදාවක් තිබියදී කොම්පැනි වලට දියයුත්තේ ඇයි. පුරවැසියා.
-- by nilanthasilva on 2015-11-10
කපටි දේශපාලකයන්ට එකේක කූට අරමුණු තියෙන්න පුලුවන්, ඒත් 'ඇවන්ගාඩ්' වෙනුවෙන් සේවය
ලබා දෙන ගමන් ඒ සමාගම ගැන පරීක්ෂණ පවත්තන රජයේ නීතිය හා සම්බන්ධ ඇමතිකමක් දරන්න
ශීලාචාර මිනිහෙකුට පුලුවන්ද ?
-- by Prasad Gallage on 2015-11-10
වැසිකිළී එහෙම නැත්තං සක්කිළී මහරාජ මේ වෙනකොට අපිට කෙලවල තියෙන හැටි පේනවනෙ.
රාජපක්ෂත් එක්ක එකතුවෙලා බාල විස පෝර ගෙනල්ල මුලු රජ රටම විනාශ කලා, තරුණ තරුණියන්
අතරෙ එකිනෙකාට තිබුණු ගෞරවනීය හැඟීම මුගේ අසූචි සිරසෙන් 'බඩු' සංස්කෘතියක් බවට පත් කරා,
තව මූට මුහුදෙත් නටන්න දුන්නොත් හොර බඩු ජාවාරමේ කප්පිත්තොන්ගෙ රටක් බවට ලංකාව
පත්වේවි.
-- by Jayantha Nonis on 2015-11-10
මේ තරං විශාල ආදායමක් ලැබෙන වියාපාරයක් ඇයි මේ සමාගම්වලට බාරදීල තියෙන්නෙ, එතකොට
දේශපාලුවන්ට කුට්ටි කඩාගන්න ලේසි නිසාද?
-- by Anju Nisha on 2015-11-10
නීතියට විරුද්ධ ව්‍යාපාර ආරම්භ කරන හැමෝටම වෙන්නෙ හැම යකාටම දොල පිදේනි දෙන්න.
-- by Rajesh on 2015-11-10
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි