~

තජුඩීන් මැරෙව්වේ යෝෂිත නොවේ නාමල්..? ඩයලොග් අධිපති හාන්ස් විජේසූරිය විහින් අනතුරේ: ලබන සතියේ ඉහල ඇවරියක් අත් අඩංගුවට..!

(ලංකා ඊ නිව්ස් -2015.දෙසැ.06, පෙ.ව‍.7.30) තජුඩීන් ඝාතනය කරන ලද්දේ යෝෂිත රාජපක්ෂගේ පෙම් පලහිලව්වකට යැයි මෙතෙක් ප්‍රචාර පැතිර ගියද තජුඩීන් ඝාතනය කර ඇත්තේ නාමල් රාජපක්ෂගේ වුවමනාවට සහ ඔහුගේ මග පෙන්වීම අනුව යැයි පරීක්ෂණ වලදී හෙලිදරව් වී ඇතැයි ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ. ඒ අනුව මෙම ඝාතනයේ පළමු වගකිව යුත්තා නාමල් රාජපක්ෂ වන අතර යෝෂිත වගකිව යුතු වන්නේ දෙවන වටයේදී බව දැනගන්නට ඇත.

මේ අතර තජුඩීන් පැහැරගත් ජනාධිපති ආරක්ෂක අංශයට සම්බන්ධ පුද්ගලයන් 6 දෙනෙකු සතුව තිබූ ඩයලොග් දුරකථන වලින් ලබා ගත් ඇමැතුම් පිලිබඳ මෙම පරීක්ෂණ වලට අදාල තොරතුරු ඩයලොග් සමාගමේ අධිපති හාන්ස් විජේසූරිය විසින් සිතා මතා වසන් කරන බවද දැනගන්නට ඇත. හාන්ස් විජේසූරිය විසින් මේ දක්වා එම දුරකථන වාර්තා ලබා නොදී මග හරිමින් සිටී. ඔහු පවසන්නේ පැහැර ගැනීම සිදුකළ දිනය සහිත සති දෙකක එකී දුරකථන වල වාර්තා ඔවුන්ගේ සර්වර් වලින් මැකී ගොස් ඇති බවයි. එවැන්නක් ජංගම දුරකථන ජාලයක කිසිසේත්ම සිදුවිය නොහැක්කකි. ඒ අනුව මෙම ඝාතන පරීක්ෂණයකට බාධා කිරීම යනු ඝාතනයට උදව් කිරීමක් වන බැවින් එම චෝදනා යටතේ හාන්ස් විජේසූරියද අත් අඩංගුවට ගත හැකි වනවා ඇත.

හිටපු විගණකාධිපති පී.එම්.ඩබ්. විජේසූරියගේ පුත්‍රයෙකු වන ආචාර්ය ශ්‍රීධීර් සාරිපුත්ත හන්ස විජේසූරිය හෙවත් හාන්ස් විජේසූරිය නමැත්තා රාජපක්ෂ දරුවන් පාසැල් ගිය සාන්ත තෝමස් විදුහලේම ආදි සිසුවෙක් වන අතර එංගලන්තයේ කේම්බ්‍රිජ් සරසවියෙන් උපාධි ලැබූවෙකි. ඩිජිටල් ජංගම සන්නිවේදනය සම්බන්ධයෙන් ඔහුගේ ආචාර්ය උපාධිය ලබාගෙන ඇත්තේ එංගලන්තයේ බ්‍රිස්ටල් සරසවියෙනි. කෙතරම් උගත් වැදගත් පවුල් පසුබිමකින් පැවත ආවද ඔහු පසුගිය කාලයේ රාජපක්ෂලා සමග ඩීල් බිස්නස් කළ පුද්ගලයෙක් වේ. මොහු තම ඩයලොග් සමාගම කෙතරම් පරදාර සේවනයක යොදා තිබිනිදැයි කියන්නේ නම් හමුදා බුද්ධි අංශ වලට ඕනෑම අවස්ථාවක ඩයලොග් සමාගමේ ජංගම දුරකථන වලට සවන් දීමටත් ඒවායේ තොරතුරු ලබා ගැනීමටත් පහසුකම් රහසිගතව සපයා දී තිබී ඇත. එනම් තම පාරිභෝගිකයන් සම්පූර්ණයෙන්ම ගෝඨාභය රාජපක්ෂට පාවා දී තිබී ඇත. හාන්ස් විජේසූරිය 2010 ජනාධිපතිවරණයේදී ඩයලොග් දුරකථන 1200 ක් මහින්ද රාජපක්ෂගේ ඡන්ද ව්‍යාපාරය සඳහා නොමිලේ ලබා දී තිබේ. මේ හේතු නිසා රාජපක්ෂ පුත්‍රයන් බේරා ගැනීමට අපරාධයකට අදාල තොරතුරු සැඟවීම නමැති අපරාධ සහායක ක්‍රියාවේ යෙදෙන හාන්ස් විජේසූරිය තමා විහින් රටේ මහජනතාවගේ අගෞරවයට අප්‍රසාදයට පමණක් නොව වෛරයට ද පාත්‍ර වී තිබේ. 

මේ අතර මිහිදන්කර තිබියදී ගොඩ ගන්නා තජුඩීන්ගේ දේහයෙන් ලබා ගන්නා ලද ඩී. එන්. ඒ. සහ ඔහුගේ මවගේ ඩී. එන්. ඒ. වාර්තා ගැලපෙන බව ජීන් ටෙක් ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ රුවන් ජේ. ඉලයප්පෙරුම පසුගිය 4 වෙනිදා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් තහවුරු කෙළේය. එවැනි ඩී.එන්.ඒ පරීක්ෂණයක් කෙළේ තජුඩීන් මියයාමෙන් පසු සිදුකළ මරණ පරීක්ෂණ වාර්තාව සහ ඔහුගේ සිරුර මිහිදන් කර තිබූ ස්ථානයෙන්  ගොඩ ගැනීමෙන් පසුව සිදු කළ පරීක්ෂණ සමාන ද යන්න සොයා බැලීම සඳහාය. 

එමෙන්ම සිරුර ගොඩ ගැනීමෙන් පසුව කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි විශේෂඥ වෛද්‍ය අජිත් තෙන්නකෝන්, විශේෂඥ වෛද්‍ය ජීන් පෙරේරා සහ අතිරේක අධිකරණ වෛද්‍ය නිලධාරි විශේෂඥ වෛද්‍ය එස්.පී.ඒ හේවගේ යන විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් විසින් සිදුකරන ලද මරණ පරීක්ෂණ වාර්තාවද එදිනම අධිකරණයට වාර්තා කළ අතර ඉන් කියා සිටියේ ඔහුට පහරදී දුර්වලකොට මගී අසුනේ තබා අනතුර සිදුවීමට ඉඩ සලස්වා ඇති බවයි. ඔහු රථය එළවා නැති බවද  තහවුරු කෙරිණ. මරණයට හේතුව ගෙළ ප්‍රදේශයට, පපුවට සහ කකුල්වලට සිදුවී ඇති තුවාල හේතුවෙන් ඇති වූ ප්‍රතිවිපාක සහ ඉන්පසු ඇති වූ ගින්නේ ප්‍රතිවිපාක බව වෛද්‍ය මන්ඩලය වාර්තා කර ඇත. ඒ අනුව, ගිනි ගැනීම මරණයට ස්වල්ප වේලාවකට පෙර හෝ මරණය සිදුවෙමින් තිබූ කාලය තුළ සිදුව ඇති බවත්, ගිනි ගැනීම නිසා මරණය සිදුව නැති බවත් ඒ අනුව මෙය මිනීමැරුමක් ලෙස සහතික කර ඇත.

කෙසේ වෙතත් මෙකී වාර්තාව නිකුත් වීමත් සමග මරණය සිදු වූ දා පරීක්ෂණ විකෘති කිරීමට නියෝග කළ විශ්‍රාම ලත් කුප්‍රකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක අත් අඩංගුවට ගත යුතු වනවා ඇත. 

අදාල වාර්තා දැන් අධිකරණයට බාර දී ඇති බැවින් ලබන සතියේ තජුඩීන් ඝාතනයට අදාල සැකකරුවන් වන ජනාධිපති ආරක්ෂක අංශයට සම්බන්ධ අයද අපරාධයක තොරතුරු වසන් කිරීම යටතේ හාන්ස් විජේසූරියද රාජපක්ෂ කෙනෙක්ද අත් අඩංගුවට ගැනීමට බොහෝ විට ඉඩ කඩ පවතී.

---------------------------
by     (2015-12-06 02:49:42)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  4 discussion on this news

E-news ekata veradila. podiewun hera loku evun ekekwath ath adanguwata ganne neha. agamethi thuma samaga rahashigatha sakachchawath eka wenna ethi
-- by susan on 2015-12-06

ඩයලොග් අධිපති හංස විජේසූරිය (ඔහුගේ සැබෑ සිංහල නම හංසයි. එය මොඩ් මදි නිසා ඉංග්‍රීසි ඌරුවට හාන්ස් ලෙස පසුව වෙනස් කර ඇත) මැදමුලන මෘග චෞර ඒකාධිපති මරාගේත් ඔහුගේ සොහොයුරු මිනීමරු ගෝරාගේත් සට්ටැඹියෙක් ලෙස කටයුතු කල පුද්ගලයෙකි. ඔහු මරාගේ පාලන සමයේ ඩයලොග් ගනුදෙනුකරුවන් සුරා කමින් ඉපයූ මුදල් නිර්ලෝභව ජනාධිපති කාර්යාලයේ ව්‍යාපෘති වලට ලබා දුන්නා පමණක් නොව ( මේ ව්‍යපෘති ගැන "ඩයලොග් සමාගමේ සහ ජනාධිපති කාර්යාලයේ සත්කාරයක්" යනුවෙන් ඒ දිනවල කොළඹ පෝස්ටර් ගසා තිබුනා ඔබට මතකද?) මෙහි සඳහන් පරිදි ගෝරාගේ නීති විරෝධී ඔත්තු සේවාවන්ට ඩයලොග් සමාගමේ ජංගම දුරකථන වලට සවන් දීමටත් ඒවායේ තොරතුරු ලබා ගැනීමටත් පහසුකම් රහසිගතව සපයා දුන්නේය. හාන්ස් විජේසූරිය හිටපු විගණකාධිපති පී.එම්.ඩබ්. විජේසූරියගේ පුත්‍රයෙකු වනවාට අමතරව මරාගේ උපදේශක යුවලක් වූ සුනිමල් ප්‍රනාන්දු සහ ශාන්ති ප්‍රනාන්දු ගේ බෑණනුවන්ද වේ. සමහර විට මරාට සහ ගෝරාට සේවය කිරීමට හේතුව සිය මාමණ්ඩිය මරාගේ උපදේශකයෙක් වීම විය හැක.වෙනත් ජංගම දුරකථන සමාගම් ජනාධිපති ආරක්ෂක අංශයට සම්බන්ධ පුද්ගලයන් සතුව තිබූ සිය දුරකථන වලින් ලබා ගත් ඇමැතුම් පිලිබඳ විස්තර ලබාදී තිබියදී, ඩයලොග් සමාගමේ දත්ත මැකී ඇතැයි කීම අමූලික බොරුවකි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැන් කළ යුත්තේ අධිකරණ නියෝගයක් ගෙන ඩයලොග් සමාගමේ සර්වර් සහ ඒවායේ පැරණි දත්ත අඩංගු පටි/තැටි සිය භාරයට ගෙන පරිඝනක විශේෂඥයන් ලවා ඒවා පරීක්ෂා කරවීමයි.
-- by Deshapriya on 2015-12-06

We can see how strong the backbone of the Judiciary.
-- by Indrajith on 2015-12-06

Dr Hans has done lot of things to improve the telecommunication industry in the country. So please think of that too when you comment. We should not forget the things he has done....
-- by Sarojanie on 2015-12-07

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links