~

අහෝ අර්ජුන නමැති බොරු හිල..! කටේ සවුදම නොමැත වැඩ වල.!!

(ලංකා ඊ නිව්ස් -2015.දෙසැ.13, ප.ව.11.45) පසුගිය දා රූපවාහිනී නාලිකා කිහිපයකම පළ වූ වරාය ඇමැති අර්ජුන රණතුංග ගේ නොමනා ක්‍රියා කලාපය සහ වරාට තුල සිදුකරන වංචා දූෂණ ඔහු වාසය කරන මෝදර පිහිටි නිල නිවසට මිලියන 3.9 ක් වියදම් කර අලුතින් ඉදිකිරීමක් සිදුකරන බවට ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති කළ ප්‍රකාශය දුටු විට අර්ජුන රණතුංග ගැන මා දන්නා දේත් ජනතාවට දැන ගැනීමට සැලැස්වීම යුතුකම් ලෙස හැඟුණි. ඒ ඔහුට මඩ ගැසීමක් ලෙස නොව මහජන ඡන්දයෙන් පත් වූ මහජන නියෝජිතයන් ගැන මහජනතාව දැන ගත යුතු නිසාය. මා මෙහි කියනා දේ සියයට සියයක්ම සත්‍ය බවද ඉඳුරා පවසමි.

අර්ජුන රණතුංග ඔහුගේ අතීසාර මිත්‍රයෙකු වන පොල්හේන්ගොඩ උද්‍යානයේ අංක 21/8 කොළඹ 05 පදිංචි දියගහ විතානගේ විමලසිරි සහ තවත් කිහිප දෙනෙකු සමග කොළඹ පිහිටි චීන අවන් හල් වලට නිතර පැමිණේ. එහිදී විමලසිරි නමැත්තා කැපී පෙනෙන ප්‍රධාන චරිතයක් ගනී. විමලසිරි හා අර්ජුන වසර කිහිපයක සිට ගජ මිතුරෝ වෙති. මෙකී විමලසිරි හිටපු ඇමැති මර්වින් සිල්වාගේ සම්බන්ධීකරණ ලේකම් වරයෙකු ලෙසද සේවය කළ අතර මොහුට කිසිදු අධ්‍යාපන සුදුසුකමක් නොමැත. සහජයෙන්ම පවතින වාචාලකම සහ කපටිකම මොහුට ආශිර්වාදයක් වී ඇත. මෙම විමලසිරි මර්වින් සිල්වාට හොර ගැහැණුන් සැපයීමත් කප්පම් මුදල් එකතු කිරීමත් සිදුකෙළේය. මර්වින් සිල්වාගේ විකෘති ලිංගික ඇසුරවල් ගැනද මෙකී විමලසිරි මත් පැනින් මත් වූ අවස්ථාවල පවසයි.

විමලසිරි දැන් අර්ජුනවත් ගොනාට අන්දවාගෙන වරාය සුද්ධ කිරීම ආරම්භ කර තිබේ. රටට වෙස් මුහුණක් දමාගෙන සිටින අර්ජුන රණතුංග ද මුදලට ඉතා ගිජු, මාන්නාධික, ඔළුව ඉදිමුණු චරිතයකි. නමුත් විමලේ කියන ඕනෑම දෙයක් කිරීමට අර්ජුන සැදී පැහැදී සිටී. වරායේ වැඩ බාර ගන්නා විට අර්ජුන පැවසුවේ වරායේ දූෂණ හා හොරකම් හෝදන්න මුහුදේ වතුර මදි කියාය. නමුත් දැන් අර්ජුන සහ විමලේ කරන දූෂණ හොරකම් හෝදන්නට සත් සමුදුරේම වතුර මදිවෙමින් තිබේ. කොහොමටත් රණතුංග පවුලම මුදල් පසුපස හඹා යන පවුලකි. රෙජී රණතුංග සතොස නියෝජ්‍ය ඇමැති ධූරය හොබවන කාලයේ එම අමාත්‍යාංශයේ නිතර ගැවසුනු ධම්මික රණතුංග, නිශාන්ත රණතුංග, සංජීව රණතුංග වටේ අල ලූණු සුදුලූණු මුදලාලිලා කැරකීම සුලබ දසුනකි. ඒ ටෙන්ඩර් පාස් කර ගැනීමට ය. 

දැන් වරායේ සභාපති කමට පත් කර ඇති ධම්මික රණතුංග එකළ සිටම එවැනි හාදයෙකි. ඔහු අපොස උසස් පෙළවත් සමත් නැතිව අවුරුදු ගණනාවක් ඇමරිකාවේ වාහන අලෙවි මධ්‍යස්ථානයක සේවය කළ අයෙකු බව දනිමි. පවුල් පාලනයට තදින් විරුද්ධ වූ අර්ජුන රණතුංග දැන් රණතුංග පවුල පෝෂණය කිරීම ආරම්භ කර ඇත. නිශාන්ත රණතුංග ක්‍රිකට් පාලක මණ්ඩලයට රිංගවා ගැනීමට පිඹුරුපත් සකස් කරමින් සිටී. අර්ජුන නිතරම පවසන්නේ “මා සමග හොරකම් නම් කරන්න හදන්න එපා මට හොරකම පේන්න බෑ හොරකම් කරල අහුවුනොත් මගෙන් කිසිම සමාවක් නෑ“ ආදී පොර ටෝක්ස් ය. මේවා අර්ජුන පවසන්නේ මුඛයෙන්ද? අධෝ මුඛයෙන්ද? කියා සිතේ. මන්ද යත් අර්ජුන විමලේ ලවා දැන් වරායේ සිදුකර ගෙන යන මහා පරිමාණ හොරකම් ගැන දන්නා නිසාය. 
අර්ජුන වරායේ පළමු හොරකම ලෙස කරන්නේ කොම්පඤ්ඤවීදිය කිව් පාරේ පිහිටි වරායේ පුහුණු මධ්‍යස්ථානය පවත්වාගෙන යන ස්ථානයේ ගබඩා කර තිබූ මහින්ද රාජපක්ෂ කාලයේ චීන පරිත්‍යාගයක් ලෙස ලැබී තිබූ දැවැන්ත වේදිකාව සහ එහි උපාංග හිටපු පා.ම. රුවන් රණතුංගට අයත් ලොරි රථ වල අංක තහඩු වෙනස් කර එම භූමියෙන් ඉවත් කරගෙන යෑමයි. දැන් ඒවා රුවන් රණතුංගගේ කඩවත පිහිටි බියර් ගබඩා සංකීර්ණයේ සඟවා තබා ඇත. එම වේදිකාව මහින්ද රාජපක්ෂගේ පුද්ගලික බූදලයක් නොව වරාය සතුව තිබූ දේපොලකි. මෙම වේදිකාවේ වටිනාකම රුපියල් කෝටි 22 කි. දැන් එම වරාය වේදිකා භාණ්ඩ බාරව සිටි වරායේ සේවක වැලිගම නමැත්තා අමාරුවේ වැටී තිබේ.

ඉහත කී රුවන් රණතුංග ගැනද හැඳින්වීමක් කළ යුතුය. රුවන් රණතුංගගේ මුදල් පොලියට දෙනු ලබන්නේ පෙර කී විමලසිරි හරහා ය. විමලසිරිද ඉන් ගානක් කපා ගනී. මේ හේතුව නිසා මෙම භාණ්ඩ සොකරම් කිරීමට ඔහුව ගාවා ගත්තේය.

තවද අර්ජුනයේ ඥාති සොහොයුරන් රාශියක් වරායේ විවිධ තනතුරු වලට රිංගවා තිබේ. ඔවුහු නම් මංගල ගුණසේකර, අජිත් ගුණසේකර, නාථ ගුණසේකර, අශෝක ගුණසේකර වෙති. අජිත් ගුණසේකරගේ අයියා අශෝක ගුණසේකරය. ඔහු මඳක් හොඳය. අර්ජුනගේ වැඩ පිලිවෙල ගැන කලකිරුණු අශෝක ගුණසේකර වරායෙන් ඉල්ලා අස්විය. අජිත් ගුණසේකර මත්පැනට ගිජු සල්ලාලයෙකි. වරායේ පරණ යකඩ, කේබල්, පරණ ටයර් එලියට දීමේ කොන්ත්‍රාත්තුව නාථ ගුණසේකර සමග එකවු කරගෙන යන්නේ අජිත් ය. මංගල ගුණසේකර අර්ජුනගේ සම්බන්ධීකරණ ලේකම් ය. මොහු වරායට එන්නට පෙර සිටම මුදල් අයථා ලෙස ගණුදෙනු කිරීම් වලට සහ නොයෙකුත් ප්‍රශ්න ඇතිකර ගත් පුද්ගලයෙකි. මංගල සහ පෙර කී විමලසිරි රාත්‍රී සමාජ ශාලා අතහරින්නේ නැත.

වරායේ තතු දන්නෝ පවසන්නේ දැන් වරායට තේ කොළ, හාල් ආදිය සපයන්නේ ද විමලසිරිගේ හිතවතුන් බවයි. වරායේ සැපයුම් කරුවන් මෙකී විමලසිරිගේ හිතවතුන්ගෙන් භාණ්ඩ රැගෙන සපයයි. තේ කොළ සපයන්නේ ඩෙල්ටා ස්ටේට් සමාගමේ චමින්ද ය. හාල් සපයන්නේ පොලොන්නරුවේ මලයාගේ හාල් මෝලකිනි. විමලසිරිගේ දියණියගේ නමින් ඇති ටිනුෂි ෆුඩ් සෙන්ටර් ආයතනයෙන් චීන සමාගමට දිවා රාත්‍රී ආහාර සපයයි. විමලසිරිගේ තවත් හිතවතෙකු වන අචලා අලස්ගේ ස්වාමියා මේජර් අලස්ට හම්බන්තොට වරායට අවශ්‍ය පුද්ගලික ආරක්ෂකයන් සැපයීම බාර දී ඇත. හිටපු අය ඉවත් කර තිබේ. නාරාහේන්පිට කොතලාවල පිරවුම් හලේ අයිතිකරුටද ආරක්ෂකයන් සැපයීමේ කොටසක් බාර දී තිබේ. (මෙය නම් පුවත් පත් වලද පළවිය) මේ සියළු දෙයින් අර්ජුන රණතුංගගේ කොටස වෙනම ඔහුට යනු ලැබේ.

අර්ජුන රණතුංග ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ධූරය දැරූ මාස 11 ක කාලයේදී ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරීන්ට දෙනු ලැබූ දිවා ආහාර වේල සපයන ස්ථානයද වෙනස් කොට විමලසිරිගේ හිතවතෙකුගේ කොළඹ 05, පාර්ක් පාරේ, කෝල්ට්ස් ක්‍රීඩාංගනය අසල පිහිටි ඉතා අපිරිසිදු ස්ථානයකින් කෑම පැකට් දෙන කොන්ත්‍රාත්තුව ලබා දුන්නේය. එම කෑම පැකට් තුල සිගරැට් කොට ලණු කැබලි තිබී හසුවිය.

අර්ජුන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සිටියදී එක් විදේශ කණ්ඩායමක් දිවයිනට පැමිණ ක්‍රීඩා කරන අවස්ථාවේදී එම රක්ෂනය අර්ජුනගේ පී ඇන්ඩ් ඒ නමැති රක්ෂණ අතරමැදි සමාගමට ලබා දීමට ගොස් ඇන ගත්තේය. මන්ද යත් එම කණ්ඩායම ක්‍රීඩා කර ඇත්තේ රක්ෂණයක් නොමැතිව ය. ක්‍රීඩකයන්ගේ වාසනාවට අනතුරක් සිදු නොවූ අතර අනතුරක් සිදුවූවා නම් ලංකාවට දෙයියන්ගේම පිහිටය. මේවා දන්නේ ඉතාම ස්වල්ප දෙනෙක් පමණි. 

අර්ජුන තම මෑණියන්වද ගොනාට අන්දවාගෙන සිටී. ඇය සිතන්නේ තම පුතා ඉතා සුද්ධවන්තයෙකු කියා ය. ජාතික ගීය ගැයෙන විට පපුවට අත තබා ගන්නා විට ලාංකිකයෝ සිතන්නේද මොහු තරම් රටට ආදරේ පොරක් තවත් නැත කියා ය. දකින අයට පෙනෙන පරිදි උත්සව අවස්ථාවලදී වයින් පානය කරනු ලබන වීදුරුවකට වයින් බොනවා සේ මත්පැන් දමා හොඳට කලවම් කර පදම් වන අර්ජුන ඉන්පසු රස කථා මවයි. නොදන්නා අයට නම් අගනේය. 

විවාහ වන වයසේ දියණියක සහ පුතෙකු සිටිනා අර්ජුනට දැන් අලුත් පෙම්වතියක් විමලසිරි විසින් සොයා දී ඇත. ඇය නමින් බි-----කා ම---ෂා  ක-------ය. කොළඹ හතේ පදිංචි පුද්ගලයෙකුගේ බිරිඳකි. විමලසිරි මේ සුරූපී කාන්තාව නිතර නිතර අර්ජුනට මුණගස්වා සම්බන්ධය ගොඩ නගා ගැනීමට උදව් කෙළේය. අර්ජුන බි------කා ප්‍රේමය හෙලිවීමත් සමග ස්වාමියා බිරිඳව ගෙදරින් පන්නා දැමුවේය. දැන් යන එන මං නැතිව සිටින ඇය අර්ජුන රණතුංග විසින් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව පිටුපස ලොන්ඩන් පෙදෙසේ පිහිටි වරාය නිවසක රඳවාගෙන පෙම් සුව විඳී. 

සුපිරි යයි කියාගන්නා අර්ජුන රණතුංග ගැන මා හෙලි කෙළේ මා දන්නා දෙයින් ඉතාම ස්වල්පයකි. තව බොහෝ දේ ඉදිරියේදීත් ජනතාවට හෙලිකිරීමට බලාපොරොත්තු වෙමි. මන්ද යත් ඉදිරියේදී අර්ජුන රණතුංග රජයේ හොරකම් සම්බන්ධ හොඳ පුවත් මවන්නෙකු වන බව ඉඳුරාම කිවහැකි නිසාය.

ගරු ජනාධිපති තුමාගෙන් සහ අගමැති තුමාගෙන් මා ඉල්ලා සිටින්නේ වෙස් මුහුණක් දමාගෙන අර්ජුන රණතුංග සිදුකරගෙන යන මේ මහා පරිමාණ සොරකම් ගැන සොයා බලා තවදුරටත් මෙවැනි දේ සිදුවීමට ඉඩ නොතබන ලෙසයි. ජනතාව බලාපොරොත්තු වූයේ යහපාලනයකි. ජනතාවගේ බලාපොරොත්තු නැති නොකර යහපාලනයට ඡන්දය දුන් ජනතාවට සාධාරණයක් ඉටු කරන මෙන් ජනාධිපතිතුමාගෙන් සහ අගමැතිතුමාගෙන් ඉල්ලා සිටිමි. ( මෙය චරිතයකට මඩ ගැසීමක් නොව මා දන්නා සත්‍ය ලංකා ඊ නිව්ස් හරහා රටේ සුබ සිද්ධිය වෙනුවෙන් ජනතාවට එලිදරව් කිරීමක් පමණි.) 

-මාධව කුරුඳුවත්ත විසිනි-

(අර්ජුන රණතුංග ඇමැතිවරයාට මෙහි දැක්වෙන චෝදනාවන්ට පිලිතුරක් දීමට ඇත්නම් ඒ සඳහා ඉඩ කඩ විවර බව කරුණාවෙන් දන්වා සිටිමු -ලංකා ඊ නිව්ස්)

---------------------------
by     (2015-12-14 00:08:39)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links