~

දේදුනු විප්ලවය ඇත්තටම දේදුන්නක් වෙන්න නොදී රැක ගනිමු..! ‘ජෙනරල් ස්ට්‍රයිකය‘ගැන විමල්ගේ විග්‍රහයට පාඨක ප්‍රතිචාරයක්..!

(ලංකා ඊ නිව්ස් -2015.දෙසැ.15, පෙ.ව.11.40) කර්තෘ තුමනි, ඉහත ලිපියට පිලිතුරු ලෙස දේදුනු විප්ලවය ඇරඹි දා සිට ඊ නිව්ස් බලනා මාගේ පහත ලිපිය පුරවැසියෙකුගේ හඬක් ලෙස පල කරන්නේ නම් කෘතඥ වෙමි.

ප්‍රථමයෙන් තමන්ගේ ප්‍රාණය ගැන අබමල් රේණුවක තරම්වත් තැකීමක් නොකොට ලියනා මෙකී  විමල් ධීරසේකර නමැති ලියුම්කරු පැසසුමට ලක් කරමි.

මොහුගේ “මල්ටි බැරල් කැටපෝල සමග සමන්ලා සහ සිමංලාගේ ජෙනරල් ස්ට්‍රයිකය“ නමැති ලිපිය මගින් ඉතාමත් අනුකම්පා විරහිත ලෙස දේදුනු විප්ලවය වෙනුවෙන් පක්ෂවද, විපක්ෂවද, ද්‍රෝහීවද ක්‍රියා කල සියල්ලෝම කිසිදු විභේදනයකින් තොරව රුදුරු විවේචනයකට පත් කොට ඇත. 

එසේ කොට ඇත්තේ විශේෂයෙන් දේදුනු විප්ලවය වෙනුවෙන් දැඩි කැප කිරීම් කල මුත් අද විවේචනයට පාත්‍රව ඇති ජාති මාමකයින් හා ඇති කිසිදු වෛරයක් හෝ ක්‍රෝධයක් නිසා යැයි සත් පුරවැසියෙකු ලෙස මටනම් නොහැඟේ. මීට වඩා මඳක් සුමටව කීවා නම් හොඳ නමුත්.. කොළුවා කලාතුරකින් උනත් ලොකු මොට්ට වැඩක් කලොත් අම්මා ආදර ටොක්කක් ඇන්නාට කමක් නැත්තේ ඉන් මතු කවරදාකවත් කොළුවාට ඒ ටොක්ක අමතක නොවනා නිසාය....

ඒ වගේම ප..යා කියා රටේ උත්තරීතරම ආයතනය තුලදී තමන් හට නිග්‍රහ කල ප්‍රතිවාදියා හා අවෛරීව තමා ‘සුහද කොකා‘ හා කිසිදු විරසකයක් නැතැයි ප්‍රකාශ කිරීමට තරම් නිහතමානී බහුශ්‍රැත අගමැතිවරයෙකු ඉහලම පරමාදර්ශයක් සපයා ඇති දේදුනු යුගයකදී විප්ලවකාරීන් සිදුකල යුත්තේ කුමක්දැයි සත් පුරවැසියෙකු ලෙස මා හට වැටහෙන දේ පෙන්වා දීමටයි කල්පනා කලේ... (මෙහිදී මා පක්ෂග්‍රාහියෙකු නොවන්නේ මා කිසිදා වත්මන් අගමැතිවරයාට පක්ෂව ඡන්දය පාවිච්චි කර නොමැති නිසාය)

විමල් ධීරසේකර නම් ලියුම්කරුගේ හඬට සැවොම සවන් දිය යුතු වන්නේම විප්ලවවාදී ඔබ සැවොම පොදු ජනතාව වෙනුවෙන් සටන් වදිනවා යැයි රට ඉදිරියේ ප්‍රකාශ කරනා නිසාය...

“ඔහු සුද්දාට එරෙහි වුවද අහල ගං හතකවත් සුද්දෙකු නොසිටි ඔහුගේ නිවස අසල කැලයෙන් එකල බට තුවක්කුවට ඕනෑ කිරිල්ල ගෙඩියක් හෝ කඩා ගැනීමට අපට හැකියාවක් නොතිබුනේ ගංදස්කාරය ඉවසා ගත නොහැකි නිසාය“

ඉහත උපහැරනය මගිනුත් පහත ඡේදය මගිනුත් තම ලිපිය පුරාමත් එය අවසානයේදීත්.....

“එදා බ්‍රිතාන්‍ය සුද්දා ලංකාවට පැමිණ තමන් දැන සිටි ශිල්ප ශාස්ත්‍ර ක්‍රම අඩුවක් නැතිව ලංකාවේද උත්පාද කිරීමට මහන්සි විය. ඒවා සිමං වැනි ලාංකීය අර්ධ ගණ ගෝත්‍ර සමාජය දුටුවේ මහා භයානක ව්‍යයසන ලෙසය. නමුත් අද වන විට අන්තවාදී සිමං ලා නොවන දැනුම් තේරුම් ජනතාවට, වූයේ කුමක්ද? ඉදිරියට විය යුත්තේ කුමක්ද ? යන්න ගැන අවබෝධයක් තිබේ.“

.......මෙම ලියුම් කරු ප්‍රබල උත්සාහයක නිරතව ඇත්තේ දේදුනු විප්ලවයේ කිසියම් හෝ උරුමක්කාරයින් මේ අතර සිටින්නේ නම් ඒ අයගේ විඥානය අවධි කරවීම පිනිස මිස කෘතගුණ අමතක කිරීමක් නොවන බවට විශ්වාසය. මා එසේ සිතන්නේ ඇයි...?

අපේ අති ගෞරවනීය සෝභිත මාහිමිපානන් දිවිහිමියෙන් පැතූ (ජාති, ආගම්,කුලමල කිසිදු භේදයකින් තොර) සාධාරන සාමාජයක් - අවිහිංසාවෙන්, පෑන් තුඩින්, දිනා ගැනීමට අවංකව වෙර දරන්නෙකුගේ හද පත්ල කැඩපතක් සේ දෘශ්‍යමාන වන නිසාය.

එසේනම් සිත් රිදීම් ඇති වුනානම් ඒ තුලින් පසු තැවිලි නොවී ඉහත ලියුම් කරු පෙන්වාදෙනු ලබනා මාවතේ සැවොම ඉදිරියට යායුතුම වන්නේ ඇයි..?

මේ ලියනා කියවනා අප සැවොම පොඩිහිටියන් නොව වැඩිහිටියන්ය. අඩුවැඩි වශයෙන් අප සැවොම ඉතාමත් ඛේදණීය, කාලකණ්නි, අභාග්‍යය සම්පන්න දශක (යුග) ගණනාවක් හමාර කොට ක්ෂේම භූමියක් පේන මානයකට ලඟා වී සිටිමු.

අපි බොහො දෙනාට දැන් මේ මොන ඉටිගෙඩිය ලැබුනත් මෙලෝ රහක් නැත. ජීවිතයක වටිනාම යුගය රටක සිටි පාපතරයින් නිසා නිස්කාරනේ ගෙවිලා ගිය අහිංසක වැඩිහිටි ජනතාවට දැන් ඉතින් අපි පැතූ ලෝකය ලැබුනත් එකයි.. නැතත් එකයි.. ජීවිතේ ඉතුරු ටිකත් ඔහේ ගෙවිලා ගියාවේ කියල අපිට හිතන්න බැරිවෙලා තියෙන්නේ ඇයි.....?

කාලකන්නි පාපතරයින් හට හැඟීමක් නැති උනාට සත්පුරවැසි කොයි වැඩිහිටියටද රටේ, ජාතියේ, අපේ මතු පරපුර ගැන කැක්කුමක් නැත්තේ.. 

ඉතින් ඝණ රළ පරයා විවිධාකාරයේ කැප කිරීම් කර අපි හැමෝගේම ජීවිතවල වටිනාම යුග යලි නොලැබෙන සේ කැප කර දිනා ගත් මේ දේදුනු විප්ලවය ඇත්තටම දේදුන්නක් වෙන්න නොදී රැක ගනිමු, තව තවත් ශක්තිමත් කරල. පිංසිද්ධ වෙයි...

එහෙමනම් කොයි කවුරුත් මෙම ලියුම් කරුගේ විවේචන නිහතමානීවද උපේක්ෂා සහගතවද මැදහත් සිතින්ද අවෛයිරීවද භාරගෙන අවශ්‍ය තන්හිදී අත්‍යවශ්‍යයෙන්ම එරෙහිව යහ පාලකයින්ගේ නෙත් අවධි කරවමින්ද අපි හැමෝගේම පොඩි උන්ට අභිමානයෙන් විසිය හැකි රටක් හදමු... කරුණාකරල..!

නැත්තම් වැඩිහිටි අපි වගේ මේ කුරිරු සමාජයේ තෙම්පරාදු වෙලා පලපුරුද්දක් නැති පොඩි උන්ට උපන් රට දාල යන්න හිතේවි දවසක....

රටේ කවුරුත් එකඟනම් සහ රට කාපු හොරු රැලත් එකඟ නම් දැන්වත් නීච නොවී, සත්පුරවැසි අවෛරී ජනතාව වශයෙන් අපි මේතාක් කල් කැප කලා සේ සැවොම එක්ව දැන්වත් රට ගොඩ ගන්නට අධිෂ්ඨාන කර ගන්නවානම් අවසන් කැප කිරීමත් සිදු කිරීමට සූදානම් බව පසක් කරමි.

එය නම්.... යුද්ධයේදී වැරදි කල අය හට ඒ වැරදි පාපෝච්චාරනය කොට සමාව ලබා ගැනීමේ වැඩ පිලිවෙලක් පිලිබඳ පසුගියදා අගමැති තුමා සිදුකල යෝජනාව සේ පසුගිය යුගයේ අඩු වැඩි වශයෙන් රටේ ජනතාවගේ හොරකම් කල ධනය සම්බන්ධයෙන් චෝදනා ලැබ ඇති සියල්ලෝම රහසිගත අධිකරණයක් හමුවේ හෝ පාපෝච්චාරනය කිරීමට ඉඩ සලස්වා සමාව දී මේ සියල්ලෝම යහ පාලනයට වෛර කර කර සිටීමෙන් මුදවා මොවුන්වද දැන්වත් රටේ ජාතියේ යහපත වෙනුවෙන් දායක කරගැනීමට මෛත්‍රී සහගත සිතින් ආයාචනය කරමු. ඒ මේ අය රටට ජනතාවට සිදුකල විනාශය පහසුවෙන් අමතක කල හැකි නිසා නොව...

අවුරුදු ගණන් නඩු අසා මුන් හොරකම් කල ජනතාවගේ ධනය අත්පත් කර ගන්නකන් බලන් ඉන්න අපි කාටවත් දැන් කාලයක් ඉතුරු වෙලා නැහැ. අනික හොරකම් කරන්නම දේශපාලනයට අවතීර්න වන මේ තක්කඩි අහුවෙන්න හොරකම් කරලත් නෑ. සාමාන්‍ය පෙළ අසමත් උනාට හොරකමට නම් උපාධි තියෙනවා. අනික සත්පුරවැසියන් විදියට අපි දන්නවා අප මහ බෝසතානෝ වදාල සත්‍යය. හොරකම, බොරුව, චංචාව, තක්කඩිකම, හිංසනය, යන මේවා සිදු කළ කිසිවෙකුගේ හෘද සාක්ෂිය ඔවුන්ට සැනසීමකින් විසීමට නම් ඉඩක් මරනයෙන් මතුවටවත් නොලැබෙන බව ඒකාන්තයි...

ඒවා අපි කියන්න ඕනා නැහැ දෙයියෝම බලා ගනීවි.....

ස්තුතියි.
මා සත්පුරවැසියෙක්

 

සබැඳි ලිපිය - “මල්ටි බැරල් කැටපෝල සමග සමන්ලා සහ සිමංලාගේ ජෙනරල් ස්ට්‍රයිකය -විමල්ගේ විග්‍රහය“

---------------------------
by     (2015-12-15 07:02:56)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  1 discussion on this news

සුබවාදී අදහස වටිනවා නමුත් යෝජනා කරන දෙය ප්‍රායෝගික නැහැ මොකද යුද්දයකදී යුද්දයට සම්බන්ද වෙලා හිටපු කෙනෙක් පමණ ඉක්මවා කටයුතු කිරීම යම්තාක් දුරට සාදාරනී කරණය කරන්න පුළුවන්, එයා වැරැද්ද කරේ යුද වාතාවරණයක් තුල නිසා අනිත් අතට දැනට යුද වාතාවරණයක් නැති නිසා එයාට නැවත එම වැරැද්ද කරන්න ඉඩ නැති නිසා, නමුත් හොරු එහෙම නෙවෙය් හොරාට පව් සොදායන්න අවස්තාවක් ලැබුනාට එක ප්‍රයෝජනයට අරගෙන හොද මගට එන්නේ නැහැ, හොරාට අවශ්‍ය හොරකම් කරන්න අවශ්‍ය පාලන ක්‍රමයක් ඉස්තාපිත කරගන්න. අනික් බයානම පැත්ත හොරෙක් හොද මගට ආවත් හොර පාලන ක්‍රමයක් තුල තියෙන රටට අහිතකර බොහෝදෙ සාමාන්‍ය දේවල් හැටියට හිතලා කටයුතු කරනවා, මේ මානසික තත්වය හොරුන් සමග වැඩකරන හොද මිනිස්සු තුල පවා ඇතිවෙනවා උදා හරණයක් හැටියට වර්තමාන ජනාධිපතිවරයා හොරුත් එක්ක වැඩ කරපු හොරකම් නොකරපු පුද්ගලයෙක්, දැනට එතුමා කොච්චර හොද වැඩ කරත් එතුමා පරණ පුරුද්දට දුශිතයෝ ඉවසනවා දුෂිතයන් සමග වැඩ කරනවා. එක නිසා දුෂ්ඨයෝ කරන දුෂිත වැඩ යහ පාලනයට බාදාවන හැටි ඊ නිව්ස් පාටකයෝ හැමෝම දන්නවා එක නිසා, හොරු ගත්ත මහජන මුදල් ලැබුනත් නැතත් හොරුන්ව දෙසපාලනයෙන් ඉවත් කලයුතුමය්. 3210
-- by Sujith on 2015-12-15

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links