(ලංකා ඊ නිව්ස් -2015.දෙසැ.22, පෙ.ව.7.45) රාජපක්ෂලා සමග අමු අමුවේම දූෂණයේ යෙදී සාක්කි තිබෙන බැවින් මුළු රටක්ම විරුද්ධ වෙද්දී එය නොතකා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකාවේ ගුවන් හමුදාපති තනතුරට පත් කරන ලද ගගන් බුලත්සිංහලගේ ‘සිංහලකම‘ බුලත් විටක තරම වත් නොමැති බව ඔහුගේ දියණිය පසුගියදා ලංකාවට පැමිණි බටහිර ජනප්‍රිය ගායක එන්රික් ඉග්ලේසියස් නමැති ගායකයාව ප්‍රසිද්ධියේ පිස්සුවෙන් මෙන් බදාගෙන සිප වැළඳ ගැනීමෙන් තහවුරු කරන ලදැයි ගුවන් හමුදාවේ නිලධාරීහු පවසති.
ලතින් ඇමරිකානු පොප් ගායක එන්රික් ඉග්ලේසියස් සිය ප්‍රථම ආසියානු සංචාරය ලෙස පසුගියදා කොළඹදී ප්‍රසංග දැක්වූ අතර එය අවසාන වීමට යද්දී වේදිකාව පිටුපස සිට කඩා වැදුනු තරුණියක් පිස්සුවෙන් මෙන් ගායකයාව බදා ගෙන සිප වැළඳ ගත්තාය. එම සිද්ධියෙන් පසු ගායක තෙමේ යලි වේදිකාවට පැමිණියේද නැත. පසුව ඒ පිස්සු තරුණිය කාගේ කව්දැයි සොයා බලද්දී දැන ගන්නට ලැබී ඇත්තේ ඇය ගගන් බුලත්සිංහල ගුවන් හමුදාපතිවරයාගේ දියණිය අයේන්ද්‍රා බුලත්සිංහල බවයි.
මෙම සිද්ධිය සාමාන්‍ය තරුණියකගේ නිදහස් හැසිරීමක් ලෙස තක්සේරු කළ නොහැක්කේ ඇයගේ පියා රටේ ගුවන් හමුදාපතිවරයා වීම නිසාත් ගගන් බුලත්සිංහල ගුවන්හමුදාපතිවරයා කරවීමට ඇයද ඉතා විශාල වැඩ කොටසක් ඉටු කර ඇති නිසාත් යැයි චෝදනා කරන්නෝ පවසති.
දහසක් චෝදනා තිබියදී ගගන් බුලත්සිංහල ගුවන් හමුදාපතිවරයා කෙළේ මෙකී දියණිය විවාහ ගිවිස ගෙන ඇති තරුණයා වන කුප්‍රකට ජාවාරම් කරුවෙක් වන වෑගපිටිය නමැත්තාගේ පුත්‍රයා බැවින් වෑගපිටියට සහ ගගන් බුලත්සිංහලට ගුවන් හමුදාවේ සියළු බිස්නස් ටික අතට ගැනීමේ වුවමනාවට ය. වෑගපිටිය යනු මෛත්‍රීපාල සිරිසේනගේ කලු සල්ලි මෙහෙයවන පුද්ගලයා වන අතර මෛත්‍රීපාල සිරිසේන වෑගපිටිය කියන ඕනෑම දෙයක් කරන ගානට වැටී ඇත. එබැවින් වෑගපිටිය තම පුතා කසාද බඳින්නට යන තරුණියගේ පියා ගුවන් හමුදාපති ලෙස පත් කරවා ගන්නේය. ගගන් බුලත්සිංහල ගුවන් හමුදාපතිවරයා වීමෙන් පසු ගුවන් හමුදාවේ මාණ්ඩලික ප්‍රධානියෙකු තවමත් පත් කර නැත. මේ තරම් දීර්ඝකාලයක් මාණ්ඩලික ප්‍රධානියෙකු නොමැතිව ගුවන් හමුදාව කිසිදා පැවතී නැත.
කෙසේ වෙතත් ගුවන් හමුදාපති ගගන් බුලත්සිංහල තම දියණිය ශිෂ්ඨ සම්පන්නව හදාගෙන නැතැයි චෝදනා කරන ගුවන් හමුදාවේ නිලධාරීන් පවසන්නේ දියණිය පිස්සුවෙන් මෙන් පොප් ගායකයා වැළඳගනිද්දී ගගන්ද, වෑගපිටිය සහ පුත්‍රයාද පහත නේපථ්‍යාගාරයේ එම සිද්ධිය බලා සිටිය බවයි.
මේ අතර ඉහත කී ප්‍රසංගය සම්බන්ධයෙන්ද බොහෝ දෙනා චෝදනා කරති. ප්‍රවේශ පත්‍රයක් රු.35000/-, 25000/-, 20000/-, 10000/- වැනි අධික මිල ගණන් වලට විකුණා තිබුණද සමස්ථ ප්‍රසංගය වංචාවක් යයි කියමින් තම මුදල් ආපසු ගෙවිය යුතු යැයි ඔව්හු ඉල්ලා සිටිති. ඊට හේතු වී ඇත්තේ සවස 7.30 ට ආරම්භ කරනවා යයි කී ප්‍රසංගය ආරම්භ කර ඇත්තේ රාත්‍රී 10.30 ට වන අතර රාත්‍රී 11.30 ට අවසන් කර ඇත. ලෝකප්‍රකට ගායකයා තම ගායනා පවත්වා ඇත්තේ පැයක පමණ කාලයක් පමණි. මේ සම්බන්ධයෙන් ගායකයාගේ කළමණාකාරවරුන්ද තම විරෝධතාවය ලංකාවේ සංවිධායකයන් වෙත දක්වා තිබේ.
---------------------------
by (2015-12-22 04:54:07)
Leave a Reply
it was held in CR&FC;
-- by prasad on 2015-12-22
බඳින්නත් කළින් මේ ගෑණිට මේ වගේ පිස්සුවක් තියේනං බැන්දට පස්සෙ කාගෙත් සුන්දරියක් වේවි!
-- by Dilantha on 2015-12-23
ගගන් බුලත්සිංහලට ගුවන් හමුදාපතිකම දෙන්න ඇත්තෙ මිනිහගෙ නමේ තියෙන ‘ගගන්‘ කියන කෑල්ල නිසා වෙන්න ඇති.....
-- by Dilantha on 2015-12-23
රටක ප්‍රධාන හමුදාවක ලොක්කන්ට තියෙන්නෙ ලෝකෙ ඉන්න පුස් ගායකයො ගෙනල්ල සංගීත දැමීමෙ පිස්සුවක් නං ගුවන් හමුදාවට දෙයියන්ගෙ පිහිටම තමයි!
-- by Sonali on 2015-12-23
මේ වෑගපිටිය කියන එකා ඒ දවස්වල කයිවාරු ගැහුවෙ ගෑස් ගොඩක් ලාබෙට දෙන්න ඌට පුලුවන් කියල. පස්සෙදි මූ මහින්ද නීල හොරා එක්ක රටේ මිනිස්සුන්ව හූරගෙනම කෑව!
-- by චාමර on 2015-12-23
ගුවන් හමුදාපතිටත් ඉතිං දූගෙ වෙඩින් එක ලස්ස්ස්ස්සනට ගන්න සල්ලි ඕනනෙ, මොකද යහපාලනෙන් දෙනවද?
-- by Jayantha Nonis on 2015-12-23
වෑගපිටියගෙ පුතා පොන්නයෙක්ද?
-- by වාසු on 2015-12-23
My3 pakayata konadapanathibenawanam mewage kerio lankaraganna baa, poduwe my3 baiyage ponna game
-- by pradeep on 2015-12-23
ගගන ගේ දෝනි රීගන ගාගන...
-- by Lal on 2015-12-24
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි