~

ජනාධිපතිතුමනි.., ගෙදර හිටිය රෝස කැකුළ රෝසා එනවා: තන පටයක් අන්දන්නද? මඩු වලිගෙන් ගහන්නද?

(ලංකා ඊ නිව්ස් -2015.දෙසැ.31, පෙ.ව.7.55) තනපට විසි කරන සංගීත සංදර්ශන තහනම් කරනවා යැයි ජනාධිපති සිරිසේන විසින් අම්පාරේදී කළ ප්‍රකාශය මේ වන විට සමාජ මාධ්‍ය අතර මහත් ආන්දෝලනයකට ලක් වී තිබේ. ගුරා හිට ගෙන කරන දේ ගෝලයා දුව දුව කරනවා කියන කතාව සනාත කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා ද මින් ඉදිරියට ප්‍රසංග වලදී සීමාවක් ඇතිව හැසිරිය යුතු බවත් බීමතින් හැසිරෙන අය අත් අඩංගුවට ගැනීමට ක්‍රියා කරන බවත් ප්‍රකාශ කර තිබුණි. ඉන් නොනැවතුන ජනාධිපති සිරිසේන ‘අන්තර් ජාලය හරහා තමන්ව විවේචනය කරන අය ඉල්ලන්නේ හෙළුවෙන් පාරේ ඇවිදින්නදැ‘යි අසා තිබුණි. පරණ ශ්‍රී ලංකා කාරයෙක් වන නාවින්න ද විදේශීය කලාකරුවන් ගෙන්වීමේදී සීමා ඇති කළ යුතු බවත් වසර 2500 ඉතිහාසයක් ඇති අපගේ හැදියාව විදේශිකයන් ගෙන් ආරක්ෂා කළ යුතු බවත් ප්‍රකාශ කර තිබුණි. 

සුද්දෝ ලංකාවට එන විට මෙහි ගෑණු විසි කරන්නවත් තනපට ඇන්දේ නැති බවත් ඔක්කොම එවුන් උඩු කය නිරාවරණය කරගෙන සිටි බවත්, අක්කා නගෝ එක මිනිහා සමග පවුල් කෑ  බවත්, කසාද බැඳිල්ලක් තිබුනේ නැති බවත්, ගමේ ප්‍රධානියා ගමේ සිටිය හැම ගෑනිටම කෙලිය බවත් මේ මෝඩ ඇමතියා නොදන්නවා විය හැකි වූවාට ඉතිහාසය සනාථ කරන්නේ එයයි.

ජනාධිපති සිරිසේන මේ දඟලන්නේ සංස්කෘතික පොලිසියක් ඇති කිරීමටද යන සැකය මේ වන විට නිදහස් මතධාරීන් අතර ඇති වී තිබේ. සීමිත පිරිසක් හමුවේ ආවෘත ස්ථානයක සංවිධානය කළ ප්‍රසංගයක් තුල සිදුවන සාමාන්‍ය  සිදුවීමක් පවා නොඉවසන, නොදිරවන මට්ටමට ඔහු පත් වී සිටී. ඇත්ත වශයෙන්ම ඔහුගේ පළමු කතාවේ දී තනපට ගලවා විසිකරන ආකාරය අභිනයෙන් පෙන්වූ ආකාරය අනුව එය ලිංගික ඊර්ෂ්‍යාවෙන් පෙළෙන මනෝ රෝගියෙකුගේ විලාසය පෙන්නුම් කෙළේය.

ජනවාරි 8 විප්ලවයට දායක වූ සමාජ කණ්ඩායම් වල ගති ස්වභාවය සහ අභිලාශයන් තේරුම් ගැනීමට ජනාධිපති සිරිසේන නොනවත්වා අසමත් වෙමින් තිබේ. මෙම කණ්ඩායම් වල දියුණු මතයන් සහ පෙනී සිටින නිදහස් හර පද්ධතීන් ග්‍රහනය කර ගැනීමට සිරිසේන ජනාධිපති වරයාට නොහැකි වී තිබේ. සංස්කෘතික විවිධත්වය ග්‍රහනය කර ගැනීමට තරම් පරිනත බවක් ඔහුට නැත. ඒ වෙනුවට ඔහු පෙනී සිටින්නේ ඔහුගේ ජයග්‍රහනය වෙනුවෙන් සපුරා විරුද්ධ වූ මහින්ද ගේ නොදියුණු මතයන් වෙනුවෙනි. තමන්ගේ පෙකනියේ ඇති ගෝත්‍රික, නොදියුණු ශ්‍රීලනිප දෘෂ්ඨියෙන් වියෝ වීමට සිරිසේන ජනාධිපතිවරයා දක්වන නොහැකියාව අනුකම්පා සහගත මට්ටමක් දක්වාම ඇද වැටී ඇත.

අඩු තරමේ තමන් ජයගත් ජනාධිපතිවරණයේදී දේශීය සංස්කෘතිය වෙනුවෙන් කෑ ගැසූ ජැක්සන් ලා ඇතුළු පොකුරම මහින්ද වෙනුවෙන් රෙදි නැතිව පෙනී සිටියදී තමන් වෙනුවෙන් ජීවිත අවදානම දරාගෙන පෙනී සිටියේ සුනිල් පෙරේරා, ධර්මසිරි, සන්නස්ගල, වියන්ගොඩ වැනි අතලොස්සක් වූ නිදහස් මතධාරීන් බව පවා සිරිසේනට අමතක වී තිබේ. ලක්ෂ්මන් විජේසේකර ගුටි කෑ බවක් දන්නේම නැති ගානට වැටී ඇත. ජනාධිපති සිරිසේන හෙට අනිද්දා මේ අයටත් මඩු වලිගයෙන් ගහන්න යෝජනා කිරීමට ද ඉඩ තිබේ.

සංස්කෘතික නිදහස අගයන කිසි කෙනෙක් හෙළුවෙන් පාරේ යන්න ඉල්ලන්නේ නැත. එහෙත් තමන් කැමති සංගීතයක් රස විඳීමට, ප්‍රාසාංගික අවස්ථාවක නර්තනයේ යෙදීමට, සාමූහිකව විනෝද වීමට මෙතෙක් රට තුල තිබූ නිදහසට සිරිසේන අත දමනවාට විරුද්ධය. බෝතලයක් රස විදිමින් මුහුදු වෙරලක අහිංසක වින්දනයක් ලබන තරුණයින් අශෝබන ලෙස හැසුරුනා යැයි අත් අඩංගුවට ගැනීමට ඉඩ විවර වන නීති ඇති කිරීමේ සිරිසේන උත්සාහයට විරුද්ධය. මත්පැන් පානයට එරෙහිව තලේබාන් මාදිලියේ නීති ගෙන එනවාට විරුද්ධය. විශ්ව සංගීතයට එරෙහිව වාරණ පනවනවාට විරුද්ධය.

මේ රටේ කිසිම ජනාධිපති කෙනෙක් මෙලෙස සංස්කෘතික නීති ගෙන ඒමට ක්‍රියා කර නැත. 70/80 දශක වලදී ජෝති, එම්.එස් පදමට ගසා “ගෙදර හිටිය රෝස කැකුල රෝසා” කියමින් වේදිකාවේ රඟන විට, සුනිල් පෙරේරා “දුන්නේ කිස් එකයි” ගායනා කරන විට, එම වේදකාවේම අමරදේව “සසර වසන තුරු” ගයන විට ජේ.ආර් ජනාධිපති වරයා බලා ගෙන සිටියා මිස කෙනෙක් හොඳයි තව කෙනෙක් නරකයි කියන්න ගියේ නැත. එම වේදිකාවේම රාෆි ලා, මන්නාඩේ ලා රස විඳින්නට ද ඉඩ විවර කළේය. වේදිකාවෙන් එලියේ කොල්ලො, කෙල්ලො නටන විට බලා සිටියා මිස සීමා දමන්න ගියේ නැත. වේදිකාවට ගොඩ වී බැරි මර ගාතේ සිංදු කියන්න ගියේ ද නැත. ජේ.ආර් යනු බටහිර සම්භාව්‍ය  සාහිත්‍ය මැනැවින් දත් ශේක්ස්පියර්ව කඩපාඩමින් උපුටා දැක් වීමට හැකි සුධීමතෙකි. ඒ වන විට වයස 75 ඉක්ම වූ පරිනත මිනිසෙකි. එහෙව් ජේ.ආර් ලා විවිධත්වයේ චමත්කාරය විඳින්න ඉඩ දී බලා සිටියා මිස නීති දමන්න කතා කෙළේ නැත. අද වයස 50 පැන සිටින්නේ එදා ජේආර්ගේ යුගයේ නිදහස් රස වින්දනය ලැබූ දරුවන් ය. මේ සම්ප්‍රදාය ඉදිරියට ගෙන යනවා මිස ආපස්සට හැරවිය නො යුතුය. බටහිර සම්භාව්‍ය සාහිත්‍ය කෙසේ වෙතත් හරියට මාර්ටින් වික්‍රමසිංහවත් නොකිය වූ සිරිසේන සංස්කෘතික නීති දාන්න යෑම එක් අතකින් ඇති කරන්නේ උත්ප්‍රාසයකි. 

අතිශය සංවේදී විෂයන් සම්බන්ධයෙන් කතා කරන විට දේශපාලඥයින් ස්වයං විනයක් සහිතව ක්‍රියා කළ යුතුය. යම් රටක ජනාධිපතිවරයා ගේ ප්‍රකාශයක් සලකන්නේ එම රටේ නිල මතය ලෙසය. ජනාධිපතිවරයාගේ පටු ප්‍රකාශ නිසා ශ්‍රී ලංකාව සරල විනෝදයටවත් ඉඩක් නැති ඉරානය වැනි රටක් ලෙස ජාත්‍යන්තර මතයක් ඇති වීම වැලැක්විය නොහැකිය. අඩු තරමේ අගමැතිවරයා හැසිරෙන රාජ්‍යතාන්ත්‍රික භාවයෙන් වත් ඉගෙන ගත යුතුය.

කෙසේ වෙතත් තමන් පැමිණි කාරණය කළා නම් අහවරය. ඒ නම් විධායක ජනාධිපති ධූරය අහෝසි කර පැත්තකට වීමය. ජනවාරි 8 දා සිරිසේනට ඡන්දය දුන් ජනතාව ඡන්දය දුන්නේ ඊට මිස සිරිසේන ලවා සංගීත පන්ති පවත්වා ගැනීමට නොවේ.

තමන්ට ඡන්දය දුන් නිදහස් මතධාරීන්ට අපහාස නොකර නොදන්නා සංස්කෘතියක්, විෂය නොවන සංගීතයක් ගැන ජනාධිපති වරයා කතා නොකර සිටිනවා නම් හොඳය. නැතිනම් මෙලෙස ඉදිරියට ගියහොත් ජනවාරි 8 වෙනිදා වෙනසකට කියා සිරිසේනට ඡන්දය දුන් අය තමන්ටම මඩු වලිගයකින් තලා ගන්නවාට සැකයක් නැත.

-විසල් කරුණාරත්න විසිනි-

---------------------------
by     (2015-12-31 02:28:36)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links