~

ජනවාරි 8 සමරා හෙට ජනපති අගමැති සෝභිත හිමි වෙනුවෙන් පුෂ්පෝපහාරයක

(ලංකා ඊ නිව්ස් -2016.ජන.07, ප.ව.11.00)   ජනවාරි 08 විජයග්‍රහණයේ නියමුවා වූ අපවත් වී වදාල අති පුජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමිපාණන් වෙනුවෙන් විජයග්‍රහණයට වසරක් සපිරෙන හෙට (08) පුජෝපහාර උත්සවයක් කෝට්ටේ ශ්‍රී නාග විහාරයේදී උදේ 10.30 ට ජනාධිපතිගේ සහ අගමැතිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

එහිදී සෝභිත හිමි ස්මරණ රුක් රෝපණයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිදුකිරීමට නියමිත අතර සෝභිත හිමි පුෂ්පෝහාරය සිදුකිරීමෙන් අනතුරුව කෝට්ටේ ශ්‍රී කල්යාණ  සමාග්‍රී සංඝ  සභාවේ මහනායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර හිමියන් විසින් අනුශාසනාවක් පැවැත්වීමට නියමිත ය.  කෘතීම කකුලක් සහ රෝද පුටුවක් පරිත්‍යාග කිරීමද සිදු කෙරේ.  

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සභාව ඇමැතීමට නියහිත අතර සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ වත්මන් කැඳවුම් කරු මහාචාර්ය සරත් විජේසුරිය මහතා සභාව මෙහෙයවනු ඇත. මෙම උත්සවය පැය භාගයකට පමණක් සීමා වන බැවින් සහභාගී වීමට කැමැත්තෝ කලින් පැමිණෙන ලෙස එහි ලේකම් සිසිර ජයමහ මහතා දන්වා සිටී.

---------------------------
by     (2016-01-07 18:33:56)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links