~

එක්නැලිගොඩ පරීක්ෂණ වලට යුද හමුදාව බාධා කරයි නම් යුද හමුදාපතිවරයාට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහය යටතේ නඩු පවරන්න - හෝමාගම විනිසුරු කියයි

(ලංකා ඊ නිව්ස් -2016.ජන.11, ප.ව.2.30) යුද හමුදාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන පරීක්ෂන වලට අදාල දේ නොදී ඊට බාධා කරන්නේ නම් යුද හමුදාපතිවරයාට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 185 යටතේ නඩු පවරන්නැයි ප්‍රගීත් එක්නැලිගොඩ මූලික පරීක්ෂණ නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදී හෝමාගම නව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද ඓතිහාසික ප්‍රකාශයක් කෙළේය.

ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ඝාතනය කළ හමුදා නිලධාරීන් වෙනුවෙන් අද දිනයේද යුද හමුදා නීති අංශයේ නීතිවේදිනියක් ඉදිරිපත් වූ අතර ඇය විසින් සැකකාර හමුදා නිලධාරීන් පිලිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මහේස්ත්‍රාත් වරයා මේ බව පැවසීය. 

මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ මෙම නඩුවේදී සැක කරුවන් වෙනුවෙන් යුද හමුදාවට පෙනී සිටීමට අයිතියක් නැති බවයි. අධිකරණයට වාර්තා ඉදිරිපත් කිරීම නොව යුද හමුදාව සිදුකළ යුත්තේ පරීක්ෂණ මෙහෙයවන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලන දෑ ඔවුන්ට ලබා දීම යැයි කී විනිසුරුවරයා ඊට බාධා කරන්නේ නම් දණ්ඩ නීති සංග්‍රහයේ 185 වගන්තිය යටතේ යුද හමුදාපතිවරයාට නඩු පවරන්නැයි කියා සිටියේ ය. දණ්ඩ නීති සංග්‍රහයේ 185 න් කියැවෙන්නේ රජයේ සේවකයෙකු නිසි පරිදි ප්‍රකාශ කරනු ලැබූ ආඥාවකට අකීකරු වීම පිලිබඳවය. 

සැක කරුවන් වෙනුවෙන් යුද හමුදා වාර්තාව අද අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාව අධිකරණය විසින් බාර ගත්තේද නැත.
මෙකී යුද හමුදා සැකකරුවන් අධිකරණය විසින් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබියදී ඔවුන් බන්ධනාගාරයේ නොසිට රෝහල් ගතව සිටීම ගැනද මහේස්ත්‍රාත්වරයාගේ අවධානය යොමු වූ අතර ඊට හේතු අධිකරණයට වාර්තා කරන්නැයි බන්ධනාගාරයට නියෝග කෙළේය. 

ලංකාවේ පුදුම අවාසනාවන්ත තත්ත්වයක් තිබෙන බවත්. සාමාන්‍යයෙන් වීර පුරුෂයන් සේ සිටින පුද්ගලයන් රිමාන්ඩ් බන්ධනාගාර ගත වූ සැනින් ඔවුන් රෝගීන් බවට පත්වන්නේ යයි ද මහේස්ත්‍රාත්වරයා පැවසීය.

නැවත විභාගය මේ මස 25 වෙනිදාට කල් තැබූ විනිසුරුවරයා ඒ දක්වා යුද හමුදා සැකකරුවන් යලි රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙළේය. 

අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතිඥ දිලීප පීරිස්, නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහත්වරුන් පෙනී සිටියහ.

පසු සටහන:
එක්නැලිගොඩ ඝාතන පරීක්ෂනයේදී අත් අඩංගුවේ පසුවන යුද හමුදා නිලධාරීන් වෙනුවෙන් ගිනස් වාර්තාවක් තබමින් යුද හමුදාවේ නීති අංශය පෙනී සිටිමින් රටේ නීතිය බල්ලාට දමා කටයුතු කිරීමට ඉඩ දීම සම්බන්ධයෙන් ආරක්ෂක ඇමැති සහ සේනාධිනායකයා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිලිබඳ යහපාලන ජනතාවගේ බලවත් අප්‍රසාදය එල්ල වී තිබේ. රාජපක්ෂ යුගයේ සිදුකළ නීති විරෝධී ඝාතන සම්බන්ධයෙන් අපරාධ කරුවන්ට දඬුවම් දෙනවා කියා බලයට ආ මෛත්‍රීපාල සිරිසේන මහතා අද අපරාධ කරුවන්ට නීති ආධාර ලබා දීම නීචය නින්දිතය පිළිකුල්ය. මෛත්‍රී යටතේ ඇති යුද හමුදාව අවනීතිකව ක්‍රියා කරන බව මහේස්ත්‍රාත්වරයාගේ ප්‍රකාශයෙන් තහවුරු වේ.

---------------------------
by     (2016-01-11 11:28:55)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  1 discussion on this news

President reiterated that he never telephoned or interfere on Judges. Similarly the other people who investigate the cases also should not be interfered or phone called. If Judges are not interfered but investigators are interfered ? Then what is the purpose ?
-- by upul on 2016-01-11

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links