~

සුරවීර සූරීන් අනුස්මරණය කරමින් ‘ජන සන්නිවේදන මාධ්‍යයෙහි අද්‍යතන ස්වරූපය හා සමාජ වගකීම‘ පිළිබඳ සම්මන්ත්‍රණයක්

(ලංකා ඊ නිව්ස් -2016.ජන.13, ප.ව.9.00) ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල අතුරෙන් ජන සන්නිවේදනය, මාධ්‍ය අධ්‍යයනය හා නිර්මාණාත්මක ලේඛනය සම්බන්ධ උපාධි හා පශ්චාද් උපාධි පාඨමාලා හඳුන්වා දීමෙහි පුරෝගාමි වූ මහාචාර්ය ඒ. වී. සුරවීර සූරීන්ගේ දෙවන අනුස්මරණය නිමිත්තෙන් ‘ජන සන්නිවේදන මාධ්‍යයෙහි  අද්‍යතන ස්වරූපය හා සමාජ වගකීම‘ විමර්ශනය කෙරෙන සම්මන්ත්‍රණයක් 2016 ජනවාරි 16 වන දින පෙරවරු 8.30 සිට පස්වරු 4.00 තෙක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ  ශ්‍රී සුමංගල මන්දිරයේ කියවීම් ශාලාවේ දී පැවැත්වීමට විධිවිධාන යොදා ඇත. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල හා ජන සන්නිවේදන අධ්‍යයනාංශයේ ලේඛකත්ව හා සන්නිවේදන ඩිප්ලෝමා හා පශ්චාද් උපාධි ඩිප්ලෝමා පාඨමාලා මඟින් මෙය සංවිධානය කෙරේ.  

මහාචාර්ය විමල් ජී. බලගල්ලේ සූරීන්ගේ මූලාසනයෙන් පැවැත්වීමට අපේක්ෂිත මේ සම්මන්ත්‍රණයේ දී මහාචාර්ය ජේ. බී. දිසානායක, ආචාර්ය එඩ්වින් ආරියදාස, ආචාර්ය මයිකල් ප්‍රනාන්දු, විජයානන්ද ජයවීර, වික්ටර් අයිවන් හා ආනන්ද වෙදආරච්චි යන විද්වතුන් විසින් දේශන පවත්වනු ලැබේ. සාකච්ඡා සභාව සඳහා තිලකරත්න කුරුවිට බණ්ඩාර, නීතිඥ ඇස්. ජී. පුංචිහේවා, සුන්දර නිහතමානි ද මැල්, නීතිඥ කේ. ඩබ්ලිව්. ජනරංජන, ඩී. බී. ඇල්කඩුව, ඩබ්ලිව්. ජයසිරි, නාලක ගුණවර්ධන හා සුනිල් මිහිඳුකුල යන මහත්වරුන් සහභාගි වීමට නියමිත ය. සභාව මෙහෙයවීම මහාචාර්ය අජන්තා හපුආරච්චි විසිනි.

ජන සන්නිවේදනය ගැන හිතැත්තෝ පැමිණෙත්වා..!

---------------------------
by     (2016-01-13 18:17:49)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links