~

ලෝක ආර්ථික සමුළුවට ගිය රනිල් පිලිප්ස් ටාටා මයික්‍රෝසොෆ්ට් ආදී ප්‍රබල වෙළඳ සමාගම් ප්‍රධානින් සමග සාකච්ඡා අරඹයි

(ලංකා ඊ නිව්ස් -20.ජන.2016, ප.ව.3.50) ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග ලෝක නායකයින් රැසක් ඇතුලූ ආර්ථික විශේෂඥයින් 2000 කට අධික සංඛ්‍යාවක් සහභාගී වන 2016 ලෝක ආර්ථික සමුළුව අද (20) ස්විට්සර්ලන්තයේ, ඩෙවෝස් නුවර දී අති උත්කර්ෂවත් අන්දමින් ආරම්භ විය.

විශේෂ ආරාධනයක් අනුව ශ්‍රී ලංකාවේ නායකයෙකු ලෝක ආර්ථික සමුළුවට සහභාගි වූයේ මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවටය.

ස්විට්සර්ලන්තයේ, ඩෙවෝස් නුවර දී අද (20) පෙරවරුවේ ආරම්භ වූ මෙම ආර්ථික සමුළුවට සහභාගී වි සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලෝකයේ මහා පරිමාණ වෙළෙද සමාගම් රැසක ප්‍රධානීන් සමඟ සාකච්ඡා පැවැත්වූහ.

ශ්‍රී ලංකාව තුළ මේ වසරේ දී මහා පරිමාණ ආයෝජන සඳහා හැකි ඉක්මණින් අවතීරණ විමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවැති සාකච්ඡාවල දී එම සමාගම්වල ප්‍රධානිහූ කැමැත්ත පළ කළහ.

ආර්ථික සමුළුව අතර වාරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවු ලෝකයේ ප්‍රබලතම වෙළෙඳ සමාගම් ප්‍රධානිහූ අතර නෙදර්ලන්තයේ පිලිප් ලයිටින් සොලුෂන් සමාගමේ ජගත් ප්‍රධාන විධායක නිලධාරි එරික් රොන්ඩෝලට්, ලෝක ප්‍රකට ටාටා සමාගමේ ප්‍රධානී සයිරස් මිස්ට්‍රි, මැක්කින්සි සහ සමාගමේ ආසියානු කලාපයේ සභාපති කෙවින් ස්නීඩර්, බහරේන් පෙට්‍රෝලියම් සමාගමේ ගෞරවනීය සභාපති හා එරට අගමැති උපදේශක ෂෙයික් සල්මාන් බින් කලිෆා අල් කලිෆා යන මහත්වරු වූහ.

යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණු ජාතික රජය යටතේ ශ්‍රී ලංකාවේ ආයෝජන සඳහා ඇති විශේෂ අවස්ථා සම්බන්ධයෙන් සොයා බැලීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ජගත් සමාගම් ප්‍රධානීන් අතර පැවැති සාකච්ඡාවල දී ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු කෙරිනි.

මෙම සමුළුව අතරතුර දී අද (20) දින පස්වරුවේ ස්වීඩනයේ අග්‍රාමාත්‍ය ස්ටෙෆන් ලෝෆ්වන් සහ තුර්කි අග්‍රාමාත්‍ය අහමට් දාවොෙදාග්ලූ යන මහත්වරු හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූහ.

ලෝක ප්‍රකට මයික්‍රසොෆ්ට් පරිගණක සමාගමේ සභාපති ජීන් පිලිප් කෝර්ටොයිස් මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර දී හෙට (21) හමුවී සාකච්ඡා කිරීමට නියමිතය.

මෙම අවස්ථාවන්ට ක්‍රමෝපාය සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙද ඇමති මලික් සමරවික්‍රම, මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, ස්විට්සර්ලන්තයේ ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආරියසිංහ, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි සහ අග්‍රාමාත්‍ය විශේෂ සහායක සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු එක්වූහ. 

---------------------------
by     (2016-01-20 10:43:21)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links