(ලංකා ඊ නිව්ස් -2016.ජන.22, ප.ව.11.00) හොංකොං සහ ඩුබායි නගර අනුගමනය කරන විශේෂ නීතිරීති සැලකිල්ලට ගනිමින් කොළඹ වරාය නගර කලාපයටද ආවේනික විශේෂිත නීතිරීති සම්පාදනය කරමින් එය ආර්ථික හා මූල්‍ය කලාපයක් ලෙස සංවර්ධනය කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ ඩොයිෂවෙලා ජර්මානු රූපවාහිනී ආයතනය සමග සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමින් පවසා තිබේ.
වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේ ස්විට්සර්ලන්තයේ ඩවොස් නුවර ලෝක ආර්ථික සමුළුවට සහභාගී වී සිටින අවස්ථාවේදී ය.
“අපේ අරමුණ ශ්‍රී ලංකාව ආසියාවේ ආර්ථික කේන්ද්‍රස්ථානයක් ලෙස වර්ධනය කිරීමයි. ඊට අවශ්‍ය පදනම දැන් අප සකස් කරමින් සිටිනවා. අපේ රටේ දරුවන්ට යහපත් අනාගතයක්, වැඩිහිටියන්ට ආරක්‍ෂිත සමාජයක් ගොඩ නැංවිය හැක්කේ ක්‍රමවත් හා වේගවත් ආර්ථික වර්ධනයක් ඔස්සේ පමණයි. ඒ නිසා අප රට පුරා කර්මාන්ත සංවර්ධන අධිකලාප 40 ක් ආරම්භ කිරීමට සැලසුම් කර තියෙනවා. ඒ ආර්ථික සංවර්ධන කලාප විශේෂිත ක්ෂේත්‍රයන් සඳහා වෙන් කෙරෙනවා.“ යි ඔහු පැවසීය.
ශ්‍රී ලංකාවට පළමුවරට ලැබුණු ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීමේ අවස්ථාව උපරිම වශයෙන් භාවිතා කරමින රටට විශාල වාසි ගෙන ඒමට අගමැතිවරයා ක්‍රියා කරමින් සිටී.
මේවා අතර
* ආසියානු සංවර්ධන බැංකු සභාපති තකෙහිකෝ නකාඕ මහතා හමුවෙන් පසුගිය කාලයේ විවිධ රටවලින් විවිධ බැංකු වලින් රටට දැරිය නොහැකි තරමට ලබාගෙන තිබෙන ණය බර ලිහිල් කර ගැනීමට එකඟවීමත් ආසියානු සංවර්ධන බැංකු විශේෂඥයන්ගේ සහාය ලබාදීමට එකඟවීමත් විශේෂිතය.
* ලෝකයේ දෙවන විශාලතම කෘෂි අපනයන රාජ්‍යය වන නෙදර්ලන්ත අගමැති මාර්ක් රූට් හමුවෙන් ලංකාවේ ජල කළමණාකාරණයට සහ කෘෂි ක්ෂේත්‍රයට විශේෂඥ උපදෙස් ලබා දීමට ලබන සතියේම කණ්ඩායමක් ලංකාවට එවීමට නෙදර්ලන්ත අගමැතිවරයා එකඟ විය. වකුගඩු රෝග නිවාරණයට පූර්ණ සහාය දීමටද අඩු වියදම් වීථි ලාම්පු ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ද නෙදර්ලන්ත අගමැතිවරයා එකඟ විය. නෙදර්ලන්තට වසර එකසිය ගණනක් ලංකාව පාලනය කර ඇති අතර ඕලන්ද යුගය නමින් හැඳින්වෙන එම යුගයේ ලංකාවේ ගොඩ නගනු ලැබූ බලකොටු 8 ක් තවමත් පවතින බවද අගමැතිවරයා මෙහිදී නෙදර්ලන්ත අගමැතිවරයාට පැවසූ අතර ලංකාව පිලිබඳ නෙදර්ලන්තයේ තිබෙනා ඓතිහාසික ලියකියවිලි වල පිටපත් විද්‍යාර්ථීන්ගේ ප්‍රයෝජනය සඳහා ලංකාවට ලබා දීමටද නෙදර්ලන්ත අගමැතිවරයා එකඟ විය.
* ස්වීඩන් අගමැති ස්ටෙෆන් ලෝෆ්මන් හමුවෙන් යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කර ජීඑස්පී ප්ලස් සහනය යලි ලබා ගැනීමටත් ලංකාවේ හරිත තාක්ෂණය දියුණු කිරීමටත් එකඟ විය. ස්වීඩනය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඩලයේ ස්ථිර සාමාජිකත්වය ලබා ගැනීමට යන බැවින් ඊට ලංකාවේ උදව් ලබා දෙන ලෙසද ස්වීඩන් අගමැතිවරයා පැවසීය.
* ආන්ද්‍රා ප්‍රදේශ් මහ ඇමැති චන්ද්‍ර බාබු ද හමුවූ රනිල් වික්‍රමසිංහ මහතා ලංකාවේ බෞද්ධ නගර සහ ආන්ද්‍රාවේ පැරණි අමරාවතී බෞද්ධ නගරය ද තමිල්නාඩුවද සම්බන්ධ කර ගනිමින් එක් සංචාරක කලාපයක් සේ වර්ධනය කිරීමට ද එකඟ විය.
* මයික්‍රෝසොෆ්ට් සමාගමේ සභාපති ජෝන් ෆිලිප් කොටිෂ් හමුවෙන් ලංකාව සමග තාක්ෂණික ගිවිසුම් ඇති කර ගැනීමටත් අයිටී.අධ්‍යාපන සහ සමාජ ආරක්ෂණ ක්ෂේත්‍ර ඩිජිටල්කරනට සහාය ලබා දීමටත් මයික්‍රෝසොෆ්ට් සමාගමේ නව නිෂ්පාදන නොමිලේ ලංකාවට ලබා දීමටත් ලෝකප්‍රකට සමාගම එකඟ විය.
* වික්‍රමසිංහ මහතා තුර්කි අගමැති අහමද් දාවූටොග්ලූ හමුවූ අතර ලෝක ආර්ථික සමුළුවේ නිර්මාතෘ මෙන්ම විධායක ප්‍රධානී මහාචාර්ය ක්ලවුස් ස්වොබ් ද හමුවී සාකච්ඡා පැවැත්වීය.
---------------------------
by (2016-01-22 19:02:00)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි