~

ප්‍රගීත් එක්නැලිගොඩ..! ඔබ නැතිව ඔබත් එක්ක අදට වසර 6 යි..!! 26 දින මතක ආවර්ජනයට එන්න..!!!

(ලංකා ඊ නිව්ස් -2016.ජන.24, පෙ.ව.7.45) ලංකා ඊ නිව්ස් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අදට පුරා වසර 6 කි. 2010 ජනවාරි 24 වෙනිදා රාත්‍රී 7.30 ටපමණ අවසන් වරට එවක රාජගිරියේ පිහිටි ලංකා ඊ නිව්ස් කාර්යාලයෙන් පිටව ගිය ඔහු අද දක්වා යලි පැමිණියේ නැත. 

ගිරිතලේ හමුදා කඳවුරේ මිනීමරු හමුදා නිලධාරීන් පිරිසක් විසින් පැහැරගෙන ගිය බව අද වන විට හෙලි වී තිබේ. ඔහු රාජපක්ෂ පවුල ගැන කරුණු හෙලිකරමින් ලියූ පොතක් ගැන ප්‍රශ්ණ කිරීමට පැහැර ගත් බව ද හෙලි වී තිබේ. ගිරිතලේ හමුදා මිනිමරුවන් රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටියද අද දක්වා පරීක්ෂණ නිමා වී නැත. ඊට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ මේ වන විට පරීක්ෂණ මෙහෙයවන පොලිසියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හමුදාවෙන් ඉල්ලා ඇති අදාල ලිය කියැවිලි 14 ක් හමුදාව විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී නැති නිසාය. මෙකී ලිය කියැවිලි අදාල හමුදා නිලධාරීන් ප්‍රශ්න කරද්දී ලැබුනු තොරතුරු වලට අදාල ලිය කියැවිලිය. අධිකරණය පවා හමුදාවට මේ තොරතුරු දෙන්නැයි කියා සිටියද හමුදාව මෙතෙක් ඒ ගැන කනකට ගෙන නැත. 

එක්නැලිගොඩ පැහැරගෙන අතුරුදහන් කළවුන් නීතිය ඉදිරියට පමුණුවන බව කියා බලයට ආ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ තිබෙන හමුදාව විසින් තොරතුරු ලබා නොදෙමින් පමණක් නොව මිනීමරුවන්ට හමුදාවේ නීති ආධාර ලබා දෙමින් මෙසේ මිනීමරුවන් ආරක්ෂා කිරීමට කටයුතු කිරීම ගැන මෛත්‍රීපාල සිරිසේන මහතා ජනතාවට වග කිව යුතුය. ඔහු සෑම දේකදීම එකක් කියමින් වෙනකක් කළා සේම මේ  පිලිබඳවද බොරු කරන බව පෙනී යයි. එය එසේ වුවහොත් මිතුරෙකු විලස හිඳිමින් ප්‍රගීත් ලියූ පොතේ අත් පිටපත රාජපක්ෂලා අතට ලබා දුන් රුවන් ෆර්ඩිනැන්ඩස් ජඩයා සිදුකළ පාවාදීමට වඩා එහා ගිය මේ සියවසේ ශ්‍රී ලංකාවේ සිදුවූ නීචතම පාවාදීම සිරිසේන ජනාධිපතිවරයා විසින් සිදුකළා වනවා නිසැකය.

මේ අතර ප්‍රගීත් ද පුරෝගාමී වී 2010 දී බිහිකළ ජාතික විද්වත් මණ්ඩලය විසින් ‘එක්නැලිගොඩ මතක ආවර්ජනා‘ නමින් වැඩ සටහනක් අනිද්දා එනම් ජනවාරි 26 වෙනිදා සවස 3.00 ට කොළඹ 7 ග්‍රෙගරි පාරේ පිහිටි ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. එක්නැලිගොඩ මතක ආවර්ජනා කිරීමට ප්‍රගීත්ගේ හිතවතුන්ට එදිනට එහි එන්නැයි සංවිධායකයෝ ආරාධනා කරති. 

ප්‍රගීත්.., ඔබ නැතිව ඔබත් එක්ක, ගෙවූ වසර 6 තුල සිටි ලංකා ඊ නිව්ස් පාඨකයන් හිතවතුන් සහ කාර්ය මණ්ඩලය ඔබට වින කළ අවසාන අපරාධ කරුවාටද දඬුවම් දෙන තුරු සටන අත් නොහරින බව දිව්රා කියන්නෙමු..!  

---------------------------
by     (2016-01-24 02:37:38)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links