(ලංකා ඊ නිව්ස් -2016.ජන.25, ප.ව.5.45 -නිවැරදි සංස්කරණය ප.ව.10.45) ප්‍රගීත් එක්නැලිගොඩ නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදී අධිකරණය තුලදී බලහත්කාරයෙන් අධිකරණය අමතමින්ද ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට පරුෂ වචනයෙන් බැන වැදී තර්ජනය කළ ගලගොඩ අත්තේ ඥානසාර නමැති සිවුරුකාරයා අධිකරණයට අපහාස කිරීම ඇතුළු චෝදනා 4 කට වහා අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කෙළේය.
එක්නැලිගොඩ නඩු විභාගය අවසන් වී ඊලඟ නඩුව විභාගයට ගැනෙද්දී තවත් සිවුරුකාරයන් පිරිසක් සමග අධිකරණ ශාලාවට කඩා වැදුනු ඥානසාර මහේස්ත්‍රාත්වරයා අමතමින් බලහත්කාර දේශනයක් සිදු කෙළේය. එහිදී තමන් කළු සුද්දන්ගේ නීතියට බිය නැති බව පැවසූ ඥානසාර ‘කොටියන් එළියේ රණවිරුවන් ඇතුලේ‘ යයි කියමින් අධිකරණය තුල බලහත්කාරය පැතිරවීය. ඇති වූ ක්ෂණික තත්ත්වයේදී මහේස්ත්‍රාත්වරයාද අන්ද මන්ද වූ සෙයක් පෙණින. එවිට එළියේ සිටි එක්නැලිගොඩ නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින රජයේ නීතිවේදී දිලීප පීරිස් යලි පැමිණ මෙලෙස නඩුවේ පාර්ශව කරුවෙක් නොවන අයෙක් අධිකරණය බලහත්කාරයෙන් ඇමැතීමට ඉඩ දිය නොහැකි යයි පැවසූ අතර එවිට ඥානසාර රජයේ නීතිවේදියාට තර්ජනය කරමින් ‘මං රජයේ නිලධාරීන්ට බය වෙන්නේ නැතැයි‘ පැවසීය. පසුව අධිකරණයේ සිටි නීතිවේදීන් සියළු දෙනාම පාහේ මෙම හැසිරීමට ඉඩ දිය නොහැකි යයි විරෝධය පාද්දී අධිකරණ ශාලාවෙන් ඉවතට ගිය ඥානසාර එසේ යද්දී එළියේ සිටි සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියගේ ඇඟේ හැපෙමින් “තොගේ මිනිහා කොටියෙක්.. තෝ ගිහින් ගිඟා කාපිය“ යනුවෙන් තර්ජනය කෙළේය. ඇය සමග සිටි මාධ්‍යවේදියෙකුට ද තර්ජනය කළේය. ඉන්පසුව ඔහු අධිකරණය ඉදිරිපිට අධිකරණයට බැන වදිමින් සිටියේ ය. ‘කොටි එලියේ අපේ කොල්ලෝ ඇතුලේ, පාලකයෝ වාගයක් ඇවිල්ලා රටයි රණවිරුවොයි ජාතියයි පාවා දෙනවා‘ යි ඔහු නඩු විභාගයට එරෙහිව බැන වැදුනේය
නඩුවක් විභාගය වෙද්දී එලෙස අධිකරණ ක්‍රියාවලියට බාධා කළ නොහැකි බවත් මෙය සමස්ත අධිකරණ පද්ධතියටම කරන ලද අපහාසයක් බවත් එක්නැලිගොඩ මහතාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් මහේස්ත්‍රාත්වරයාට පැමිණිලි කිරීමෙන් පසු අධිකරණයට අපහාස කිරීම, රජයේ නිලධාරීන්ට තර්ජනය කිරීම, සාපරාධී බිය ගැන්වීම, අධිකරණයේ යුක්තිය පසිඳලීමේ කාර්යයට බාධා කිරීම ආදී චෝදනා යටතේ ඥානසාර සිවුරුකාරයා අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි මහේස්ත්‍රාත්වරයා නියෝග කෙළේය.
මීට ඉහත මාධ්‍ය හමුකදී ඥානසාර පවසා සිටියේ මින් පසු තමන් කිසිදු නඩුවකට අධිකරණයට නොයන බවයි. ගෝඨාභය නමැති ජන ඝාතකයා බේරා ගැනීම සඳහා දිවි පරදුවට තබා ක්‍රියා කරන ඥානසාරට අවශ්‍ය වී තිබෙන්නේද කෙසේ හෝ හිරේ ගොස් වීරයෙකු වීමට ය. දැන් ඒ සඳහා මාවත වැටී තිබේ.
එක්නැලිගොඩ නඩු විභාගය අද දිනයේද ආරම්භ වූ අතර අත් අඩංගුවේ සිටින හමුදා නිලධාරීන් පිරිස අධිකරණයට ඉදිරිපත් කර තිබිණ. හමුදාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් පවසා සිටියේ මෙහිදී ප්‍රගීත් එක්නැලිගොඩගේ සිරුරක් හමුවී නැති බවත් ඔහුගේ බිරිඳ ඔහු මිය ගිය අයෙක් ලෙස නොසලකන බවත් නිසා මෙය අපරාධයක් නොවන බවයි.
ඊට එරෙහිව කරුණු දක්වමින් නීතිපති දෙපාර්තමේන්තුවෙන් සහ ප්‍රගීත්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින නීතිවේදීන් කියා සිටියේ මෙම නඩුව පරිවේශනීය සාක්කි මත ගොඩ නැගෙන නඩුවක් බවත් මෙම හමුදා නිලධාරීන් ප්‍රගීත් පැහැරගෙන ගිය බවත් අවසන් අවස්ථාව දක්වා මෙකී හමුදා නිලධාරීන් ගේ භාරයේ සිටි බවට සාක්කි තිබෙන බවත් ය.
නඩුවිභාගය ලබන 9 වෙනිදා දක්වා කල් තැබුනු අතර ඒ දක්වා සැකකරුවන් යලි රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
(සේයාරුව ලංකාදීපයෙනි)
---------------------------
by (2016-01-25 17:54:23)
Leave a Reply
This bloody monk trying to save Gota for this incident by shouting like a dog.
-- by Loku Aiya on 2016-01-25
This is not a monk. A*Hole
-- by Nalaka on 2016-01-26
මා ගියවර මාගේ චන්දේ දුන්නේ මෙයාට.නමුත් මෙයා දන්නේ නෑද්ද ඔතන කෑගෑහෑව්වම හිරේ දාන බව. මේක හිතාමතාම හිරේ යන්න ගහපු සෑලසුමක්. නමුත් මා මෑතක සිට ගුප්ත විද්යාත්මක ගවේශන කරනවා. එමගින් මා මේ පුද්ගලයා ගෑන බෑලුවිට පෙනීගියේ මොහු ගෑහෑනුන් ඈසුරු කරන, තවත් දුශ්චවලින් හෙබි පුද්ගලයෙක් බවයි.එලෙසම ගියවර මොහු මහින්දව පරදන්න නෝර්වේ රටින් මුදල් ගත්ත බවත් එලෙසම තවමත් මුදල් ගන්නා බවත් මෙම රගපෑමද රට අස්තාවරකිරීමේ නෝර්වේ සෑලෑස්මේ කොටසක් බවත් කියවෙනවා.මාද කලින් සිතාසිටියේ මොහු බෞද්ද අයිතීන් වෙනුවෙන් කතාකරන බවයි. නමුත් මොහු මහින්දට මුස්ලිම් චන්ද නෑතිකිරීමේ කොන්ත්රත්තුවක් කල බව ඈසීමත් ලෑජ්ජාවට කරුනකි.
-- by Ras on 2016-01-26
This is an insult to the entire buddhist community. This bloody monk (not proper to use the word momk) should be jailed.
-- by Sisira on 2016-01-26
දරුවනේ! කෙසේ හෝ හිරේ ගොස් වීරයෙක් වීමේ මගේ පැතුම මට ඉෂ්ට කර ගන්න බැරි වුනා හදිසියේ ඇතිවූ කරුම මුත්‍රා පහවීමක් හේතුවෙන් මට සමාවෙන්න!
-- by ගලා on 2016-01-29
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි