~

රාජපක්ෂ යුගයේ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යට එල්ල කළ භීෂණය සොයා බැලීමට ජනාධිපති කොමිසමක් ඉල්ලා කළ ආරම්භක උද්ඝෝෂණයේ සේයාරූ

(ලංකා ඊ නිව්ස් -2016.ජන.26, ප.ව.11.40) රාජපක්ෂගේ භීෂණ යුගයේදී උතුරේත් දකුණේත් ජනමාධ්‍යවේදීන් ඝාතනය කිරීම්, අතුරුදහන් කිරීම්, පහර දීම්, තර්ජන හා බියවැද්දීම් මෙන්ම ජනමාධ්‍ය ආයතන වලට එරෙහිව සිදුකළ ප්‍රහාර ගිනි තැබීම් ඇතුලු ජනමාධ්‍ය නිදහසට එරෙහිව සිදුකළ සකළාකාරයේ අපරාධ පරීක්ෂා කෙරෙන විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පිහිටුවන්නැයි වත්මන් යහපාලන ආණ්ඩුවට බල කෙරෙන විශේෂ ක්‍රියාන්විතය අද සවස කොළඹ කොටුව දුම්රිය පොල ඉදිරිපිටදී විශාල මාධ්‍යවේදීන් සිවිල් සහ වෘත්තීය සංවිධාන නායකයන්ගේ සහ ජනතාවකගේ සහභාගීත්වයෙන් පැවැත්විණ. මෙම ක්‍රියාන්විතය සංවිධානය කර තිබුනේ වෘත්තීය පත්‍රකලා වේදීන්ගේ සංගමය විසිනි. මෙහිදී ඉල්ලීම ඉදිරිපත් කෙරෙන විශේෂ ප්‍රචාරක පුවරුවක අත්සන් කිරීමද සිදුවිය. 

එහිදී රැස්ව සිටි පිරිස ඇමැතූ වෘත්තීය පත්‍රකලා වේදීන්ගේ සංගමයේ සභාපති ලසන්ත රුහුණගේ මහතා මෙසේ කීය. “මේ සිද්ධීන්ට වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව නීතිය හමුවේදී දඬුවම් කිරීම අවශ්‍යයි. එවැනි ක්‍රියාවලියකින් විතරයි ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය නිදහස ස්ථාපිත කළ හැක්කේ. මේ වෙනුවෙන් සිය හඬ අවදි කළ දේශපාලන පක්ෂ වලින්, වෘත්තීය සමිති වලින්, සිවිල් සංවිධාන වලින් ද මාධ්‍ය සංවිධාන වලින්ද අනෙකුත් පුරවැසියන්ගෙන්ද ඉල්ලා සිටිනවා මෙවැනි කොමිසමක් පත් කර ගැනීමට ආණ්ඩුවට බල කිරීමට අපිත් එක්ක මේ සඳහා අත්වැල් බැඳ ගන්නා ලෙස“ ලසන්ත රුහුණගේ මහතා පැවසීය.

මෙම අවස්ථාව පිලිබඳ සේයාරූ කිහිපයක් මෙහි පළ වේ. (සේයාරූ විමුක්ති ද සොයිසා විසිනි )

---------------------------
by     (2016-01-26 23:21:16)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links