~

පියා මිය ගිය සිසුවෙකුට ‘අවජාතකයා‘ කියා ඇමතූ ගම්පහ බණ්ඩාරනායකයේ විදුහල්පතිට අමාත්‍යාංශයෙන් දුන් චෝදනා පත්‍රයේ මදි පාඩු මෙන්න

(ලංකා ඊ නිව්ස් -2016.ජන.27, පෙ.ව.5.10) චක්‍රලේඛ උල්ලංඝණය කරමින් මුදල් එකතු කළ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ විදුහල්පති ලාල් දිසානායකට එරෙහිව අධ්‍යාපන අමාත්‍යංශය චෝදනා පත්‍රයක් ලබා දී ඇත.

පන්ති කව රැස්වීම් පවත්වා පාසලේ කටයුතුවලට බව කියමින් සල්ලි එකතු කිරීම හා පාසල් ආදි ශිෂ්‍ය සංගමයෙන් මාසිකව රුපියල් පනස් දහසක දීමනාවක් ලබා ගැනීම යන චෝදනා විදුහල්පතිට ඉදිරිපත් කර ඇත. චෝදනාවලට සති දෙකක් ඇතුළත නිදහසට කරුණු ඉදිරිපත් කරන ලෙස   අමාත්‍යංශය දන්වා තිබේ.

එම චෝදනා පත්‍රයට මදි පාඩු තිබෙන බව අපගේ හැඟීමයි.
 
මහින්ද රාජපක්ෂගේ ළඟම හිතවතෙකු වන ලාල් දිසානායක එම රජය කාලයේ ගම්පහ පිහිටි බැසිල් රාජපක්ෂගේ කාර්යාලයට නිතර ආ ගිය පුද්ගලයෙකි. ඒ දිනවල ආණ්ඩුවේ බලයෙන් ඔහු සියලු වැරදි වසා ගත්තේය.

පාසල් සිසුන්ට ඉවසා ගත නොහැකි තැන ඔහුට එරෙහිව පාසලේ විශාල උද්ඝෝෂණයක් ගියේය. එම උද්ඝෝෂණයේ දී අත් වැරැද්දකින් සිසුන් පිරිසක් මාධ්‍යවේදියෙකුට පහර දුන් පසු සියලු මාධ්‍ය සිසුන්ගේ උද්ඝෝෂණයට එරෙහිව වාර්තා කළේය. එලෙස වාර්තා කළේ විදුහල්පති හොඳ මිනිහෙකු නිසා නොවේ. සිසුන් මාධ්‍යවේදීන්ට පහර දීම නිසාය.

මේ උද්ඝෝෂණයෙන් පසු එය සංවිධානය කළේ ශිෂ්‍ය භට කණ්ඩායම බව කියමින් විදුහල්පති එය තහනම් කළේය. ලංකාවේ හොඳම ශිෂ්‍ය භට ඛණ්ඩය ලෙස අවස්ථා කිහිපයකදී තේරුණු ශිෂ්‍ය භට කණ්ඩායම තහනම් කිරීම නිසා පාසලට තිබූ කීර්තියටද හානි විය.

එමෙන්ම ශිෂ්‍ය භට ඛණ්ඩය භාර ගුරුවරයා සහ තවත් ගුරුවරයකු මාරු කළේය. (බන්දුල ගුණවර්ධන අධ්‍යාපන අමති සමයේ). එක් ගුරුවරයෙක් දිනේෂ් තිලකරත්නය. අනෙක් ගුරුවරයා රෝහනය. දිනේෂ් තිලකරත්න මෙම විද්‍යාලයයේම ආදි සිසුවෙකි. වැරදි තැන්වලදී නිර්භීතව කතා කළ ගුරුවරයෙකි. විදුහල්පතිට මුට්ටි ඇල්ලුවේ නැති වුවද ඔහු තමාගෙන් විය යුතු රාජකාරි හරි ආකාරව කළේය. ඔහුගේ මග පෙන්වීම යටතේ ශිෂ්‍ය භට කණ්ඩායම ලංකාවේම මුල් තැනට පත් විය.  විදුහල්පති ඔහුට එරෙහි වුවේ විදුහල්පතිගේ කොන්ත්‍රාත් ඉටු නොකිරීම නිසාය.

පාසල සම්බන්ධ බොහෝ විමර්ශන යට ගසා ඇත්තේ අධ්‍යාපන අමාත්‍යංශයේ    නිලධාරීන් දෙදෙනෙකි. ඒ දෙදෙනාම විදුහල්පතිට බොහෝ හිතවත්ය. 

ආණ්ඩු මාරුවත් සමග ඔහු යූඇන්පී බව පෙන්වන්නට ගියේය. පසුගිය දිනවල වැරදි කළ විදුහල්පතිලා මාරු කිරීමට ගත් පසු තමා අධ්‍යාපන ඇමතිගේ ඥාතියකු බව ප්‍රචාරයක් ගෙන ගියේය.

මේ වන විට ඔහුට ඇවිත් ඇති චෝදනා පත්‍රයට වැටිය යුතු තවත් බොහෝ දේවල් තිබේ. ආදි සිසුන් සුළු පිරිසක් විදුහල්පති ආරක්ෂා කරන තැනට පත්වී ඇත.

තවත් විශේෂත්වයක් නම් ඔහු තමාට ලංකරගෙන සිටින්නේ විවිධ චෝදනා එල්ල වූ ගුරුවරුන් වීමය. 

ගනේමුල්ල ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයේ ගැටළු නිසා පොලිසියට හා මානව හිමිකම් කොමිසමට පවා පැමිණිලි ලැබනු පසුව එම විද්‍යාලයෙන් මාරු කර එවූ අතපත්තු නමැත්තා (කාලයක් ජේවීපී. ඉන් පසු විමල් වීරවංශගේ ගෝලයෙකි) ඉන් එක් අයෙකි. අතපත්තුගේ සහෝදරයාද බන්ඩාරනායක විද්‍යාලයයේ ආදි ශිෂ්‍ය සංගමයේ නිලධාරියකුව සිටිය දී වංචා සිද්ධියකට චෝදනා එල්ල විය.

කුමාරි නම් තවත් ගුරුවරියක් විදුහල්පති ළඟින්ම ඇසුරු කරන්නීය. ඇගේ බලය කොතෙක්ද යත් අවුරුදු 20 කට ආසන්න කාලයක් තිස්සේ ඇය එම විද්‍යාලයයේම සේවය කරයි. ස්ථාන මාරු කිසිවක් නැත. වාණිජ අංශය භාරව සිටින්නේද මේ ගුරුවරියයි. විදුහල්පතිගේ කාමරයට නිතර යන්නේය. එන්නේ ප්‍රමාද වී ය

විදුහල්පතිවරයා ළමයින්ට කතා කරන්නේ සත්තුන්ට කතා කරන අයුරින්ය. පියා මිය ගිය සිසුවකුට වරක් ඔහු ප්‍රසිද්ධියේ ‘අවජාතකයා‘ කියා කතා කළේය.

මීට පෙර වසරක පමණ කාලයක් ඔහු ආනන්ද විද්‍යාලයේ වැඩබලන විදුහල්පති ලෙස සිටියේය. අධ්‍යාපන අමාත්‍යංශයේ සහකාර අධ්‍යක්ෂවරයකු ලෙස හා විභාග දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයකු ලෙස ද ඔහු කටයුතු කර ඇත. දැන් ඔහු කොළඹ ආනන්දයට හෝ තර්ස්ටන් විද්‍යාලයට පැන ගැනීමට පිඹුරුපත් හදමින් යයි. මොහු එම පාසැල් වලට ගියොත් ඒවාටද අබ සරණය.

-පාසලට හිතැති ආදි සිසු පිරිසකගෙනි-

---------------------------
by     (2016-01-26 23:53:52)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  11 discussion on this news

ලාල් දිසානායක මහතා යනු විදුහල්පති ශ්‍රේණි අංක 2 සිටිනා විදුහල්පති වරයෙකි.ඔහුට කිසි විටෙකත් බණ්ඩාරනායක විද්‍යාලය වැනි සුපිරි ගණයට අයත් ජාතික පාසලක විදුහල්පතිවරයෙකු විය නොහැක.ඔහු සරිලන්නේ එවැනි විදුහලක නියෝජ්‍ය විදුහල්පති තනතුරටය.මෙවන් දේශපාල පත්වීම් නිසා බණ්ඩාරනායක විද්‍යාලය වසර ගණනාවක් ගොඩ නගා ගත් කීර්ති නාමය විනාස කර ඇත ඉදිරියටත් කරනු ඇත.වහාම මෙවැනි පුද්ගලයන් ඉවත් කර නිසි පුද්ගලයන් උසස් පු‍ටු වල වාඩි කරවීම රජයේ විශාල වගකීමකි
-- by සත්‍ය on 2016-01-27

දිනේෂ් තිලකරත්න කියන්නෙ මගෙ සමකාලින සගයෙක් තවමත් අපි ඉද හිට හම්බවෙනව.ඔය ප්‍රින්සිපල් කියන හොරා තවමත් බිල් ඒවනව ආදි ශිෂ්ය සන්ගමයට අරක කරා මෙක කරා ගෙවන්න කියල.ඕකට සන්ගමයෙ තවත් ලංකා කියල එකෙක් සම්බන්ධයි.ලංකා කියන්නෙ ඕකේහිටපු ප්‍රදාන ශිෂය නායකයෙක්.ඉස්කොලෙ කන්නෙ ඔවුන් තමයි.
-- by රවි on 2016-01-27

මේකෙ නම සදහන් වෙලා තියෙන අතපත්තු කියන ගුරුවරයගේ සහෝදරයා මන් පෞද්ගලිකව හොදින් දන්න කියන කෙනෙක්. මමත් ආදි ශිෂ්යග සංගමයේ කාලයක් කටයුතු කරපු කෙනෙක්.90 දශකයේ ඉදන් සංගමයට කැපවෙලා කටයුතු කරපු කෙනෙක් තමයි අතපත්තු.ආදි ශිෂ්යට සංගමයේ කිසියම් හෝ මූල්යං වංචාවකට ඔහු අහුවෙලා තියෙනවනම් ඒක ඔප්පු කරන්න කියල මම අභියෝග කරනවා ! ආදි ශිෂ්යක සංගමය විනාශ කරපු එක්තරා කණ්ඩායමක් විසින් තමයි මේ විදියට ඔහුගේ නම යොදාගෙන මඩ ප්රයහාර එල්ල කරන්නේ.. නම් වශයෙන් ම කිව්වොත් "පාලිත සහ ඔහුගේ සහචර මී හරක් රැල" අපේම ඉස්කොලේ ආදි ශිෂ්ය්යෙක්ට එහෙම කියන එක හරි නෑ කියල මුලින් හිතුනත් "ඉස්කොලෙයි සංගමයයි දෙකම කාල දාපු" ඒ වගේ මිනිස්සුන්ට එහෙම කියලත් මදි කියල තමයි මට හිතෙන්නේ .... මේ විදියට අතපත්තුට මඩ ප්ර හාර එල්ල කරන්න මුලිකම හේතුව විදියට මම නම් දකින්නේ ඔහු වර්තමාන සාමාජිකයන්ගේ අක්ර මිකතා සහ වංචා දූශන වලට විරුද්දව අදහස් දැක්වීම. පසුකාලීනව ඔහු කමිටුවෙන් ඉවත් වුනෙත් (ඉල්ලා අස්වුනෙත්) මොවුන්ගේ ක්රිමයාකලාප තවදුරටත් ඉවසා සිටිය නොහැකි වීම නිසා.
-- by අමල් on 2016-01-27

ඒ වගේම මේකත් කියන්න ඕනේ.. විදුහල්පතිතුමා වංචාවක් කරල තියෙනවනම් ඒක පරීක්ශන වලින් ඔප්පු වෙයි.විදුහල්පතිතුමා "ශුද්ධවන්තයෙක්" කියල මම කිසිම වෙලාවක කියන්නේ නෑ.. මොකද මමත් ආදි ශිෂ්‍යයෙක් විදියට පාසලේ වර්තමාන තත්ත්වය දන්න නිසා.කලින් වැඩ හිටපු විදුහල්පති හාමුදුරුවෝම හිටියනම් කොච්චර හොදද කියල හැමෝටම තේරිලා නේ තියෙන්නත්
-- by අමල් on 2016-01-27

අතපත්තු හෝ ඔහුගේ සහෝදරයා කිසිම ආකාරයක හෝ මූල්‍ය වංචාවලට අහු වෙලා නෑ .. මේක තනිකරම මඩ ප්‍රහාරයක් විතරයි අනිකුත් කරුණු වල නම් යම් ආකරයක හෝ සත්‍යතාවයක් තියෙන්න පුලුවන්
-- by කාංචන on 2016-01-27

"පාසලට හිතැති ආදි සිසු පිරිස" යැයි දැන් මොවුන් තමාව හඳුන්වා ගත්තද ඇත්ත වශයෙන්ම ලාල් දිසානායකව ඔය පාසලට විදුහල්පති ලෙස "වැඩැම්මුවත්" ඔය ආදි ශිෂ්‍ය සංගමේ ගොන් රැලම තමා...මන් සියල්ලන්ටම නෙමේ ගොන් රැල කිව්වේ.. අමල් විසින් ඔවුන්ගේ නම් සදහන් කරල තියෙන නිසා ආයේ මම නම් කියල මගේ ඇගේ ලේ කෝප කරගන්නේ නැතුව හිටියොත් හොඳයි කියලයි මට නම් හිතෙන්නේ ! :P
-- by Dissanayake on 2016-01-27

- තොපිලා දැන් පාසලට හිතැති ආදි සිසු පිරිස වුනේ කොහොමද ? තොපි හරක් ටික එකතු වෙලා මනේ ඔය පිනාව ගෙනාවෙත් -
-- by අවංක on 2016-01-27

ප්‍රින්සිපල් ගේ වැරදි තිබ්බ කාලේ අපි ඒවට විරුද්ධ උනාම ප්‍රින්සිපල් ගේ ඔඩොක්කුවේ වැටිල බල්ලො වගේ හිටපු , අපිව පාවල දීලා ප්‍රින්සිපල් ගෙන් මුට්ටි අල්ල ගත්තු ආදි ශිෂ්‍ය සංගමයේ යූ.කේ ගුනවර්ධන සීයල,පාලිත අන්කල්ලා,ලංකා අන්කල්ල අද පාසලට හිතැති ආදි සිසු පිරිස වෙලා... පස්චාත් භාගෙනුත් හිනා ඕයී .. දැන් ඉස්කොලේ හොදට කරගෙන යන ප්‍රින්සිපල්ට ඉන්න දෙන්න.. දැන් නිකන් තමන්ගේ පෞද්ගලික ගැටලු වලට ඉස්කොලේ පාවා දෙන්න එපා
-- by xYz on 2016-01-27

මෙයා ආපහු ආනන්දෙටෙ නම් යන්නෙ නෑ.මොකද ආනන්දයෙන් එළවපු පාර තමයි ඔය බණ්ඩාරනයක විද්‍යාලයට ආවෙ.ආනන්දෙ සිසුන්ගෙන් ගුටි නොකා ආවෙ හොඳ වෙලාවට.එහෙම නොවුන නම් පළවෙනි වතාවට ආනන්දෙ සිසුන්ගෙන් ගුටි කාල ආපු එකම විදුහල්පති බවට වාර්තාවක් තියනව.මෙයා ආනන්ද විද්‍යාලයට කරපු දේවල් ගැන වෙනම ලිපියක් ලියන්න වෙනව.
-- by Nalin on 2016-01-28

පාසලකට ආදරය කරන මිනිසුන් ප්‍රසිද්ධියේ තම පාසල විවේචනය කරන්නේ නැත.පාසලේ පාලනය ගැන නොදන්නා මේ වගේ පිරිස් ගැන මා හට ඇත්තේ දැඩි කනගාටුවකි .බණ්ඩාරනායකය විනාශ කරන්නේ පාසලට හිතැති වෙසින් රඟපාන තනි පුද්ගල වාසියේ මෙවැනි අධාමයන්ය.එදා බණ්ඩාරනායකය හාමුදුරුවෝ දියුණු කළාටත් වඩා හොඳින් දියුණු කලේ ලාල් දිසානායක මහතාය .අපි ඔහුගේ අතපලුවෝ නොවෙමු .එහෙත් අපි පාසලේ අභයන්තරය හොඳින්ම දන්නා ආදිශිශයෝ වෙමු.හාමුදුරුවෝ පාසලට විශාල මෙහෙයක් කල හිමිනමකි .උන්වහන්සේ කල සේවයට වඩා වැඩි සේවයක් වත්මන් විදුහල්පතිවරයා පාසලට කර ඇත.එදාට වඩා වැඩි ප්‍රතිපල අද ඇත.දිනේෂ් සහ රෝහණ යනු ගුරුවරයන් නොව පාසැල පෞද්ගලික දේපලක් කරගත් දෙපළකි .ඔවුන් ගේ වත ගොත හොඳින් දන්නා පාසල් සංවර්ධන සමිතියට සහා අදිශිශ්‍යන්ට අමුතුවෙන් ඔවුන් ගැන කියන්නට අවශ්‍ය නැත.විදුහල්පතිවරයාට වෙනම මුදල් ගෙවීමක් පාසැල විසින් කරනු ලැබුවේ අද ඊයෙක ඉඳන් නොවේ.හමුදුරුවන්ටද ඒ මුදල ලබා දුනි .අද පාසලේ පවතින භෞතික දියුණුව ගැන මේ අය කතා කරන්නේ නැත.මෙවෙනි ආදීශිෂ්‍යයන් මවගේ කුමන තැනකින් ඉපදී ඇත්දැයි පාසල වෙනුවෙන් දිවා රෑ වෙහෙසෙන අපිට ඇත්තේ ගැටලුවකි.අපිට හැඟෙන පරිදි මොවුන් ඉපද ඇත්තේ මවගේ නියම තැනෙන් නොවේ....මතක තබාගන්න වැඩ කරන මිනිසුන් විවේචකයන් මෙන් කියවන්නේ නැත.එහෙත් මෙවෙනි හෙන ගහන පච වලට පිළිතුරු දීමට අපි පසුබට වන්නේද නැත.
-- by අර්ජුන on 2016-01-28

මේ කාලකන්නියාට පක්ශව අදහස් දක්වන්නේ මූගෙන් කටු කන බල්ලන් හා වේසියන් පමනි...උන්ට ඇත්තේ පාසලට ඇති ආදරය නොව උන්ගේ බඩ වඩා ගැනීමයි ....පාසලෙ කීර්තිය තැබූ කැඩෙට් කන්ඩායම් වලට මූ කල විනාශයට හා වන්චා චෝදනා වලට මේ පරයා සහ ඌට කඩේ යන අවජාතක බල්ලන්ට සහ වේසියන්ට නිසි පියවර ගත යුතුයි...අපි යහ පාලනයක් ගෙනාවෙත් ඒකටයි... මොකද පඹයෙක් එක්ක හැදෙන පොන්නයො ටිකක් කරන්න බැහැ ඉස්කෝල.
-- by dasun on 2016-01-30

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links