(ලංකා ඊ නිව්ස් -2016.ජන.30, ප.ව.7.00) දශකයකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ මහජන මුදල් සොරකම් කරමින් තම මඩිය තර කර ගත් රාජපක්ෂ චෞරයන්ගේ ‘ඉන්ටර්වල්‘ අහවර වී තිබේ. මෙකී ඉන්ටර්වල් එක ලැබී තිබුනේ දේශපාලන වශයෙන් වාසි ලබා ගැනීමට යයි විපක්ෂ දේශපාලකයන්ගේ මුවින් කියැවුනද එය අදාල සොරකම් වලට අවශ්‍ය සාක්කි සොයා ගැනීම වෙනුවෙන් යයි ආණ්ඩුව පාර්ශවයෙන් කියැවින.
ආණ්ඩුවේ කියමන සනාථ කරමින් අද සීඑන්එන් නාලිකාව සඳහා මහජන මුදල් සහ දේපොල අවභාවිතා කිරීම සම්බන්ධයෙන් රාජපක්ෂ පුත් නාවික නිලධාරී යෝෂිත රාජපක්ෂ ද එම නාලිකාවේ අධ්‍යක්ෂවරු වන ඇමැති අර්ජුන රණතුංගගේ සොයුරු නිශාන්ත රණතුංග ද, වත්මන් කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක රොහාන් වැලිවිට ද ඇතුළුව ජේ.ටී.එස්.ප්‍රනාන්දු හා කවීෂාන් දිසානායක යන සීඑන්එන් අධ්‍යක්ෂ වරුන් පොලිසියේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය හෙවත් FCID යෙන් හා නාවික හමුදාවෙන් අත්අඩංගුවට ගෙන කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කළේය
යෝෂිත රාජපක්ෂට ප්‍රකාශයක් ලබා ගැනීමට නාවික හමුදා මූලස්ථානයට පැමිණෙන්නැයි අද උදෑසන දන්වා තිබූ අතර යෝෂිත මූලස්ථානයට පැමිණීමෙන් පසු ප්‍රකාශයක් ලබාගෙන අත් අඩංගුවට ගෙන FCID යට බාර දී තිබිණ. ඒ අතරවාරයේදී රොහාන් වැලිවිට සිය නාරාහේන්පිට නිවසේදී ද අනෙකුත් සැකකරුවන් ඔවුනොවුන්ගේ නිවෙස් වලදී ද අත් අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් අධිකරණයට ගෙන ආ අවස්ථාවේ දී මහින්ද, ශිරන්ති, නාමල්, බැසිල්, ගෝඨාභය ආදී ඉදිරියේදී නිසැක වශයෙන්ම ‘ඉන්ටර්වල්‘ අහවර වීමට නියමිත අනෙකුත් රාජපක්ෂ චෞර රාජයන්ද අධිකරණ භූමියට පැමිණ සිටියහ.
අවසානයේ දී CSN නාලිකාව මගින් රජයේ දේපොල අපහරණය කිරීම ඇතුළු චෝදනා රැසකට යෝෂිත සහ පිරිස ලබන පෙබරවාරි 11 දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා නියෝග කෙළේය. තීන්දුවෙන් පසුව පිටතට පැමිණි මහින්ද රාජපක්ෂ කියා සිටියේ බිරිඳ සොහොයුරන් පුතුන් හිරේ දැම්මත් තමාගේ ‘පන්නරය‘ නැති නොවන බවයි. ඔවුන් හිරේ වැටෙන්නේ තමාගේ පාලන කාලයේ සිදුකළ වැරදි නිසා බව වියපත් වුවද චෞර මහින්දට නොවැටහීම පව්කාර කමකි. යෝෂිත අත් අඩංගුවට ගතහොත් තමා වස පානය කරන බව ශිරන්ති රාජපක්ෂ විසින් පැවසූ බවක් මීට පෙර මාධ්‍ය වාර්තා කර තිබිණ.
තජුඩීන් ඝාතනය වෙනුවෙන් යෝෂිතට එරෙහිව ලබන සතියේ චෝදනා ගොනු කිරීමට නියමිත බවද දැනගන්නට තිබේ.
(සේයාරූ ලංකාදීප නිව්ස් ෆස්ට් නෙත් ආදියෙනි)
---------------------------
by (2016-01-30 15:27:49)
Leave a Reply
karanakalata paw mihiriya mee say windinakalata paw dadiwi gini sey
-- by wimalasena on 2016-01-30
මුංගෙ මූණු දිහා බැලුවහම පේන්නෙ මේක ආංඩුව ඇතුලෙ කට්ටියක් එක්ක කතා කරගෙන කරපු හිරේ යෑමක්... මුංට තියෙන චෝදනා දියාරු කරන්න
-- by නිසල් on 2016-01-31
ගෑණි දරුවො(මරුවො) කොච්චර හිරේ දැම්මත් මුට ප්‍රස්නයක් නෑ!... මුගේ එකම පැතුම බළ තණ්හාව!
-- by jayani on 2016-01-31
රොහාන් වැලිවිටගෙ ගෙවල් ගැනයි ගෑණු ගැනයි නං මේ කපේදි හොයන්න බෑ....
-- by Yasara Abenayaka on 2016-01-31
තීන්දුවෙන් පසුව පිටතට පැමිණි මහින්ද රාජපක්ෂ කියා සිටියේ බිරිඳ සොහොයුරන් පුතුන් හිරේ දැම්මත් තමාගේ ‘පන්නරය‘ නැති නොවන බවයි. ඔවුන් හිරේ වැටෙන්නේ තමාගේ පාලන කාලයේ සිදුකළ වැරදි නිසා බව වියපත් වුවද චෞර මහින්දට නොවැටහීම පව්කාර කමකි.
-- by Nuwan on 2016-01-31
ඉන්ටර්වල්‘ ඉවරයි හා දැන් ඉතිං ටොයිලට් වලේ ඔලුවෙන් හිටගනිල්ලා!
-- by චාමර on 2016-01-31
CSN කියන්නෙ රාජ්‍ය දේපොල මහා පරිමානෙන් හොරකං කරගෙන කරපු තක්කඩි බිස්නස් එකක්....හැබැයි ඉතිං අපිට දඬුවං ලැබුනත් මේ පල් හොරුන්ට දඬුවං ලැබේද කියල සැකයි.
-- by Nanda Himi on 2016-01-31
හොරුන්ට දඬුවං ලැබේද කියල නං විශ්වාසයක් නෑ ඒත් අත්අඩංගුවට ගැනීම් පක්ෂ බේදයකින් තොරව සාධාරණව සිද්ද වෙනව.
-- by Rajitha Chamikara on 2016-01-31
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි