(ලංකා ඊ නිව්ස් -2016.පෙබ.16, පෙ.ව.8.05) ටෙලිකොම්/මොබිටෙල් සභාපති කුමාරසිංහ සිරිසේන නමැති තක්කඩියා විසින් ‘කෝල් ටර්මිනේෂන්‘ ජාවාරම මගින් ටෙලිකොම්/මොබිටෙල් සමාගම් වලට ලැබිය යුතු ආදායම ගසා කමින් දිනකට රුපියල් ලක්ෂ 20-30 ත් අතර අධික මුදලක් බැගින් තම සාක්කුවේ දමා ගන්නා බවට ලංකා ඊ නිව්ස් පසුගිය පෙබරවාරි 3 වෙනිදා කරන ලද අනාවරණය සත්‍ය බව ඔප්පු කරමින් ‘කෝල් ටර්මිනේෂන්‘ ජාවාරම කළ ටෙලිකොම් සමාගමේ සාමාන්‍යාධිකාරී වරයෙකු අල්ලා ගැනීමට හැකි වී ඇති අතර ඔහුගේ සේවය අත්හිටුවා තිබේ.
අජිත් සිල්වා නමැති ටෙලිකොම් සමාගමේ මෙකී සාමාන්‍යාධිකාරී ඉංජිනේරුවා එක දිනකට පමණක් IDD විනාඩි ලක්ෂයකට අධික ප්‍රමාණයක් ‘කෝල් ටර්මිනේෂන්‘ ජාවාරම මගින් කොල්ල කා තිබේ. IDD ඇමතුමක සාමාන්‍ය විනාඩියකට රුපියල් 7 ක් යැයි සැලකුව හොත් මේ පුද්ගලයා විසින් පමණක් දිනකට රුපියල් ලක්ෂ 7 කට අධික ප්‍රමාණයක් මංකොල්ලා කා ඇත.
ලංකා ඊ නිව්ස් පෙර කී ප්‍රවෘත්තියෙන් හෙලි කෙළේ ටෙලිකොම් සමාගමේ පමණක් මසකට විනාඩි මිලියන 13 ක් මෙලෙස මංකොල්ල කන බවයි. එනම් මසකට රුපියල් මිලියන 90 ක් හෙවත් කෝටි 9 කට වැඩි වටිනාකමක් මංකොල්ලා කති.
අප කළ හෙලිදරව්ව මත ටෙලිකොම් ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා (CEO) වන දිලීප විජේසුන්දර මහතා මැදිහත් වී කරන ලද මෙහෙයුමකින් අජිත් සිල්වා නමැති සාමාන්‍යාධිකාරී ඉංජිනේරුවා අල්ලා ගැනීමට හැකිවී ඇති අතර ඔහු තම රහස් ඛේතය ‘කෝල් ටර්මිනේෂන්‘ කරන ජාවාරම් කරුවන්ට ලබා දී ඇත.
මේ වන විට මෙය අභ්‍යන්තර පරීක්ෂනයක් ලෙස ගෙන ගියද මෙය මහජන මුදල් මංකොල්ලා කෑමක් බැවින් මෙය පැහැදිලිවම පොලිසියේ වංචා විමර්ශන ඒකකයට හෝ CID යට හෝ FCID ය වෙත පවරා වැඩි දුර විමර්ශන කරගෙන යා යුතුය. මන්ද යත් මෙකී අජිත් සිල්වා නමැත්තා මෙම අපරාධය සිදුකර ඇත්තේ තනියම නොවන අතර ටෙලිකොම්/මොබිටෙල් සභාපති වරයා වන කුමාරසිංහ සිරිසේනගේද අනුදැනුම ඇතිවය. මෙකී පරීක්ෂණයන් කුමාරසිංහ සිරිසේන සභාපති පුටුවේ තබාගෙන කළ නොහැකි එකක් වන අතර මේවා පැහැදිලිවම රහස් පොලිසිය වැනි අපරාධ පරීක්ෂණ අංශයකට බාර දිය යුතුය.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වෙනවාත් සමග බලහත්කාරයෙන් ටෙලිකොම් සභාපති පුටුවට පැන ගත් කුමාරසිංහ සිරිසේන මෙකී කෝල් ටර්මිනේෂන් ජාවාරම මගින් ගසා කෑමට සියල්ල සැලසුම් කළ ආකාරය ලංකා ඊ නිව්ස් සතුව පවතී. පළමු පුවතින් අප හෙලි කළ ආකාරයට රාජපක්ෂ යුගයේ සිට මෙම ජාවාරමේ ගෝඩ් ෆාදර් වූ රංජිත් රුබසිංහ ව කුමාරසිංහ සිරිසේන ආරක්ෂා කෙළේය. මොබිටෙල් සමාගමේ අධ්යක්ෂ ධූරයෙන් ඉවත් කළ විට ඔහුව ටෙලිකොම් කැම්පස් ආයතනයට පත් කර රහසිගතව තබා ගත්තේය. රංජිත් රුබසිංහ සමග එංගලන්තයට ගිය කුමාරසිංහ සිරිසේන එහි සිටින කෝල් ටර්මිනේෂන් ජාවාරම් කරුවන් හමුවී සාකච්ඡා කෙළේය. ඉන්පසුව දෙදෙනාම එක්ව චීනයට ගොස් ජාවාරමට අදාල ආම්පන්න ගැන සොයා බැලුවේය. මේ ගැන සියළු තොරතුරු ලංකා ඊ නිව්ස් සතුව පවතී. (සුදුසු අවස්ථාවේදී ඒවා සාක්කි සහිතව හෙලිකරනු ඇත)
එපමණක් නොව මෙම කෝල් ටර්මිනේෂන් ජාවාරම අල්ලා ගත හැකි උපකරණ ටෙලිකොම් සමාගම සතුව පවතී. ඒ සඳහා fraud management නමින් වෙනම අංශයක් ටෙලිකොම් සමාගම ස්ථාපනය කර තිබිණ. එය මූල්‍ය අංශය යටතේ පවත්වාගෙන ගියේය. මෙකී fraud management අංශයේ ප්‍රධානියා වූයේ ශ්‍රීපති ජයවර්ධන නම් විද්වතෙකි. අවංකයෙකි. ඔහු ඇමරිකාවට ගොස් මෙකී කෝල් ටර්මිනේෂන් ජාවාරම් අල්ලා ගැනීම ගැන විශේෂ පුහුණුවක් ලත් අයෙකි. එම අංශයට ඇමරිකානු නවීන උපකරණද සපයා තිබිණ.
දැව සංස්ථාවේ සාමාන්‍යාධිකාරීවරයා ලෙස හොරෙන් ගස් කපමින් සිටි කුමාරසිංහ සිරිසේන ටෙලිකොම් සමාගමට පැමිණි විගස කෙළේ කෝල් ටර්මිනේෂන් ජාවාරමට වැට බඳින ඉහත කී fraud management අංශය අක්‍රීය කිරීමයි. ඉහත කී ඇමරිකානු පුහුණුව ලබා පැමිණ සිටි එම අංශයේ ප්‍රධානී ශ්‍රීපති ජයවර්ධන පියෝ ටීවී නමැති වැදගැම්මකට නැති අංශයකට මාරු කර දැම්මේය. ඉන්පසු fraud management අංශය මූල්‍ය අංශයෙන් ඉවත් කර නෙට් වර්කින් අංශයට අනුයුක්ත කෙළේය.
කුමාරසිංහ සිරිසේන මේ සියල්ල සිදුකෙළේ මෙකී කෝල් ටර්මිනේෂන් ජාවාරමෙන් ගසා කෑම කරදරයකින් තොරව කරගෙන යෑමට ය.
දැන් අජිත් සිල්වා නම් එක හොරෙක් අල්ලාගෙන ඇත. තවත් උන් සිටිති. මෙම නීලකාස හොරකම හොරාගේ අම්මාගෙන් විමසීම නතර කර වහාම FCID යට හෝ CID යට හෝ බාර දී විධිමත් පරීක්ෂණයක් කර අල ගිය වැල ගිය මුල් ගිය තක්කඩි හොර නායකයන් අල්ලා ගත යුතුය. එසේ නොකළහොත් රාජපක්ෂ රෙජීමය මෙන් සිරිසේන රෙජීමයක් බිහිවීම වලක්වා ගත නොහැකිය.
දැන්වීම් අත්හිටුවනවා යන තර්ජනය භාවිතා කරමින් මේ සම්බන්ධ ප්රවෘත්ති මාධ්‍ය මගින් ප්‍රචාරය වීම කුමාරසිංහ සිරිසේන විසින් නතර කරවා ඇත.
(ටෙලිකොම් සභාපතිවරයා තමා සභාපතිත්වය දරණ ටෙලිකොම්/මොබිටෙල් සමාගම් වල බලය යොදවා මෙම ප්‍රවෘත්තිය ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියෙන් කියවීම ලංකාවේ ටෙලිකොම්/මොබිටෙල් ග්රාහකයන්ට වාරණය කිරීමට ඉඩ ඇති බැවින් මෙම ප්‍රවෘත්තිය ලංකා ඊ නිව්ස් ෆේස් බුක් අඩවියේ සම්පූර්ණයෙන්ම පල කිරීමට කටයුතු යොදා ඇත.)
---------------------------
by (2016-02-17 04:04:53)
Leave a Reply
කරුණාකර ‘කෝල් ටර්මිනේෂන්‘ ජාවාරම ගැන සාමාන්‍ය ජනයා දැනුවත් කරන සවිස්තරාත්මක ලිපියක් පල කරන්න.
-- by කුමාරි on 2016-02-16
මෛත්‍රිපාල උන්නැහේත් රාජපක්ෂ උන්නැහේ වගේම කවදාවත් ගොඩ එන්න බැරි ප්‍රපාතයකට ගමන් කරමින් සිටිනවාද කියල මට බයයි?
-- by Nanda Himi on 2016-02-16
මෛත්‍රි මහත්තයෝ පවුලෙ මිනිස්සු කරන වැඩ ගැන හොයල බලන්න.හැබැයි ඔවුන් හෝ ඔවුන්ගෙ මිතුරන්ගෙන් විමසල සැනසෙන්න එපා.
-- by කටුස්ස on 2016-02-16
දිලීප විජේසුන්දරට ගෙදර යන්න වේවි, ප්‍රතිඵලේ ඒකයි
-- by ගවරා on 2016-02-16
තමන්ගෙ සහෝදරයට ලැබුනු 62 ලකෂයක ජනවරමට පවා නිගා දෙමින් රාජපක්ෂගෙ පාදඩ හොරු රංචුවක් ලංකරගෙන කුමාරසිංහ සිරිසේන මේ කරන්නෙ මොන තරම් දේශද්‍රෝහී ක්‍රියාවක්ද? කිසිම බයක් නැතුව මේ හොරකං කරන්නෙ ටෙලිකොම් පාරිභෝගිකයන්ගෙ මුදල් නේද රටට ලැබිය යුතු ආධායමක් නේද?
-- by Jayantha Nonis on 2016-02-16
rajya depala sorakanawun eelanga upathe ballan kaputan wana bawa nayakathuma mathakkarala dunna. habai dittha dhamma wedaneeya karmayath paladena bawa mathakkaranna one.
-- by open mind on 2016-02-16
It's not "froud management" but "fraud management"
-- by Sarath on 2016-02-17
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි