(ලංකා ඊ නිව්ස් -2016.පෙබ.20, පෙ.ව.7.15) වසර 9 ක් පුරා ව්‍යාජ ඡන්ද පවත්වමින් රට යටත් කර මිනීමරු කල්ලි යොදවා රටවැසියන් අතුරුදහන් වූ බව පෙන්වා ඔවුන් ඝාතනය කරවූ මැදමූලන මෘග පර්සි මහේන්ද්‍ර රාජපක්ෂගේ ප්‍රධාන ඝනයේ දඩයම් බල්ලන් දෙදෙනෙකු වූ මේජර් තිස්ස සහ මේජර් නෙවිල් යන ව්‍යාජ හමුදා නිල වලින් හැඳින්වූ කුලී මිනීමරුවන්ගේ ඝාතන පසෙක තබා ඔවුන්ගේ වත්කම් ගැන මේ වන විට පරීක්ෂණ පැවැත්වෙද්දී නෙවිල් නම් කුලී ඝාතකයා තම වත්කම් සැඟවීමට කරන ලද කුමන්ත්‍රණයක් ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ.
පර්සි මහේන්ද්‍රගේ කන කෑම එකට වසා දමා ඇතිදැයි බැලීම පිණිස පළමුවෙන් එය අනුභව කරන ලද එක් අයෙකු නම් මේජර් නෙවිල් හෙවත් නෙවිල් වන්නිආරච්චි ය. මෙම නෙවිල් වන්නිආරච්චි සතුව මගී ප්‍රවාහන බස් රථ 12 ක් ටිපර් රථ 8 ක් ඉන්ධන පිරැවුම් හල් 3 ක් ආදී දේපොල ඇතැයි මේ වන විට සොයා ගෙන තිබේ. වානිජ බැංකු 32 ක සහ මූල්‍ය ආයතන 47 ක මුදල් සඟවා තිබේ. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන බැවින් මොහු සතු වාහන වල අයිතිය වෙනත් අයට අයිති බව පෙන්වීම සඳහා ව්‍යාජ දින යොදා වෙනස් කිරීමට මොහු මෝටර් රථ ලියාපදිංචි දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජගත් චන්ද්‍රසිරි නමැති දූෂිතයා යොදාගෙන ඇතැයි ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවයට වාර්තා වී ඇත.
ඉහත කී කොමසාරිස් ජගත් චන්ද්‍රසිරි නමැති නිලධාරියාද රාජපක්ෂ රෙජීමයේ සට්ටැඹියෙක් වන අතර ඔහුටද බරපතල චෝදනා එල්ල වී ඇති අතර මේ වන විට ඒ සම්බන්ධ වෙනම පරීක්ෂණ සිදුවෙද්දී නෙවිල් වන්නිආරච්චි පසුගිය 16 වෙනිදා ජගත් චන්ද්‍රසිරි හමුවී රහසිගත සාකච්ඡාවක් පවත්වා ඇත. එදින දහවල් 2 සිට 3.30 දක්වා පැවැති මේ සාකච්ඡාව දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයාගේ කාමරය දොරගුළු ලා පැවැති අතර ඒ කාලය තුල ඊට කිසිවෙකුට ඇතුළු වීමට ද ඉඩ දී නැත.
මෙම සාකච්ඡාවේ මූලික අරමුණ වී ඇත්තේ නෙවිල් වන්නිආරච්චි සතුව ඇති වාහන වෙනත් අයගේ නම් වලට ව්‍යාජ ලේඛන මගින් හැරවීම බවද දැනගන්නට ඇත.
---------------------------
by (2016-02-20 11:16:08)
Leave a Reply
ජගත් චන්ද්‍රසිරි යනු මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් වරයාය.එම දෙපාර්තමේන්තුවේ අද්‍යක්ෂ වරයෙකු නොමැත.
-- by usarath on 2016-02-20
Well, this thug has links with Yahapalanaya too, so this could well be just another drama.
http://srilankaoneislandtwonations.tumblr.com/post/121717732166/five-route-permits-to-maj-neville-from-yaha
-- by SAM on 2016-02-20
Warawak hoyagana pennanakota madamulana kattiyage . Warada pennana kenagen una athpasu wima hari loku deyak nada usarath ?
-- by ERANDI on 2016-02-20
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි