~

“නඩුකාර හාමුදුරුවනේ අනේ මා නිදහස් කරන්න, මා සමාව ඉල්ලන්නම්“ අධිකරණයේ කනපින්දම් කී ඥනාසාර දැඩි ඇප කොන්දේසි මත ගෙදර යවයි

(ලංකා ඊ නිව්ස් -2016.පෙබ.23, ප.ව‍.5.30- දෙවන සංස්කරණය ප.ව.10.30) සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට අධිකරණයේදී බැන තර්ජනය කිරීම හේතුවෙන් රිමාන්ඩ් භාරයේ සිටි සිවුරුකාර ගලගොඩඅත්තේ ඥානසාර රුපියල් දෙලක්ෂයක ශරීර ඇපයක් මත හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් අද (23) මුදා හැරියේය.

සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට තර්ජනය කිරීම සම්බන්ධයෙන් වින්දිතයන් ආරක්ෂා කිරීම පණත යටතේ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබා ගත නොහැකි බවට වින්දිත පාර්ශවයෙන් තර්කයක් මතු කිරීම නිසා තීන්දුවක් ගැනීම කල් ගියේය. නීතිපති දෙපාර්තමේන්තුවෙන් අද පැමිණ සිටි නීතිඥ මහතා ඒ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කර සිටියේ ය. ඥානසාර වෙනුවෙන් පෙනී සිටි ටිරන්ත වලලියැද්ද මහතා අද දිනයේද අධිකරණයට නොපැමිණි අතර කණිෂ්ඨ නීතිඥ මහතෙකු ඉදිරිපත් කර තිබිණ. එක්නැලිගොඩ අතුරුදහන් කිරීමේ නඩුවත් දැන් ඥානසාරට එල්ල වී තිබෙන නඩුවත් එකම ගොඩ නැගිල්ලක යට තට්ටුව සහ උඩ තට්ටුව මෙනි යැයි ඔහු කියා සිටි නමුත් එම ප්‍රකාශය වඩා වාසි වනුයේ ඥානසාරට නොව එක්නැලිගොඩ මහත්මියට ය. 

මේ අතර ඥානසාර මහේස්ත්‍රාත්වරයා අමතමින් තමාව නිදහස් කරන ලෙස පින්සෙන්ඩු විය. 

“අනේ නඩුකාර හාමුදුරුවනේ මාව නිදහස් කරන්න.. සන්ධ්‍යා එක්නැලිගොඩ මැතිනියට මා එදා එලෙස කීවේ වැඩිදුර සිතා මතා නොවෙයි. ඒ ගැන මං කණගාටුවෙනවා. මං එම මැතිණියගෙන් සමාව ඉල්ලන්න සූදානම්“ යැයි ඥානසාර හැඬුම් ස්වරයෙන් බැගෑපත් වෙමින් මහේස්ත්‍රාත් වරයාගෙන් ඉල්ලා සිටියේ ය.

වින්දිතයා වෙනුවෙන් පෙනී සිටි උපුල් කුමාරප්පෙරුම නීතිඥ මහතා කියා සිටියේ ‘ රටේ නීතිය වෙනස් කරන්න සිතාගෙන සිටිනවා නම් බෝක්කු කටවල් උඩ සිට කෑ ගසන්නේ නැතිව ඒ සඳහා පාර්ලිමේන්තුවට යන ලෙසයි.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඥානසාරගේ පින්සෙන්ඩු වීමත් සලකා බලා රුපියල් ලක්ෂ දෙකක ශරීර අැප මත නිදහස් කළ අතර දැඩි කොන්දේසි පැනවීය. 

සාක්කිකරුවන්ට බලපෑම් නොකරන ලෙසත් තැන් තැන්වල විවිධ ප්‍රකාශ නොකරන ලෙසත් එසේ කළහොත් ඇප අවලංගු කර යලි රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන බවත් මහේස්ත්‍රාත් වරයා ඥානසාරට දැඩි ලෙස අවවාද කෙළේය.

මේ සම්බන්ධ නඩුව මැයි මස 24 වෙනිදා යලි විභාගයට ගැනීමට දින නියම කෙළේය. 

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට මීට පෙර ඥානසාරට ඇප ලැබී තිබිණ. එහි ඇප කොන්දේසියක් වූයේ සෑම ඉරිදා දිනකම උදෑසන හෝමාගම පොලිසියේ අත්සන් කළ යුතු බවයි. 

එදා සුද්දන්ගේ නීතිය තමා පිළිගන්නේ නැතැයි කී ඥානසාර අද අධිකරණයෙන් ඇප මත නිදහස් වී කියා සිටියේ සංඝයා වහන්සේලාට නීතිය ගැන අවබෝධයක් ලබා දිය යුතු බවයි. 

---------------------------
by     (2016-02-23 18:09:22)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links