~

රෝගීන්ට ඇම්බියුලන්ස් දෙනවාටත් විරුද්ධ දොස්තර ගොන් නාම්බෝ..! පාදෙනිය සහ හේරත්

-ආනුභාවනන්දගේ සටහනකි

(ලංකා ඊ නිව්ස් -2016.පෙබ.28, පෙ.ව‍.9.50) ඒ අසූවේ දශකයේ මැද භාගයයි. 1977 දී බලයට පත් වූ ජයවර්ධන රජය සිය බල ආධිපත්‍යය සෑම ක්ෂේත්‍රයක් පුරාම පතුරුවාගෙන සිටියේ ය. 1980 වැඩ වර්ජනය මර්දනය කළ ඔව්හු ජනාධිපතිවරණයෙන් සහ අපකීර්තිමත් ජනමත විචාරණයෙන්ද ජයගෙන සිටියහ. ප්‍රධාන විපක්ෂය වූ ශ්‍රීලනිප කෑලි කිහිපයකට කඩා දමා තිබූ අතර ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවෙන් පන්නා දමා අවසානය. ඒ ජයවර්ධන රජයට ඉහලින් කපුටෙකුට හෝ පියාඹිය නොහැකි කාලයකි.  මෙම දුෂ්කර පසුබිම හමුවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිය වෘත්තීය ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් වැඩ වර්ජනයක් ඇරඹීය. ජයවර්ධන රජය මෙන්ම බොහෝ දෙනෙකු සිතා සිටියේ දින දෙක තුනකින් රජයේ වෛද්‍යවරුන් සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අත් හැර දමනු ඇති බවයි. 

එවකට සෞඛ්‍ය ඇමැති වශයෙන් කටයුතු කෙළේ එම්.බී.බී.එස්. වෛද්‍යවරයෙකු වූ දොස්තර රංජිත් අතපත්තු ය. ඔහු පළමුව වෛද්‍ය වර්ජනය නොසලකා හැරියේ ය. වර්ජනය දෙවන සතියට අවතීර්ණ වන විට ජයවර්ධන රජය රජයේ වෛද්‍යවරුන් බිය ගන්වා වර්ජනය අඩාල කිරීමට උත්සාහ දැරුවේය. ඉන්පසුව එළැඹියේ සේවයට වාර්තා නොකරන රජයේ වෛද්‍යවරුන් සේවය අතහැර ගියා සේ සළකා චක්‍රෙල්ඛ නිකුත් කිරීමය. රජයේ වෛද්‍යවරු මෙම තර්ජන හමුවේ එක්සත්ව නොසැලී සිටියහ. වර්ජනය මාසයකට අධික කාලයක් පුරා ඇදී යන විට ජයවර්ධන රජයට තව දුරටත් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නොසළකා හරීමට නොහැකි විය. අවසානයේදී රජයේ වෛද්‍යවරුන්ගේ වෘත්තීය ඉල්ලීම් පිලිබඳව සාකච්ඡා විසඳුමකට එළැඹීමට ජයවර්ධන රජය ක්‍රියා කෙළේය. එදා ප්‍රබල ජයවර්ධන රජය දණ ගැස්සවීමට හැකි මට්ටමේ නායකත්වයකට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හිමිකම් කීවේ ය. රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ නායකයෝ එදා ජනාධිපතිවරුන් අගමැතිවරුන් ඇමැතිවරුන් පසුපස යන හෙංචයියෝ නොවූහ. ඇම්බැට්ටයෝ නොවූහ. තම වෘත්තීය ඉල්ලීම් සඳහා පමණක් සටන් වැදුනද ඔව්හු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වෛද්‍යවරු වූහ. ඔව්හු සිය ආත්ම ගෞරවය හා අභිමානය දේශපාලකයන් ඉදිරියේ දිය කර නොදැමූහ. මේ බව මනාව තහවුරු වන්නේ පාදෙනියලා, නලින්ද හේරත්ලා සොයිසලා ගේ රජයේ වෛද්‍යවරු නිලධාරීන්ගේ සංගමය සමග එදා සිටි සැබෑ වෛද්‍ය වෘත්තිකයන්ගේ භූමිකාව සන්සන්දනය කිරීමෙනි.

රෙජීමය වෙනුවෙන් සුපර් මාර්කට් ගිය සිද්ධි 3 ක්

වර්තමානයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ බලය වසර ගණනාවක් පුරා ඩැහැගෙන සිටින අනුරුද්ධ පාදෙනිය මට්ටමේ දේශපාලන පීචමෙකු, ඇම්බැට්ටයෙකු, සට්ටැඹියෙකු මෙරට වෘත්තීය සමිති ව්‍යාපාරය බිහි වූ දා සිට බිහිව නැත. ඔහු ඇතුළු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රාජපක්ෂ රෙජීමයට කඩේ ගියේ රෙදි නැතිව ය. පාදෙනියලා, හේරත්ලා, සොයිසලා අදටත් කලිසම් අඳින්නේ සමාජයේ බොහෝ දෙනා කලිසම් අඳින නිසා මිස නිරුවත වසා ගැනීමට නොවේ. ඔව්හු රාජපක්ෂ රෙජීමයේ ගුණ වැයුවේ ජැක්සන් ඇන්තීලාටත් ලැජ්ජා සිතෙන තරමට ය. පසුගිය ජනාධිපතිවරණය කැඳවීමට මාස කිහිපයකට පෙර මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැති කාබනික පොහොර හඳුන්වා දීමේ ජාතික උත්සවයේදී පාදෙනිය සිදුකළ දේශනය මෙයට කදිම උදාහරණයකි. පුරුද්දට කලිසම් කමිස අඳින පාදෙනිය එදින උත්සවයට ආවේ දේශපාලනඥයෙකු මෙන් ජාතික ඇඳුමක් ඇඟලාගෙනය. පාදෙනිය එදින සිය දේශනයේදී මහින්ද රාජපක්ෂ රට බේරා ගත් නූතන දුටුගැමුණු වශයෙන් අභිෂේක කරමින් වන්දිභට්ට ස්තෝත්‍ර ගායනා කෙළේය. ඉන්පසුව ඔහු රාජපක්ෂ ජනාධිපතිවරයාට දණින් වැටී ආයාචනා කෙළේ  ත්‍රස්තවාදයෙන් රට බේරාගත් ආකාරයට ‘අභීතව‘ ක්‍රියා කරමින් රසායනික පොහොර උවදුරින් රට බේරා දෙන ලෙසයි. එවකට සිටි ඉහලම ශ්‍රේණියේ සට්ටැඹියන් වන විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම, ටී.බී.ඒකානායක, වාසුදේව නානායක්කාර පවා මෙවැනි මට්ටමේ වන්දිභට්ට ස්තෝත්‍ර ගායනා නොකළහ. පාදෙනියගේ එදින දේශනය අසාගෙන සිටි ඕනෑම සිහි බුද්ධියක් සහිත පුද්ගලයෙකුට පොළොව පලාගෙන යෑමේ ලැජ්ජාවක් ඇතිවීම පුදුමයක් නොවේ. එසැනින්ම සිතෙහි මතුවන අනෙක් අදහස වන්නේ “මේ යකාට එම්.බී.බී.එස්. උපාධියක් දුන් එකා මොකාද?“ යන්නය. ඕනෑම සිහි බුද්ධියක් ඇති මිනිසෙකුට පීචං වීමේ හෝ පශ්චාත් භාගය පිදීමේ හෝ සීමාවක් තිබෙන නමුත් පාදෙනිය එදින ප්‍රදර්ශනය කෙළේ තමාට එවැනි සීමාවක් හිරිකිතයක් නොමැති බවයි. 

පසුගිය ජනාධිපතිවරණයට පෙර මහින්ද රාජපක්ෂ අය වැය ඉදිරිපත් කළ අවස්ථාවේදී ද පාදෙනිය තම “මහරජා“ අසල දැවටි දැවටී සිටි ආකාරය පිලිකුල් සහගත ය. අය වැය තේ පැන් සංග්‍රහය සඳහා පැමිණි ජනාධිපති මහින්ද රාජපක්ෂ දැවටෙන පාදෙනිය එදින රූපවාහිනී ප්‍රවෘත්ති විකාශයන්හි දක්නට ලැබිණ. යූ ටියුබයට පිවිසෙන ඕනෑම අයෙකුට මෙකී දර්ශන සහ දේශන නැරඹිය හැකිය. පසුගිය ජනාධිපතිවරණයේදී පාදෙනිය ප්‍රමුඛ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රසිද්ධියේම මහින්ද රාජපක්ෂට සහායෝගය ලබා දුන්නේය. ඒ අවස්ථාවට අදාළ යූ ටියුබ් වීඩියෝ වල දැක්වෙන ආකාරයට පාදෙනිය කියා සිටින්නේ ත්‍රස්තවාදයෙන් රට බේරාගැනීම විශාල ජයග්‍රහණයක් බවත්, දැනට ක්‍රියාත්මක වන යටිතල පහසුකම් දියුණුකිරීමේ ක්‍රියාවලිය බාධාවකින් තොරව ඉදිරියට ගෙන යා යුතු බවයි. මේ මොහොත් දී (ජනාධිපතිවරණයේදී) යහපාලනයකට යෑමේ අවශ්‍යතාවයක් (රාජපක්ෂ පාලනය වෙනස් කිරීමේ) නොමැති බව පැවසූ පාදෙනිය යහාපාලනය පියවරෙන් පියවර ලබා ගත යුතු දෙයක් මිස මේ අවස්ථාවේදී යථාර්ථය නොවන බව රජයේ වෛද්‍යවරුන්ගේ මතය යැයි අවධාරණය කෙළේය. මෙය මිනීමරු චෞර රාජපක්ෂ රෙජීමය වෙනුවෙන් ඍජුවම පෙනී සිටීමක් මිස අන් කුමක් ද?  

ඉහත සිද්ධීන් 3 අප ගෙන හැර පෑවේ පාදෙනියලා ප්‍රමුඛ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රාජපක්ෂ රෙජීමයට කඩේ ගිය බව අගමැති පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ අවස්ථාවේ එයට විරෝධය දැක්වූ බැවිනි. මෙය කඩේ යෑමක් නොව සුපර් මාර්කට් යෑමකි. 

රාජපක්ෂ රෙජීම සමයේ ශ්‍රීලනිප වෘත්තීය සමිති නායකයන් වන ලෙස්ලි දේවේන්ද්‍රලා පවා මේ ආකාරයට මහින්ද රාජපක්ෂගේ වන්දි භට්ටයන්, බත් බැලයන්, සට්ටැඹියන් නොවූ බව ඔවුන්ගේ ගෞරවය පිණිස සටහන් කළ යුතුය. ගෞරවනීය ඉතිහාසයක් තිබූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ තරම් පහළ මට්ටමකට ඇද වැටුණු තවත් අවස්ථාවක් ඉතිහාසයේ කවරදාවත් නොවීය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ එදා සිටි නිලධාරීන් කිසිදු දිනෙක පාදෙනියලා, හේරත්ලා, සොයිසලා මෙන් ඇම්බැට්ටයන් පක්කලියන් සට්ටැඹියන් නොවූහ.

නලින්ද හේරත් ගේ මන්ද බුද්ධිය වික්ටර් අයිවන්ට පෙන්වීම

එක වර්ගයේ කුරුල්ලන් එක අත්තේ වහනවා යි කීවා සේ පාදෙනියටම ගැලපෙන ආකාරයේ ලේකමෙකු ඔහුට සිටී. යහපාලන ආණ්ඩුවේ පළමු අයවැය මගින් වෛද්‍යවරුන්ට පමණක් නොව මන්ත්‍රී ඇමැති වරුන්ට පවා ලබාදෙන බදු රහිත වාහන බලපත්‍රය අහෝසි කළ විට ඊට එරෙහිව මොව්හු රෝගී ජීවිත උගසට තබමින් වැඩ වර්ජනයක් කැඳවූහ. මෙකී වැඩ වර්ජනය ගැන සාකච්ඡා කිරීම සඳහා ස්වාධීන රූපවාහිනිය සෙනසුරාදා රාත්‍රියක සංවිධානය කළ සජීවී සංවාදයක් සඳහා සංගමයේ ලේකම් නලින්ද හේරත්, වර්ජනයට සහාය දෙන තවත් නියෝජිතයෙකු සහ ‘රාවය‘ හිටපු කර්තෘ වික්ටර් අයිවන් මහතා සහභාගී වූහ. රෝගීන්ගේ ජීවිත ඇපයට තබාගෙන වාහන බලපත්‍රයක් සඳහා කරන වර්ජනයේ සදාචාරය වික්ටර් අයිවන් ප්‍රශ්න කෙළේය. රජයේ වෛද්‍යවරු යනු පැමිණීමේ ලේඛනයක් හෝ නික්ම යෑමේ ලේඛනයක් හෝ අත්සන් නොකරන, අතිකාල සේවයේ යෙදුනද නොයෙදුනද මසකට පැය 120 ක අතිකාල දීමනා ලබාගන්නා ලෝකයේ එකම වර්ගයේ සේවකයන් කොටසක් බව වික්ටර් පෙන්වා දුන්නේය. එමෙන්ම ලංකාවේ වෘත්තීය වේදීන් පිළිබඳ විවේචනයක්ද ඉදිරිපත් කෙළේය. වික්ටර් අයිවන් මහතා ලංකාවේ වෘත්තීයවේදීන් සහ වෘත්තීයවේදීන්ගේ සංගම් වල මැදිහත්වීම් පිලිබඳව ධනාත්මක විවේචන ඉදිරිපත් කරන්නේ අදක ඊයේක සිට නොවේ. මෙම සාධනීය විවේචන චන්ද්‍රිකා පාලන කාලයේ සිට ඔහු සිදුකරන බව ඔහුගේ ලිපි පරිශීලනය කරන්නෝ මැනැවින් දනිති. අයිවන් මහතා එම වැඩ සටහනේදී ඉදිරිපත් කළ සාධනීය විවේචන ඉදිරියේ වියරු වැටුණු නලින්ද හේරත් එම විවේචනයන්ට කිසිදු පිලිතුරක් නොදී රාවය හිටපු කර්තෘවරයාට අවලාද නැගීය. වික්ටර් අයිවන් යනු 1971 කැරැල්ලේ දී මෙන්ම 1994 ආණ්ඩු පෙරළියට සම්බන්ධ වී රට විනාශ කළ පුද්ගලයෙකු බව කියා සිටි නලින්ද හේරත්, මෑතකදී “ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල්“ ආයතනය දූෂණ විරෝධී සුපිලිපන් සම්මානය වික්ටර් අයිවන්ට ලබා දුන්නේ යහාපාලන ආණ්ඩුවට කඩේ යෑමට කළ ගුණ සැලකීමක් වශයෙන් බවට චෝදනා කෙළේය. නලින්ද හේරත් වැනි දේශපාලන මන්ද බුද්ධිකයෙකුගේ ප්‍රකාශ කට කොනකින් අසා සිටි වික්ටර් අයිවන් මහතා කියා සිටියේ නලින්ද හේරත්ට රටේ දේශපාලන ඉතිහාසය ගැන මීට වඩා අවබෝධයක් තිබිය යුතු බවයි. නලින්ද හේරත් එදින තම මන්ද බුද්ධික සමාජ දේශපාලන දැනුම රටට හෙලි කෙළේය.

1971 තරුණ කැරැල්ල යනු සමාජ දේශපාලන ක්‍රියාදාමයේ හැරවුම් ලක්ෂයක් බව අවිවාදිතය. තරුණ කැරැල්ලේ ප්‍රතිඵලය ලෙස එවකට බලයේ සිටි සමගි පෙරමුණු රජයට තියුණු සමාජ, ආර්ථික දේශපාලන ප්‍රතිසංස්කරණ සඳහා යොමු වීමට සිදුවූ අතර රටක් වශයෙන් අදටත් අප භුක්ති විඳින සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිලාභ වඩාත් තහවුරු කිරීමට එම කැරැල්ල හේතු වූ බව නලින්ද හේරත් වැනි අඳබාල මුග්ධයන් නොදැනීම අතිශය කණගාටුදායක ය. වසර දාහතක් රට පාලනය කළ එජාප ආණ්ඩුව 1994 චී පරාජය කිරීමද අතිශය තීරණාත්මක අවස්ථාවකි. එජාප නායකත්වය හිමිවීමෙන් පසුව රනිල් වික්‍රමසිංහ මහතා ස්වයං විවේචනයක් කරමින් තම රජය යටතේ සිදුකළ 1983 ජනමත විචාරණය, දූෂණ ගනුදෙනු, දුවිඩ එක්සත් විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවෙන් පලවා හැරීම ඇතුළු වැරදි ගණනාවක් සැබෑ ප්‍රජාතන්ත්‍රවාදියෙකු වශයෙන් පිළිගත්තේය. වර්තමාන එජාප නායකයා පවා දාහත් වසරක පාලනයේදී තීරණාත්මක වැරදි සිදුවූ බව පිළිගන්නා විට නලින්ද හේරත් කියා සිටින්නේ 1994 ආණ්ඩු පෙරලිය රටට සිදුකළ විනාසයක් බවයි. පසුගිය වසර 8 ක පමණ කාලයක් පුරා රාජපක්ෂ රෙජීමයට කඩේ යමින්, සට්ටැඹි කම් කළ පාදෙනියලාට, හේරත්ලාට බල වෙනසක් යනු දිරවා ගත නොහැකි දේශපාලන සිද්ධාන්තයකි. ඔවුනට අවශ්‍යව ඇත්තේ රජෙකුට වන්දිභට්ටකම් කරමින් උදේ හවා ස්තෝත්‍ර ගායනා කිරීමත් ඊට ප්‍රතිලාබ ලබා ගැනීමත් පමණි. ප්‍රජාතන්ත්‍රවාදී බල හුවමාරු දේශපාලන වෙනස්කම් ඔවුනට ආගන්තුක ය. 

වික්ටර් අයිවන් පිලිබඳ අපට විවේචනයක් ඇතත් ඔහු මෙරට සමාජ ආර්ථික දේශපාලන කතිකාවතට සිදුකළ දායකත්වය ගෞරවනීය ය. අධිකරණ තීන්දු, විනිසුරන් මෙන්ම නීතිඥයන් විවේචනය කළ නොහැකි උත්තරීතර වස්තූන් ලෙස සැලකූ යුගය ඔහු විසින් නිමා කෙළේය. අධිකරණය පුරා විසිරී පැවතුණු දූෂනයන්ට මෙන්ම තුප්පහි අගවිනිසුරුවරයෙකුට එරෙහිව ඔහු විසින් අභීතව ගෙන ගිය සටන ඔහුගේ ගෞරවය පිණිස සටහන් කළ  යුතුය. ඔහුට දූෂණ විරෝධී සම්මානයක් හිමිවිය යුතුව තිබුනේ මීට වසර ගණනාවකට පෙරය. සට්ටැඹිකම, වන්දිභට්ටකම, පමණක් ප්‍රගුණ කර ඇති නලින්ද හේරත් ලා ලොවම දකින්නේ තමාට සාපේක්ෂව බැවින් වික්ටර් අයිවන් මහතාවද ඒ ආකාරයෙන් දැකීම පුදුමයකට කාරණයක් නොවේ.

ගෝඨා ඉදිරියේ පාදෙනිය නගුට දෙපරහැන්දේ ගසා ගත් හැටි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යනු ඉතිහාසය පුරාම තම අයිතිවාසිකම් වෙනුවෙන් පමණක් සටන් කළ සංවිධානයකි. ඔව්හු මෑත ඉතිහාසයේ කිසිදු අවස්ථාවක පොදු සටනකට එකතු නොවූහ. එහෙත් පාදෙනිය හේරත් යුගයේදී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අනෙකුත් වෘත්තිකයන්ගේ මෙන්ම සම සෞඛ්‍ය සිසුන්ගේ අයිතිවාසිකම් වලට එරෙහිව අකුල් හෙලන ප්‍රතිපත්තියක් ඔව්හු අනුගමනය කළහ. සහකාර වෛද්‍යවරුන්ගේ, හෙදියන්ගේ වෘත්තීය අවස්ථාවන් අහෝසි කිරීමට බලකළ ඔව්හු සම සෞඛ්‍ය සිසුන්ගේ අධ්‍යාපන අවකාශයන් අහෝසි කරන ලෙසට බල කළහ. ඔව්හු නරුම, අවස්ථාවාදී, කුහක ගෝත්‍රික කන්ඩායමකි. එහෙත් ඔවුන්ගේ සියලු නරුම අවස්ථාවාදී කුහක ගෝත්‍රික ක්‍රියාකාරකම් රාජපක්ෂ රෙජීමයේ බල පරාක්‍රමය ඉදිරියේ දියවී ගියේ ගෝඨාභය රාජපක්ෂ කිසිදු ප්‍රමිතියකින් තොරව පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් කොතලාවල හමුදා ඇකඩමියේ ආරම්භ කිරීමත් සමගය. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල යන නම ඇසෙන විට පවා භූමිතෙල් ගෑ ගැරඬියන් සේ දඟලන පාදෙනියලා ගෝඨාභය ඉදිරියේ බලු කුක්කන් සේ නැට්ට දෙපරහැන්දේ ගසා ගෙන සිටියහ. මාලාබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරම්භ කරද්දී තත්ත්වයද ඊට දෙවැනි නොවීය.

රාජපක්ෂ රෙජීමයට කඩේ යමින් නැට්ට දෙපරහැන්දේ ගසා ගෙන සිටි පාදෙනිය සහ හේරත් ලා යහපාලන රජය බලයට පත්වීමත් සමග එකවර වීරයන් බවට පත් වූහ. අද ඔව්හු යහපාලන රජයට අභියෝග කරමින් සිටිති. ඉන්දු ලංකා ආර්ථික ගිවිසුමට එරෙහිව ඉන්දීය විරෝධයක් රටපුරා වපුරමින් සිටිති. නව ගිවිසුම යටතේ ඉන්දීය වෛද්‍යවරු පෝලිමේ ලංකාවට නොඑන බව අගමැතිවරයා සහතික වීමත් සමග පාදෙනිය හේරත් සොයිසා කණ්ඩායම තම පදය වෙනස් කරමින් සිටිති. ඔව්හු අද තොරතුරු තාක්ෂණ විශේෂඥයන් ගේ රැකියා සුරක්ෂිත භාවය වෙනුවෙන් පෙනී සිටිති. ඒ වෙනුවෙන් මාරාන්තික සටනකට පිවිසෙන බවට ශපථ කරති.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහෝදර වෘත්තිකයන්ගේ වෘත්තීය අවස්ථාවන් අහෝසි කිරීමට කටයුතු කළ සම සෞඛ්‍ය සිසුන්ට අධ්‍යාපනයට තිබූ අවස්ථාවන් සඳහා දිගින් දිගටම බාධා කළ අවස්ථාවාදී කුහක නරුමයන් පිරිසක් වූ පාදෙනියලා තොරතුරු තාක්ෂන ක්ෂේත්‍රයේ වෘත්තිකයන් වෙනුවෙන් පෙනී සිටිනවා යැයි විශ්වාස කළ හැකිද? 

සැබැවින්ම මෙය මහින්ද රාජපක්ෂ ගේ දේශපාලන ව්‍යාපෘතියේ දිගුවකි. ඒකාබද්ධ විපක්ෂය, විමල් වීරවංශ, ගම්මන්පිල්ලෙයි, වාසුදේව ඇතුළු සියලු සට්ටැඹියන් අද පාදෙනියලා සමග එකට සිටගෙන ඇත. රාජපක්ෂ රෙජීම සමයේ සිදුවූ දූෂණ වංචා ඝාතන හමුවේ දෑස් වසාගෙන සිටි පාදෙනියලා හේරත්ලා සොයිසලා ඇතුළු හදිසියේ පහළ වූ වෘත්තීයවේදීන් යැයි කියාගන්නා වුන් නින්දෙන් අවදි වී රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කිරීමට සූදානම් වීම ජවිපෙ ලාල්කාන්ත නම් මන්ද බුද්ධිකයාට වටහා ගත නොහැකි වුවත් මහජනතාවට නම් අවබෝධ කර ගත හැකිය.

අනුරුද්ධ පාදෙනිය නලින්ද හේරත් යන දේශපාලන ගොං නාම්බන් දෙදෙනා විය ගසේ බැඳ දමා යහපාලන රජය ඉන්දු ලංකා වෙළඳ ගිවිසුම ඉදිරියට ගෙන යා යුතුය. යහපාලන රජයේ අයවැය යෝජනා රැසක් පසුව සංශෝධනය කිරීමට සිදුවිය. එය ප්‍රජාතන්ත්‍රවාදී භාවිතයක් ලෙස අර්ථ දැක්වීමට හැකි වුවද  අනෙක් අතට එය රජයේ පරාජයකි. රජය දුර්වල යැයි යමෙකුට පෙනුනා විය හැකිය. එසේ වී නමුත් ඉන්දු ලංකා වෙළඳ ගිවිසුම පාදෙනියලා වැනි අවස්ථාවාදී නරුම කුහක වෘත්තීයවේදීන් යැයි කියා ගන්නා සට්ටැඹියන් සුළු පිරිසකගේ බලපෑම මත හකුලා ගැනීමට තීරණය කළහොත් ආණ්ඩු කිරීමද මහින්ද රාජපක්ෂලාටම බාර දී ගෙදර යෑම වඩාත් නම්බුකාර ය.

-ආනුභාවනන්ද විසිනි-

---------------------------
by     (2016-02-28 04:57:47)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  6 discussion on this news

අනුරුද්ධ පාදෙනිය නලින්ද හේරත් යන දේශපාලන ගොං නාම්බන් දෙදෙනා විය ගසේ බැඳ දමා යහපාලන රජය ඉන්දු ලංකා වෙළඳ ගිවිසුම ඉදිරියට ගෙන යා යුතුය.
-- by Mahinda Silva on 2016-02-29

රාජපක්ෂ රෙජීම සමයේ සිදුවූ දූෂණ වංචා ඝාතන හමුවේ දෑස් වසාගෙන සිටි පාදෙනියලා හේරත්ලා සොයිසලා ඇතුළු හදිසියේ පහළ වූ වෘත්තීයවේදීන් යැයි කියාගන්නා වුන් නින්දෙන් අවදි වී රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කිරීමට සූදානම් වීම ජවිපෙ ලාල්කාන්ත නම් මන්ද බුද්ධිකයාට වටහා ගත නොහැකි වුවත් මහජනතාවට නම් අවබෝධ කර ගත හැකිය.
-- by නාලිනී on 2016-02-29

I like to watch the above mentioned ITN tv programme.What is the title and date? Thanks
-- by sepala on 2016-03-01

නාම්බො කියල නං කියන්න බැහැ පට්ටි ගොන්නු කිව්වොත් නං ගැලපේවි
-- by Amarasena on 2016-03-01

අතිකාල සේවයේ යෙදුනද නොයෙදුනද මසකට පැය 120 ක අතිකාල දීමනා? ........... දෙයියනේ! හෙන ගහන්න එපායැ.......
-- by ජීවක on 2016-03-02

පාදෙනියට තියෙන්නෙ එළුවෙකුගෙ මූණක්....
-- by හේරත් on 2016-03-04

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links