(ලංකා ඊ නිව්ස් -2016.මාර්.08, ප.ව.11.30) පසුගිය ඉරිදා දින සියලු පුරවැසියන්ගේ කාර්ය බහුල දිනයකි. එනම් නිවසේ එදිනෙදා අත්‍යවශ්‍ය වැඩ කටයුතු හා තම මව පියා බිරිඳ දරුවන් ලඟම ඥාතියා ඇතුළු කවර හෝ පුද්ගලයෙක් වුවද රෝහල් ගත වී හෝ අසාධ්‍ය තත්වයන් තුල ප්‍රතිකාර ගැනීමට ජීවිතයත් මරණයත් අතර සටනක සිටියා විය හැකිය. රෝගීන් බැලීමට යාමට බස්රියේ සිරවී සිටියා විය හැක.
බාහිර වශයෙන් ගත්කල කිසියම් පුද්ගලයෙකුට පසුගිය ඉරිදා දිනයේදී පාපැදියකින් වත් තම අවශ්‍යතාවය කර ගැනීමට පාරේ යෑමට ඉඩක් නොලැබුනී. පාරවල් අවහිර වන සේ රටේ සදාචාරය ශිෂ්ඨ සම්පන්න බව විනාශ කරමින් විකාර රූපී ඇඳුම් ඇඳගෙන හා පච්චා කොටාගෙන කන්ටේනර් රථ, ලොරි, කාර්, ජීප්, වෑන්, ට්‍රක්, ට්‍රැක්ටර්, නවීන පන්නයේ ප්‍රභූවරුන් යන රථ, පරිවාර රථ, ආදී එකී නොකී වාහනත් වාහන ප්‍රවාහනය කරන ස්කැමල් වර්ගයේ රථයකුත් සමග මහා ඝෝෂාවන් සංගීත ශබ්ද දමා ගෙන මෝටර් සයිකල් ධාවන කණ්ඩායම් (හරියට ඇමෙරිකාවේ දාමරිකයන් පිළිබඳ චිත්‍රපටියක් වගේ) පාරේ එහාට මෙහාට ගමන් කරමින්, තම මව පියා සමග යන තරුණියන්ට පවා උසුළු විසුළු කරමින්, හූ කියමින්, නළා ශබ්ද දමමින්, ගෑස් ටින් වලින් එන ගෑස්වලට ලයිටර් එකෙන් ගිනි ජාලා නිකුත් කරමින් ගම්පහ මාර්ග දිගේ ගමන් කළ ආකාරය කොළඹ වත් නැති තරම්ය. අසික්කිත බිග් මැච් මේනියාවක් ගම්පහ අරක් අරක් ගෙන තිබෙන අයුරකි. වෙනදා ඉර කැපුනා කියා, හෙල්මට් නැහැ කියා, අපරීකෂාකාරී අන්දමට රථ පැදව්වා කියා, අවහිර කළා කියා ආදී ලෙස බොරුවට හෝ චෝදනාවක් හදගෙන කරදර කරන, නීතිය හොඳින් දන්නා පොලීසියේ ට්‍රැෆික් මහත්තුරු අයිනට වී මේ නාඩගම දෙස බලා සිටීම ද මහජනතාවට දැඩි පිළිකුලක් දනවන සිදුවීමක් විය. මේ මේනියාවට පොලීසියේ හා නීති ක්ෂේත්රයේ මැති ඇමති ප්රභූන්ගේ සහාය ඇති බව සමහරුන් කියති. ‘ඒක මාර කථාවක්නෙ ජනතාව බලයට ගෙනා යහපාලන රජයෙන්ම ජනතාව පීඩාවට ලක් කරනාවාද? තවකෙක් විමසති.
මේ කරදරකාරී පෙළපාලිය සෑම වයසකම පාහේ පුරවැසියන් විසින් පිලිකුලෙන් හෙලා දකින ආකාරයත් පාසැලටත් විදුහල්පතිට හා ගුරුවරුන්ට, දෙමව්පියන්ට හා ආදී සිසුන්ටත් සාප කරමින් වේදනාව පිටකර ගන්නා අයුරු මා දුටුවෙමි. සෑම තැනකින්ම වගේ එවැනි ජනතා ප්‍රතිචාර කනින් ඇසුවෙමි. ඊයේ සඳුදා දින රජයේ නිවාඩු දිනයක් වී තිබියදී ද උදෑසන 7.20 වන විටදී ම පාළු පාරේ යන එන මොටර් සයිකල් නවත්වා පොලීසියේ ට්‍රැෆික් අංශයේ දෙදෙනෙක් පරීක්ෂාවක යෙදී සිටීම මිනිසුන්ගේ හාස්‍යට කරුණක් විය. ‘ඊට පෙරදා ජෝකර්ලා ට රගපාලා අද වීරයන්ට ඇඳලා ඇවිත් අල්ලනවා‘ කියා තැන තැන මිනිසුන් පොලීසියට අප්‍රසාදය පළ කරමින් කථා කරනවා ද දුටුවෙමි.
කොළඹ ක්‍රිඩා පිටියක පැවැත්වීමට යන ක්‍රිකට් තරගයක් නිසා ගම්පහ මිනිසුන්ගේ සාමාන්‍ය කටයුතු කර ගැනීමට අවශ්‍ය මාර්ගයේ ගමනා ගමනය මුළුමනින්ම පැය ගණනාවක් අඩාල කිරීමට පාසැලකට හෝ විදුහල්පතිට හෝ කිසියම් ආදි ශිෂ්‍ය සංගමයටකට හෝ අයිතියක් දුන්නෝ කවුරුද? කවදාද? පාසැලේ කීර්ති නාමය විනාශ කිරීම, විනය පිරිහීම සම්බන්ධව වගකිව යුත්තන්ට දඩුවම් දෙන්නේ කවදාද?
අප රටේ සාරධර්ම සදාචාරය ශිෂ්ඨත්වය අමු අමුවේ වනසන මේ ම්ලේච්ඡත්වයට වගකිව යුත්තෝ කවුරුද? රජයෙන් මීට පිළියම් යොදන්නේ කවදාද?
මෙය කොළඹට පමණක් සීමාවී තිබියදී යම්කිසි ක්‍රියා මාර්ගයක් නොගැනීම නිසා එය මුළු මහත් රටටම කරුමයක් වී රට පුරා ව්‍යාප්ත වෙමින් තීබේ මෙම වසංගතය හෙට අනුරාධපුරය , පොලොන්නරුව ඇතුළු සියළු ගම් ගිල ගත් පසු පිලියම් යෙදීමෙන් පළක් නැත. මේ වැනසෙන්නේ අපේ රටේ අනාගතයයි. සිංහලේ, බොදු බලේ, රාවණා බලේ අර බලේ මේ බලේ කියමින් මැරෙන්න තටමන බොරු චීවරධාරී වීරයන් හා වෙනත් සංවිධාන මේ පිළිබඳව කථා නොකරන්නේ තරු පහේ දානයන් හා සැලකිලි වරදාන නොලැබී යන සැකෙන් බියෙන්ෙ නොවේද ?
සැ:යු: පාසැල් දරුවන් ජයගෝෂා ඔල්වරසන් නගමින් ක්‍රීඩා කිරීම හෝ නැරඹීම පිලිබඳව අපට කිසිම කරදරයක් නැත. නමුත් ඔවුන් එය කළ යුත්තේ ක්‍රීඩාංගනය තුල මිසක් මෙලෝ ක්‍රීඩා අවස්ථාවක් නැති මොහොතක මහා මාර්ගයට පැන, කාන්තා විදුහල් වලට පැන, අනෙකාට කරදරයක් පීඩාවක් ඇති කිරීමෙන් නොවේ. එය කුඩා කාලයේදීම ලැබෙන වැරදි ආදර්ශයකි. තමන්ගේ සතුට වෙනුවෙන් අනෙකා පීඩාවට ලක්කළාට කමක් නැතැයි කුඩා කාලයේම සිට මනසට ඇතුල් වනවා ඇත.
එදා සිට මිනිසුන් ඇඳුම් අඳින්නේ විලි වසා ගැනීමටය. නමුත් වසා තැබිය යුතු තැන් ඇරගෙන යාම නිසා වන කරදර අපි ඕනෑතරම් අසා ඇත්තෙමු. නිදි යහනේ කළ කරන දේවල් එලිමහනේ ප්‍රදර්ශනය කරමින් කිරීමට යාම ද ඒ වාගේමය. මේවාට ඇති නීතිය හා සදාචාර සීමාවන් සමාජ සභ්‍යත්වයන් තුලින් පාලනය නොවුනා නම් එහිද දරුණු තත්වයන් ඇති වීමටද ඉඩ තිබුණි.
පිවිතුරු රටක්, යහ පාලනයක්, සුභ අනාගතයක්, මෛත්‍රී රටක්, වස විස නැති රටක්, තිරසාර රටක්, දේශ හිතෛෂී බව, රටේ ගුණධර්ම, සාරධර්ම ආදී කතා දේසපාලුවන් විසින් නිතර නිතර වමාරා වමාරා කමින් අපටද කවන හුදු වචන සෙට් එකක් පමණක් වී ඇත.
-ගම්පහ - අසංග සෝමසිරි-
---------------------------
by (2016-03-08 23:47:19)
Leave a Reply
කෝ අර අපේ කම රකින උන්දැලා
-- by Falcon on 2016-03-09
rachakaya pissek sure ekatama. gampaha town eka iridata mala paalui. kuhaka kama
-- by sharn on 2016-03-09
Well said. very good article.
-- by A Fernando on 2016-03-09
ඇත්ත වශයෙන්ම හොද ලිපියක්. මේ පාසලේ විදුහල්පති විදියට ඉන්න ලාල් දිසානායක කියන මහින්ද සට්ටැඹියා තමන්ගෙ බැරිකමේ හෙළුව වහගන්න තමයි මෙහෙම දේවලට ඉඩ දීලා නපුංසකයෙක් වගේ බලාන ඉන්නෙ. වර්තමාන රජයෙන් ලකුණු කැපිලා ගෙදර යන්න නියමිත වෙලා හිටියත්..වත්මන් ජනාධිපති සොයුරෙකුගේ අදිසි හස්තයක බලෙන් මේ සුදුසුකම් නැති විදුහල්පතිවරයා තවමත් පාසලේ වැජඹෙනවා. තව වසර දෙක තුනක් යද්දි මේ මළ විකාර කරන උන් ගම්පහ කාන්තා පාසල් වලටත් පනින්න ගනියි...ඒ නිසා ලාල් දිසානායක කියන සට්ටැඹියව ගෙදර යවා පාසලත් දරුවනුත් රැක ගන්නට බලධාරීන්ගේ අවධානය යොමු වේවා !
-- by Asha Buddhi on 2016-03-09
බණ්ඩාරනායක විදලයේ ඉන්නේ මිලේච්ඡයෝකියලා.. උගත් බුද්ධිමත් මත්තයා හරිම කැත විදියට එයාගේ ප්රකාශනය සිද්ද කරල තිබුනා.. එ් උගත් බුද්ධිමත් මහත්තයා කියන විදිහට 2k16 x pard එකේදි කොල්ලෝ බාලිකා පාසල් වලට පැන්නාලු.. ඉරිදා වගේ නිවාඩු දවසක බාලිකා පාසල් වලට පැනලා අපි මොනවා කරන්නද.. ලියපු මහත්තයා දන්නෙ නෑ ඉරිදට ඉස්කොල නිවාඩු කියලා.. එහෙම දෙයක්වත් නෙදැන ඒ මහත්තයා කොහොම ඒක ලියුවද දන්නෙ නෑ..ඒ මහත්තයාට ගෙඩක් රිදිල තිබුනා වාහන විශාල ප්‍රමානයක් ආපු එකට.. මහත්තයෝ රථ ලෙලපාලි වල යන්නෙ වාහන මිසක් පයින් ඇවිදන් යන එක නෙමේ.. මහත්තයට වැරදිලා මහත්තයෝ වාහන ප්‍රවාහනය කරන කැරියර්ස් 1ක් නෙවේ 7ක් තිබුනා.. මහත්තයා අර වගේ ලියපු දීර්ග විස්තරයක් ලියල තියෙන්නෙ පෙරඩ් එක බලල නේවේ නේද මහත්තයෝ.. තව තැනක ඒ මහත්තයගේ තියන කොළඹ ලොකු කරගත්ත මානසිකත්වයක් දැක්කා.. ඒ මහත්තයා කියනවා අපි කොළඹවත් නැති තරමට මේක හිතට අරන් කියලා.. ඒ මහත්තයා ගම්පහම මිනිහෙක් වෙච්ච එක ගැන කනගාටුයි.. කොළඹවත් නැති තරමට අපි මේක කලා කියලා ඒ මහත්තයටම කියවුනා..ඒ මහත්තයට කියන්න තියෙන්නෙ.. මහත්තයෝ.. ඔබ තුමාට කොළඹ කියන්නෙ හරී ලොකු තැනක් වෙන්න පුලුවන්..ඔබ තුමාට ගම්පහ පොඩි වෙන්නත් පුලුවන්.. ඔබ තුමාට පොඩියි කියල හිතෙන ගම්පහ කොල්ලො ටිකක් දැනෙන්න වැඩක් කලා.. ඒක අගය නොකෙරුවට කමක්නෑ.. ඉරිසියාකාර විදිහට.. කුහක විදියට.. නිර්දය විදිහට විවේචනය කරන්න එපා.. ඒකෙන් පේන්නෙ ඔබ තුමාගේ දූපත් මානසිකත්වය..
-- by kasun nadiranga on 2016-03-09
රාජකීයයන්ගේ නිරැවත පේන්නේ නැත්තේ ආගමේ දෝෂයක්ද ලොක්කා....
-- by meha on 2016-03-09
ලාල් දිසානායක කියන විදුහල්පතිවරයට බණ්ඩාරනායක විද්‍යාලය වගේ පාසලක ඉන්න සුදුසුකම් නෑ. මේ මිනිහා ආනන්දෙ හිටියෙ නියෝජ්‍ය විදුහල්පති කෙනෙක් හැටියට. තව කල් හිටියා නම් ආනන්දෙ කොල්ලො කනට ගහලා එළවන්නෙ. කොහොම හරි මරා ට මුට්ටිය අල්ලලා ලාල් බණ්ඩාරනායක විද්‍යාලයට ආවා. ඒ දවස් වල ගම්පහ කෙරුමා විදියට හිටිය බැසිල් කියන පල් හොරාටත් සැරටම කඩේ ගියා. දැන් මේ කාලකන්නි ඔක්කොම ගෙදර යැව්වත් ලාල්ව ගෙදර යවාගන්න බෑ. මමත් විදුහලේ ආදි ශිෂ්‍යයෙක්...මම වගේ ගොඩාක් ආදි ශිෂ්‍යයො දැන් විදුහලෙන් ඈත් වෙලා ඉන්නෙ මේ ලාල් නිසා. ඔය පෙරඩ් යන්නෙ ඊයෙ පෙරේදා ඉස්කෝලෙන් අයින් වෙච්චි මල්ලිලා...උන් දන්නෙ නෑ මෙතන වෙන දේවල්...
ලාල් දැන් වැඩ කරන්නෙ පාසලේ නියෝජ්‍ය විදුහල්පති තුමියක් හා තවත් ගුරුවරියො දෙන්නෙක් කියන විදියට...ඒ අය අතරින් කුමාරි විජේසූරිය තමයි ඉස්සරහින්ම ඉන්නෙ. කුමාරි හෙවත් ලෝකල් ඩයනා තමන්ට අදාළ නැති හැම වැඩකටම එදා ඉදන් අත දාපු දික්කසාද වෙච්ච ගුරුවරියක්. දැන් ලාල්ගෙ ඔෆිස් කාමරේ නිතරම කුමාරි වැඩක් නැතුව කැරකෙන බව තමයි ආරංචි...ලාල් ඉස්කෝලෙ පාලනය කරනවට අමතරව මේ සැට් එකත් එක්ක තහනම් ගහෙත් ගෙඩි කනවා වගෙයි පේන්නෙ...අකිලා විරාජ් ඇමතිතුමාගෙ ඇස් ඇරෙන්න ඕනෙ..මේ වගේ කාලකන්නියෙක් මේ පාසලෙන් එලවලා දරුවන්ගෙ අනාගතය සුරක්ෂිත කරන්න. මොකද ගම්පහ දිසාවටම තියෙන ප්‍රධානම බාලක පාසල තමයි මේ.
-- by Lasantha on 2016-03-10
This article is good. I feel sorry about the long comment made by Mr. Kasun Nadiranga. I think that you are a young old boy of Bandaranayake Vidyalaya. (I studied in a better College than yours.) . Your comment shows your immaturity. One fine day you will be ashamed of yourself.
-- by Sisira on 2016-03-10
බණ්ඩාරනායක විදලයේ ඉන්නේ මිලේච්ඡයෝකියලා.. උගත් බුද්ධිමත් මත්තයා හරිම කැත විදියට එයාගේ ප්රකාශනය සිද්ද කරල තිබුනා.. එ් උගත් බුද්ධිමත් මහත්තයා කියන විදිහට 2k16 x pard එකේදි කොල්ලෝ බාලිකා පාසල් වලට පැන්නාලු.. ඉරිදා වගේ නිවාඩු දවසක බාලිකා පාසල් වලට පැනලා අපි මොනවා කරන්නද.. ලියපු මහත්තයා දන්නෙ නෑ ඉරිදට ඉස්කොල නිවාඩු කියලා.. එහෙම දෙයක්වත් නෙදැන ඒ මහත්තයා කොහොම ඒක ලියුවද දන්නෙ නෑ..ඒ මහත්තයාට ගෙඩක් රිදිල තිබුනා වාහන විශාල ප්‍රමානයක් ආපු එකට.. මහත්තයෝ රථ ලෙලපාලි වල යන්නෙ වාහන මිසක් පයින් ඇවිදන් යන එක නෙමේ.. මහත්තයට වැරදිලා මහත්තයෝ වාහන ප්‍රවාහනය කරන කැරියර්ස් 1ක් නෙවේ 7ක් තිබුනා.. මහත්තයා අර වගේ ලියපු දීර්ග විස්තරයක් ලියල තියෙන්නෙ පෙරඩ් එක බලල නේවේ නේද මහත්තයෝ.. තව තැනක ඒ මහත්තයගේ තියන කොළඹ ලොකු කරගත්ත මානසිකත්වයක් දැක්කා.. ඒ මහත්තයා කියනවා අපි කොළඹවත් නැති තරමට මේක හිතට අරන් කියලා.. ඒ මහත්තයා ගම්පහම මිනිහෙක් වෙච්ච එක ගැන කනගාටුයි.. කොළඹවත් නැති තරමට අපි මේක කලා කියලා ඒ මහත්තයටම කියවුනා..ඒ මහත්තයට කියන්න තියෙන්නෙ.. මහත්තයෝ.. ඔබ තුමාට කොළඹ කියන්නෙ හරී ලොකු තැනක් වෙන්න පුලුවන්..ඔබ තුමාට ගම්පහ පොඩි වෙන්නත් පුලුවන්.. ඔබ තුමාට පොඩියි කියල හිතෙන ගම්පහ කොල්ලො ටිකක් දැනෙන්න වැඩක් කලා.. ඒක අගය නොකෙරුවට කමක්නෑ.. ඉරිසියාකාර විදිහට.. කුහක විදියට.. නිර්දය විදිහට විවේචනය කරන්න එපා.. ඒකෙන් පේන්නෙ ඔබ තුමාගේ දූපත් මානසිකත්වය..
-- by Lakmal on 2016-03-10
මැච් ගහන්න පාරට එන්නෙ මොකටද? රටපුරා පවත්තන මේ වසංගත මැච් පෙළපාලි මුළු සමාජයටම වදයක්, මේව පාලනය කරන්න පොන්න විදුහල්පතිලට බැරිනං අවසානෙදි සිද්ධ වෙන්නෙ බෝම්බ ගෙඩියකින් හත් අට දෙනෙක් වලපල්ලට යන එක.
ඊට පස්සෙ ආණ්ඩුවෙ මහතැන්වල උන්ටත් මතක් වේවි!
-- by Darme on 2016-03-10
යකෝ පෙරඩ් තියනවනං පෙරේතයො වගේ වෙන් නැතුව තියහල්ල! පාර තියෙන්නෙ උඹලට පෙරඩ් තියන්න නෙවේ.....ඉරිද දවසටවත් මිනිස්සුන්ට නිදහසේ ගමනක් බිමනක් යන්න විදියක් නැද්ද? උඔලට ස්කෝලෙන් උගන්නන්නෙ මිනිස්සුන්ගෙ නිදහස නැතිකරන හැටිද?
-- by නුවන් on 2016-03-10
මට හරි කණගාටුවක් ආව kasun nadiranga කියන්නෙ ලිපියක් හරියට කියවල තේරුම් ගන්න බැරි තරම් ලාමකයෙක්ද කියල.....
-- by අමන්ත on 2016-03-10
“මෙය කොළඹට පමණක් සීමාවී තිබියදී යම්කිසි ක්‍රියා මාර්ගයක් නොගැනීම නිසා එය මුළු මහත් රටටම කරුමයක් වී රට පුරා ව්‍යාප්ත වෙමින් තීබේ මෙම වසංගතය හෙට අනුරාධපුරය , පොලොන්නරුව ඇතුළු සියළු ගම් ගිල ගත් පසු පිලියම් යෙදීමෙන් පළක් නැත. මේ වැනසෙන්නේ අපේ රටේ අනාගතයයි. සිංහලේ, බොදු බලේ, රාවණා බලේ අර බලේ මේ බලේ කියමින් මැරෙන්න තටමන බොරු චීවරධාරී වීරයන් හා වෙනත් සංවිධාන මේ පිළිබඳව කථා නොකරන්නේ තරු පහේ දානයන් හා සැලකිලි වරදාන නොලැබී යන සැකෙන් බියෙන් නොවේද ? “
-- by නිමාලි on 2016-03-10
“පාසැල් දරුවන් ජයගෝෂා ඔල්වරසන් නගමින් ක්‍රීඩා කිරීම හෝ නැරඹීම පිලිබඳව අපට කිසිම කරදරයක් නැත. නමුත් ඔවුන් එය කළ යුත්තේ ක්‍රීඩාංගනය තුල මිසක් මෙලෝ ක්‍රීඩා අවස්ථාවක් නැති මොහොතක මහා මාර්ගයට පැන, කාන්තා විදුහල් වලට පැන, අනෙකාට කරදරයක් පීඩාවක් ඇති කිරීමෙන් නොවේ. එය කුඩා කාලයේදීම ලැබෙන වැරදි ආදර්ශයකි. තමන්ගේ සතුට වෙනුවෙන් අනෙකා පීඩාවට ලක් කළාට කමක් නැතැයි කුඩා කාලයේ සිටම මනසට ඇතුල් වීමක් වනවා ඇත.“
-- by නිමාලි on 2016-03-10
“එදා සිට මිනිසුන් ඇඳුම් අඳින්නේ විලි වසා ගැනීමටය. නමුත් වසා තැබිය යුතු තැන් ඇරගෙන යාම නිසා වන කරදර අපි ඕනෑතරම් අසා ඇත්තෙමු. නිදි යහනේ කළ කරන දේවල් එලිමහනේ ප්‍රදර්ශනය කරමින් කිරීමට යාම ද ඒ වාගේමය. මේවාට ඇති නීතිය හා සදාචාර සීමාවන් සමාජ සභ්‍යත්වයන් තුලින් පාලනය නොවුනා නම් එහිද දරුණු තත්වයන් ඇති වීමටද ඉඩ තිබුණි“
-- by නිමාලි on 2016-03-10
දූපත් මානසිකත්වයෙන් මිදෙනවැයි කියන්නෙ මිනිස්සුන්ට කරදරකාරී විදියට හැසිරෙන එකද?
-- by Sahan on 2016-03-10
අධික ඝෝෂාකාරී සංගීතය මිනිසුන් බරපතළ රෝගීන් බවට පත් කරනව, විශේෂයෙන් හදවත් රෝග, පිළිකා, පෙනහළු රෝග, දද කුෂ්ට ආදිය ප්‍රධානයි. එමෙන්ම මිනිසුන්ගෙ කංදොස්කිරියාවෙන් තොරව නිදහසේ ජීවත්වීමෙ අයිතියත් අහිමි කරනව.අද මහාමාර්ග භාවිතා කරන මිනිස්සුත් ඒ දෙපස ජීවත්වන මිනිස්සුත් මේ කංඅඩියට ගහන සංගීතෙන් නිරතුරුව පීඩාවට පත්වෙනව. බලන්න ත්‍රීවීල් රියදුරන් ඇතුළු වැඩි පිරිසක්කොච්චර භයානක විදියට කංඅඩි සංගීතෙන් මිනිස්සුන්ගෙ සෞඛ්‍ය විනාස කරනවද කියල. මහාමාර්ග නීති රාශියක් මොවුන් කිසිම බියක් නැතුව උල්ලංඝනය කරනව. මහාමාර්ගතුල කංඅඩි සංගීතෙන් විනෝදවන උන්ට දැනටමත් ඇති නීතියට අනුව නඩු පවරා උපරිම දඬුවම් ලබාදීමට කටයුතු කල යුතුයි. එසේ නැත්නම් මිනිසුන්ට සිද්ධ වෙන්නෙ එකා දෙන්නා බැගින් බාවන එක පමණයි!
-- by අසන් on 2016-03-10
රටක නීතියේ ක්‍රියාත්මක භාවය කෙනෙකුට සරලව වටහ ගන්න පුළුවන් ආකාරයක් තමයි ඒ රටේ ජනතාව මහාමාර්ග භාවිතා කරන ආකාරය. අපේ රටේ ජනතාව මහාමාර්ග භාවිතා කරන ආකාරය දැක්කාම ඕනම විදේශිකයෙකුට හිතා ගන්න පුළුවන් රටේ නීතිය කොහොමට ඇද්ද කියල!
-- by Rajitha Chamikara on 2016-03-10
මචං kasun nadiranga උඹල ගම්පහට දැනෙන්න වැඩක් කොලාය කිව්වෙ වාහන පෙළපාලියක් ගියපු එකද? හිහ්...හිහ්...හිහ්. ... අනේ වාසනාවන්!
-- by තරිඳු on 2016-03-10
ගම්පහ අසංග සෝමසිරි නැමති නිරුවත් නපුංසකයා වෙත ලියමි.
මා සිතන ආකාරයට මෙම ලිපිය ලියන ලද නිරුවත් නපුංසකයා යනු රට ගැන කිසි අවබෝධයක් නොමැති බණ්ඩාරනායකය ට ගැරහීමට මාන බලා සිටි අයෙක් විය යුතුය.අසත්‍යය පුවත් නිර්මාණය ට ප්‍රවීනයෙක් වන බව ද පැහැදිලි වේ.
එය පහත නපුංසකයාගේ ලිපියෙන් උපුටා ගත් කොටසෙන් මනාව පැහැදිලි වේ.
"සැ:යු: පාසැල් දරුවන් ජයගෝෂා ඔල්වරසන් නගමින් ක්‍රීඩා කිරීම හෝ නැරඹීම පිලිබඳව අපට කිසිම කරදරයක් නැත. නමුත් ඔවුන් එය කළ යුත්තේ ක්‍රීඩාංගනය තුල මිසක් මෙලෝ ක්‍රීඩා අවස්ථාවක් නැති මොහොතක මහා මාර්ගයට පැන, කාන්තා විදුහල් වලට පැන, අනෙකාට කරදරයක් පීඩාවක් ඇති කිරීමෙන් නොවේ. එය කුඩා කාලයේදීම ලැබෙන වැරදි ආදර්ශයකි. තමන්ගේ සතුට වෙනුවෙන් අනෙකා පීඩාවට ලක්කළාට කමක් නැතැයි කුඩා කාලයේම සිට මනසට ඇතුල් වනවා ඇත. "
පිරිමි පාසලක් යනු කුමක් දැයි හා එහි සිටින්නේ පිරිමි ළමුන් බව තමුන් දැන ගත යුතුය.කොළඹ පිරිමි පාසල් වල සිසුන්ට ඇති අසහනය බණ්ඩාරනායකවරුන් ට නැත.. ට්රකින් සම්ප්රදාය කොළඹට උරුම දෙයකි.එය බණ්ඩාරනායකය ට පැටලීම දරුණු වරදකි.එය මතක තබා ඉදිරියට ජීවත් වෙන්න.බාලිකා පාසල් වල ට පැනීම වැනි නපුංසක ක්‍රියා බණ්ඩාරනායකවරු කිසි විටෙකත් නොකරන බව මුලු ලංකාවම දනී.අනෙක් කරුන නම් ගම්පහ පොලිසියේ පූර්ණ අනුමැතිය සහිතව සිදු කල එක්ස් පැරඩ් ගැන ඔබ වැනි නපුංසකයන් නොයෙක් විවේචන සිදුකරයි.එවැනි විවේචන මගින් කිසිදු ඵලක් සිදු නොවේ.එනම් බණ්ඩාරනායකවරුන්ගේ සහෝදරත්වය සමග සසදන විට මෙවන් විවේචන නොසලකා හැරිය හැකිය.කිසි විටෙකත් බණ්ඩාරනායකවරු කිසිදු නොහබිනා ක්‍රියා සිදු නොකරයි.ඔබට මඩ ගැසීමට අවශ්‍යය නම් තවත් මඩ ගසන්න.බල්ලො බිරුවට කදු පාත් නොවන බව ද සිහියේ තබා ගන්න.ඊළග වසරේ එක්ස් පැරඩ් මෙවරටත් වඩා ඉහළින් පැවත්වීම නැවතීම මෙවැනි මඩ මගින් සිදු කල නොහැකිය. බණ්ඩාරනායකේ සිටින්නේ ඔබ වැනි නපුංසකයන් නොව පිරිමි ළමුන් බව මතක තබා ගන්න.
ශාන් ද සිල්වා - ගම්පහ
-- by shan de silva on 2016-03-10
බලපන් ලබන පාර .. උබලට දවසම ගෙදරට වෙලා ඉන්න වෙයි.. මේ පාර 500 ඊලග පාර 1000 පන්නයි මහත්තයෝ..
-- by Deadsilence on 2016-03-10
ඉහතින් කමෙන්ට් කරන ලද කසු න් නදිරන්ග මා පුද්ගලිකව හදුනන අතර ඔහු මා යටතේද පාසල වෙනුවෙන් විවිධ ක්‍රියා කාරකම් වෙනුවෙන් පෙනී සිටි සහෝදරයෙකි.මෙම ලිපිය ලිවීමට මුල් වූ X Parade අප පාසලට එක් වූයේ පසු ගිය වසරේ බව දැනුම් දීමට කැමැත්තෙමි.එය මෙවර පැවැත් වූ පසු මෙලස විවේචනයට ලක් වීම දුකට කරුනකි.මන්ද අප පාසල විසින් කරන ලද වෙනත් කිසිම ක්‍රියාවක් මෙවැනි වෙබ් අඩවි තුලින් අගය කිරීමට ලක් නොවීමයි.අප පාසලෙන් ඉවත් වී සුලු කලක් වුවත් අප පාසලේ අභිමානය රැක ගැනිමට සිදු කරනලද වැඩසටහන් පාසලෙන් ඉවත් වී සිටින සමහර අයියලා විසින් වත් ඉටු නොකර ඇති බව සහසුද්දෙන්ම දනිමි.අප සංගමය විසින් අනුරාදපුරයේ දුප්පත් පාසලකට පිරිසිදු ජල නල පද්දතියක් සම්පුර්නයෙන් අපගේ වියදමින් ලබ දුන්නෙමු.
පිලිකා රෝහලට දානයක් දුන්නෙමු.ගම්පහ වෙනත් පාසලකට මාධ්‍ය ඒකකයක් තනා දුන්නෙමු.මෙම ක්‍රිය සිදුකලෙ අප සංගමයෙනි.
එනම් ඉහත සදහන් කල කසුන නදිරන්ග ඇතුලු සහෝදරයින්ගේ සහය සහිතවය.මෙම ලිපිය ලියන පුදගලයා ඉහත ක්‍රියා වලදී බුදියගෙන සිටියේදැයි ඇසීමට කැමැත්තෙමු.ඔබ සියලු දෙනා මුහුනට හමු වුවහොත් අප සහ වෙනත් සංගමයන්ද ඇතුලුව අප පාසල විසින් කරන ලද සියලු වැඩසටහන්අකුරක් නෑර්ව කිවීමට කැමැත්තෙමු.නමුත් එය මෙලෙස කමෙන්ටුවක් ලෙස ඉදිරිපත් නොකරන්නේ නුබලා වැනි අද ගොලු බීරි පුද්ගලයන් එවායෙහි වටිනාකම නොදන්නා නිසාය.කොළඹ පාසල් වල මෙන් අපි සක්කිලි ලෙස නොහැසිරුනෙමු.බාලිකා පාසල් වලට හිරිහැර නොකලෙමු.අපට ගම්පහ කොළඹ කිරීමට උවමනා නැත.ගම්පහට ආවේනික වු වැඩක් අප නිතරම කරන්නට උතසහ කරයි.එම නිසා කොළඹ පාසල් මෙන් නොව පාරේ ගමන් කරන ගැහැනු ළ්මයින් හට කරදර නොකලෙමු.ගැහැනු මෙන් ඇදගෙන විලි සංගෙ නැති වැඩ නොකලෙමු.කොළඹ පාසල් වල පෙලපාලියක් නොදැක ගම්පහ අපගේ පෙලපාලියද නිවැරදිව නොබැලූ මිනිසෙකු විසින් කරන ලද කුහක විවේචනය සිනහවට හේතු වන්නේ එබැවිනි.අප නිසා එදිනගම්පහ තද බදයක් ඇති උන බව සැබෑව.නමුත් එය උපරිම අන්දමින් සාමාන්‍ය මිනිසුන් හට කරදරයක් නොවන ලෙසට පැවැත්විමට ක්ටයුතු කලෙමු.අපි කොල්ලෝ මිස කෙල්ලෝ නොවේ.අපිට බෝනික්කෝ සමග සෙල්ලම් කිරීමට උවමනාවක් නැත.රචකයා දුටු විකට ඇදුම් කරුවන් අපිට කුඩා කාලයේ වීරයන් බව මතක් කිරීමට කැමැත්තෙමු.අවසාන වශයෙන් ඔබ සියලු දෙනාට පිරිමි දරුවන් සිටී නම් ඔවුන් යම් දිනක බණ්ඩාරනායක වැනි පාසලකට ඇතුලත් කලහොත් ඔවුන්ද මෙම සියලු ක්‍රියා කාරකම් වලට ඔබලාගෙද අකමැත්ත සහිතව හෝ හොරෙන් හෝ සහභාගි වනු නියතය.
මන්ද ඔවුන්ද කොල්ලෝය.
කොල්ලෝ කියා සෑම දෙයක්ම කල යුතු නැත.නමුත් ඔවුන්ගේ නිදහස ඔවුන්ට ලබදිය යුතුය.පාසල වෙනුවෙන් කරන සියලු දේවල් ඔවුන් ඉටු කරන්නේ ඉමහත් අසාවෙන් සහ කැපවීමෙනි.එම කැපවීම අගය කිරීමක් සහ එව්වයේ වැරදි අඩු පඩු පෙන්වීම වැඩිහිටියන්ගේ යුතුකමකි.එසේ නොමැතිව මෙලෙස කිසිම තර්කයක් නොමැතිව විවේචනය කිරීම නොව.
-- by Nilaka Harshana on 2016-03-10
මම රෝයල් එකේ.. උබල ඔය විදියට පෙරඩ් වලට බැන්නට වැඩක් නෑ .උබලගේ ඉරිසියාව පිටකරන්න එපා බන් ඔහොම.පෙරඩ් එකක් ඉස්කෝලෙකින් කරන්නේ කරන්න හැකියාව තියන නිසා.. සමහරවිට උබල ගිය ඉස්කෝල වලට එහෙම කරන්න බැරි වෙන්න ඇති.අපි , මහානාම , ආනන්ද , බණ්ඩාරනයකේ , මාතර රාහුල වගේ පෙරඩ් තියන්න පුළුවන් ඉස්කෝල ටිකයි තියෙන්නේ.කාටවත් කරදරයක් කරන්න හිතන් නෙවි පෙරඩ් යන්නේ කොල්ලෝ.අපි පෙරඩ් යද්දී කොලබ උන් බනින්නේ නෑ .උන් සප් එක දෙනවා.ගම්පහ මෙහෙම තත්වයක් වෙයි කියල හිතුවේ නෑ බන්.මාත් කොලබ ඉස්කෝලේ ගියාට ගම්පහ එකෙක්.. බණ්ඩාරනයකේ කොල්ලෝ උන්ගේ දෙවැනි පෙරඩ් එක උන් සාමාන්යෙන් හොදට කරා.අපේ ඉස්කොලෙටත් කට්ටිය බැනල තිබ්බා.ඔය බනින අයට කියන්නේ.. කොල්ලන්ගේ ඉස්කෝලවල බිග් මැච් සංස්කෘතිය කියල දෙයක් තියනවා.මෙලෝ හසරක් නොදන්නා අය විවේචනය නම් කරනවා.වර්ණනා කරන්න බැරි උනාට කමක් නෑ.. අපහාස කරන්න එපා..
-- by අනුරාධ on 2016-03-10
Asanga aiye oya paw ane...
-- by Dinesh Darshaka on 2016-03-10
"මේ මේනියාවට පොලීසියේ හා නීති ක්ෂේත්රයේ මැති ඇමති ප්රභූන්ගේ සහාය ඇති බව සමහරුන් කියති"------------- මේ ප්රවෟත්තිය ඇත්ත නං අපිට හිතාගන්න පුළුවන් මේ පෙළපාලියෙ සංවිධායකයො කවුද කියල! (මොකද කියනවනං ඔය ක්ෂේත්රවල ඉන්න හුඟක් පුද්ගලයො හා ඔවුන්ගෙ දරුවො හිතන්නෙ තමං නීතියට උඩින් ඉන්න පුද්ගලයොයි කියල ඒ වගෙම ඕනෑම පහත් වැඩක් කරන්න තමන්ට නිදහස තියෙනවැයි කියල)
-- by දසුන් on 2016-03-10
අනුරාධ සහෝදරය, බණ්ඩාරනායකේ කොල්ලෝ පෙරඩ් යන එක ගැන විතරක් නෙමේ රටේ අනික් තැන්වලත් මේ වගෙ ජනතාවට කරදරකාරී විධියට සිසුන් හසුරුවන අමන පාසැල් ගැනත් අපිට ප්‍රශ්ණයක් තියෙනව!
-- by රයන් on 2016-03-10
බිග් මැච් සංස්කෘතියෙ බඩගාපු හුඟක් කට්ටිය ඉන්නව අනුරාධ ඒ නිසාම අන්තිමේදි කුඩුකාරයො, බේබද්දො නැත්තං රස්තියාදු කාරයො වෙච්ච...
-- by කුඩ්ඩ on 2016-03-10
පාසැල්වල තරුණ ළමයින් මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි කිරීමේ ප්‍රධානම අවස්ථාවක් තමයි මේ බිග් මැච් සංස්කෘතිය. මේ ‘සංස්කෘතිය‘ පවත්වන පාසැල්වල සමහර ගුරාලත් මේවට හවුල්. සමහර සිසුන් කුඩු මුදලාලිලාගෙ නියෝජිතයො හැටියටත් කටයුතු කරමින් සංගීත සංදර්ශණ වැනි දේවල් හරහා මත් ද්‍රව්‍ය ප්‍රචාරණය කරනව
-- by Ajantha on 2016-03-10
අනුරාධගෙ කොමෙන්ට් එක කියවන කොට තමයි දැන ගත්තෙ වාසනාවට මේ වගේ මානසික ලෙඩ්ඩු ඉන්න පාසැල් ලංකාවටම තියෙන්නෙ කීපයක් විතරයි කියල!
-- by අමාලි on 2016-03-10
shan de silva ගෙ ලියුම කියවන කොට තේරෙනව මිනිහ ෂුවර් එකටම නපුංසකයෙක් නෙමේ කියල, ඒත් හිතාගන්න බැරි ඉතුරු දෙකෙන් කෝකටද අයිති කියල....හිහ් ....හිහ්....හිහ්....
-- by චන්න on 2016-03-10
මෙම ලිපියට එරෙහිව කරුණු දක්වා ඇති අයගේ තර්ජනාත්මක, උද්ධච්ච හා මෝඩ වචන භාවිතා අනුව, මේ ලේඛකයා පවසා ඇති දේවල් සත්‍ය බවට හැඟිමක් අපට ඇතිවේ.
-- by Sasidu on 2016-03-10
පහතින් සඳහන් වාක්යට අනුව ඕනෑම සාධාරණ මිනිහෙකුට තේරෙනව මොවුන් සමාජයෙ අනිත් මිනිස්සුන්ගෙ නිදහසට කොච්චර ගරු කරනවද කියල.........."බලපන් ලබන පාර .. උබලට දවසම ගෙදරට වෙලා ඉන්න වෙයි.. මේ පාර 500 ඊලග පාර 1000 පන්නයි
මහත්තයෝ.."
-- by ඩයස් on 2016-03-10
ජල නල පද්ධති හදල දීල, දානෙ දීල, මාධ්‍ය ඒකක හදල දීල ගොඩක් හොඳ වැඩ කරල ඇයි මේ අජූත වැඩ කරන්නෙ Nilaka Harshana?
-- by කාන්ති on 2016-03-10
2014 වර්ෂ්යේ සිට බණ්ඩාරනායක විද්‍යාලය ඉලක්ක කරගෙන විවිධ කෙනෙහිලි කම් සිද්ධ උනා. මේ ලිපියත් ඒ රැල්ලෙම කොටසක් බවයි පේන්නෙ. රථ පෙළපාලි යාම එක එක අයගෙ මානසිකත්වය අනුව එක එක විදියට පේන්න පුලුවන්. ඒ අදහස් නිදහසේ ප්‍රකශ කරන්න අයිතියත් තියෙනවා.ඒ සේරම හරි උනාට ඔබතුමට බණ්ඩාරනායක නාමය යොදාගෙනම මේක කරන්න තිබුනු අවශ්‍යතවය මොකද්ද? රථ පෙලපාලි යන එකම පාසල මේකද? ඇයි ඒ ගැන සමස්තයක් වශයෙන් කතා නොකර මේ පාසලම ඉලක්ක කර ගන්නෙ? ඔබට ගැටලුව පවතින්නේ රථ පෙලපාලි සංස්කෘතිය ගැනද නැත්නම් බන්ඩාරනායක විද්‍යාලය ගැනද? සදාචාරය ගැන කතා කරන ඔබතුමා ඇයි මාද්‍ය සදචාරය ගැන නොසිතන්නෙ? ඔබේ නිදහස් අදහස් ඔබට අවශ්‍ය ලෙස ප්‍රකාශ කරන්න. ඒත් බන්ඩාරනායක විදු මවුන් පහත් දේශපාලන දඩ බිමක් කරගන්න එපා.
-- by Eranga on 2016-03-11
Very bad situations in this day at Gampaha roads. These types of harassment to be stopped with the involvements of police.
-- by sanjeewaa on 2016-03-11
Ai, bodu sangam withrakk?ara ulama, me ulama, shuddawu araya meyage sanwidhana gana kiyanna bayada?
Guu news eke dammoth danne bias, news witharay...
-- by Asanga on 2016-03-11
@ Sisira on 2016-03-10
උඹ නිකං ලොරි ටෝක් එකක් දීලා තියෙනවා නේද බණ්ඩාරනායකේට වඩා ගොඩාක් හොද ඉස්කෝලෙකට ගියා කියලා...ඇවිත් බලහං තොපි වගේ ලොල්ලො දැකලා නෑ බණ්ඩාරනායකේ මොනවද තියෙන්නෙ කියලා...කොළඹ උන්ට තියෙන හැමදේම අපිටත් තියෙනවා..ගෘහස්ථ ක්රීඩාගාර, පිහිනුම් තටාක, පාසලටම අයිති රථ වාහන, බස්, සිීසීටීවී ඒ මදිවට යකෝ තොපිලගෙ ඉස්කෝල තවම කරන්න තියා හිතලත් නැති ඉලෙක්ට්‍රොනික් කාඩ් සිස්ටම් එකකුත් තියෙනවා පැමිණීම සලකුනු කරන්න...තොපිලගෙ ගෝත ඉස්කෝල වල වගේ පොත ලකුණු කරන්නෙ නෑ දැන් බණ්ඩාරනායකේ...කාඩ් එක ටච් කරන්න විතරයි තියෙන්නෙ. දැන් උඹට මම හිතෙන්නෙ වැටහෙනවා උඹ කියන ලොන්ත ඉස්කෝලෙ වගේද බණ්ඩාරනායකේ කියලා.
බණ්ඩාරනායකේ හදවත තමයි කැඩේට් කණ්ඩායම්...මේක බ්‍රිගේඩ් එකක් සහිත පාසලක්...ලංකාවටම එහෙම ඒවා තියෙන්නෙ අතේ ඇගිලි ගානටත් අඩුවෙන්. 93 X Ban ප්දර්ශනයට අපේ කොල්ලෙක් හදපු ඇන්ටනාවෙන් තමයි ලංකා ඉතිහාසයෙ පළවෙනි පාසල් ගුවන් විදුලිය බිහිඋනේ. එතකොට කොළඹ පාසල් මේවා ගැන දන්නෙත් නෑ...හරියට ලංකාවෙ අාදිවාසීන් රෙදි අදින කාලෙ සුද්දො කොළ අතු ඇන්දා වගේ...මචං සිසිර...උඹ ලොල්ලෙක් උන පලියට ඒක හැමෝටම පෙන්වන්න එපා...බණ්ඩාරනායක කොල්ලන්ට අහු උනොත් උඹට ඇදිවතත් අහිමි වෙන බව නං සහතිකයි....
-- by Nazier on 2016-03-11
දැන් මේ අසංග මහත්තයට මේ ලංකාවේ තියන ලොකුම ප්‍රශ්නේ මේ අවුරුද්දටම එක දවසක පෙරෙඩ් යන එක නේ. එකත් ඉරිදා දවසක.. සංස්කෘතියටත් බරපතල ලෙස මොකද්ද වෙනවලු.. මේ වගේ මානසිකත්වයක ඉන්න මනුස්සයෙකුට කියන්න දෙයෙක් නෑ ඉතිං. ලංකාවේ ඉන්න ලිං මැඩියොත් ඔයිට වඩා දේවල් දන්නවා ලංකාවේ අද කාලේ තියන බරපතල ප්‍රශ්න ගැන.. ලැජ්ජයි මහත්තයෝ..
-- by Anurudda Wathupola on 2016-03-11
අසංග මහත්තයෝ
ඉර්දා තමා මේක තිබ්බේ ඉරිදා කියයන්නේ ගම්පහ සෙනග ගවෙසන තැනක් නෙමේ .
අනික ඔබතුමා කියන වීදියට මාර්ග තදබදයක් තිබ්බේ නැහැ ,තිබ්බා සන්විදායක කමිට්ටුව ඒවා මගහරවා ගනිම්මට උප්රිඅම උත්සහය ගත්තා
බණඩාරනායක විද්‍යාලේ හමොමෝම ඒ සදහා උපකාර කලා .අනිත් පාසල් වලට වඩා විනයගරුක සිසුන් බණඩාරනායක විදයාලේ ඉන්න බව ඔබ තුමා දැනගන ඔබ තුමා මගේ පාසලට අපහසාහ කීරිඅමට පෙර දෙපාරක් හිටන්න තිබුණා .
ගම්පහ ඉන්නේ බණ්ඩාරනායක විදලයේ ආදී සිසුන් ඒ දෙට ඔබ තුමාට අමතක උනා නේද
ගම්පහ රෝහලේ ඉන්න doctors ලා බණ්ඩාරනායක විදලයේ ආදී සිසුන් ඒ වගේ මිනිසු හදපු පාසකට මේ වගේ මඩ ගහන කලින් හිතන
මේ වගේ බොරු ලිපි දාලා කලකනි සන්තොයක් ගන්න එපා මහතයෝ
-- by inuux on 2016-03-11
මෙවයින් පේනවා තොපි ගම්පහ බන්ඩාරනයකේ එක්ක කොච්ච්චර තරහකින්ද ඉන්නේ කියලා.. එකට කොච්චර බයද කියල.. ඒ බය ඇති මහත්තයෝ.. ලොල්.. මෙහෙම බොරු කියල ස්සල්ලි හම්බ කරනවට වඩා හොදයි හිඟාකාපිය, සක්කිලි හැත්ත...
-- by S Mendis on 2016-03-11
අනුරාධ උඹට ගම්පහ හොද නැති නිසානෙ බං කොළඔ බඩගාන්නෙ.......?
-- by අනුර on 2016-03-11
පිටියක පැවැත්වීමට යන ක්‍රිකට් තරගයක් නිසා මිනිසුන්ගේ සාමාන්‍ය කටයුතු කර ගැනීමට අවශ්‍ය මාර්ගයේ ගමනා ගමනය මුළුමනින්ම පැය ගණනාවක් අඩාල කිරීමට පාසැලකට හෝ විදුහල්පතිට හෝ කිසියම් ආදි ශිෂ්‍ය සංගමයටකට හෝ අයිතියක් දුන්නෝ කවුරුද? කවදාද? පාසැලේ කීර්ති නාමය විනාශ කිරීම, විනය පිරිහීම සම්බන්ධව වගකිව යුත්තන්ට දඩුවම් දෙන්නේ කවදාද? අප රටේ සාරධර්ම සදාචාරය ශිෂ්ඨත්වය අමු අමුවේ වනසන මේ ම්ලේච්ඡත්වයට වගකිව යුත්තෝ කවුරුද? මීට පිළියම් යොදන්නේ කවදාද?
-- by Sanjaya Perera on 2016-03-11
කාන්ති මහත්මියගේ ප්‍රශ්නයට පිලිතුරු දෙමි.
ඔබලගෙ ගෙදර ආගමික උත්සව විතරක් පැවැත්වීමට ඔබතුමිය ක්‍රියා කරන්නේද?වෙනත් උත්සව අවස්තා පැවැත්වීමට කටයුතු නොකරන්නේද?මගුල් ගෙයක්,නෑදෑයින් එක් වූ විට පවත්වන සුහද සාජ්ජයක් වැනි දෙවල් අජුත වැඩද?එලෙස පවත්වන උත්සව වලින් අසල් වැසියන්ට හිරිහැර නොවන්නේද?එලෙස වන බව මට ඉදුරාම නිසැකය.මන්ද අවට ගෙවල් එවැනි උත්සව පවත්වන විට අපගේ නිදහසට බදා අතිවන බව අත් විද ඇත.නමුත් අප ඒවා ඉවසා දරගැනීමට කටයුතු කරයි.එවැනි උත්සව පැවැත් වූ විට කෙතරම් ආගමික ක්‍රියා සිදු කලත් තමන් කොතරම් උසස් පුද්ගලයෙක් වුවත් එක් දිනයක පැවැත් වූ උත්සවයක් නිසා එම පුද්ගලයා අජූත වන්නේද?
අපගේ පෙලපාලිය නිදොස් කිරීමට මට උවමනාවක් නොමැත.නමුත් සෑම දෙයක් දෙසම වැරදි ඇසින් බලා හන මිටි අදහස් පුරවා ගෙන අනවශ්‍ය ලෙස විවේචනය කරන මිනිසුන්ට පිලිතුරු දීමට අවශ්‍ය බව දැනුම් දෙමි.
-- by nilanka harshana on 2016-03-11
මේකෙ එක කමෙන්ට් එකක තියෙනව වාහන 500ක් මේ පාර සහභාගි වුනැයි කියල.ඒක කියන්නෙත් ලබන පාර වාහන 1000ක් පාරට දාල මිනිස්සුන්ට මාර්ග භාවිතා කිරීමේ නිදහස සම්පූර්ණයෙන්ම අහුරනවැයි කියන තර්ජනයත් එක්ක.වාහන 500ක් වුනත් නිරපරාදෙ මහාමාර්ග වලට එකතු වෙනවැයි කියන්නෙ මොන තරම් නාස්තියක්ද?මේ වාහන වලින් විශාල ප්‍රමාණයක් අධිකව ඉන්ධන නාස්තිකරන වාහන ඒවට වැය වෙන්නෙ විදේශ විනිමය,ඒ වගෙම මේ වාහන වලින් පිටවෙන පිලිකා කාරක විස දුම, මේ පෙලපාලි ගමන් කරන මාර්ග භාවිතා කරන හා දෙපස ජීවත්වන ජනතාවට (එසේම මේවාට සහභාගිවන අයටත්)වෙනදාට වඩා අතිරේක හානියක් ඇති කරනව.එසේම මෙවැනි පෙලපාලියකින් ඇතිවන ශබ්ද ඝෝෂාව නිරපරාදෙ සිදුවන ශබ්ද දූෂණයක්.ශබිදය නිසා මිනිසුන් භයානක රෝගවලට ගොදුරු වීම විශාල වශයෙන් ඉහල ගිහින්.මේ පෙලපාලි නිසා විනාශවන අනිත් මිනිසුන්ගෙ කාලය?සමහර විට මේ පෙලපාලියෙම යන තරුණයෙකුගෙ පවුලෙ කෙනෙකුගෙ තීරණාත්මක මොහොත, ඇතිවන ප්‍රමාදයෙන් තීන්දු වෙන්න පුළුවන්.ඒක නිසා අවසාන වශයෙන් කියන්නෙ අනිත් මිනිසුන්ගෙ නිදහසට බලපාන දේවල් කරද්දි උද්ධච්ච අහංකාර විධියට තීරණ ගන්න එපා,අවම වශයෙන් ඔවුන්ට සවන් දෙන බවවත් පෙන්නන්න.අනාගතයෙදි පෙරඩ් යනකොට මේ පොඩි දේවලුත් මතකෙට ගන්න.එසේම මේ කතා කරන්නෙ බණ්ඩාරනායකේ දරුවො ගැන පමණක් නෙවේ පෙරඩ් යන අනිත් පාසැල්වල දරුවොත් ඇතුලත්ව.බණ්ඩාරනායකේ දරුවොන්ට කණගාටුවක් දැනුන නම් ඒ ගැන මම කණගාටු වෙනව.
-- by Amarasena Silva on 2016-03-11
සෝමසිරි මාමා හරිය.ඒකේ කතා 2ක් නැත.බණ්ඩාරනායකය කුඩු කළ යුතුය.බණ්ඩාරනායකෙ කොල්ලො වහාම එල්ලුම් ගස් යැවිය යුතුය.මේ රටේ කිසිදා සිදු නොවුණ ජඩ වැඩක් කර නිදහසේ ඉන්නට ඉඩ නොදිය යුතුය.ඇමතිලගෙ පුත්තු,ජනාධිපතිලාගෙ පුත්තුන්ගේ සහය නැතුව මෙවන් දේ ලන්කාවේ පොළව උඩ සිදු නොවිය යුතුය.ගමේ ඉස්කෝලෙන් 5 වසර හෝ ඕ ලෙවල් සමත් වී එකට එකතු වුණ හොටු කොල්ලො රැලක් වලව් පැළැන්තියේ දේවල් ඊටත් වඩා හොඳට නොකළ යුතුය.මොකද තාමත් පරවේණිදාසයෝ ජීවත් වෙන නිසාය.ඔවුන්ගේ මල් වැනි හිත් තැලෙන නිසාය.යහපාලනයෙන් මේවාට පිළියමක් යොදන්නේ නැද්ද යන පැනය නම් කදිම පැනයකි.අගමැතිතුමාට ලක්ෂ 5ක් මනාප දුන් කොළම්බු ජනතාව මේ දවසල අත්විඳින බිග්මැච් මේනියාඒ හැටියට අගමැති නිල නිවස වට ලෑ යුතුය.රු.25ක් දී මාමාව කොළම්බු යවන්නට හිතෙන්නේ එතකොටය.මාමලා වගේ කට්ටිය ගැන අපි පහුගිය කාලේ හොඳට අඳුනගත්තෙමු.රූපවාහිනිය,අයි.ටී.එන්. එදා හැසිරුණ හැටි මෙන්ම අද හැසිරෙන හැටිත් අපිට හොඳට මීටර්ය.ඉතින් X පැරෙඩ් එකට පින් සිද්ධ වෙන්න හඳුනාගත් සෝමේ මාමා ගැන වෙන මොන කතාද..ආදරණීය සෝමේ මාමේ,අපේ පිටිපස්සේ ඇමතිල,ජනාධිපතිල හිටියෙත් නැත.ඉන්නෙත් නැත.ඕනෙත් නැත.පොඩි එකෙක් නැගිටිනකොට හොඳටම අමාරුවෙන්නේ පොඩි එවුන්ටම බව අපි නොදන්නවා නොවේ.ලෝකේ මිනිස්සු වර්ග 2කි.කට්ටියක් නිදි මරාගෙන ඇද කුද ලිය ලිය ජීවත් වෙති.කට්ටියක් නිදි මරාගෙන වෙනස් දෙයක් අලුත් දෙයක් නොකරපු දෙයක් කරන්න ජීවත් වෙති.කලින් කී කට්ටියට පින් සිද්ධ වෙන්න පසුව කී කට්ටිය ලෝකය වෙනස් කරති.මාමා ඉතින් කැමති දෙයක් ලියන්න.අපේ කොල්ලො යන ගමන යාවි.(මාමේ 5 වසරේ ළමයි එහෙම ඉන්නව නම් වැඩිය මහන්සි වෙන්න එපා ඉතින්..සුපිරි පාසල රාජකීය,හොඳම බෞද්ධ පාසල ආනන්දය...දෙකේම බිග් මැච් තිබේ.පැරෙඩ් තිබේ.ළමයත් වනචාරියෙක් වුණොත් එහෙම....නෝනා නම් කැමති වෙයිද අපි දන් නෑ.)මාමාට සුබ අනාගතයක්.(හරි එක නේද කිව්වේ..?)
-- by Rajitha Nayanajith on 2016-03-11
මේවට ප්‍රධාන වශයෙන් වග කියන්න ඕන මෝඩ අම්මල තාත්තල ඊ ලඟට මෝඩ ප්රින්සිපල්ලයි ගුරුවරුයි ඊ ලඟට පොලීසිය වගේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල ඉන්න මෝඩ නිලධාරීන්.
-- by Rajesh on 2016-03-12
Nazier ඔයාලගෙ ස්කෝලෙට ගොඩක් ලොකු දේවල් ලැබිල තියෙන බව පේනව,ඒත් එක අඩුවක් මට පේනව. ඒක තමයි යහපත් අධ්‍යාපනයක් ලබන්න සුදුසු හොඳ භාෂාවක් තවමත් ලැබිල නැති එක,ඒක ගැන ලොකු කණගාටුවක් ඇතිවෙනව.ඒකත් ලබා ගන්න පුළුවන් හොඳ ගුරුවරු ටිකක් ඉක්මනින්ම ලැබේවායි කියල ප්‍රාර්ථනා කරනව.අවසාන වශයෙන් මං දැනගන්න කැමතියි ඔයා කියන ලංකා ඉතිහාසයෙ පළවෙනි පාසල් ගුවන් විදුලියෙ යොදාගත්ත භාෂාවත් දැන් ඔයාල භාවිතා කරන භාෂාවමද කියල?---- ආ...මට තව එකක් අමතක උනා ...අර ඇඳිවත් ගලවන කතාවක් කිවිවෙ ඇඳිවත් අවශ්‍යතාවෙන් පෙළෙන කවුරු හරි ඉන්නවද?
-- by කමල් on 2016-03-12
ගම්පහ කොල්ලන්ට විනෝද වෙන්න තහනම්ද?කොලඹ ඕන තරම් ඉස්කෝල වල එවුන බිග් මැච් කාලේට පැරඩ් යනවා.බෝතල් ගනන් ගෙනල්ලා හිස් කරනවා,ගණිකාවෝ යොදා ගන්නවා.අසභ්‍ය දේවල් සිදු වෙනවා.මේ පෝසට් එක දාපු එකා ඒවා දැකලා නැද්ද කොහෙද?පාසල් කාලේ ජීවිතේටම ලැබෙන්නේ ටික කාලයයි.කොහොමත් පිරිමි පාසලක කොල්ලො ටිකක් විනෝදයට බරයි.(පෝසට් එක දාපු එකා කොල්ලෙක් නම් දන්නවා)ඒ කාලේ ආයේ එන්නේ නැ.ගම්පහ පිරිමි පාසලකට කියලා තියෙන්නෙත් බණ්ඩාරනායකය විතරයි.කෙල්ලෙක් පාරේ යන කොට විහිලුවක් කලා කියන එක තරුණ කොල්ලන්ගේ ස්වාභාවය මිසක් ඒක වැරැද්දක් විදිහට දකින්න එපා.පෝසට් එක දාපු එකාට පාසල් කාලේදි මේ වගේ දෙවල් වලට සහභාගිවෙන්න බැරි වුනු නිසා ඊරිසියාවකුත් ඇති.පිරිමි පාසලක කොල්ලො ටිකක් බිග් මැච් පැරඩ් එකක් ගියා කියලා රටේ සදාචාරය ශිෂ්ඨ සම්පන්න බව විනාශ වෙනවා කියලා හිතන මිනිසුන් ඉන්නව නනම් ඒක මේ රටේ කරුමේ.මේ පෝසට් එක දාපු එකාට රටේ සදාචාරය ශිෂ්ඨ සම්පන්නකම ගැන කතා කරන්න ඕන නම් කෙල්ලන් අදින බාගෙට මහපු ඇදුම්,කොට සායවල්,තට්ටම් මතු වෙන ස්ලිම් පිට් ඩෙනිම් ගැන කතා කරන්න පුලුවන්.
-- by Deshan on 2016-03-14
ඕකට හොදම නම X පැරෙඩ් නෙවේ (se)x පැරෙඩ්.
-- by බන්ටු on 2016-03-14
Deshan ඇත්තටම බණ්ඩාරනායකේ පිරිමි පාසැලක්ද?....... තරහ වෙන්න එපා දන්නැති නිසා ඇහුවෙ.
-- by හසන් on 2016-03-14
දේශාන් කොලුවො,පාසැල් යන කාලෙ උපරිමයෙන් ගත කරන්න ඕන අධ්‍යාපනය ලබන්න, ටිකක් විනෝද උනාට කමක් නෑ.හැබැයි උඹේ කොමෙන්ටුව කියවන කොට නං මට හිතෙන්නෙ කොලඹ ඉස්කෝල වල එවුන් පැරඩ් යන නිසා අපිත් යන්න ඕන,බෝතල් ගනන් ගෙනල්ලා හිස් කරන නිසා අපිත් ඒක කරන්න ඕන,ගණිකාවෝ යොදා ගන්න නිසා ඒකත් කරන්න ඕන වගේ පිරිහිච්ච මානසික තත්වෙක උඹල පසු වෙනවයි කියල.තත්වය ඒක නං අනාගතයෙදි රටේ වගකීම් බාරගත්ත දවසක, අපිට උඹලගෙන් බලාපොරොත්තු
වෙන්න පුළුවන් බෝතල්, ගණිකාවො, හා බජව් වලින් පෝෂණය වුනු පිරිසක් මිසක් වැඩදායි පුරවැසියො පිරිසක් නෙවේ.මේක අනිවාර්යෙන්ම රටේ සදාචාරයට බලපානව.උඹල ඔය විදියට හැසිරෙන කොට තමයි කෙල්ලො අර විදියට ඇඳගෙන ඉල්ලුමට සැපයුම දෙන්නෙ බං.මේක බණ්ඩාරනායකේ කොල්ලොන්ට නෙවේ මේ මානසිකත්වයෙන් හැමඉස්කෝලෙම ඉන්න ටික දෙනාට!
-- by රුචිර on 2016-03-14
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි