~

මරාවාදීන්ගේ ගොබ්බ විරෝධතා පුහු කරමින් ‘අලුත් ලංකාවකට ඉඩ ඉල්ලා‘ එජාප පාක්ෂිකයෝ දස දහස් ගණනින් පාරට බසිති..! ටවුන් හෝල් කලාපය එකම හිස් ගොඩක්..!!

(ලංකා ඊ නිව්ස් -2016.මාර්.15, ප.ව‍.7.00) ජනමත දෙකකින් ජයගත් ජනතාවගේ බලාපොරොත්තුව වන හොරකමින් දූෂණයෙන් මෙන්ම නොදියුණු ගෝත්‍රික මතවාදයන්ගෙන් ඉවත්වී නව ලෝකයත් සමග අත් වැල් බැඳගෙන ඉදිරියට යෑමට බාධා කරමින් කඩාකප්පල් කාරී ක්‍රියා කරන ගොබ්බ මතවාද වපුරන මරාවාදී දේශපාලකයන්ටත් ඔවුන්ගේ බත්බැල සංවිධානය වලටත් ජන බලයෙන් පිලිතුරු දෙමින් ‘අලුත් ලංකාවට ඉඩ දෙමු‘ මැයෙන් එජාප තරුණ සංවිධාන විසින් අද කොළඹ හයිඩ් පිටියේ පැවැති ජන රැලියට දස දහස් ගණනින් ජනතාව සහභාගී වූ බවත් කොළඹ ටවුන් හෝල් ප්‍රදේශයේ සිට හයිඩ් පිටිය ආශ්‍රිත ප්‍රදේශ සියල්ල එකම හිස් ගොඩකින් වැසී තිබූ බවත් ලංකා ඊ නිව්ස් වාර්තා කරුවෝ පවසති. 

මෙතෙක් ආණ්ඩුවට විරුද්ධව කොළඹ විවිධ පක්ෂ සංවිධාන විසින් පැවැත්වූ කුහක උද්ඝෝෂණ රැලි සඳහා පැමිණි ජනතාවට වඩා දහ ගුණයක් ජනතාවක් ආණ්ඩුවට පක්ෂව සහභාගී වී සිටීම කැපී පෙණින.  
 
මෙම රැලියට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද බොහෝ සැහැල්ලුවෙන් සහභාගී සිටිනු අප කැමරා කාචයේ සටහන් වී ඇති අතර මලික් සමරවික්‍රම, රුවන් විජේවර්ධන, සජිත් ප්‍රේමදාස, රෝසි සේනානායක, ගයන්ත කරුණාතිලක, සුජීව සේනසිංහ ඇතුලු එජාප නායකයන් රැසක්ද දෙවන පෙල පළාත් සභා මැති ඇමැතිවරු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු ආසන සංවිධානයකයන් රැසක්ද තම ජනතාව සමග සහභාගී වී සිටියහ. 

---------------------------
by     (2016-03-15 13:43:14)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links