(ලංකා ඊ නිව්ස් -2016.මාර්.19, ප.ව.9.30) මැදමූලන රාජපක්ෂලා සහ හොරු කණ්ඩායම විසින් පසුගියදා හයිඩ්පිටියේදී පැවැති රැස්වීමට සහභාගී වූ ජන සංඛ්‍යාව 11000 ක් පමණ වෙතැයි රාජ්‍ය බුද්ධි සේවය විසින් වගකිව යුත්තන් වෙත වාර්තා කර තිබේ. ඊට දින දෙකකට පෙර එජාපය විසින් පැවැති රැලියට ඊට වඩා වැඩි පිරිසක් සහභාගී වී ඇති බවත් එය 18000 ක් පමණ වෙතැයි ද රාජ්‍ය බුද්ධි සේවය විසින් වාර්තා කර ඇත.
කණ්ඩායම් දෙකෙහි රැස්වීම් සඳහා පැමිණි පිරිස් රැඳී සිටි ආකාරය සිතියම් ගත කර ඇති රාජ්‍ය බුද්ධි සේවය එම සිතියම් අනුවද රාජපක්ෂලා වෙනුවෙන් පැමිණි පිරිස කුඩා බවත් ඔවුන්ගේ ප්‍රචාරයන් ව්‍යාජ බවත් දන්වා ඇත.
මෙහි දැක්වෙන්නේ රාජ්‍ය බුද්ධි සේවය පෙන්වා තිබූ සිතියමයි.
මේ අතර රාජපක්ෂගේ රැලියට සහභාගී වීම පක්‍ෂයේ උත්තරීතරම ආයතනය වන මධ්‍යම කාරක සභාව ගනු ලැබූ තීන්දු තීරණ අභියෝගයට ලක් කිරීමක් බවත් ඉන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කීර්ති නාමයට සහ අභිමානයට විශාල කැළලක් සිදු වී ඇති බැවින් හයිඩ් පිටියේ රැස්‌වීමට අදාළ සත්‍ය තොරතුරු සියල්ල නිවැරැදිව අධ්‍යයනය කර පක්‍ෂ ව්‍යවස්‌ථාව අනුව අවශ්‍ය නීතිමය පියවර ගන්නා බවත් ශ්‍රීලනිප මහ ලේකම් දුමින්ද දිසානායක මහතා පවසයි.
වාර්තා වී ඇති අන්දමට එජනිස මන්ත්‍රීවරු 37ක් හොරුන්ගේ රැළියට සහභාගී වී ඇත. ඔවුන් මෙසේය.
සී.බි. රත්නායක, කුමාර වෙල්ගම, විමලවීර දිසානායක, ශ්‍රියානි විජේවික්‍රම, එස්.එම්.චන්ද්‍රසේන , නාමල් රාජපක්ෂ ,ෂෙහාන් සේමසිංහ, එච්.ඒ. මුතුකුමාරණ, වීරකුමාර දිසානායක, රෝහිත අබේගුණවර්ධන, පියල් නිශාන්ත, ජයන්ත සමරවීර, කනක හේරත්, තාරක බාලසූරිය, උදය ගම්මන්පිල, විමල් වීරවංශ, ගාමිණි ලොකුගේ, බන්දුල ගුණවර්ධන, දිනේෂ් ගුණවර්ධන,සිසිර ජයකොඩි, ඉන්දික අනුරාධ, මොහාන් සිල්වා, සී.බි. රත්නායක,සනත් නිශාන්ත, මහින්දානන්ද අලුත්ගමගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, සාලින්ද දිසානායක, වාසුදේව නානායක්කාර, ඩලස් අලහප්පෙරුම, චමල් රාජපක්ෂ, පවිත්‍රා වන්නිආරච්චි යන එජනිස මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් හොරුන්ගේ රැලියට සහභාගී වී තිබේ.
---------------------------
by (2016-03-19 20:16:20)
Leave a Reply
හදවත! උඹ මගෙන් අවි ඉල්ලන්න එපා --- මේ හඳ එළිය ඇති, ගිනි දල්වන්න එපා --- කවි ලියනා මගෙ අත අල්ලන්න එපා --- සාමයෙ බිළිඳු නිදි, ඇඳ හොල්ලන්න එපා.....(ඩෝල්ටන් අල්විස් කිවිඳු)
-- by Nimal Jayaweera on 2016-03-21
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි