~

චන්නලා සහ වහන්තරා+වාසි ගැන වචනයක්..!

(ලංකා ඊ නිව්ස් -2016.මාර්.29, පෙ.ව.7.30)  සිද්ධාර්ථයානන් යශෝධරාවන් කරකාර බැඳගත්තේ නිකම්ම නිකං ලිංගාබාධ හිලව්වකට හෝ දෑවැදි හිලව්වකට හෝ නොව, දුණුදියාදී ශිල්ප දක්වා පෞර්ෂශත්වය පෙන්වා යැයි ඉතිහාසයේ සඳහන් වේ. එවන් සටන්කාමී සිද්ධාර්ථයානන් විවාහයෙන් පසුව තමාද ජනතාවද විඳින  සත්‍ය වූ දුක දැක ඒ ගැන මනාවබෝධයෙන් යශෝධරාවන්ද, සහජාත දරුවාද, රාජ්‍යත්වයද ඇතුළු සමස්ථ ‘ගිහිගෙය‘ හැර පියා යාම වනාහී අද කියන්නාවූ ‘රැඩිකල්‘ නමැති වදනට එහා ගිය අද්විතීය නිස්සරණාධ්‍යාශයට මූලික වූ සංසරණාධ්‍යාශයේ සංකීර්ණ වූ ක්‍රියාවකි. 

සිද්ධාර්ථයාණන් එසේ තීරණාත්මක ගමනක් නික්ම යද්දී එය වැළැක්වීම සඳහා සිද්ධාර්ථයාණන්ගේ ඇඟේ එල්ලීමට තරම් පව් කාරයෙක් ලොව නොවීය. අඩුම ගණනේ මාරායවත් ඒ අවස්ථාවේ නොවීය. සිද්ධාර්ථයාණන්ගේ වාහකයා වූ සෛන්ධව අශ්වයා කන්ථකගේ වල්ගේ එල්ලී එම ගමන වලකා ලීමට සට්ටැඹි කෝණයෙන් තැත් කළ  එකම එක මෝලෙක් විය.  හේ නමින් ‘චන්න‘ නම් වේ. නේරංජනාව තරණය කළ සිද්ධාර්ථයාණන් සියල්ල අතහැර දමද්දී තිරිසනෙක් වූ කන්ථකගේ පපුව පැලුනා වුව චන්නයාගේ බිබික්කමක්වත් පැලුනේ නැත. මන්ද ඔහු තිරිසනෙක් තරම් අවංකයෙක් නොවූ නිසාය. අවසානයේදී සිද්ධාර්ථයාණන් අත හැර දැමූ අඩු වැඩිය පියරජුන් කරා ගෙන ගොස් දී දෙපාර්ශවයේ ‘ඩීල් කරුවා‘ වූයේ ද චන්න ය. 

චන්න ලා ගේ ඩීල් දැමීම ගැන පළමු ඉතිහාස කතාව එවැනි ය. 
 
‘චන්නයාට‘ සිද්ධාර්ථයානන්ගේ ශුද්ධ විගමනය වළකා ලිය නොහැකි වූ අතර සිද්ධාර්ථයාණන් තම විගමනයේ කෙළවර අමා මහ බුද්ධත්වයට පත්වූ පසු ‘චන්නයා‘ ආ ගිය අතක් ගැන බෞද්ධ ඉතිහාසයේ සොයා ගත නොහැකිය. යම් යම් තැන් වල කුඩා සටහන් කීපයක් තිබුනද ඒවා නොගිනිය හැකි තරම්ය. එනම් සිද්ධාර්ථයාණන් බුදු වෙද්දී බාධා කළ චන්නයා අපතයෙක් වූ බවකි.  බුදුන් සතු ශක්තියක් යැයි කියන ‘ඒහි භික්ෂු භාව ශක්තියෙන්‘ හෝ චන්නයාට සත්‍යය යනු කුමක්දැයි කියා දිය නොහැකි වී තිබීමෙන් චන්නයාගේ ගොබ්බත්වය ඉතිහාසය තහවුරු කරයි. චන්න බණ අසා රහත් වූවා යැයි එක් තැනෙක කීවද ඉන්පසුව ඔහු ආගිය අතක් ගැන සඳහන් නොවන නිසා පළමු කතාව ගැටළුකාරීය. 

දෙවැනි චන්න..!

අයියා අග්‍ර මන්ත්‍රී වීමට හෝ ජන අග්‍ර පති වීමට ඉතිහාසයේ වසර 20 ක් පුරා තැටැමූ ගමනේ දි ඊට හාංකවිසියක් හෝ උදව්වක් නොදී සතුරා සමග ඩීල් දමමින් අයියාගේ අස්පයාගේ වලිගේ මැක්කෙක් සේ එල්ලී සිටි එවන් සට්ටැඹි ‘වර්ණ චන්නයෙක්‘ ලංකා ඊ නිව්ස් වෙත ඩොලර් මිලියන 100 ක් වන්දි ඉල්ලා එන්තරාවාසියක් එවා තිබේ. ඔහු අගනුවර පොලිසියකටද පැමිණිලි කර තිබේ.

කුමක් අරභයාද ? වෝක්ෂෝල් ඉඩම් ඩීල් එකට චන්න මල්ලියෙක් සම්බන්ධ යැයි ලංකා ඊ නිව්ස් කී නිසාය. කෙසේ වුවත් ඉන් පසු අයියා ඒ ඩීල් එක කැන්සල් කිරීමෙන් සියල්ල යටපත් වීය. අයියා අවංක නම් ලංකා ඊ නිව්ස් කියන තුරු නොසිට වසරකට වැඩි කාලයක් තිස්සේ තිබූ මේ රාජපක්ෂ අකටයුත්ත නිවැරදි කිරීමට කාලය තිබුණු අතර මල්ලී අවංක නම් වලිගය ගිනි ගැනීමට තරම් කාරණයක් එහි නොවිය යුතුය. මන්ද යත් කෙන්යාවේදී ඩීල් ෆික්ස් කළ ආකාරය අප හෙලිදරව් නොකළ නිසාවෙනි. 

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව වැනි ගෝත්‍රික දූපතක ‘අයියලා‘ රටේ නායකයන් වූ විට වල්ග මැක්කන් සේ සිටි සහෝදර චන්නයන් වර්ණ ගැන්වෙන ආකාරය අපි පසුගිය වසර 70 කට ආසන්න කාලයක් තිස්සේ බලා සිටියෙමු.  

අවසානයේ ලංකාවේ බලයේ සිටියේ ඒකාධිපති බලතල වලින් වර්ණ ගන්වා ගත් සොයුරන් සහ පුතුන් 7 ක ගේ රෙජීමයකි. ඔවුන් ලංකා ඊ නිව්ස් මාධ්‍යකරුවන් අතුරුදහන් කර, හිර ගෙවල ලග්ගවා, ගිනි තබා, තහනම් කර, කර්තෘ ඝාතනයට කොන්ත්‍රාත්කරුවන් 6 වතාවක් එංගලන්තය වෙත එවමින් කරන ලද සියළු මර්දන අපි අත්විඳ ඇත්තෙමු.  රාජපක්ෂ රෙජීමය විසින් අප වෙත එවන ලද ලොරියක් පිරෙන්නට තරම් එන්තරාවාසි අලුත් චන්නයාට කියැවීමට අවශ්‍ය නම් හැරෙන තැපෑලෙන් එවිය හැකිය.

නීතී උපාධිය අතේ ඇති තක්කඩියන් හොරුන් ඩීල් කරුවන් වූ විට එන්තරා වාසියක් පවා දේශපාලනික වාසියක් කරගන්නට හදන බව අපි අත්දැකීමෙන් දනිමු. 

ලංකා ඊ නිව්ස් ආරම්භයේ සිට පදනම් වූයේ සත්‍ය මතය. එය වාසි අවාසි නොවාසි සහවාසි දුර්වාසි අතරේ මහජන වාසි සඳහා වසර 12 ක් තිස්සේ අඛණ්ඩව කටයුතු කර තිබේ. ‘සත්‍යය‘ යනු එන්තරා වාසි, අන්තරා වාසි, බගන්දරා වාසි, වහන්තරා වාසි ආදී කිසිදු සුක්කුරුතන් වාසියකට යටත් නොවන පරමානන්දනීය වින්දනයක් බව ජනතාව අපට කියා දී ඇත. එය ඊටත් වඩා විශාල ජනතාවකට කියා දීමට ලංකා ඊ නිව්ස් වන අප සෑම විටෙකම උත්සාහ කර ඇත. එයින් අපත් ජනතාවත් ජය ලබා ඇත. එසේ කළ හැකි වූයේ අන් කිසිවක් නිසා නොව ලංකා ඊ නිව්ස් යනු අන්තර්ජාල සංස්කෘතික ශ්‍රී ලාංකිකයාගේ හෘද ස්පන්දනය නිසාය.

සෛන්ධව වලිගයේ එල්ලුනද මැක්කාට ගමනක් නැත.

-ලංකා ඊ නිව්ස්-

---------------------------
by     (2016-03-29 02:36:01)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links